ලංකාවේ බහුල පිලිකා වර්ග හදුනාගැනීමේ පුර්
ලංකාවේ බහුල පිළිකා වර්ග වල ” පූර්ව ලක්ෂණ ” ඔබ දන්නවා ද
🖌 මෙහි සදහන් රෝග ලක්ෂණ” ඔයාටත් තියෙනවා ද ?
සති 3ක් ඉක්මවූ කටහඬෙහි වෙනසක්.
මුඛයේ රතු පාට හෝ සුදු පාට ලප මතුවීමක්.
මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ ඒ සමග ලේ පිටවීමක්
ගෙල , තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක්.
කල් අල්ලා පවතින අජීර්ණ තත්ත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක්.
කල් පවතින සුව නොවන තුවාලයක්.
පියයුරුවල හෝ වෙන ස්ථානයක ඝනවීමක් හෝ ගැටයක්.
යෝනි මාර්ගයෙන් රුධිරය හෝ අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.
01
පියයුරු පිළිකා රෝග ලක්ෂණ
පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි බවය.
2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.
කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වේ.
පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වැඩසටහන් මදකම පියයුරු පිළිකාවක් වැළඳී දිවි බේරා ගැනීමට ඇති හැකියාව අවම වීමේ කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි
ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැක.
පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි.
ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.
බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන බව ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙයි.
කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්
පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් බව පෙන්වා දෙන ජාතික පිළිකා ආයතනය පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව පවසයි.
මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ජාතික පිළිකා ආයතනය පවසයි.
පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ
ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
02
මුඛ පිළිකාව
ඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක.
රෝග ලක්ෂණ”
කල් පවතින සුව නොවන තුවාල.
කල් පවතින රතු ලප.
කල් පවතින සුදු ලප.
කල් පවතින රතු හා සුදු මිශ්‍ර ලප.
සමාන්‍ය නොවන මුඛයේ දැවිල්ලක් සමග තොල් හා ශ්ලේෂ්මලයේ ඝන වීමක් හා සුදුමැලි වීමක්.
03
මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ” 
මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමට හේතු මොනවාද?
මහාන්ත්‍රයේ හටගන්නා සමහර පිළිකා වර්ග පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ හැකිය. ඇතැම් පවුල්වල මහාන්ත්‍ර පිළිකාව, පියයුරු පිළිකාව සහ ඩිම්බකෝෂ පිළිකාව ප්‍රවේණිගතව හට ගැනීමට හැකියාවක් ඇති බව හඳුනාගෙන ඇත. (Cancer Family Syndrome)
අපගේ ආහාර රටාව, මහාන්ත්‍රයේ හා ගුද මාර්ගයේ පිළිකා සෑදීමට බලපාන ප්‍රධාන සාධකයකි. රතු මාංස (Red Meat), සත්ත්ව මේද බහුල ආහාර, සකස් කරන ලද මාංස (Processed Meat) වැනි ආහාර වැඩිපුර භාවිතය සහ තන්තු (Fibre) සහිත ආහාර අඩුවෙන් භාවිතය මහාන්ත්‍ර පිළිකා සෑදිමට අවදානම් සාධක ලෙස සඳහන් කළ හැකිය. ඉතා අධික උෂ්ණත්ව වලදී පිසින ලද ආහාර භාවිතය ද තවත් අවදානම් සාධකයකි. (උදාහරණ. Deep Frying Grilling)
අධික ලෙස මත්පැන් භාවිතය, තරබාරු බව සහ ක්‍රියාශීලි ජීවන රටාවලින් ඈත් වීම ද මහාන්ත්‍රයේ හා ගුද මාර්ගයේ පිළිකා සඳහා අවදානම් සාධක ලෙස සඳහන් කළ හැකිය.
මහාන්ත්‍රයේ හටගන්නා සමහර රෝගාබාධවල පසුකාලීන සංකූලතා ලෙස පිළිකා හටගැනීමට ඉඩ තිබේ.
උදාහරණ -
අල්සරේටිව් කෝලයිටිස් Ulcerative Colitis
ක්‍රෝන්ස් Chron’s Disease
මහාන්ත්‍රයේ හටගන්නා ගැටිති Polyps
මෙවැනි ගැටිති විටෙක ෆැමිලියල් පොලිපොසිස් කෝලයි (Familial Polyposis Coil) වැනි ජානගත රෝග නිසාද හටගත හැකි අතර, ඒවා සමහර විටෙක පිළිකා බවට පත් වීමට ඉඩ තිබේ.
දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 Diabetes) ද මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා සඳහා අවදානම් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.
මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?
රෝගයේ මුල් අවස්ථාවේදී බොහෝවිට රෝග ලක්ෂණ දක්නට නොලැබේ. මලපහ කිරීමේ පුරුද්දේ වෙනසක් ඇති වීම මහාන්ත්‍ර පිළිකා රෝගීන් බොහෝදෙනෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණයකි. විටෙක දින ගණනක් පවතින මලබද්ධය (Constpation) ද තවත් විටෙක බඩ බුරුලට යෑම (Diarrhoea) ද මාරුවෙන් මාරුවට පැවතිය හැකිය. ගුද මාර්ගයෙන් ලේ හෝ සීදම් පිට විමද මහාන්ත්‍ර පිළිකා රෝගීන් අතර දැකිය හැකිය.
කල් පවතින බඩේ රිදීම, බඩේ අපහසුතාව, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, කෙටි කලක් තුළ බර අඩුවීම, හේතුවක් නොමැතිව ඇතිවන රක්තහීනතාව (Unexplained Anaemia) ද මහාන්ත්‍ර පිළිකා සහිත රෝගීන් තුළ දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි.
මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?
මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශි‍්‍රත පිළිකා රැසක් වළක්වාගත හැකි පිළිකා ලෙස සඳහන් කළ හැකිය. අපගේ ජීවන රටාවේ වෙනස්කම් ඒ සඳහා බොහෝ සෙයින් ආධාර වේ. තම උසට සරිලන බරක් පවත්වා ගැනීම, ක්‍රියාශීලි දිවි පෙවෙතකට හුරුවීම මෙන්ම අපගේ ආහාර රටාවේ වෙනස්කම් ද මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ආධාර වේ. පාහින ලද (Purified) ආහාර අඩුවෙන් ගැනීම, එළවළු හා පලතුරු වැඩිපුර භාවිතය, සත්ත්ව මේද අඩංගු ආහාර අඩුවෙන් ගැනීම ද මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ආධාර වේ.
එසේම A,C,E වැනි විටමින් වර්ග සහ සෙලිනියම් වැනි ක්ෂුද්‍ර පෝෂක කොටස් අඩංගු ආහාර, ආහාර මාර්ගයේ සමහර පිළිකා වළක්වා ගැනීමට ආධාර වන බව සොයාගෙන ඇත. එවැනි පෝෂක කොටස් අඩංගු ආහාර අප ආහාර වේලට එක් කර ගැනීමට උනන්දු විය යුතුය.
මහාන්ත්‍ර පිළිකා සම්බන්ධව හොඳ අවධානයෙන් සිටීම ද ඒ ආශි‍්‍රත පිළිකා වලින් වැළකී සිටිමට උපකාරි වේ.
වෛද්‍ය උපදෙස් අනුව Stool for Occult Blood, Colonoscopy වැනි පරික්ෂණවලට වරින් වර යොමු වීමද වැදගත්ය. Colonoscopy පරීක්ෂණ මඟින් පසුකාලීන ව පිළිකා බවට පත්විය හැකි මහාන්ත්‍රයේ ඇති ගැටති (poiyps) හඳුනාගත හැකි අතර, එම පරීක්ෂණ අතරතුරම ඒවා ඉවත් කළ හැකි ය. එසේ ම මහාන්ත්‍ර පිළිකා, ඩිම්බ කෝෂ හා පියයුරු පිළිකාවලට ගොදුරු වූ ළඟ ඥාතීන් සිටින පවුල්වල සාමාජිකයන් ද වෛද්‍ය උපදෙස් අනුව Colonoscopy වැනි පරීක්ෂණවලට යොමු වීම අවශ්‍ය කරුණකි.
4 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ
තයිරොයිඩ් පිළිකා සුවකරන
විකිරණ අයඩීන් ප්‍රතිකාරය
පිළිකා රෝගය ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියක මතුවිය හැකිය. ශරීරයේ කිසිදු පාලනයකින් තොරව නොනවත්වා බෙදී යන සෛල ගොනුවකින් යුතුවීම නිසා පිළිකාවක් ශරීරයේ යම් ඉන්ද්‍රියක ඇතිවූ විට එම ඉන්ද්‍රිය පුරා හෝ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රිය අතර පැතිර ගොස් ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පිළිකා රෝගයට ගොදුරු වූ පුද්ගලයා අකාලයේ මරණයට පත්වීම සිදුවන බැවින් පිළිකා රෝගය සම්බන්ධව අප බොහෝ දෙනා තුළ පවතින්නේ අසීමිත බියකි. වර්තමානයේ අප රටේ ද බොහෝ දෙනා පිළිකා රෝගයට ගොදුරුවීමේ අවදානමට ලක්‌ව සිටිති. එනිසා අප කොයි කවුරුත් පිළිකා රෝගය පිළිබඳව යම් දැනුවත් බවක් ලබා සිටීම වැදගත්ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයද වර්තමානයේ අප රට තුළ වර්ධනය වීමක් දක්‌නට ලැබේ. එබැවින් අපි එම පිළිකාව පිළිබඳව විමසා බලමු.
වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකාව මාරාන්තිකද?
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශිතව ඇතිවන පිළිකා වර්ග කිහිපයක් තිබෙනවා. ඉන් බහුලව දක්‌නට ලැබෙන්නේ පැපිලරි කාසිනෝමා සහ ෙµdලිකියුලර්කාසිනෝමා යන පිළිකා වර්ග දෙකය.
මෙම පිළිකා වර්ග දෙකම මුල් අවස්‌ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් නිට්‌ටාවට සුව කළ හැකියි. (මෙවැනි පිළිකා ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජානමය හේතු සහ තයිරොක්‌සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස්‌කම්ය.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවනට බහුලවම ගොදුරුවන්නේ කාන්තාවන් බව අනාවරණය වී තිබෙ නවා. පිරිමින් සහ එය සස¹ බැලීමේදී 5(1 අනුපාතයක පවතිනවා.
පැපිලරි කාසිනෝමා වර්ගය බහුලව දක්‌නට ලැබෙන්නේ වයස අවුරුදු 15 ත් 45 ත් අතර වියේ පසුවන අය අතරයි. ෙµdලිකියුලර් කාසිනෝමා වර්ගය වයස අවුරුදු 25 ත් 60 ත් අතර අය අතර දක්‌නට ලැබෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හඳුනාගන්නේ කෙසේද?
බෙල්ලේ ගැටිත්තක්, වායුගෙඩි වර්ධනය වීමක්, බෙල්ලේ පැත්තක ඇතිවන කුද්දැටි ආදී බාහිර ලක්‍ෂණ මගින් එය හඳුනාගත හැකියි. මෙවැනි අවස්‌ථාවකදී වෛද්‍ය උපදෙස් මත සිදුකරන නිවැරදි පරීක්‍ෂාවකින් පසු මතුව ඇති පිළිකා වර්ගය සහ එය පැතිර ඇති ආකාරය අනාවරණය කරගත හැකියි.
තරුණ කාලයේදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටිතිවලින් 12% ක් පමණ පිළිකා බව මාගේ අත්දැකීම් අනුව අනාවරණය වී තිබෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇතිවූ විට සිදුකරන ප්‍රතිකාර මොනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ දෙපැත්තේම හෝ එක් පැත්තක හෝ ග්‍රන්ථිය පුරා පිළිකා සෛල පැතිර තිබිය හැකියි. එවිට සැත්කමක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කරනු ලබනවා. ඉන්පසු විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබා දෙනවා. (ෂ 131) එසේ කළ යුත්තේ සැත්කම මගින් තයිරොයිඩ් ග්‍රන්ථය ඉවත් කළත් තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැකි නිසාය.
වෛද්‍යතුමනි, මෙම විකිරණ අයඩින් ප්‍රතිකාරය අනතුරුදායකද?
විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබා දෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන් ඉවත් කළත් පැරා තයිරොයිඩ් ග්‍රන්ථිය අවට ඉතිsරිව ඇති තයිරොයිඩ් සෛල විනාශ කිරීමට සහ ඉතිරිව තිබිය හැකි පිළිකා සෛල ඉවත් කිරීමටයි.
මෙම විකිරණ ප්‍රතිකාරය සඳහා යොදා ගන්නේ අයඩින් ලුණු වර්ගයකි. එහි බීටා කිරණ සහ ගැමා කිරණ අඩංගු වී තිබෙනවා.
බීටා කිරණ තයිරොයිඩ් සෛල තුළට පමණයි, ගමන් කරන්නේ. එම කිරණ කෙටි දුර ගමන් කරන කිරණ විශේෂයක් නිසා ශරීරය පුරා පැතිර යන්නේ නැහැ. ශරීරයෙන් පිටතට පැමිණෙන්නේ නැහැ.
ගැමා කිරණ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. මෙම කිරණ මගින් තමයි ශරීරයේ ඉතිරිව පැවති තයිරොයිඩ් සෛල හඳුනා ගැනීම සිදුකරන්නෙ. ප්‍රතිකාරයෙන් පසු තයිරොයිඩ් සෛල සම්බන්ධව සිදුකරන ස්‌කෑන් පරීක්‍ෂාවට මෙම කිරණ උපකාරී වෙනවා.
විකිරණ අයඩින් ප්‍රතිකාරය මගින් ශරීරයේ වෙනත් ඉන්ද්‍රියනට හානි සිදුවන්නේ නැහැ. මෙම කිරණ පියයුරු, ආමාශය, ඩිම්බ කෝෂය, වෘෂණ කෝෂය වැනි ඉන්ද්‍රියවල ඇති සෛලවලට සංවේදී නිසා ඒවාට තාවකාලික බලපෑමක් ඇති විය හැකියි. නමුත් එය බරපතළ තත්ත්වයක් නොවෙයි.
මෙවැනි ප්‍රතිකාරයකින් පසු කාන්තාවකට ගැබ් ගැනීමක් අවශ්‍ය නම් වසර එකහමාරකින් පමණ ඒ සඳහා යොමුවිය හැකියි.
විකිරණ අයඩීන් ප්‍රතිකාරය නිසා හිස කෙස් හැලීමක් හෝ සම අව පැහැ ගැන්වීමක් සිදුවන්නේ නැහැ. එවැනි අතුරු ආබාධ ඇතිවන්නේ ශරීරයට බාහිරින් සිදුකරන විකිරණ ප්‍රතිකාරවලදීය. එම විකිරණ ප්‍රතිකාරයේදී පිළිකා සෛල විනාශවීමට අමතරව ඒ අවට ඇති සෛලවලටත් හානි සිදුවෙනවා.
විකිරණ අයඩීන් ඖෂධය ලබාදෙන ප්‍රමාණ දෙකක් තිබෙනවා. පිළිකාව තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පිටතට පැතිර ගොස් නැත්නම් මිලිකියුරි 100 ක් ලබා දෙනවා. එය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පිටතට පැතිර ගොස් ඇත්නම් මිලිකියුරි 200 ක් ලබා දෙනවා. මෙය තමයි ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතිය. මිලිකියුරි 100 ක් ලබාදුන් විට ඉතිරිව ඇති තයිරොයිඩ් ග්‍රන්ථී සෛල සහ පිළිකා සෛල 85% කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ. මෙම මාත්‍රාවට වඩා අඩු ප්‍රමාණයක් ලබාදුන් විට එම ප්‍රතිඵලය ලබාගත නොහැකිය, එවිට නැවත විකිරණ අයඩීන් ප්‍රතිකාරය ලබාගැනීමට සිදු වේ.
මෙම ඖෂධය ලබා දුන් පසු දින තුනක් රෝහල්ගතව අන් අයගෙන් වෙන්ව සිටිය යුතුයි. මෙම කාලය තුළ රෝගියා රැඳී සිටින කාමරයෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. මොකද මෙම දින තුන තුළ රෝගියාගේ ශරීරයෙන් ගැමා කිරණ පිටවෙනවා. (දින තුනකට පසු රෝගියාගේ ශරීරයෙන් ගැමා කිරණ 60% ක් පමණ පිටව ගොස් තිබෙනවා.
දින තුනකට පසු සිදුකරන පරීක්‍ෂාවේදී රෝගියාගේ ශරීරයේ ඇති විකිරණ ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් මට්‌ටම හා සස¹ බලා නේවාසික ප්‍රතිකාර වලින් ඉවත්කරනවා.
ඉන්පසු රෝගියා සතියක් පමණ අන් අයගෙන් ඈත්ව රැඳී සිටිය යුතුයි. මිලිකියුරි 100 ක් ලබාදුන් විට නේවාසික ප්‍රතිකාරවලින් පසු සතියක් පමණ කාලයක් අන්අයගෙන් ඈත්ව සිටිය යුතුය. මිලිකියුරි 200 ක් ලබාදුන් විට, නේවාසික ප්‍රතිකාරවලින් පසු සති දෙකක් පමණ අන්අයගෙන් ඈත්ව සිටිය යුතුය. එසේ සිටිය යුත්තේ වැඩි ආරක්‌ෂාව සඳහාය විශේෂයෙන්ම වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් හා සමීපව රැඳී සිටීම නොකළ යුතුයි.
එම කාලය ගතවූ පසු සුපුරුදු පරිදි වෙනදා මෙන් තම සාමාන්‍ය කටයුතුවල නිරත විය හැකිය.
විකිරණ අයිඩින් ප්‍රතිකාරය ලබාදීමට මාසයකට පෙර සිට තයිරොක්‌සින් ගැනීම නතර කිරීම සහ මුහුදු මාළු සහ අයඩින් මිශ්‍ර ලුණු භාවිතය අත්හිටුවීම කළ යුතුයි. එසේa කරන්නේ විකිරණ අයඩින් තයිරොයිඩ් සෛලවලට උරා ගැනීම පහසු කිරීමටයි.
විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබාදුන් දවසේ සිට යළි සුපුරුදු පරිදි ආහාර පාන ගැනීම කළ හැකියි.
වෛද්‍ය උපදෙස් මත තයිරොක්‌සින් ගැනීමද නැවත ආරම්භ කළ යුතුයි. තයිරොක්‌සින් නිසි මාත්‍රාව ගැනීම ඉතා වැදගත්ය.
විකිරණ අයඩින් ප්‍රතිකාරය සඳහා සූදානම් වීමක් ලෙස තයිරොක්‌සින් ගැනීම තාවකාලිකව මාසයක කාලයක් නතර කර සිටි නිසා ශරීරයේ මතුවූ අපහසුතා සම්පූර්ණයෙන් නැතිවීමට නැවත තයිරොක්‌සින් ගැනීම ආරම්භ කර සති හතරක් පමණ ගත වෙනවා. තවමත් අලස බව, වෙහෙස දැනීම නිදිමත බව ආදී අපහසුතා පවතින්නේ විකිරණ ප්‍රතිකාරය නිසා නොවෙයි. ඒවා තයිරොක්‌සින් ගැනීම අත්හිටුවා සිටීම නිසා ඇතිවූ අපහසුතාවයන්ය. තයිරොක්‌සින් ගතයුත්තේ එම පුද්ගලයාගේ බර මෙන් දෙගුණයක් හෝ දෙකහමාරක ප්‍රමාණයකි. එම මාත්‍රාව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් වන හෘදයේ ක්‍රියාකාරිත්වය, ආහාර ජීර්ණය, මළපහ සහ මුත්‍රා පිටවීම නිසි පාලනයකින් යුක්‌තව සිදුකිරීම සඳහා තයිරොක්‌සින් හෝමෝනය අත්‍යවශ්‍යයි. එනිසා තයිරොක්‌සින් ගැනීම තාවකාලිකව නතර කර සිටීමේදී පරිවෘත්තීය ක්‍රියාවන් නිසි පරිදි සිදුවීමට බාධා මතු වෙනවා. මෙම විකිරණ පරීක්‍ෂාවෙන් මාස තුනකට පසු තයිරොක්‌සීන් පරීක්‍ෂාව සඳහා ටී. එස්. එච්. (ඔSH) පරීක්‍ෂාවක් සිදුකරනු ලබනවා. එහි වාර්තාව අනුව රෝගියාට ලබාදිය යුතු තයිරොක්‌සින් ප්‍රමාණය නිවැරදිව තීරණය කළ හැකිය.
මෙම විකිරණ අයිඩීන් (I 131) ප්‍රතිකාරය ලබාදෙන වෙනත් රෝග තිබෙනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වයත් පවතින රෝගීන්ට විකිරණ අයිඩින් මිලිකියුරි 05 - 25 ත් අතර ප්‍රමාණයක් ලබා දෙනවා.
05
ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ”
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටසක් වන ගර්භාෂය කොටස් 2කින් සමන්විත අවයවයකි. එනම්එනම් එනම්, ගර්භාෂයේ දේහය හා ගැබ්ගෙලයි. ගර්භනී සමයේදී කලලය වර්ධනය වන්නේ ගර්භාෂයේ දේහය තුලයි. ගැබ්ගෙල යනු ගර්භාෂයේ පහළ කොටසයි. ගැබ්ගෙල, යෝනි මාර්ගය හා ගර්භාෂයේ දේහය එකිනෙක සම්බන්ධ කරයි.
රෝග මූලාශ්‍රය (රෝගය හට ගැනීම)
මෙය අවස්ථා 3කින් දැකිය හැක.
ගැබ්ගෙලේ යෝනි මාර්ගය ආශ්‍රිත බාහිර කොටස හා යෝනි මාර්ගයේ ඉහළ කොටසට සීමා වූ පිලිකා තත්ත්වය.
ශ්‍රෝණි ප්‍රදේශයේ (උකුලු ප්‍රදේශයේ) පහළ කොටසට සීමා වූ පැතිරෙමින් පවත්නා පිලිකා තත්වයකි.
අනෙකුත් අවයව විනාශ කරමින් උදර කුහරය තුල තුවාල ඇති කරමින් පැතිරෙන පිලිකා තත්වය.
රෝගය හට ගැනීම ආරම්භය සිදු වන්නේ ලිංගික සංසර්ගයේදී ගැබ්ගෙල ආස්තරණය කරන පටක වලට HPV හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරස් ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරස් ආසාදනය සිදු වුවත් එමගින් පිලිකා ජනක තත්වයට යොමු වන්නේ ඉතා සුළු ප්‍රතිශතයකට පමණි. එයට හේතුව, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම වෛරසය, ආසාදනය මැඩ පවත්වා ගැනීමට ඇති හැකියාවයි.
එසේම එම සෛලවල ඇති වන වෙනස් වීම් වලින් 90% ක පමණ මාස 12 සිට 36 අතර කාල සීමාවක් තුලදී ඉබේම යථා තත්වයට පත්වේ.
රෝග ලක්ෂණ
මුල් රෝග ලක්ෂණ
රෝගය ඇති බවට සැක කෙරෙන රෝගියකු පරීක්ෂා කළ විටදී,
මුල්කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වා සිටිය හැක.
පිළිකා තත්වය පැතිර යන විට රුධිර වාහිනී හෝ වසා පද්ධතිය අවහිර කිරීම නිසා කකුල් ඉදමීම ඇති විය හැක.
තිකාර කිරීම
පිළිකා හදුනා ගැනීමේදී එය තිබෙන අවස්ථාව (Stage අනූව ප්‍රතිකාර ක්‍රමය තීරණය වේ.)
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම නම්,
කල්ගත වූ / පැතිරුණු පිලිකා රෝග ඇති රෝගීන්ට රෝගය මර්ධනය කිරීම සදහා (එනම්, තවදුරටත් පැතිරීම වැළැක්වීම සදහා) ප්‍රතිකාර කරනු ලැබේ.
රෝගය වළක්වා ගැනීම
1. පැප් පරීක්ෂණය
ස්පෙකියුලම් නම් කුඩා උපකරණයක් මගින් ගැබ්ගෙල පරීක්ෂා කර බලා සෛල ස්වල්පයක් ලබාගෙන පිළිකා සෛල ඇත්දැයි පරීක්ෂා කර බලනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පවත්වාගෙන යන සුවනාරි සායන වලින්ද, පෞද්ගලික අංශයේ සායනවලින්ද, මෙම සේවාව ලබා දේ.
2. ඇසිටික් ඇසිඩ් යොදා ගැබ්ගෙල පරීක්සා කිරිම.
මේ සදහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ.
3. හියුමන් පැපිලෝමා වෛරසය සදහා එන්නතක් ලබා දිම.
HIV වෛරසය කාණ්ඩ අංක 16, 18 (ගැබ්ගෙල පිළිකා කාරක) හා කාණ්ඩ අංක 6, 11 (ප්‍රධාන පද්ධතිය ආශ්‍රිත ඉන්නන් ඇති කරන) සදහා ප්‍රතිශක්තිය මෙමගින් ලබා දේ.
4. ආරක්ෂාකාරී ලෙස ලිංගික සංසර්ග කටයුතුවල යෙදීම.
අවදානම් කණ්ඩායම්
ලංකාවේ බහුල පිළිකා වර්ග වල ” පූර්ව ලක්ෂණ ” ඔබ දන්නවා ද
🖌 මෙහි සදහන් රෝග ලක්ෂණ” ඔයාටත් තියෙනවා ද ?
01
පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි බවය.
2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.
කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වේ.
පූර්ව රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ වැඩසටහන් මදකම පියයුරු පිළිකාවක් වැළඳී දිවි බේරා ගැනීමට ඇති හැකියාව අවම වීමේ කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි
ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැක.
පිළිකාව මුලින්ම පියයුරු වල ඇති වූයේ නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි.
ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවකි.
බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදු නොවන බව ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙයි.
කෙසේ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ 12 ක්
- පියයුරු ආශ්‍රිත සම ඝන වීම
- සම මතුපිට වළ ගැසීම
- තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
- තන පුඩුවෙන් දියරයක් ගැලීම
- අසීරුවක් හෝ වේදනාවක් දැනීම
- තන පුඩුව ඇතුළට ගිලී යාම
- නහර මතු වීම
- ඉදිමීම
- සැරව සහිත තුවාල ඇතිවීම
- සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
- පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
- තද ගැටිති
පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් බව පෙන්වා දෙන ජාතික පිළිකා ආයතනය පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව පවසයි.
මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව ජාතික පිළිකා ආයතනය පවසයි.
පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ
- තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
- පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
- යටිකුරු වූ තන පුඩු
- තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
- තන පුඩුවෙන් රුධිරය වහනය වීම
- කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
- තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම
ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
bbc.com
02
ඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක.
රෝග ලක්ෂණ”
03
මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමට හේතු මොනවාද?
මහාන්ත්‍රයේ හටගන්නා සමහර පිළිකා වර්ග පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ හැකිය. ඇතැම් පවුල්වල මහාන්ත්‍ර පිළිකාව, පියයුරු පිළිකාව සහ ඩිම්බකෝෂ පිළිකාව ප්‍රවේණිගතව හට ගැනීමට හැකියාවක් ඇති බව හඳුනාගෙන ඇත. (Cancer Family Syndrome)
අපගේ ආහාර රටාව, මහාන්ත්‍රයේ හා ගුද මාර්ගයේ පිළිකා සෑදීමට බලපාන ප්‍රධාන සාධකයකි. රතු මාංස (Red Meat), සත්ත්ව මේද බහුල ආහාර, සකස් කරන ලද මාංස (Processed Meat) වැනි ආහාර වැඩිපුර භාවිතය සහ තන්තු (Fibre) සහිත ආහාර අඩුවෙන් භාවිතය මහාන්ත්‍ර පිළිකා සෑදිමට අවදානම් සාධක ලෙස සඳහන් කළ හැකිය. ඉතා අධික උෂ්ණත්ව වලදී පිසින ලද ආහාර භාවිතය ද තවත් අවදානම් සාධකයකි. (උදාහරණ. Deep Frying Grilling)
අධික ලෙස මත්පැන් භාවිතය, තරබාරු බව සහ ක්‍රියාශීලි ජීවන රටාවලින් ඈත් වීම ද මහාන්ත්‍රයේ හා ගුද මාර්ගයේ පිළිකා සඳහා අවදානම් සාධක ලෙස සඳහන් කළ හැකිය.
මහාන්ත්‍රයේ හටගන්නා සමහර රෝගාබාධවල පසුකාලීන සංකූලතා ලෙස පිළිකා හටගැනීමට ඉඩ තිබේ.
උදාහරණ -
අල්සරේටිව් කෝලයිටිස් Ulcerative Colitis
ක්‍රෝන්ස් Chron’s Disease
මහාන්ත්‍රයේ හටගන්නා ගැටිති Polyps
මෙවැනි ගැටිති විටෙක ෆැමිලියල් පොලිපොසිස් කෝලයි (Familial Polyposis Coil) වැනි ජානගත රෝග නිසාද හටගත හැකි අතර, ඒවා සමහර විටෙක පිළිකා බවට පත් වීමට ඉඩ තිබේ.
දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 Diabetes) ද මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා සඳහා අවදානම් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.
මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?
රෝගයේ මුල් අවස්ථාවේදී බොහෝවිට රෝග ලක්ෂණ දක්නට නොලැබේ. මලපහ කිරීමේ පුරුද්දේ වෙනසක් ඇති වීම මහාන්ත්‍ර පිළිකා රෝගීන් බොහෝදෙනෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණයකි. විටෙක දින ගණනක් පවතින මලබද්ධය (Constpation) ද තවත් විටෙක බඩ බුරුලට යෑම (Diarrhoea) ද මාරුවෙන් මාරුවට පැවතිය හැකිය. ගුද මාර්ගයෙන් ලේ හෝ සීදම් පිට විමද මහාන්ත්‍ර පිළිකා රෝගීන් අතර දැකිය හැකිය.
කල් පවතින බඩේ රිදීම, බඩේ අපහසුතාව, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, කෙටි කලක් තුළ බර අඩුවීම, හේතුවක් නොමැතිව ඇතිවන රක්තහීනතාව (Unexplained Anaemia) ද මහාන්ත්‍ර පිළිකා සහිත රෝගීන් තුළ දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි.
මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද?
මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශි‍්‍රත පිළිකා රැසක් වළක්වාගත හැකි පිළිකා ලෙස සඳහන් කළ හැකිය. අපගේ ජීවන රටාවේ වෙනස්කම් ඒ සඳහා බොහෝ සෙයින් ආධාර වේ. තම උසට සරිලන බරක් පවත්වා ගැනීම, ක්‍රියාශීලි දිවි පෙවෙතකට හුරුවීම මෙන්ම අපගේ ආහාර රටාවේ වෙනස්කම් ද මහාන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ආධාර වේ. පාහින ලද (Purified) ආහාර අඩුවෙන් ගැනීම, එළවළු හා පලතුරු වැඩිපුර භාවිතය, සත්ත්ව මේද අඩංගු ආහාර අඩුවෙන් ගැනීම ද මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා වළක්වා ගැනීමට ආධාර වේ.
එසේම A,C,E වැනි විටමින් වර්ග සහ සෙලිනියම් වැනි ක්ෂුද්‍ර පෝෂක කොටස් අඩංගු ආහාර, ආහාර මාර්ගයේ සමහර පිළිකා වළක්වා ගැනීමට ආධාර වන බව සොයාගෙන ඇත. එවැනි පෝෂක කොටස් අඩංගු ආහාර අප ආහාර වේලට එක් කර ගැනීමට උනන්දු විය යුතුය.
මහාන්ත්‍ර පිළිකා සම්බන්ධව හොඳ අවධානයෙන් සිටීම ද ඒ ආශි‍්‍රත පිළිකා වලින් වැළකී සිටිමට උපකාරි වේ.
වෛද්‍ය උපදෙස් අනුව Stool for Occult Blood, Colonoscopy වැනි පරික්ෂණවලට වරින් වර යොමු වීමද වැදගත්ය. Colonoscopy පරීක්ෂණ මඟින් පසුකාලීන ව පිළිකා බවට පත්විය හැකි මහාන්ත්‍රයේ ඇති ගැටති (poiyps) හඳුනාගත හැකි අතර, එම පරීක්ෂණ අතරතුරම ඒවා ඉවත් කළ හැකි ය. එසේ ම මහාන්ත්‍ර පිළිකා, ඩිම්බ කෝෂ හා පියයුරු පිළිකාවලට ගොදුරු වූ ළඟ ඥාතීන් සිටින පවුල්වල සාමාජිකයන් ද වෛද්‍ය උපදෙස් අනුව Colonoscopy වැනි පරීක්ෂණවලට යොමු වීම අවශ්‍ය කරුණකි.
dinamina.lk
4 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ
තයිරොයිඩ් පිළිකා සුවකරන
විකිරණ අයඩීන් ප්‍රතිකාරය
පිළිකා රෝගය ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියක මතුවිය හැකිය. ශරීරයේ කිසිදු පාලනයකින් තොරව නොනවත්වා බෙදී යන සෛල ගොනුවකින් යුතුවීම නිසා පිළිකාවක් ශරීරයේ යම් ඉන්ද්‍රියක ඇතිවූ විට එම ඉන්ද්‍රිය පුරා හෝ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රිය අතර පැතිර ගොස් ඒවායේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පිළිකා රෝගයට ගොදුරු වූ පුද්ගලයා අකාලයේ මරණයට පත්වීම සිදුවන බැවින් පිළිකා රෝගය සම්බන්ධව අප බොහෝ දෙනා තුළ පවතින්නේ අසීමිත බියකි. වර්තමානයේ අප රටේ ද බොහෝ දෙනා පිළිකා රෝගයට ගොදුරුවීමේ අවදානමට ලක්‌ව සිටිති. එනිසා අප කොයි කවුරුත් පිළිකා රෝගය පිළිබඳව යම් දැනුවත් බවක් ලබා සිටීම වැදගත්ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයද වර්තමානයේ අප රට තුළ වර්ධනය වීමක් දක්‌නට ලැබේ. එබැවින් අපි එම පිළිකාව පිළිබඳව විමසා බලමු.
වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකාව මාරාන්තිකද?
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශිතව ඇතිවන පිළිකා වර්ග කිහිපයක් තිබෙනවා. ඉන් බහුලව දක්‌නට ලැබෙන්නේ පැපිලරි කාසිනෝමා සහ ෙµdලිකියුලර්කාසිනෝමා යන පිළිකා වර්ග දෙකය.
මෙම පිළිකා වර්ග දෙකම මුල් අවස්‌ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් නිට්‌ටාවට සුව කළ හැකියි. (මෙවැනි පිළිකා ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ජානමය හේතු සහ තයිරොක්‌සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස්‌කම්ය.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවනට බහුලවම ගොදුරුවන්නේ කාන්තාවන් බව අනාවරණය වී තිබෙ නවා. පිරිමින් සහ එය සස¹ බැලීමේදී 5(1 අනුපාතයක පවතිනවා.
පැපිලරි කාසිනෝමා වර්ගය බහුලව දක්‌නට ලැබෙන්නේ වයස අවුරුදු 15 ත් 45 ත් අතර වියේ පසුවන අය අතරයි. ෙµdලිකියුලර් කාසිනෝමා වර්ගය වයස අවුරුදු 25 ත් 60 ත් අතර අය අතර දක්‌නට ලැබෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හඳුනාගන්නේ කෙසේද?
බෙල්ලේ ගැටිත්තක්, වායුගෙඩි වර්ධනය වීමක්, බෙල්ලේ පැත්තක ඇතිවන කුද්දැටි ආදී බාහිර ලක්‍ෂණ මගින් එය හඳුනාගත හැකියි. මෙවැනි අවස්‌ථාවකදී වෛද්‍ය උපදෙස් මත සිදුකරන නිවැරදි පරීක්‍ෂාවකින් පසු මතුව ඇති පිළිකා වර්ගය සහ එය පැතිර ඇති ආකාරය අනාවරණය කරගත හැකියි.
තරුණ කාලයේදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටිතිවලින් 12% ක් පමණ පිළිකා බව මාගේ අත්දැකීම් අනුව අනාවරණය වී තිබෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් ඇතිවූ විට සිදුකරන ප්‍රතිකාර මොනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ දෙපැත්තේම හෝ එක් පැත්තක හෝ ග්‍රන්ථිය පුරා පිළිකා සෛල පැතිර තිබිය හැකියි. එවිට සැත්කමක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කරනු ලබනවා. ඉන්පසු විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබා දෙනවා. (ෂ 131) එසේ කළ යුත්තේ සැත්කම මගින් තයිරොයිඩ් ග්‍රන්ථය ඉවත් කළත් තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැකි නිසාය.
වෛද්‍යතුමනි, මෙම විකිරණ අයඩින් ප්‍රතිකාරය අනතුරුදායකද?
විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබා දෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන් ඉවත් කළත් පැරා තයිරොයිඩ් ග්‍රන්ථිය අවට ඉතිsරිව ඇති තයිරොයිඩ් සෛල විනාශ කිරීමට සහ ඉතිරිව තිබිය හැකි පිළිකා සෛල ඉවත් කිරීමටයි.
මෙම විකිරණ ප්‍රතිකාරය සඳහා යොදා ගන්නේ අයඩින් ලුණු වර්ගයකි. එහි බීටා කිරණ සහ ගැමා කිරණ අඩංගු වී තිබෙනවා.
බීටා කිරණ තයිරොයිඩ් සෛල තුළට පමණයි, ගමන් කරන්නේ. එම කිරණ කෙටි දුර ගමන් කරන කිරණ විශේෂයක් නිසා ශරීරය පුරා පැතිර යන්නේ නැහැ. ශරීරයෙන් පිටතට පැමිණෙන්නේ නැහැ.
ගැමා කිරණ ශරීරයෙන් පිටතට පැමිණෙනවා. මෙම කිරණ මගින් තමයි ශරීරයේ ඉතිරිව පැවති තයිරොයිඩ් සෛල හඳුනා ගැනීම සිදුකරන්නෙ. ප්‍රතිකාරයෙන් පසු තයිරොයිඩ් සෛල සම්බන්ධව සිදුකරන ස්‌කෑන් පරීක්‍ෂාවට මෙම කිරණ උපකාරී වෙනවා.
විකිරණ අයඩින් ප්‍රතිකාරය මගින් ශරීරයේ වෙනත් ඉන්ද්‍රියනට හානි සිදුවන්නේ නැහැ. මෙම කිරණ පියයුරු, ආමාශය, ඩිම්බ කෝෂය, වෘෂණ කෝෂය වැනි ඉන්ද්‍රියවල ඇති සෛලවලට සංවේදී නිසා ඒවාට තාවකාලික බලපෑමක් ඇති විය හැකියි. නමුත් එය බරපතළ තත්ත්වයක් නොවෙයි.
මෙවැනි ප්‍රතිකාරයකින් පසු කාන්තාවකට ගැබ් ගැනීමක් අවශ්‍ය නම් වසර එකහමාරකින් පමණ ඒ සඳහා යොමුවිය හැකියි.
විකිරණ අයඩීන් ප්‍රතිකාරය නිසා හිස කෙස් හැලීමක් හෝ සම අව පැහැ ගැන්වීමක් සිදුවන්නේ නැහැ. එවැනි අතුරු ආබාධ ඇතිවන්නේ ශරීරයට බාහිරින් සිදුකරන විකිරණ ප්‍රතිකාරවලදීය. එම විකිරණ ප්‍රතිකාරයේදී පිළිකා සෛල විනාශවීමට අමතරව ඒ අවට ඇති සෛලවලටත් හානි සිදුවෙනවා.
විකිරණ අයඩීන් ඖෂධය ලබාදෙන ප්‍රමාණ දෙකක් තිබෙනවා. පිළිකාව තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පිටතට පැතිර ගොස් නැත්නම් මිලිකියුරි 100 ක් ලබා දෙනවා. එය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් පිටතට පැතිර ගොස් ඇත්නම් මිලිකියුරි 200 ක් ලබා දෙනවා. මෙය තමයි ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතිය. මිලිකියුරි 100 ක් ලබාදුන් විට ඉතිරිව ඇති තයිරොයිඩ් ග්‍රන්ථී සෛල සහ පිළිකා සෛල 85% කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ. මෙම මාත්‍රාවට වඩා අඩු ප්‍රමාණයක් ලබාදුන් විට එම ප්‍රතිඵලය ලබාගත නොහැකිය, එවිට නැවත විකිරණ අයඩීන් ප්‍රතිකාරය ලබාගැනීමට සිදු වේ.
මෙම ඖෂධය ලබා දුන් පසු දින තුනක් රෝහල්ගතව අන් අයගෙන් වෙන්ව සිටිය යුතුයි. මෙම කාලය තුළ රෝගියා රැඳී සිටින කාමරයෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. මොකද මෙම දින තුන තුළ රෝගියාගේ ශරීරයෙන් ගැමා කිරණ පිටවෙනවා. (දින තුනකට පසු රෝගියාගේ ශරීරයෙන් ගැමා කිරණ 60% ක් පමණ පිටව ගොස් තිබෙනවා.
දින තුනකට පසු සිදුකරන පරීක්‍ෂාවේදී රෝගියාගේ ශරීරයේ ඇති විකිරණ ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර පිළිගත් මට්‌ටම හා සස¹ බලා නේවාසික ප්‍රතිකාර වලින් ඉවත්කරනවා.
ඉන්පසු රෝගියා සතියක් පමණ අන් අයගෙන් ඈත්ව රැඳී සිටිය යුතුයි. මිලිකියුරි 100 ක් ලබාදුන් විට නේවාසික ප්‍රතිකාරවලින් පසු සතියක් පමණ කාලයක් අන්අයගෙන් ඈත්ව සිටිය යුතුය. මිලිකියුරි 200 ක් ලබාදුන් විට, නේවාසික ප්‍රතිකාරවලින් පසු සති දෙකක් පමණ අන්අයගෙන් ඈත්ව සිටිය යුතුය. එසේ සිටිය යුත්තේ වැඩි ආරක්‌ෂාව සඳහාය විශේෂයෙන්ම වයස අවුරුදු 06 ට අඩු කුඩා දරුවන් හා සමීපව රැඳී සිටීම නොකළ යුතුයි.
එම කාලය ගතවූ පසු සුපුරුදු පරිදි වෙනදා මෙන් තම සාමාන්‍ය කටයුතුවල නිරත විය හැකිය.
විකිරණ අයිඩින් ප්‍රතිකාරය ලබාදීමට මාසයකට පෙර සිට තයිරොක්‌සින් ගැනීම නතර කිරීම සහ මුහුදු මාළු සහ අයඩින් මිශ්‍ර ලුණු භාවිතය අත්හිටුවීම කළ යුතුයි. එසේa කරන්නේ විකිරණ අයඩින් තයිරොයිඩ් සෛලවලට උරා ගැනීම පහසු කිරීමටයි.
විකිරණ අයඩින් ප්‍රතිකාරය ලබාදුන් දවසේ සිට යළි සුපුරුදු පරිදි ආහාර පාන ගැනීම කළ හැකියි.
වෛද්‍ය උපදෙස් මත තයිරොක්‌සින් ගැනීමද නැවත ආරම්භ කළ යුතුයි. තයිරොක්‌සින් නිසි මාත්‍රාව ගැනීම ඉතා වැදගත්ය.
විකිරණ අයඩින් ප්‍රතිකාරය සඳහා සූදානම් වීමක් ලෙස තයිරොක්‌සින් ගැනීම තාවකාලිකව මාසයක කාලයක් නතර කර සිටි නිසා ශරීරයේ මතුවූ අපහසුතා සම්පූර්ණයෙන් නැතිවීමට නැවත තයිරොක්‌සින් ගැනීම ආරම්භ කර සති හතරක් පමණ ගත වෙනවා. තවමත් අලස බව, වෙහෙස දැනීම නිදිමත බව ආදී අපහසුතා පවතින්නේ විකිරණ ප්‍රතිකාරය නිසා නොවෙයි. ඒවා තයිරොක්‌සින් ගැනීම අත්හිටුවා සිටීම නිසා ඇතිවූ අපහසුතාවයන්ය. තයිරොක්‌සින් ගතයුත්තේ එම පුද්ගලයාගේ බර මෙන් දෙගුණයක් හෝ දෙකහමාරක ප්‍රමාණයකි. එම මාත්‍රාව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබනවා.
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් වන හෘදයේ ක්‍රියාකාරිත්වය, ආහාර ජීර්ණය, මළපහ සහ මුත්‍රා පිටවීම නිසි පාලනයකින් යුක්‌තව සිදුකිරීම සඳහා තයිරොක්‌සින් හෝමෝනය අත්‍යවශ්‍යයි. එනිසා තයිරොක්‌සින් ගැනීම තාවකාලිකව නතර කර සිටීමේදී පරිවෘත්තීය ක්‍රියාවන් නිසි පරිදි සිදුවීමට බාධා මතු වෙනවා. මෙම විකිරණ පරීක්‍ෂාවෙන් මාස තුනකට පසු තයිරොක්‌සීන් පරීක්‍ෂාව සඳහා ටී. එස්. එච්. (ඔSH) පරීක්‍ෂාවක් සිදුකරනු ලබනවා. එහි වාර්තාව අනුව රෝගියාට ලබාදිය යුතු තයිරොක්‌සින් ප්‍රමාණය නිවැරදිව තීරණය කළ හැකිය.
මෙම විකිරණ අයිඩීන් (I 131) ප්‍රතිකාරය ලබාදෙන වෙනත් රෝග තිබෙනවාද?
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වයත් පවතින රෝගීන්ට විකිරණ අයිඩින් මිලිකියුරි 05 - 25 ත් අතර ප්‍රමාණයක් ලබා දෙනවා.
divaina.com
05
ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටසක් වන ගර්භාෂය කොටස් 2කින් සමන්විත අවයවයකි. එනම්එනම් එනම්, ගර්භාෂයේ දේහය හා ගැබ්ගෙලයි. ගර්භනී සමයේදී කලලය වර්ධනය වන්නේ ගර්භාෂයේ දේහය තුලයි. ගැබ්ගෙල යනු ගර්භාෂයේ පහළ කොටසයි. ගැබ්ගෙල, යෝනි මාර්ගය හා ගර්භාෂයේ දේහය එකිනෙක සම්බන්ධ කරයි.
රෝග මූලාශ්‍රය (රෝගය හට ගැනීම)
මෙය අවස්ථා 3කින් දැකිය හැක.
ගැබ්ගෙලේ යෝනි මාර්ගය ආශ්‍රිත බාහිර කොටස හා යෝනි මාර්ගයේ ඉහළ කොටසට සීමා වූ පිලිකා තත්ත්වය.
ශ්‍රෝණි ප්‍රදේශයේ (උකුලු ප්‍රදේශයේ) පහළ කොටසට සීමා වූ පැතිරෙමින් පවත්නා පිලිකා තත්වයකි.
අනෙකුත් අවයව විනාශ කරමින් උදර කුහරය තුල තුවාල ඇති කරමින් පැතිරෙන පිලිකා තත්වය.
රෝගය හට ගැනීම ආරම්භය සිදු වන්නේ ලිංගික සංසර්ගයේදී ගැබ්ගෙල ආස්තරණය කරන පටක වලට HPV හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරස් ආසාදනය වීම සමගයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරස් ආසාදනය සිදු වුවත් එමගින් පිලිකා ජනක තත්වයට යොමු වන්නේ ඉතා සුළු ප්‍රතිශතයකට පමණි. එයට හේතුව, ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම වෛරසය, ආසාදනය මැඩ පවත්වා ගැනීමට ඇති හැකියාවයි.
එසේම එම සෛලවල ඇති වන වෙනස් වීම් වලින් 90% ක පමණ මාස 12 සිට 36 අතර කාල සීමාවක් තුලදී ඉබේම යථා තත්වයට පත්වේ.
රෝග ලක්ෂණ
මුල් රෝග ලක්ෂණ
- යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් ගැලීම - එක දිගට හෝ කඩින් කඩ
- යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම - සංසර්ගයෙන් පසුව ................. සුළු ප්‍රමාණයක් හෝ අධික රුධිර වහනයක් සිදු විය හැක.
- යෝනි මාර්ගයේ අපහසුතාවයක්, මූත්‍රා කිරීමේ අපහසුතා ඇති විය හැක.
- පසු රෝග ලක්ෂණ (කල් ගත වූ පසු ඇති වන රෝග ලක්ෂණ)
- මූත්‍රා කිරීමේදී වේදනාවකින් තොරව රුධිරය වහනය වීම.
- කාලයක් තිස්සේ පවතින වැඩි වාර ගණනක් (සාමාන්‍යයට වඩා) මූත්‍රා කිරීමේ අවශ්‍යතාවය.
- වේදනාවකින් තොරව ගුද මාර්ගයෙන් ලේ ගැලීම.
- මලපහකරන වාර ගණන හෝ ස්වභාවය (සාමාන්‍යයට වඩා වෙනස්වීම)
- පිළිකා ශ්‍රෝණි (උකුලු) ප්‍රදේශයේ පැතිර යාමෙන් කකුල් ඉදිමීම, වේදනාව, වකුගඩු අක්‍රිය වීම ආදි ගැටළු ඇති කළ හැක.
- තව දුරටත් රෝගය පැතිර යාමේදී, උකුලු ප්‍රදේශයේ අපහසුතා, එකදිගට පවතින් එක් ස්ථානයකට සීමා නොවූ වේදනාවක් ඇති විය හැක.
- දුගදක් හැමිය හැක. (?)
- රෝග ලක්ෂණ පහළ වූ විගසට රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණයක් කිරීමෙන් කාන්තාවන් ඉක්මණින් ප්‍රතිකාර සදහා යොමුකළ හැක.
රෝගය ඇති බවට සැක කෙරෙන රෝගියකු පරීක්ෂා කළ විටදී,
මුල්කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වා සිටිය හැක.
- ස්පෙකියුලට් එකක් (Speculum) යොදා ගැබ්ගෙල පරීක්ෂා කිරීමේදී,
- ගැබ්ගෙලෙහි සුදු හෝ රතු පාට පැල්ලම් ඇති බවට දැකිය හැක. රෝගය පැතිර යන විටදී ගැබ්ගෙල / යෝනි මාර්ගයේ අසාමාන්‍ය පෙනුමක් ඇති විය හැක.
- ගුද මාර්ගයෙන් පරීක්ෂා කළ විට ගෙඩියක් හෝ පිලිකාව පැතිරීම නිසා ඇති වූ තුවාල හේතු කොට ගෙන ලේ ගැලීමක් දැකිය හැක.
- පිළිකා සෛල උකුල් ප්‍රදේශයේ පැතිර යාමේදී, යෝනි මාර්ගයෙන් පරීක්ෂා කළ විට ගෙඩියක් ලෙස අතට දැනිය හැක.
පිළිකා තත්වය පැතිර යන විට රුධිර වාහිනී හෝ වසා පද්ධතිය අවහිර කිරීම නිසා කකුල් ඉදමීම ඇති විය හැක.
- පිළිකා සෛල අක්මාවට පැතිර යාමෙන් අක්මාව විශාල විය හැක.
- පිළිකා සෛල පෙනහළු දක්වා පැතිර ගොස්පෙනහළු වල වතුර එකතු වීම හෝ වායු මාර්ග අවහිර විමක් සිදු වුව හොත් රෝග ලක්ෂණ ඇති විය හැක.
තිකාර කිරීම
පිළිකා හදුනා ගැනීමේදී එය තිබෙන අවස්ථාව (Stage අනූව ප්‍රතිකාර ක්‍රමය තීරණය වේ.)
ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම නම්,
- ශල්‍ය කර්මයක කිරීම.
- විකිරණ ඇල්ලිම.
- ඖෂධ ලබාදීම.
කල්ගත වූ / පැතිරුණු පිලිකා රෝග ඇති රෝගීන්ට රෝගය මර්ධනය කිරීම සදහා (එනම්, තවදුරටත් පැතිරීම වැළැක්වීම සදහා) ප්‍රතිකාර කරනු ලැබේ.
රෝගය වළක්වා ගැනීම
1. පැප් පරීක්ෂණය
ස්පෙකියුලම් නම් කුඩා උපකරණයක් මගින් ගැබ්ගෙල පරීක්ෂා කර බලා සෛල ස්වල්පයක් ලබාගෙන පිළිකා සෛල ඇත්දැයි පරීක්ෂා කර බලනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පවත්වාගෙන යන සුවනාරි සායන වලින්ද, පෞද්ගලික අංශයේ සායනවලින්ද, මෙම සේවාව ලබා දේ.
2. ඇසිටික් ඇසිඩ් යොදා ගැබ්ගෙල පරීක්සා කිරිම.
මේ සදහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ.
3. හියුමන් පැපිලෝමා වෛරසය සදහා එන්නතක් ලබා දිම.
HIV වෛරසය කාණ්ඩ අංක 16, 18 (ගැබ්ගෙල පිළිකා කාරක) හා කාණ්ඩ අංක 6, 11 (ප්‍රධාන පද්ධතිය ආශ්‍රිත ඉන්නන් ඇති කරන) සදහා ප්‍රතිශක්තිය මෙමගින් ලබා දේ.
4. ආරක්ෂාකාරී ලෙස ලිංගික සංසර්ග කටයුතුවල යෙදීම.
අවදානම් කණ්ඩායම්
- ලිංගික සංසර්දයේ යෙදෙන කාන්තාවන් (සම ලිංගික නොවන)
- හියුමන් පැපිලෝමා වෛරසයේ 16 සහ 18 කාණ්ඩ ආසාදනය වීම.
- බොහෝ පුරුෂයන් සමග ලිංගික සංසර්ගයේ යෙදෙන කාන්තාවන් හා බොහෝ කාන්තාවන් සමග ලිංගික සබදතා පවත්වන පුරුෂයන් හා ලිංගික සබදතා පවත්වන කාන්තාවන්.
- දුම්පානය කිරීම.
- අඩු ආදායම් තත්වය.
- දේහයේ ප්‍රතිශක්තිය අඩු රෝගී තත්වයන්.
suwasariya.gov.lk

++