බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බැටරියක ආලෝක ධාරාවකින් බයිපාස් සැත්කමක්

    32-1.jpg

    උපුටා ගැනීම - අද දවස
    කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.

    කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

    වෛද්‍ය නාමල් ගමගේ බැටරියක දුබල ආලෝකය ඇසුරු කැර රෝගියාගේ උරහිස මැස්ම පටන් ගත්තේය. ඒ වන විට කරන්නට තිබුණේ ද ඒ ටික පමණය. විදුලි එළියෙන් කරන කාර්යභාරයටත් වඩා පරිස්සමින් වසර 16 ක ක අත්දැකීම් හා පරිචය ඇසුරුකොට එතුමා සාර්ථකව ශල්‍යකර්මය නිමා කළේය. මෙය ලෝක වාර්තාවක් බව අප දන්නා වුවත් වෛද්‍ය නාමල්ට එය ගණනක් නැතිය. ඒ නිසා එතුමා ඉන් උදම් නොවේ.

    ඒක ඒ තරම් දෙයක් නෙවෙයි. හදිසි අවස්ථාවක ක්‍රියා කරන්න මා පුරුදු වෙලා ඉන්නවා. ඔය වෙලාව වෙනකොට ඔපරේෂන් එකේ ගොඩක් කරලා ඉවරයි. කරන්න තිබුණෙ දෙකට කපා පැලු උරහිස නැවත මැසීමයි. අකුණක් වැදිලා ට්‍රාන්ස්පෝමර් හා ජෙනරේටර් දෙකම පිච්චිලා ගියා. රෝහල අඳුරේ ගිලුණා. මං බයිෆාස් සැත්කම නැවැත්තුවෙ නෑ. එහෙම වුණානම් අනතුරුදායකයි. එදා උදේ 3 ට විතර වැඩ පටන් ගත්තේ. මේ සිද්ධිය වෙනකොට උදේ 5.45 ට විතර ඇති. මං සීරුවට පුංචි බැටරියක ආලෝක ධාරාවකින් මැස්ම කළා. රෝගියා දැන් සුවෙන් ඉන්නවා. වෛද්‍යතුමා මට එසේ කීවේ එය ඉතා සුළු සිද්ධියක් ලෙස සලකමිනි.

    එහෙත් අපට එය බරපතළ පාඩමකි. චැනල් කරමින් අතිවිශාල මුදල් නියම කරන ඔපරේෂන්වලට තම හත්මුතු පරම්පරාවක් හම්බ කළ සල්ලි ඉල්ලන ඉන්ෂුවරන්ස් එක ඉවරනම් තම පෞද්ගලික රෝහලින් ලෙඩා රජයේ රෝහලට ගෙන යන්නට නියම කරන, ඔපරේෂන් කරන අතර වෙනත් බහුවිධ කාරණාවලට හිත යොමු කරන ඇතැම් ජීවක පරම්පරාවක් සිටින මේ රටේ එතුමා අපට පරමාදර්ශයකි. හිපොක්‍රටිස් නියමය රකින සැබෑ වෛද්‍යවරයෙකි.
    ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ගැන මම අතිශයෝක්ති වර්ණනයක් නොකරමි. ප්‍රායෝගික ලෝකයෙන්ම එතුමා වීර්යවන්ත සැබෑ මානවවාදියකු බවට ඕනෑතරම් නිදර්ශන රෝගීන් අතරින්ම සොයා ගත හැක්කේය. එතුමා 98 වසරේ සිට 2015 මේ දක්වා ජීවිත 12,000 ක් ශල්‍ය වෛද්‍යකර්ම සිදුකැර සුවකළ ජීවකයෙකි. පුරා අවුරුදු 16 ක් හරිහැටි නින්දක් පවා නොලබා රජයේ වැටුපට කටයුතු කරන්නෙකි. පොරොත්තු ලේඛනයේ සිටින සුවහසක් ලෙඩුන් වෙනුවෙන් කඳුළක් හලන එකම වෛද්‍යවරයා බව මම දනිමි. එනිසා මුල් කාලයේ ඔහුට කිසිඳු ඉඩක් විශ්‍රාමයක් නොලැබුණේය.

    එහෙත් දැන්නම් ඔහු සමග මහන්සිව කටයුතු කරන තවත් වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සිටිති. මුල් කාලේ යාපනයෙන්, ත්‍රිකුණාමලයෙන්, ‍කොළඹින් මතු නොව මහනුවරින් ද ලෙඩ්ඩු මෙහි ගෙන ආහ. ඒ මෙහි ඔපරේෂන් කටයුතුවල වේගවත්කම හා පරිස්සම නිසාය. පෞද්ගලික රෝහලක ලක්ෂ ගණනකට ඔපරේෂන් කිරීමට වඩා තම මවගේ අභිප්‍රාය අනුව අහිංසක දුප්පතුනට සේවය කිරීම මේ වෛද්‍යවරයාගේ පැතුමය. මේ සිදුවීමත් එක්කම එතුමන්ගේ අතීත කතාව ස්මරණය කිරීම වැදගත්ය. 2010 වසරේදී සිළුමිණ ජාතික පුවත්පතට මා ලියූ ‘මගේ අම්මා’ නම් හෘදයාංගම ලිපි සරණියේදී මෙතුමන් ගැන කියැවුණු කොටසක් නැවත ලියමි.
    දුප්පතුනට සේවය කරන්ට මට උගැන්නුවෙ මගේ අම්මා. මං වෛද්‍ය විද්‍යාලයයට ඇතුළුවන කාලෙත් මගේ අම්මාගේ අතේ මැණික් කටුවේ ඇදයක් තිබුණා. ඒ ඇදය කෙසේ හෝ හරිගස්සන්ට ඕනෑ කියලා හිතලා මං ප්‍රාර්ථනා කළා. මට ‍ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්ට ලැබේවා` යි කියලා. අම්මත් ඒ පැතුමෙන් හිටියෙ. මගේ ජීවිතේ බොහෝ පිරිසක් අම්මලා පුංචි දරුවන් මං ඔපරේෂන් කරලා සුව කරපු අවස්ථා තිබුණා. තිඛෙනවා. එහෙත් මගේ වෛද්‍ය ජීවිතයේ මා වඩාත්ම සතුටු වෙච්ච දවස මගේ අම්මාගේ අත ඔපරේෂන් කරලා අර පුංචි කාලෙ දුටු ඇදය හරිගැස්සු දවසයි.

    ඇයි` මේ ලෙඩා හෙණ ගහන වැස්සේ කළුවරේ ඔපරේෂන් කරලා ගලවාගත්ත එක ගැන සතුටු නැද්ද? මම ඇසුවෙමි. මොකෝ නැත්තෙ, මම හරිම සතුටුයි. ඒත් වෛද්‍යවරයෙක් වශයෙන් ඒක මගේ රාජකාරිය. මේක ඒ අතරින් එක අවස්ථාවක් විතරයි.

    ඔබතුමා වඩාත්ම සසල වූ දවස් නැද්ද?
    අපේ වෛද්‍ය කර්ම‍යන්ගේ ප්‍රතිඵල නැතිව ලෙඩ්ඩු මැරුණාම අපට හිතට කරදරයි. කනගාටුයි. පුංචි දරුවන් ගැන අහිංසක දුප්පත් වයසක අම්මලා ගැන ඔබ අහනවා. ඒ වගේ වෙච්ච අවස්ථා නැති තරම්. ඒත් පොරොත්තු ලේඛනය දිග වැඩියි. 1000 ක් විතර ලෙඩ්ඩු ඉන්නවා දවසකට ඔපරේෂන් 10 ක් කරන්ඩ බෑ. සමහර දිනට මා කියනවා අහවල් දවසෙ අහවල් ලෙඩාව ඔපරේෂන් එකට එන්ඩ කියලා ඒ ලිපිනයට ලියුම් යවන්ඩ. දුරකථන ඇමතුමක් දෙන්ට කියලා. සමහර විටක එහෙම ඔපරේෂන් එකට ගන්ඩ සූදානම් වුණු ඇතැම් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දුවෙක්, පුතෙක් පොරොත්තු ලේඛනය අනුව ගෙන්වන්ඩ ගියාම ඒ ඥාතින් මා හමුවෙලා කියනවා ඩොක්ටර් අම්මා මැරිලා දැන් තුන් මාසෙත් ‍ඉවරයි කියලා. අන්න` ඒ වෙලාවට මගේ හිත හුගාක් සසල වෙලා තියෙනවා. මේ අම්මා මිය ගියේ අපේ අඩුපාඩුකමක් නිසා නොවුණත්, ඒකට අපත් සම්මාදම් වුණා ද කියලත් හිතෙනවා. එහෙම අපට ඇති පහසුකම්වලට මේ එන ලෙඩ්ඩු ප්‍රමාණයට ඔක්කොම ඔපරේෂන් කරගන්ඩ බෑ. ඒකට කාලයක් යනවා.

    මේ දොස්තර සංවේදිය. අවංකය. අවංක මිනිසාගේ කැමැත්ත මිලදී ගැනීමට මුළුමහත් විශ්වයම අපොහොසත් යැයි වරක් නීග්‍රෝ ජාතිකයන්ගේ අසහාය නායක මාටින් ලුතර් කිං කීවේය. මේ ජීවකයා සල්ලිවලට ගන්නට බහුවිධ පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවලට බැරිය. ඔහු අහිංසක ජනතාව වෙනුවෙන්ම කැපවී හිඳී. එතුමාගේ අවංකකම ගැන දොරමඩලාව, අමාදහර වැනි වැඩසටහන්වලදී පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා නිතර කතා කරයි.

    ඒ කාලයේ වෛද්‍ය නිවාසයේ සිට අරුණැල්ලේම පිබිද හෙතෙම බයිසිකලයක් පදිමින් තම කුඹුරට ගියේය. අද එතුමා පදිංචිව සිටින්නේ ද ඒ කුඹුරු යාය අද්දරමය. කෘමිනාශක පොහොර යොදා සතුන් මරනවාට විරුද්ධ මේ වෛද්‍යවරයා කාබනික පොහොර යොදා ගනිමින් වී බුසල් 12 ක වපසරියකින් යුතු අක්කර 6 ක කුඹුරක්, කුඹුරට බැස අස්වද්දන්නෙකි. ඊට ගැමියෝ ද උදව් උපකාර කරති. ඒ අනුව ලංකාවේ එකම දොස්තර ගොවියා ද නාමල් ගමගේ මහතා විය යුතුය. පැහෙන කිරි වැදෙන වී කරල් තම කුඹුරේ නැළවෙන කාලයට සකලයන් හඹා යන (කුරුල්ලන් එළවා දමන) මේ දොස්තර ජීවිතය ද නිවැරැදිවම හඹා යන්නෙකි.

    යම් හෙයකින් අඳුරේ කටයුතු කරන්නට බැරියැයි ශල්‍ය වෛද්‍යවරයා කීවානම් එය කෙතරම් බරපතළ ඛේදවාචකයක්දැයි මම ඔඛෙන් අසමි. ජාතීන් අතර සංහිඳියාව ද සුරකින මුස්ලිම් මහතකුගේ ජිවිතය වෙනුවෙන් තම රාජකාරිය අකුරට ඉටුකළ මේ වෛද්‍යවරයාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ ජනගහනය වැඩියි :( ඒකයි ඔච්චර පෝලිමේ ඉන්න වෙන්නෙ දැන්වත් තේරුම් අරං ජනගහනෙ අඩු කරගනිල්ල නැත්තං හැමදාම මෙහෙම විඳෝ විඳෝ ඉන්නයි වෙන්නෙ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    බැටරියක ආලෝක ධාරාවකින්... 05-14-2018 02:58 PM kari ponnaya.thoge puke photo ekakda oya dala

    මොකෙක් හරි අවජාතකයෙක් මේවගේ thread එකක් BUMPකරත් රෙප් කපනවා:angry::angry::angry:
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Dr. නාමල් ගමගේ කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳම thoracic surgeon කිව්වොත් නිවැරදියි. එතුමා සල්ලි වෙනුවෙන් වැඩකරනව නං කොළඹ private තැන්වලට සෙට් වෙලා ලොකු ගානක් හොයන්න තිබුනා. එතුමා සමහර වෙලාවට පාපැදියෙනුත් යනව. ඒ විතරක් නෙමෙයි අවුරුදු ගානකට කලින් මම දන්න ගාල්ලෙ පැත්තෙ අන්කල් කෙනෙකුට වෙනත් cardiologist කෙනෙක් සෑහෙන්න බෙහෙත් ලිස්ට් එකක් දීල තියෙනව. ඒ ලිස්ට් එක ඩොක්ටර් නාමල් ගමගේ ට පෙන්නුවාම හිනාවෙලා ඒ බෙහෙත් ගොඩක් වර්ග අනවශ්‍යයි කියල සලකුණු කරල දීල තියෙනව, එයා තාමත් හොඳින් ඉන්නව. කොළඹ නුවර වගේ පැති වලින් පවා මෙතුමාගෙන් බයිපාස් කරන්න කරාපිටියට එනවයි කියල මමත් අහල තියෙනව, ඒ මෙතුමා ගැන තියෙන කීර්තිනාමය නිසා.
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Dr. නාමල් ගමගේ කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳම thorasic surgeon කිව්වොත් නිවැරදියි. එතුමා සල්ලි වෙනුවෙන් වැඩකරනව නං කොළඹ private තැන්වලට සෙට් වෙලා ලොකු ගානක් හොයන්න තිබුනා. එතුමා සමහර වෙලාවට පාපැදියෙනුත් යනව. ඒ විතරක් නෙමෙයි අවුරුදු ගානකට කලින් මම දන්න ගාල්ලෙ පැත්තෙ අන්කල් කෙනෙකුට වෙනත් cardiologist කෙනෙක් සෑහෙන්න බෙහෙත් ලිස්ට් එකක් දීල තියෙනව. ඒ ලිස්ට් එක ඩොක්ටර් නාමල් ගමගේ ට පෙන්නුවාම හිනාවෙලා ඒ බෙහෙත් ගොඩක් වර්ග අනවශ්‍යයි කියල සලකුණු කරල දීල තියෙනව, එයා තාමත් හොඳින් ඉන්නව. කොළඹ නුවර වගේ පැති වලින් පවා මෙතුමාගෙන් බයිපාස් කරන්න කරාපිටියට එනවයි කියල මමත් අහල තියෙනව, ඒ මෙතුමා ගැන තියෙන කීර්තිනාමය නිසා.

    අනවශ්‍ය බෙහෙත් කියන්නේ ඩෝකාලා සල්ලි ගරන්න ඕනි කමට දෙන වැඩිපුර බෙහෙත්ද බන්? එහෙම දෙන්නෙ මොනවගේ පෙති/කරල් ද​?:baffled::baffled: මට සෙම අමාරුවක් තිබ්බා. හන්දියේ ඉන්න ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තම දෙන්නෙ පෙති ජාති 4-5ක්. ඒත් චැනල් කරලා ගිහින් බෙහෙත් ගද්දි පෙති ජාති 10ක් විතර මටත් දීලා තියනවා බන්.ඒ පෙති වලින් 6ක් 7ක් විතර බීලා නිදා ගත්තම මැරුනා වගේ නින්ද යනවා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,217
    1
    57,270
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැත්කමක් කරන්න ටෝච් ලයිට් එලිය ඇති. ඔන්න අපි වගේ ප්‍රොගැමින් කරන එකෙක් ටෝච් එලියෙන් කෝඩ් කරොත් පත්තරේ දාන්න වටිනව:D
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සැත්කමක් කරන්න ටෝච් ලයිට් එලිය ඇති. ඔන්න අපි වගේ ප්‍රොගැමින් කරන එකෙක් ටෝච් එලියෙන් කෝඩ් කරොත් පත්තරේ දාන්න වටිනව:D

    මොනිටරේ නැතුව කොඩ් කරපන්. එතකොට BBC/CNN NEWSවලටත් උබේ හපන්කම ගැන කියයි
    :D
     
    • Like
    Reactions: topkollek

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    අනවශ්‍ය බෙහෙත් කියන්නේ ඩෝකාලා සල්ලි ගරන්න ඕනි කමට දෙන වැඩිපුර බෙහෙත්ද බන්? එහෙම දෙන්නෙ මොනවගේ පෙති/කරල් ද​?:baffled::baffled: මට සෙම අමාරුවක් තිබ්බා. හන්දියේ ඉන්න ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තම දෙන්නෙ පෙති ජාති 4-5ක්. ඒත් චැනල් කරලා ගිහින් බෙහෙත් ගද්දි පෙති ජාති 10ක් විතර මටත් දීලා තියනවා බන්.ඒ පෙති වලින් 6ක් 7ක් විතර බීලා නිදා ගත්තම මැරුනා වගේ නින්ද යනවා.
    සමහරු බෙහෙත් විතරක් නෙමෙයි ටෙස්ට් වුනත් අනවශ්‍ය විදියට නිර්දේශ කරනව විශේෂයෙන් ඩොක්ටර්ම කරන ඒව. ඔය මෙඩිකල් රෙෆ්ල පොරකාගෙන එන්නෙ ඩෙක්ටර්ස්ල හම්බුවෙන්න. ඖෂධ වෙළඳාම කියන්නෙ ලෝකේ ලාභදායීම ව්‍යාපාර වලින් එකක්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සමහරු බෙහෙත් විතරක් නෙමෙයි ටෙස්ට් වුනත් අනවශ්‍ය විදියට නිර්දේශ කරනව විශේෂයෙන් ඩොක්ටර්ම කරන ඒව. ඔය මෙඩිකල් රෙෆ්ල පොරකාගෙන එන්නෙ ඩෙක්ටර්ස්ල හම්බුවෙන්න. ඖෂධ වෙළඳාම කියන්නෙ ලෝකේ ලාභදායීම ව්‍යාපාර වලින් එකක්.

    මුන්ව තියන්න වටීන්නෙ නැනේ බන්. චැනල් කර කර සල්ලි නාස්ති කරනවට වඩා හන් දියෙ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගන්න එක ලාබායි,
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Doctor Namal Gamage, Nihathamani , Daksha ,Dosthara Mahathek vasayen, Southern Province Popular Doctor keneki.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    Dr. නාමල් ගමගේ කියන්නෙ ලංකාවෙ ඉන්න හොඳම thoracic surgeon කිව්වොත් නිවැරදියි. එතුමා සල්ලි වෙනුවෙන් වැඩකරනව නං කොළඹ private තැන්වලට සෙට් වෙලා ලොකු ගානක් හොයන්න තිබුනා. එතුමා සමහර වෙලාවට පාපැදියෙනුත් යනව. ඒ විතරක් නෙමෙයි අවුරුදු ගානකට කලින් මම දන්න ගාල්ලෙ පැත්තෙ අන්කල් කෙනෙකුට වෙනත් cardiologist කෙනෙක් සෑහෙන්න බෙහෙත් ලිස්ට් එකක් දීල තියෙනව. ඒ ලිස්ට් එක ඩොක්ටර් නාමල් ගමගේ ට පෙන්නුවාම හිනාවෙලා ඒ බෙහෙත් ගොඩක් වර්ග අනවශ්‍යයි කියල සලකුණු කරල දීල තියෙනව, එයා තාමත් හොඳින් ඉන්නව. කොළඹ නුවර වගේ පැති වලින් පවා මෙතුමාගෙන් බයිපාස් කරන්න කරාපිටියට එනවයි කියල මමත් අහල තියෙනව, ඒ මෙතුමා ගැන තියෙන කීර්තිනාමය නිසා.

    :yes::yes::yes::yes::yes: ඔය වගේ දේවල් නිසාම ඒ මනුස්සය ගැන තරහෙන් ඉන්න ඩොකාල කරාපිටියෙ ඉන්නව. allowance,OT ගන්න ඔපරේශන් වැඩිපුර කරනව කියල කතාවකුත් යවල තියෙනව.:dull::dull: එහෙම ගෙවන allowance එකට වඩා වැඩි allowance/OT එකක් දැන් කම්කරුවෙකුත් ගන්නව. මේ වගෙ උතුම් මනුස්සයො රැක ගන්න ඕන.
     
    :yes: