ඉතාලියානුවෝ ලෝක කුසලානය කඳුලින් ඔපදමති

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඉතාලියානුවෝ ලෝක කුසලානය කඳුලින් ඔපදමති

    aaa(18).jpg

    පාපන්දු ලෝක කුසලාන ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයක පමණ කෙටි කාලයකි. තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ලෝකයේ කණ්ඩායම් පෙරුම් පුරන්නේ වසර ගණනාවක මහන්සියක ප්‍රතිඵලයක් ලෙසිනි.

    වසර ගණනාවක පටන් ලෝකයේ පාපන්දු කණ්ඩායම් අතර වැජඹුණු ඉතාලිය 1958 වසරින් පසුව මෙවර ලෝක කුසලානයකට සහභාගී නොවේ. වසර 60 පසුව වූ මේ අවමානය ඉතාලියට දරාගත නොහැකි වේදනාවක් බවට පත්ව ඇත. ලෝක කුසලානයේ උරුමක්කාරයන් වීමට නොහැකි වුවත් ඉතාලි ජාතිකයන් අතර ලෝක කුසලාන බැබෙළෙමින් තිබේ. ඒ වර්තමාන ලෝක කුසලානයේ නිර්මාතෘවරුන් ඔවුන් වන බැවිනි.

    fafa-vvv.jpg

    ඉතාලිය මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවුනත් , ලෝක කුසලානය ඉතාලිය වෙත පැමිණ තිබේ. සෑම වසර 4කට වරක්ම ඉතාලියේ මිලාන් නගරයේ නිර්නාමික ගොඩනැගිල්ලක් තුළ එහි අලුත්වැඩියා කටයුතු කරනු ලබන්නේ එයටම ආවේණික වූ ශිල්පීන්ගේ සහයෝගය ඇතුවය.

    1970 වසරින් පසුව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය අලුත්ම ආකාරයෙන් යුතු පාපන්දු අනුරුවක් නිර්මාණය කිරීම සඳහා රටවල් 7 ක සංචාරයක නියලුණේය. එහිදි විවිධ ශිල්පීන්ගේ නිර්මාණ 53 ක අනුරූ හඳුනා ගැනීමට හැකි විය. නමුත් අවසාන වරට ඉතාලි නිර්මාණ ශිල්පියෙකු වූ සිල්වියෝ ගැසනිගා විසින් නිර්මාණය කරන ලද අනුරුව පාපන්දු ලෝක කුසලානය සඳහා යොදා ගැනීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළේය.

    ජි.ඩි.ඊ. බර්ටොනි නම් කුසලාන හා පදක්කම් නිර්මාණකරු විසින් 70 දශකයේදී සේවකයන් 12 දෙනෙකුගේ සහයෝගය ඇතිව පළමු පාපන්දු ලෝක කුසලානය 1970 දී නිර්මාණය කළේය. නිර්මාණය කරන ලද නවතම ලෝක කුසලානය පළමු වරට බ්‍රසීලය දිනා ගනිද්දී, කුසලානය නිර්මාණය කරන ලද ඉතාලියට එවර අනුශූරතාවයෙන් සෑහීමට සිදු විය.

    “ ආරම්භක ලෝක කුසලානයම නැවත අප වෙත පැමිණෙන විට ඒ පිළිබඳ දැනෙන හැගීම හරිම වෙනස් යැයි ලෝක කුසලාන නිර්මාණ ආයතනයේ වත්මන් ප්‍රධානි වැලන්ටිනා ලෝසා මහත්මිය ප්‍රකාශ කර සිටී.

    “ ඇත්ත මොනාලිසාගේ රුව සහ එහි පිටපත දකිනවාට වඩා වෙනස් හැගීමක් තමයි මෙය දකිද්දි දැනෙන්නේ. මුල්ම කුසලානය තමයි අදත් අප ළඟ තියෙන්නේ යැයි දැඩි හැගීම්බරව ඇය තව දුරටත් පවසා සිටියේය.

    “ ලෝක කුසලාන අනුරුවට මුඵ ලෝකයෙන්ම අනුරූ 53 කට වඩා ඉදිරිපත් වුණා. නමුත් ඒ අතර අපි තමයි හොඳම අනුරුව නිරමාණය කළේ. ඇත්තටම ඒ හැඟීම කියන්න බැරි තරම් යැයි ඇය තව දුරටත් මේ විශේෂ අවස්ථාව පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් පවසා සිටියාය.

    සත්‍ය වශයෙන්ම පාපන්දු ලෝක කුසලානය කෙනෙකුගේ දෑතට ගන්න ලැබේනම් එය භාග්‍යකි. එම අවස්ථාව බර්ටෝනි සමාගමේ සේවකයන්ට ලැබී ඇත්තේ එහි අලුත්වැඩියා කටයුතු සිදු කරන බැවිනි. එය ඔවුන්ගේ රැකියාව වුවත් එවන් අවස්ථාවක් සියල්ලටම හිමි නොවේ.

    “ ඇත්තටම එය වසර 4ක් තිස්සේ ගමන් කරනවා. සුලු හෝ හානියකට පත් වුවොත්, එය නැවතත් අපි තිබූ තත්ත්වයටම ගන්නවා යැයි බර්ටෝනි සමාගමේ සේවය කරන විශේෂ පුද්ගලයන්ගෙන් එක් අයෙකු වන ප්‍රීට්‍රෝ බ්‍රැම්බිල්ලා මහතා පවසා සිටියේය.

    බ්‍රැම්බිල්ලා පාපන්දු ක්‍රීඩාව සඳහා කැමැත්තක් නොදැක්වූ පුද්ගලයෙක් බවත් පසුව පාපන්දු ලෝක කුසලානයේ අලුත්වැඩියා කටයුතු වල දිගින් දිගටම නිරත වීම නිසා පාපන්දු ක්‍රීඩාව සඳහා දැඩි ඇල්මක් ඇති වූ බවත් ඔහු වැඩි දුරටත් පවසා ඇත.

    ජුනි 15 වැනිදා මෙම ලෝක කුසලානය මෙම කණ්ඩායම් 32 අතරින් එක් රටකට හිමිවේ. විශේෂයෙන් නේමාර්, ලයනල් මෙසී, හියුගෝ ලෝරිස්, සර්ජියෝ රමෝස් හෝ මැනුයෙල් නෙයාර් මෙම ලෝක කුසලානය එසවිය හැක. නමුත් කවුරුන් මෙය ලබා ගත්තද තවත් මාස කිහිපයකින් නැවතත් එය ඉතාලිය වෙත එන බව ඔවුහූ දනිති. මේ නිසා වේදනාවෙන් හෝ මෙය අලුත්වැඩියා කර රුසියාවට බාර දීමට ඉතාලියට සිදුව තිබේ.

    සිව් වතාවක් ලෝක පාපන්දු කිරුළ දිනා ඇති ඉතාලියට නැවත ලෝක කුසලානයක පහස විදීමටනම්, 2022 දක්වා බලා සිටීමට සිදුවෙනු ඇත.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ මෙදා පාර ඉතාලිය, නෙදර්ලන්තේ, චිලි, ඇමෙරිකාව එහෙම නෑ නේද?:confused:
    මට නිකමට හිතෙනවා මෙදා පාර ප්‍රංශේ , බෙල්ජියම, එහෙම හොඳ ගේමක් දෙයි
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අඩේ මෙදා පාර ඉතාලිය, නෙදර්ලන්තේ, චිලි, ඇමෙරිකාව එහෙම නෑ නේද?:confused:
    මට නිකමට හිතෙනවා මෙදා පාර ප්‍රංශේ , බෙල්ජියම, එහෙම හොඳ ගේමක් දෙයි
    :yes::yes::yes:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ai italy sellankaranne natte mepara?

    1 Group A

    1.1 Egypt
    1.2 Russia
    1.3 Saudi Arabia
    1.4 Uruguay

    2 Group B
    2.1 Iran
    2.2 Morocco
    2.3 Portugal
    2.4 Spain

    3 Group C
    3.1 Australia
    3.2 Denmark
    3.3 France
    3.4 Peru

    4 Group D
    4.1 Argentina
    4.2 Croatia
    4.3 Iceland
    4.4 Nigeria

    5 Group E
    5.1 Brazil
    5.2 Costa Rica
    5.3 Serbia
    5.4 Switzerland

    6 Group F
    6.1 Germany
    6.2 Mexico
    6.3 South Korea
    6.4 Sweden

    7 Group G
    7.1 Belgium
    7.2 England
    7.3 Panama
    7.4 Tunisia

    8 Group H
    8.1 Colombia
    8.2 Japan
    8.3 Poland
    8.4 Senegal
     
    • Like
    Reactions: inspiron