සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර

    සෙල්ලිපිවලින් කියෑවෙන සිංහල ආහාර

    තිලිණි තරුෂිද සිල්වා
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    foods.jpg
    පැරණි මුතුන් මිත්තන් ගත් ආහාර සහ පාන වර්ග පිළිබඳව බත්, කැඳ හා කිරි හැරුණු විට අනෙකුත් ආහාර පාන ගැන සෙල්ලිපිවල සඳහන් වන්නේ වංශ කථා වල සඳහන් වන වාර ගණනට වඩා සාපේක්‌ෂව අඩු වාර ගණනකිනි. මෙම ලිපියට ඇතුළත් කරනුයේ සෙල්ලිපිවල සඳහන් ආහාරපාන කිහිපයකි.

    ඈතට දිවයන සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලේ සිට අද දක්‌වාම ලක්‌වැසියන්ගේ ප්‍රධාන ආහාරය වන බත්පතට අදේශකයක්‌ නැති තරම්ය.

    බත් - Rice (Oryza sative)

    එප්පාවල පිහිටි දහවැනි හෝ එකොලොස්‌වැනි සියවසට අයත් සෙල්ලිපි යුගලයෙන් 1 වැනි ලිපියේ මුල් කොටසින් පැවසෙන්නේ පමගුලු භික්‌ෂු ආරාමයේ ඇති බෝධීන් වහන්සේට හා විහාර මන්දිරයට නොකැඩුනු සහල් වලින් බත්පිස දිනපතා පූජා කරන ලෙසට නියම කර ඇති බවයි.

    ".....පමගුලු අරම පිළිමගේ හි මහබෝය දවස්‌පතා ගැහුම් නොවන් දෙ පතක්‌ සාලේ බත් පුද...."

    එප්පාවල සෙල්ලිපිය

    (E.Z. Vol - 3-පිටු 190 පෙළ 9-11 දක්‌වා)

    ගැහුqම් නොවන් යන්නෙහි අදහස "කැඩී යාමට පත් නොවුනු" යන්නයි. (unsplit) නොකැඩුනු සහල් හෙවත් මුල් සහල්, දෙකඩ කැඩුනු සහල් හෙවත් "කඩ සහල්" සහ කුඩාවට කැඩුනු සහල් හෙවත් "සුන් සහල්" යනුවෙන් සහල් කොටස්‌ තුනකට වර්ග කරනු ලැබේ. මෙහි මුල් කොටස වන කඩ නොවුන සහල් තත්ත්වයෙන් ඉස්‌තරම් වේ. සෙල්ලිපියේ සඳහන් වන්නේ එම වර්ගයයි.

    ç බුවනෙකබාහු V (ක්‍රි.ව. 1372-1408) රජ සමයේ සගම ගිරි ලිපියේ සඳහන් අයුරින්, රජු විසින් සගම ගම්වැසියන්ට අණකර ඇත්තේ ස්‌කන්ධ දෙවියන්ට නොකඩවා පිසූ බත් පුදන ලෙසය.

    "..........නිරන්තරයෙ න් පාබත් පුදන ලෙසට සගම බද"

    සගම ගිරි ලිපිය

    (E.Z. vol-7 - පිටු 81 - පෙළ 15, 16)

    මහාදාඨ§ක මහානාග (ක්‍රි.ව. 67-79) රජුගේ කාලයේ මහරත්මලේ පර්වත ලිපියේ

    "යාකු ච බත ච" යනුවෙන් ගලේ අකුරු කොටා ඇත. "කැඳ සහ පිසූ බත්" යනු එහි තේරුමයි.

    මහරත්මලේ පර්වත ලිපිය

    (Inscriptions of Ceylon - Vol - 2 - part 1 - page 34 Line 03)

    කිරි සහ පැණි

    පෙර සඳහන් කරන ලද එප්පාවල ලිපියේ අග කොටසේ සඳහන් වන්නේ පූජාසනයේ වහල නඩත්තු කිරීම වෙනුවෙන් සහ කිරි පැණි සැපයීම අරඹයා රන් කලං දෙකක්‌ දුන් බවයි.

    "දිහියන් මී පක්‌"

    මිපක්‌ යනු මී පැණියි. සංස්‌කෘත බසින් එය "මධුපර්ක" ලෙස හැඳින්වේ. (E.Z. vol - 3 Page 190 Line 14)

    ç මේඝවර්ණ අභය ෂෂ (ක්‍රි.ව. 309-322) රජුගේ අභිෂේකයෙන් තෙවැනි වසරේ ලියවන ලදැයි සැලකෙන තැන්පත් කිරීමේ බැංකු ක්‍රමය සහ ඊට ලැබෙන පොලිය සඳහන් වන සුප්‍රසිද්ධ තෝණිගල ලිපියෙන් කිරි සහ පැණි ගැන සඳහන් වේ.

    පෙළ 12 - පරිකරයපෙති ඉච දි මිය - වට පෙනි

    තිල ඉඩ බුනතෙල ඉච ලොන ඉච

    පෙළ 13- පලහවට ඉච වෙටයල ඉච වහෙර

    ..........ග සර ප......පචනහි

    තෝණිගල ලිපියේ දැක්‌වෙන ආහාර පිළිබඳව මහාචාර්ය පරණවිතාන මෙසේ පවසති. භික්‌ෂූන් වහන්සේලා හිමිදිරියේ කැඳ වැළදූ පසු දහවල් දානය වන තෙක්‌ අතරතුර කාලය තුළ වැළඳිය හැකි ආහාරපාන වර්ග කීපයක්‌ තිබේ. ඒවා පහත පරිදි වේ.

    (පේළි 12) දී = මීකිරි

    (සංස්‌කෘත) ධාදි

    (වර්තමාන සිංහල) මී

    පෙණි = (පාළි) පානිත

    (වර්තමාන සිංහල) පැණි

    බුනතෙල = (වත්මන් සිංහල) දුන්තෙල්

    ලෝණ = (සංස්‌කෘත) ලවණ

    (සිංහල) ලුණු

    (පේළි 13) පලහ = (පාළි) පලාස

    (වත්මන් සිංහල) පලා

    වෙටයල = විටියල

    සිවුරු පඬු පෙවීමට ගන්නා වර්ණකයක්‌ මෙන්ම ව්‍යංජන වලට මුසුකිරීම සඳහා යොදා ගැනේ

    විටි + අල

    විටි යනු සංස්‌කෘත බසින් පස්‌ යට ඇති කහපාට (Yellow sanders) යනුවෙන්ද, ඒ අනුව පොළොව යට කහපාට බුබුලක හැඩය ගත් අලවේ. එනම් "කහ" වේ. (Tumeric)

    පොල් පුවක්‌

    පොල් - Coconut (Cocos nucifera)

    දඹදෙණි රාජධානියේ, ෂෂ වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1270) රජ සමයේදී ගලපාය විහාර පර්වත ලිපියට අනුව, සියඹලාපාය ප්‍රදේශයේ ඇති පොල්වතුවලින් සහ පුවක්‌ වතු වලින් ලැබෙන ආදායම රැස්‌කොට මහා සංඝයාට පූජා කරන ලෙස, රජතුමා විසින් ඇමතිවරුන් දෙදෙනෙකුට නියම කරන ලද්දේය.

    පෙළ 08 - හින්දුවූ පොල්වතු භාගයෙහි විධිවහනිම්කොටැ

    මේ..අතුරෙහි කොළවල් හා මෙහෙ බද

    කුඹුරු හා .......පොල් පුවක්‌.....

    (Inscriptions of Ceylon vol - 7 pg 9 - Line 08)



    මීට අමතරව පොලොන්නරු රජ මාලිගාව ටැම් ලිපියේද "තලන් පුලුපන්" යනුවෙන් සඳහන්වේ. පුලුපන් යනු පොල්ය. තලන් යනු තල්ගස්‌ය.

    (palmyra)

    E.Z. 2 - page 54 line C 7, 8

    උඳු

    පෙර සඳහන් කරන ලද තෝණිගල සෙල්ලිපියේ "උදි" යනුවෙන් දැක්‌වෙන්නේ (E.Z 3 - පිටු 177 - පේළි 06) "උඳු" වලටය (a species of flemingia‌)

    දෙවන සේන හෝ හතරවන කාශ්‍යප හෝ පිහිටුවන ලද අලුත්වැව ටැම් ලිපියේත් "උඳු" ගැන සඳහන් වේ.

    (E.Z. II PP. 229)

    මුං පියලි

    "බයල්හි/බයලි" යනුවෙන් අභිලේඛනයන්හි සඳහන් වේ. ඉහත තෝණිගල ලිපියේ 9 සහ 10 පේළිවල මේ වදන ඇතුළත්ය. (පිටු 177, 178)

    "දස අමනක බයල්හි වෙද දෙඅමන දෙපෙකඩක

    බයලි ඉස"

    (පෙළ 9 - 10)

    මහාචාර්ය පරණවිතාන "බයලි" යන්න අර්ථවත් කරන්නේ ඉeaබි යනුවෙනි. (බෝංචි, මෑ, මුං ඇට ආදී ශාක) (පිටු 178) beans (phaseolus mungo)

    මෙම බයලි යන වදන සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ යෙදෙන්නේ පියලි යන වදනිනි. මෙම වචනය නිතරම මුංගු නමැති වාක්‍ය සම්බන්ධකාරක පදය සමග යෙදේ.

    සංස්‌කෘත පාලි සිංහල

    මුද්ග ඝ මුග්ග ඝ මුංගු

    පෙර සඳහන් එප්පාවල ලිපියේද (Eග'ග 3 - පිටු 193) මෙම වදන භාවිත වී ඇත.

    වෙස්‌සගිරි පුවරු ලිපියේද "මුග්ග" ලෙස මෙය සඳහන් වේ. (Eග'ග 1 - චච 29)


    උළුහාල් Fenugreek (Trigonella foenum graecum)

    උදා සිරිසඟබෝ හෙවත් දෙවැනි උදය (ක්‍රි. ව. 929-932 පමණ) රජසමයේදී පිහිටුවන ලද ගිරිතලේ ටැම් ලිපියේ

    A මුහුණතෙහි 31 වැනි පෙළෙහි "හුලු" (උළුහාල්) යන්න ගලෙහි කොටා ඇත.

    "දෙසැණක්‌ හුලු දෙමලත් වලදමින්"

    (A පෙළ 30 - 31)

    "හුලු" යන්නෙන් දැක්‌වෙන්නේ වර්තමාන කටවහරේදී "උළුහාල්" වලට පර්යාය පදයයි. පාඨයේ අදහස ගත්විට "සෙන" යනු ඉඩම් භූමි ප්‍රමාණය දැක්‌වෙන මිම්මකි. පරණවිතාන මහතා අර්ථකථනය කරන්නේ "සෙන" යනු "හේන" බවයි. (E.Z. vol - 3 පිටු 143)

    තවද "හුලු" යන්න පොළොන්නරුවේ රාජ මණ්‌ඩපය අසල සෙල්ලිපියේද අන්තර්ගත වී ඇත.

    "රට්‌හි වූ දෙසෙනක්‌ හුලු පුපක්‌ කොට්‌"

    (E.Z. vol - 4 -page 39 line 19-21)

    දෙ සෙනක්‌ = හේන කැබලි දෙකක්‌

    හුල = උළුහාල්



    ඉඟුරු - Ginger (Zingiber officianale)

    සංස්‌කෘත පාලි සිංහල

    ශුද්ධ çන්ගවේරඝ ශුද්ධ සින්ගිවෙරඝසුද් ඉඟුර්

    V වන කාශ්‍යප (ක්‍රි. ව. 908 - 918 පමණ)රජුගේ හෝ V වන දප්පුල (ක්‍රි. ව. 918-930 පමණ) රජුගේ කාලයට අයත් යෑයි අනුමාන කරන පොළොන්නරු රජ මාලිගයේ ටැම් ලිපියේ B මුහුණතෙහි පෘෂ්ඨයේ පේළි අංක 21 සිට 25 දක්‌වා මෙසේ දැක්‌වේ.

    "එක්‌ පෑලක්‌ සුද් හිඟුර් දි වළJදනු

    කොට්‌ ඉසා සුද් හිඟර් නොදිය..."

    ශුද්ධ කල ඉඟුරු හෝ වියළි ඉඟුරු මින් අදහස්‌ වේ.

    විශේෂයෙන් ගිලන්වූ භික්‌ෂුන් වහන්සේලාට "ඉඟුරු" පූජා කර ඇත.

    (E.Z. - vol -4 - පිටු-40 පේළි 21-26)

    පුවක්‌ (Areca - nut)

    "පූ" යන්න සංස්‌කෘත භාෂාවෙන් "පූග" වේ

    පූ + පක්‌ = පූපක්‌

    පක්‌ යනු පලතුරු වලට නමකි. මහාචාර්ය පරණවිතාන අදහස්‌ කරන්නේ "ඉදුනු" යන අදහස ගැබ්වී ඇති සංස්‌කෘත බසින් "පක්‌ව" යන්නෙන් බිඳී ආ බවයි. එසේම ද්වීතීයික අර්ථය අනුව ඉදුනු "පලතුරු" හෝ ගෙඩිය යන අර්ථය දෙන බව පවසයි.

    (E.Z. vol - 4 පිටු 44)

    මඩවල තඹ සන්නස ලියවී ඇත්තේ ක්‍රි.ව. 1755 දෙසැම්බර් මස 7 වැනි බ්‍රහස්‌පතින්දාය. මෙම සන්නසේ A මුහුණතෙහි පෘෂ්ඨයේ 9 වෙනි පේළියේ අවසානයේදී

    ......ආචාර්වරුන්ට දුන මනා බත් බුලත් ආදී වරතිර නොපිරිහෙලා දී.....

    (E.Z. vol - 9 පිටු 45 - පෙළ 9)

    මින් කියවෙන්නේ පිළිම අඹන ලද සහ චිත්‍ර අඳින ලද කුසලතා පිරිපුන් ප්‍රධාන පෙළේ ශිල්පීන්ට බුලත් සහ ආහාර ප්‍රදානය කළ වගයි.

    අෂ්ඨපාන

    හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, කිරින්ද ප්‍රදේශයේ ඇති පැරණි බෞද්ධ විහාරස්‌ථානයට අයත් ගල්ලෙනක බ්‍රාහ්මීය අක්‌ෂර වලින් කොටවා ඇති ලිපියක, "අට නාසික පනත" භිéq සංඝයාට පූජා කළ යුතු බැව් දක්‌වා ඇත.

    "කහවත දිනේ අට - නාසික පාන ත මේ කහපනිහි

    වෙද ගිනිය අරියවස කරන සවමෙව පරිසන"

    උදාකප්දුර පර්වත ලිපිය

    (Inscriptions of Ceylon - vol - ii - part 11 - part පිටු 267 - පෙළ 4 - 5)

    අරියවංස සූත්‍රය දේශනාකිරීමට රැස්‌වෙන භික්‌ෂූන් වහන්සේලාට මේ කහවනු වලින් ලැබෙන පොලියෙන් අෂ්ඨපාන පූජා කළ යුතු බවට දන්වා ඇත.

    අෂ්ඨපාන

    1. අඹ - mango (Mangi fera indica)

    2. දඹ - Rose-apple (Eugenia jambos)

    3. රඹ - කෙහෙල් - Plaintain

    4. ඇටකෙහෙල් - ඇට පිරුන වල් කෙහෙල් වර්ගයක්‌ (Musa paradisiaca)

    5. මී

    6. මිදි - කුඩා පඳුරු වශයෙන් වන ලැහැබ වල වැවෙන කොළ පාටට හුරු සුදු පැහැති, අමිහිරි සුවඳක්‌ හමන මල් දරන ශාඛයක්‌

    (Premna serratifolia)

    7. බොරලුදමන - ජම්බු වැනි කැලෑ පලතුරක්‌

    kind of Eugenia

    8. ඕලු - Water lily (Nymphea Lotus)

    ඇටඹ - mang (Mangi feraindica)

    සිරිසඟබෝ ලෝකේශ්වරබාහු චක්‍රවර්ති (කාලය සොයාගත නොහැක) සමයේ ලියෑවුණු කොට්‌ටන්ගේ ගිරි ලිපියේ සඳහන් වන පරිදි ගමක්‌ බෙදා මායිම් වෙන් කිරීමට යාමේදී ඇටඹ ගසක්‌ මායිමක්‌ සේ සලකුණු කර ඇත.

    "ඇතුළු කොට කන්දුරේ සිටි ඇටඹය හා මෙපමුණුවට"

    කන්දේ දියපාර අසල පිහිටි ඇටඹ ගස

    (E.Z. vol - 4 pg 87 Line 09)

    කොස්‌ (Jack fruit)

    ගැට කොස්‌ = පොලොස්‌

    මීට ප්‍රථමයෙන් සඳහන් කළ කොට්‌ටන්ගේ සෙල්ලිපිsයේම ගැටකොස්‌ ගස මායිමක්‌ ලකුණු කිරීමකට යොදාගෙන ඇත.

    "සිටි හිඹුල හා පැළදිගින් කJදුපිට සිටි ගැට කොස"

    උතුරු දෙසින් කඳු ගැටයට පසෙකින් වැවී ඇති ගැට කොස්‌ ගස

    (E.Z. vol - 4 - pg 87 -Line 7)

    මතස්‍ය

    "මජි" යනු මතස්‍යයින්ය

    සංස්‌කෘත - පාළි - සිංහල

    මතස්‍ය - මච්ච - මාලු

    මඩකලපුව ප්‍රදේශයට අයත් හෙන්නානිගල සෙල්ලිපියේ,

    "ගමනි - තිසභ පීතහ ච ම- - මහ - රජහ ච

    නියත - ගමණි ස- පරිභෝගනි සගශ"

    (Inscription of Ceylon - vol - 1 page 32)

    මහාචාර්ය පරණවිතාන Inscription of Ceylon -vol-1 නැමැති තම ග්‍රන්ථයේ සංඥපනයේදී "මජි-මහරජ" යන්න "මතස්‍ය මහරජ" යනුවෙන් අර්ථකථනය කරයි. "මජි මහරජ" යනු éත්‍රීය වංශයකින් පැවත එන රජ පෙළපතකට සම්බන්ධ කුමාරයෙක්‌ යෑයි තවදුරටත් ඔහු පවසයි.

    (I.C. - vol - 1 - පිටුව lix)

    මතස්‍ය රූප කෙටූ සෙල්ලිපි අම්පාර දිස්‌ත්‍රික්‌කයේ බෝවත්තේගල ලිපියෙන්ද, කොටදැමුගල සෙල්ලිපියෙන්ද දැකගත හැකි බැව් එතුමා පවසති.

    (ibid - lix)

    නමුත් සෙල්ලිපිවල කපුටා, බල්ලා සටහන් කළ අර්ථයට ඉඳුරාම වෙනස්‌ අර්ථයක්‌ මාලුවා සටහන් කිරීමෙන් පැන නැගිය හැක.

    එසේම දෙවැනි සේන (ක්‍රි.ව. 853-887) රජුගේ බසවක්‌කුලම ටැම් ලිපියෙන් කියවෙන්නේ මහ විහාරයට පසෙකින් ඇති අභය වැවේ මසුන් ඇල්ලීම තහනම් කර තිබූ බවයි.

    මතර මජිබික, මතිර මජිබික හා මජිබිත යනු වැව් වලින් අයකර ගත් බදුවලට පවසන නම්ය. මේ සියලු කරුණු වලින් මතස්‍ය පරිභෝජනය කළ බැව් ස්‌ඵුට වේ.

    අවසන් වශයෙන්, එදා ç ලාංකිකයා සමබර පෝෂණයෙන් යුත්, නැවුම් දේශීය ආහාර පරිභෝජනය කළ බැවින් පිරිපුන් කායශක්‌තියෙන් හෙබි නිරෝගී දිවියක්‌ ගතකරමින් මහවැව්, මහදාගැබ් සහ මහ පිළිම තැනූ බව මෙයින් පිළිබිඹුවේ.

    අශ්‍රේය ග්‍රන්ථ

    Epigraphia Zeylanica - vol- i, ii, iii, iv
    Inscriptions of Ceylon - vol-i, vol-ii-part ii,
    vol - vii, vol - ix,
    vol - v - part I
     
    • Like
    Reactions: hemalsilva