දකුණේ දරුණු නියුමෝනියා රෝගයක්‌ වැඩිම බලප

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,971
    1,095
    113
    දකුණේ දරුණු නියුමෝනියා රෝගයක්‌ වැඩිම බලප

    දකුණේ දරුණු නියුමෝනියා රෝගයක්‌ වැඩිම බලපෑම දරුවන්ට

    Source : http://divaina.com/daily/index.php/puwath-2/11659-2018-05-15-14-00-94

    ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පසුගියදා පැමිණි රෝගීන් පිරිසකට වැළඳී ඇත්තේ දරුණු නියුමෝනියා තත්ත්වයක්‌ බවත් මේ දිනවල දකුණු පළාතේ එම දරුණු නියුමෝනියා තත්ත්වය පැතිරෙමින් පවතින බවත් ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පැවැසීය.

    මේ සම්බන්ධයෙන් විමසීමේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.

    පසුගිය මාස කිහිපය තුළ හඳුනානොගත් රෝගයක්‌ ලෙසින් පැතිර තිබූ මෙය දැන් උච්ච තත්ත්වයට පත්වෙලා. මාතර, හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් පවා රෝගීන් පැමිණෙනවා. දැනටමත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අප වාට්‌ටුවේ මෙන්ම අනිකුත් ළමා වාට්‌ටුවලත් රෝගීන් සෑහෙන්න ප්‍රමාණයක්‌ සිටිනවා. විශේෂයෙන්ම අවුරුදු 2 ට 3 ට අඩු දරුවන්ට ඒ කියන්නේ ඉපදුණු දිනයේ සිට අවු.03 දක්‌වා දරුවන්ට මේ රෝගී තත්ත්වය බරපතළ බවට පත්වෙනවා.

    මීට මූලික හේතුව වශයෙන් අපේ සියලු වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමෙන් පසු සොයාගෙන තිබෙන්නේ වෛරස්‌ එකකින් ඇතිවන නියුමෝනියා තත්ත්වයක්‌ නොව ඉන්µaලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්‌වලින් ඇති වන නියුමෝනියා තත්ත්වයක්‌ බවයි.

    මෙය වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටත් හැදෙනවා. විශේෂයෙන් අවුරුදු 02 ට අඩු ළමයින්ට දරුණු විය හැකියි. මෙය වළක්‌වා ගැනීම තමයි කළ යුත්තේ. මෙයින් පළමු කාරණය ලෙස නිරෝගී දරුවන් ආරක්‍ෂා කරගත යුතුයි. විශේෂයෙන්ම මේ රෝගය සෑදුණු දරුවන්ගේ අයියලා මල්ලිලා සිටිනවා නම් ඔවුන් මේ රෝගී දරුවන් බැලීමට රෝහලට නොපැමිණිය යුතුයි. මවුපියන් විශේෂයෙන් මගුල් ගෙවල්, දානේ ගෙවල්, ජනයා වැඩිපුර ගැවසෙන ස්‌ථානවලට දරුවන් ගෙන නොයා යුතුයි. කැස්‌ස, හෙම්බිරිස්‌සාව, උණ, පාචන තත්ත්වයන් තියෙන දරුවන් පාසල්, පෙර පාසල් නොයවා හැකි තරම් ගෙදර රඳවා ගන්න. එය නිරෝගී දරුවන්ට කරන උදව්වක්‌.

    ඒ වගේම රෝගීන් බැලීමට එන ප්‍රමාණය අඩු කරගන්න. නිරෝගී පුද්ගලයන් මෙම රෝගීන් බැලීමට පැමිණීමෙන් ඔවුන් රෝගී විය හැකියි. එය අවම කර ගැනීමට අප රෝහලේ අධ්‍යක්‍ෂතුමා ඇතුළු සියලු දෙනාගේ උදව් ඇතිව පැමිණෙන අය පාලනය කර තිබෙනවා.

    ඒ වගේම කාර්ය මණ්‌ඩලය ඇතුළු දරුවන්ගේ දෙමාපියන් ඇතුළු සියලු දෙනාට මුඛ හා නාස්‌ ආවරණ පැළඳවීමට යෝජනා කර තිබෙනවා. රෝගීන් බැලීමෙන් පසු අත සබන් හා රසායනික ද්‍රව්‍ය යොදා සේදීමට පහසුකම් සලසලා තිබෙනවා. මේ සුළු දෙවල් පිළිපැද්දොත් මේ රෝගය පැතිරීම අවම කර ගත හැකියි. එසේම පෙර කී වයසේ දරුවන්ට තද උණ, කැස්‌ස, පාචනය ඇත්නම් ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන ලෙසද ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා ඉල්ලීමක්‌ කරයි.