පටක රෝපණයෙන් බීජ අර්තාපල්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පටක රෝපණයෙන් බීජ අර්තාපල්

    පටක රෝපණයෙන් බීජ අර්තාපල්


    pataka.jpg

    කන්ද උඩරට ගොවි ජනතාවගේ ප්‍රධානතම කෘෂි භෝගයක්‌ ලෙස අර්තාපල් වගාව හැඳින්විය හැකිය. අර්තාපල් වගාවේදී 60% ක්‌ වැනි විශාල වියදමක්‌ බීජ අර්තාපල් සඳහා වැය කිරීමට ගොවියාට සිදු වී තිබේ. ඇතැම් විට බීජ අර්තාපල්වල පවතින විවිධ රෝගකාරක නිසා වගා විනාශ වන ආකාරය ද දක්‌නට ලැබේ. එසේම මෙම රෝගකාරක පසට එකතුවීම හරහා දිගු කාලීන ගැටලු ද මතුවේ. මෙම හේතු කාරණා දෙකටම විසඳුම් ලෙසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බණ්‌ඩාරවෙල සහ සීතාඑළිය පර්යේෂණ මධ්‍යස්‌ථාන විසින් නව පටක රෝපණ තාක්‌ෂණය භාවිතා කරමින් පෙර මූලික බීජ(ට-0) නිෂ්පාදනය කෙරේ. මෙම බීජ අර්තාපල් මිල අඩු සහ රෝගයන්ගෙන් තොර - වැඩි අස්‌වනු ලබාගත හැකි බවද පැවසෙයි. ලංකාවේ හෙක්‌ටර්යාර් 6000 ක පමණ භුමියක අර්තාපල් වගා කෙරෙන අතර මේ සඳහා බීජ අර්තාපල් මෙටි්‍රක්‌ ටොන් 15000 ක්‌ පමණ අවශ්‍ය වෙයි. මෙරටට අවශ්‍ය බීජ අර්තාපල් වලින් මෙටි්‍රක්‌ ටොන් 1000-1500 වාර්ෂිකව ආනයන කරන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තම ගොවි බිම්වල මෙටි්‍රක්‌ටොන් 1000-2000ක්‌ පමණ නිෂ්Aපාදනය කෙරේ. ඉතිරි 80%ක ප්‍රමාණය ගොවින් විසින්ම නිෂ්පාදනය කර ගනී. වෙළෙඳපොළේ පිටරට බීජ අල කිලෝ 50ක්‌ අද වනවිට රුපියල් 14000-15000 අතර දේශීය බීජ අර්තාපල් කිලෝ 50ක්‌ රුපියල් 8000-10000ක්‌ අතර මිලක පවතී. මෙම හේතු මත ගොවියාට බීජ අර්තාපල් කිලෝ 50 ක්‌ වගා කිරීමට රුපියල් 25000 කට ආසන්න වියදමක්‌ දැරීමට සිදුවේ. ඒනිසා රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනට වසර 10 ක පමණ කාලයක සිට පෙර මූලික තාක්‌ෂණය විවිධ ක්‍රම භාවිතා කරමින් සිදු කළ බීජ අර්තාපල් නිෂ්පාදන අත්හදා බැලීම් සාර්ථක වී ඇත.

    බණ්‌ඩාරවෙල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂක කේ. පී. සෝමචන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

    pataka2.jpg
    පටක රෝපණ තාක්‌ෂණය යනු විශේෂයෙන් වෛරස්‌ ඇතුළු රෝගවලින් තොර බීජ නිෂ්පාදන කිරීමේ ක්‍රියාවලියයි. නිරෝගිමත් අර්තාපල් අලයකින් රසායනාගාර තත්ත්aවය යටතේ පැළ කිරීමක්‌ සිදු කෙරේ. එසේ පැළවෙන මොටයියන් කෘත්‍රිම මාධ්‍යයක රසායනාගාර තුළ පැළ කෙරේ. එම පැළවලින් අග්‍රස්‌ථ අංකුර ලබාගනී. එකී අංකුර රසායනාගාර තුළ කෘත්‍රිමව ගුණනය කෙරේ. රසායනාගාරයේදී වෛරස්‌ ඇතුළු විවිධ රෝග පිළිබඳ දැඩි පරික්‍ෂාවට ලක්‌ කෙරේ. ඉන්පසු නිරෝගි පැළ නැවත නැවත වගා කර ලබා ගන්නා පටක රෝපණ පැළ කෘත්‍රිම වගා මාධ්‍යක දැල් නිවාසවල වගා කෙරේ. එහිදී ගුණාත්මක බවින් ඉහළ නිරෝගි බිජ නැවත ජල රෝපනය වායව, කෘත්‍රිම, ඝන මාධ්‍ය යන කුමක්‌ මගින් හෝ පෙර මුලික බීජ අර්තාපල් නිපදවා ගැනීsම එම ක්‍රීයා වලියයි. මෙම පෙර මූලිsක බිජ(ජී-0)(ට-0) ලෙසින් හඳුන්වයි. මෙය ගොවියාට බීජ සකසා ගත හැකි අවස්‌ථාව ලෙසට හැඳින් විය හැක. මෙහි වගා මාධ්‍ය ලෙසට අර්ධ පිළිස්‌සු දහයියා සහ ආගරපතනේ තේ-කර්මාන්තශාලාවෙන් ඉවත ලන තේ කුඩු භාවිතා කෙරේ. මෙම වගා මාධ්‍යය 3 ( 2 අනුපාතයට මිශ්‍ර කර ජී-0 සිටුවිය යුතුය. කිසි ලෙසකින්වත් මාධ්‍යයට පස්‌ භාවිතා නොකළ යුතුය. මෙම එක බිජ අලයකින් අල 15-20 අතර අස්‌වැන්නක්‌ පහසුවෙන් ලබා ගත හැක. මෙම වගාවට ක්‌ලෝරින් යෙදූ ඉතාමත් පිරිසිදු ජලය පමණක්‌ යොදන්න. එසේම වෛරස්‌ වාහක කුඩිත්තා ගැන දැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. මෙසේ භාවිතා කළ වගා මාධ්‍ය නැවත භාවිතා කරන්නේ නම් ජීවානුහරණය කළ යුතුය. මුල් අවස්‌ථාවේදී ජී-0 බීජ අර්තාපල් රිකිලි පැළ නිපදවා ගොවීන් අතර බෙදා දුන්නද එය අසාර්ථක වූයේ අර්තාපල් රිකිලි පැළ වගා භුමිය දක්‌වා ප්‍රවාහනය කිරීමේ අපහසුව සහ ලපටි බීජ රිකිලි පැළ සති 02ක පමණ කාලයක්‌ ආරක්‌ෂා කර ගැනීමට සිදු වීම නිසාවෙනි. එසේම වගාවෙන් ලැබෙන අර්තාපල් අලය කුඩා වීම නිසා ගොවියාට අලෙවියේදී මතුවුණ ගැටලු නිසා වෙනි. මෙයට පිළියම් ලෙසින් රජයේ නුවරඑළිය සීතාඑළිය ගොවිපොල භුමිවල සහ තෝරා ගත් ගොවීන් 10කු යටතේ ගොවියාට අවශ්‍ය වන ආකාරයේ සෘජුවම සිටුවන්නට හැකි ජී-0 බීජ අර්තාපල් නිෂ්පාදනය කෙරේ. මෙමගින් ලබා ගන්නා බීජ අර්තාපල් වගා කන්න 5-6 වගා කිරීමටද අවස්‌ථා උදාවෙයි.



    pataka3.jpg
    එසේම මෙම එක බීජ අලයක මිල රුපියල් 06 ක්‌ වෙයි. තවද වෙළඳ පොළේ දැනට අලෙවිකරන විදේශ බීජ අල ප්‍රමාණයෙන් විශාල නිසා කිලෝ 50ට අල 750-800 අඩංගු වෙයි. (එහි මිල රුපියල් 14000- 15000) නමුත් එසේම අස්‌වැන්නද 01ට 08-10 පමණවෙයි. නමුත් ජී-0 කිලෝ 50ට බිජ අල 1200 කට වඩා ප්‍රමාණයක්‌ අඩංගු වෙයි. එහි මිල රුපියල් 7200 ක්‌ පමණ වෙයි. අස්‌වැන්න 01-ට 18-20ක්‌ පමණ ලබා ගත හැක. ඒ අනුව ගොවියාට 50% වැනි අඩු මුදලකට වැඩි අස්‌වනු ලබා ගත හැකි ලෙඩ රෝග වලින් තොර වගාවට අවශ්‍ය උසස්‌ ගුණාත්මක බීජ අර්තාපල් මිලට ගත හැක. එසේම ඉහළ ආදායමක්‌ උපයා ගැනීමට හැකිවෙයි.

    2017 වසරේදී මෙම බිජ අල එක්‌ ලක්‌ෂයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. 2019 වන විට ලංකාවට අවශ්‍ය බීජ අර්තාපල් ප්‍රමාණයම නව තාක්‌ෂණය භාවිතා කරමින් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම දෙපර්තමේන්තුව කටයුතු කිරීම නිසා අධික බීජ අර්තාපල් මිල නිසා පීඩාවට පත් ගොවින්ට වගාවට වැයවන මුදලින් 50% ක්‌ ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.


    බොරලන්ද සමන්ත කුමාර