කිරිපිටි ගෙන්වීම නවත්වයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    කිරිපිටි ගෙන්වීම නවත්වයි

    කිරිපිටි ගෙන්වීම නවත්වයි​
    :angry::angry:

    කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින්ඇ ණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.​
    Removing-Anchor.jpg

    ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

    දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

    මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.​
    :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසයක් විතර ලංකාවටම කිරි නැතුව ප්ලේන්ටි බොන්න දුන්න නං හරි මොකෝ වෙන්නේ බලන්න :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ලංකාවේ එළදෙන්නු තියාගෙන රටින් එන පිටිකිරි බොන ලංකාවේ උන් ගැන පවු කියලා හිතෙනවා බං
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mama danna vidihata nan marena kan kiri bona ekama mammal minihada koheda.. mewa okkoma marketing weda. Lankawe hodata kana bona eunuth kiri bonawa,

    mammal la kiri bonne podi kaale vitharai.. eeta passe kama kanawa.. kiri oni na.. ape rate dawaata kiri veeduru dekak bonna kiyala boru mathayak hadala..

    kiri bonnama oni ayata (wayasaka, leda thiyana) vitharak kiri bonna thibbanan athi, ekath diyara kiri..
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.

    අපිට මාර ආදරයක්නේ මේ කිරිපිට සමාගම් කාරයෝ තියෙන්නේ. බලපං උන් පාඩු විදගෙන හරි අපිට කිරිපිටි ගෙනත් දෙන්න ගන්න උත්සාහය
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    නවත්තලාම දාන්ඩ තියෙන්නෙ ඔය කිරි පිටි ගෙන්නිල්ල. උදෙන්ම හොඳට කාල juice 1ක් බිව්වනම් මොන මගුලකටද කිරි පිටි.
    දැන් ලංකාවේ ඕනම ලෙඩකට බෙහෙත් තියෙන්නෙ කිරි පිටි වල
    අපිත් උන්ගේ marketing වලට රැවටිලා උදේ හවස ඇදල දානවා හෙන කෝප්පයක්
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දකුණු ආසියාවට විශේෂයෙන් එවන කිරිපිටි කියන්නේ තවත් මාෆියා පැත්තක්...
    ඔය මගුල් කිරිපිටි එන එක නැවතිලා හරි නතරවෙනවනම් හොදයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    නවත්තලාම දාන්ඩ තියෙන්නෙ ඔය කිරි පිටි ගෙන්නිල්ල. උදෙන්ම හොඳට කාල juice 1ක් බිව්වනම් මොන මගුලකටද කිරි පිටි.
    දැන් ලංකාවේ ඕනම ලෙඩකට බෙහෙත් තියෙන්නෙ කිරි පිටි වල
    අපිත් උන්ගේ marketing වලට රැවටිලා උදේ හවස ඇදල දානවා හෙන කෝප්පයක්

    සිරාවටම බං. අපේ උන් ගොං කිරි බීලම ගොං වෙලා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    දාන ad වල සල්ලි ඉතුරු කරලා ඒවාගෙන් cover කරගන්න බැරිද? :dull:
    cardboard cover එකට ගහන ගණන් printing එක අඩු කරලා අඩු ගානට දෙන්න බැරිද? :dull:
    බොරු බයිල.. :frown:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kiri piti thahanam karanna one- fresh milk dunna nam iwarai neh gaana adu karala

    නැහැ. ගාන නම් අඩු කරන්න ඕනෙම නෑ. වතුර මිලි.ලී. 500 ක් 50 ට ගන්නේ.. කිරි ලීටරයක් කීයද කියලා බලන්න...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.


    ඌ බොන්නේ කිරිනෙ.ඌට ගානක් නැතුව ඇති.:lol:
     

    Similar threads