උදර්පණ_ගිවිසුම

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උදර්පණ_ගිවිසුම

    ලෝක නීති ඉතිහාසයේ හොඳම උදර්පණ ගිවිසුම මහාචාර්ය ජී.එල්.ගෙන්!

    9488e00b36a9f63aa172df5df3d54de9_XL.jpg



    මහින්ද රාජපක්ෂ සමයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ ඇමති වී සිටියේය.

    මේ කාලයේ ජී.එල්. එක්සත් අරාබි එමීඒ රාජ්‍යය සමග, එනම් අබුඩාබිය සමග උදර්පණ ගිවිසුමක් (Extradition treaty) අත්සන් කළේය. ඒ ගිවිසුම දැන් තිබෙන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගත යුතු, එනම් අපරානුමිත කළ යුතු තත්වයේ ය. අපරානුමිත කළ සැණින් එය ලංකාවේ ‘රටේ නීතිය‘ බවට පත් වේ.

    නමුත් මෙහි විශාල කොරහක් තිබේ. අබුඩාබිය සමග ජී.එල්. අත්සන් කළ උදර්පණ ගිවිසුම ලෝකයේ වෙන කොහේවත් නැති ජාතියේ එකකි. එහි සරල තේරුම මෙසේ ය. මේ ගිවිසුම ප්‍රකාරව අබුඩාබියට අවශ්‍ය සැකකරුවන් රටෙන් පිට කර අබුඩාබියට භාර දීම හෙවත් උදර්පණය කිරීමට ලංකාව බැඳී ඇත. නමුත් ලංකාවට අවශ්‍ය කරන සැකකරුවන්, නොඑසේ නම් ලංකාව විසින් ඉල්ලා සිටින සැකකරුවන් ලංකාවට භාරදීමට අබුඩාබිය බැඳී නැත! ගිවිසුම ප්‍රකාරව මෙහි අභිමතය තිබෙන්නේ අබුඩාබියට ය.

    ‘‘ඔයාලා කැමති දෙයක් කරන්න!“

    ඉතා සරල භාෂාවෙන් මෙය කියන්නේ නම් එහිදී ලංකාව විසින් අබුඩාබියට කියන්නේ මෙයයි. ‘‘අපි ඕනෙම වෙලාවක ඔබ ඉල්ලන සැකකරුවන් ඔබට දෙනවා. නමුත් ඔබ එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් අපේ සැකකාරයො තියාගන්න!“

    ඉතින් අපට දැන් උදයංග වීරතුංගව උදර්පණය කර අපේ රටට භාර දෙන ලෙස අබුඩාබියෙන් ඉල්ලා සිටින්නට නොහැකිය. එසේ ඉල්ලා සිටියද ඔවුන්ට එසේ නොකර සිටීමට පුළුවන් නිසා ය. අපට වැට් වංචාවේ මහ මොළකරු කුතුබ්දීන්, පාතාල නායක මදූෂ් වැනි කිසිවෙක් උදර්පණය කර දෙන ලෙස ඩුබායි රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නට නොහැකි ය. එසේ ඉල්ලා සිටියත් වැඩක් නැති නිසා ය.

    මෙවැනි මහා පරිමාණ අපරාධවල සැකකරුවන් සහ අපරාධකරුවන් ඩුබායි රාජ්‍යයම තෝරාගැනීමේ රහස වන්නේ ද මෙයයි. ඩුබායි හි සිටියදී තමන්ව අල්ලන්නට නොහැකි බව ඔවුහු දනිති. ඒ නිසා ඔවුහු ඩුබායි ම යති.

    ලෝකයේ උදර්පණ නීතියක් කියා දෙයක් තිබෙන්නේ රාජ්‍යයන් දෙකක් අතර සැකකරුවන් හෝ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට ය. ඒ නිසා මෙවැනි අමුතු උදර්පණ නීතියක් ලෝකයේ වෙන කොහේවත් නැත.

    ජී.එල්. පීරිස්ගේ උදර්පණ නීතිය ලියා දුන්නේ සජින් වාස් ද?

    ජී.එල්. පීරිස් මේ අමුතු ගිවිසුම අත්සන් කළ කාලයේ මේ අමුතු ඇටයේ රට කරවමින් සිටියේ රාජපක්ෂලා ය. රාජපක්ෂලාගේ අසූ කෙළක් කළු සල්ලි වත්කම් ද ඩුබායි රාජ්‍යයේ ඇති බව කියයි. ඒ කාලයේ විදේශ කටයුතු අධීක්ෂණ ඇමතිවරාය ව සිටියේ සජින් වාස් ගුණවර්ධන ය. සජින් වාස් ද එදා පටන් වැඩි හරියක් සිටින්නේ ඩුබායි වල ය. රාජපක්ෂ සමයේ විදේශ කටයුතු අධීක්ෂණ ඇමති යනු විදේශ ඇමතිට ද වඩා බලවත් පුද්ගලයෙකි. එනිසා නිසැක වශයෙන්ම සජින් වාස් අහිංසක මහාචාර්යට තමන්ට අවශ්‍ය පරිදි ගිවිසුමට වගන්ති ලියා දෙන්නට ඇත. එනිසා මෙය පැහැදිලිවම රාජපක්ෂලා ‘ඔළුවෙන් ගැසූ ගේම‘කි. ඒ අනුව ජී.එල්. ගේ ගිවිසුම අපරානුමිත කළ ද ඒ යටතේ පවා සැකකරුවන් ව ඉල්ලා සිටීමෙන් පලක් නොවේ. යම්හෙයකින් කෙනෙකු වරදකරුවෙකු බව ලංකාවේ අධිකරණයෙන් තීන්දු වී ඇති විටදී පවා ඔවුන් ව ලංකාවට භාර නොදී සිටීමට මේ නීතිය යටතේ ඩුබායි රාජ්‍යයට පුළුවන. ඉදිරියේදී සිදුවනු ඇත්තේ ද එයයි.

    මේ විපරිතය, උදයංග වීරතුංග ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විට මහත් වෙහෙසක් දරමින් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නීති අංශය ද මවිතයට පත්ව කර ඇත. දැන් ඔවුන්ට කළ හැකිව තිබෙන එකම දෙය, උදයංගව උදර්පණය කරන ලෙස ඉල්ලා සිටීම නොව, උදයංගට විරුද්ධව පිටුවහල් නියෝගයක් (Deportation Order) ලබාගැනීමයි. ලංකා නීතිය අනුව පිටුවහල් නියෝග ලබාගත යුතුව තිබෙන්නේ ආගමන විගමන පනත යටතේ ය. නමුත් ආගමන විගමන පනත යටතේ පිටුවහල් නියෝගයක් ලබාගත්තද එකී පුද්ගලයාව පිටුවහල් කළ යුතුව තිබෙන්නේ ‘ඔහු පිටත්ව ආ තොටුපොළ‘ හෙවත් ‘නැව් නැගි තොටුපොළ‘ (port of embarkation) වෙත ය. මෙහි නීතිමය අර්ථය වන්නේ ඔහු ‘අයත් රට‘ නොව ‘පැමිණි රට‘ වෙත ඔහුව භාරදීමයි. එනම්, උදයංග වීරතුංග සිද්ධිය සැලකුවහොත් මේ අනුව ඔහු පිටුවහල් කරනු ඇත්තේ එක්කෝ යුක්රේනයට ය. නැතිනම් ඇමරිකාවට ය!

    මේ සියලු කාරණා හේතුවෙන් මේ වන විට ලංකාව ‘නීති ජංජාලය‘ක පැටලී සිටියි. මේ අවුල සම්බන්ධයෙන් දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් ද නිරුත්තර ය. රාජපක්ෂලා හිතා මතා ගහන ගැට ලෙහා ගැනීම පහසු නැත. ඒ ගැට කොතරම් බලවත් ද යත් ලෙහන තරමට පැටලෙනසුලු ය.

    මහාචාර්ය ජී.එල්. පීරිස් දිලික්ත නීතිය ගැන ලෝකයේ හොඳම පොත ලියූ පුද්ගලයා ය. දිලික්ත හෙවත් තෝරත නීතිය යනු, අනෙකෙකුගේ හැසිරීමක් නිසා හානියක් සිදුවූ අයෙකුට ප්‍රතිකර්ම සැපයීමේ ක්‍රමවේදයකි. ඉතින් ජී.එල්. පීරිස් ලෝකයේ හොඳම ජංජාල උදර්පණ ගිවිසුමක් අත්සන් කර ඇත. එය කොතරම් හොඳදැයි කියන්නේ නම්, එය අපරානුමිත කළත් නැතත්, දැන් ලංකාවට සිදුව තිබෙන්නේ අපරාධකරුවන්ට ඩුබායි රාජ්‍යයේ බාල් නටන්නට ඉඩ දී උඩ බලාගෙන නැටුම් නරඹන්නට ය. ජී.එල්.පීරිස් පිළියෙළ කර තිබෙන්නේ ලෝකයේ හොඳම උදර්පණ නීතියක් යැයි අප කියන්නේ එනිසා ය!



    උපුටාගැනිමකි source
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙහෙම නීති තියෙනවද? ප්‍රන්ශ වගේ. කියලා තියෙන අදහස තේරුනාට ඒවා ඇත්තද බොරුද කියලා හිතාගන්නවත් නීතිය ගැන ඔච්ව්හර අහලා නෑ
    ..

    අපරාධකාරයෝ යන්නේ ඩුබයි සින්ගා එහෙමනම් තමා
     
    • Like
    Reactions: Oli_Vili

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මම දැක්ක ඉන්දියාවේත් ලොකුම පාතාල පොර ඉන්නේ දුබාය් වල කියල ....
    උගේ නංගී ගැන හදපු ෆිල්ම් එකක් ගැන elakiri එකේ thread එකක් ගියා .....

    එතකොට ඉන්දියාවත් මේ වගේ උදර්පණ ගිවිසුමක් ගහලද ..........
     
    • Like
    Reactions: erozan

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    අපරාධකාරයෝ යන්නේ ඩුබයි සින්ගා එහෙමනම් තමා[/B][/COLOR][/SIZE][/QUOTE]

    මේකනම් හොයල බලන්ඩ වටින ප්‍රශ්නයක් තමා ...........
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,710
    1,225
    113
    Mars
    උවමනාව තියනවා නම් ඹ්න කෙනෙක් ගෙන්න ගන්න අමාරු නෑ. එසෙ ගෙන්න ගන්න බැ කියනවා නම් රටේ නායකත්වයෙ ගැටලුවක්.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෙහෙම නීති තියෙනවද? ප්‍රන්ශ වගේ. කියලා තියෙන අදහස තේරුනාට ඒවා ඇත්තද බොරුද කියලා හිතාගන්නවත් නීතිය ගැන ඔච්ව්හර අහලා නෑ
    ..

    අපරාධකාරයෝ යන්නේ ඩුබයි සින්ගා එහෙමනම් තමා


    Rep14+++
     
    • Like
    Reactions: Ithika mithika

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක ඉන්දියාවේත් ලොකුම පාතාල පොර ඉන්නේ දුබාය් වල කියල ....
    උගේ නංගී ගැන හදපු ෆිල්ම් එකක් ගැන elakiri එකේ thread එකක් ගියා .....

    එතකොට ඉන්දියාවත් මේ වගේ උදර්පණ ගිවිසුමක් ගහලද ..........

    මෙන්න කතාව .. අරූ නොකවුට්..ලොල් ..ඔකුන් මෝඩයි බන් කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි..
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඉතින් අපට දැන් උදයංග වීරතුංගව උදර්පණය කර අපේ රටට භාර දෙන ලෙස අබුඩාබියෙන් ඉල්ලා සිටින්නට නොහැකිය. එසේ ඉල්ලා සිටියද ඔවුන්ට එසේ නොකර සිටීමට පුළුවන් නිසා ය.


    ඉතින් බන් මුන් හත්පොලේ ගාගෙන ඉන්න වෙලාවෙ මුන්ට පුලුවන්නෙ ඉල්ලීමක් කරලා ඒ විදිහට වැඩේ වෙන්නෙ නැති උනාම රටේ ජනතාවට සාක්ෂි සහිතව පෙන්නන්න මේං ජී එල්ලගෙ හපන්කම් කියල.

    අනික දැන් ඔය ගහල තියන ගිවිසුම අප්ඩේට් කරන්න බැරිද? එහෙම ගිවිසුම් අප්ඩේට් කරන්න බැරිනම් අලුත් රජයක් පත් උනාට වැඩක් නෑනෙ.

    කාටවත් කඩේ එහෙම යන්න නෙමේ දැම්මෙ මට හිතෙන දේ කිවුවෙ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔච්චර හිතන්න දෙයක් නෑ.... " අපි මහබැංකු කේස් එක අදින්නෙ නැතුව ඉන්නම්... උඹලා උදයංගවයි, යෝශිතවයි ගැන සද්දෙ වහලා හිටපල්ලා " ඩීල් ක්ලෝස්...
     
    • Like
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර හිතන්න දෙයක් නෑ.... " අපි මහබැංකු කේස් එක අදින්නෙ නැතුව ඉන්නම්... උඹලා උදයංගවයි, යෝශිතවයි ගැන සද්දෙ වහලා හිටපල්ලා " ඩීල් ක්ලෝස්...

    එහෙම කිසිම ඩීල් එකක් නැ..මහ බැකුව හොරා කෑවට අපේ ආන්ඩුවක් ආව ගමන් වද රනිලව කූඩුවට දානව..ඒකෙ සැකයක් තියාගන්ඩ එපා.