ආත්ම විශ්වාසය තියෙන ඩයල් එකක් විදියට හෙට &#346

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආත්ම විශ්වාසය තියෙන ඩයල් එකක් විදියට හෙට &#346



    ආත්ම විශ්වාසයක් නැතුව ජීවත් වෙනවා කියන්නෙත් හරියට හෑන්ඩ් බ්‍රේක් ගහගෙන කාර් එකක් එළවන්න හදනවා වගේ වැඩක්. කොච්චර කළත් මග හිටිනවා. ගමනම වාතයි. හැබැයි හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් පරිස්සමට, හොඳ වේගෙකින් වාහනේ එළවගෙන යන්න පුලුවන්.

    ඇත්තටම මොකක්ද මේ ආත්ම විශ්වාසය කියන්නේ? කොටින් හඳුන්වන්න පුලුවන් තමන් ගැන තියෙන විශ්වාසය කියලා. ඒ කියන්නේ යමක් කරන්න, තීරණයක් ගන්න තමන්ට හැකියාව තියෙනවාය කියලා, තමන් වටිනවාය කියලා තමන් ගැන ඇතිවෙන විශ්වාසය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අයගේ ඇතුළේ මේ ආත්ම විශ්වාසය කියන එක බොහොම දුර්වල වීම. හැබැයි ඉතින් ආත්ම විශ්වාසය කියන එක හදාගන්න පුලුවන්, ප්‍රැක්ටිස් කරන්න පුලුවන් දෙයක්. ආන්න ඒ විදියට ආත්ම විශ්වාසය ඇතිකරගන්න කරන්න තියෙන දේවල් කීපයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ




    1. ඇතුළින් එන විවේචනය නවත්වන්න

    Increasing-Your-Self-Confidence-aniwa-01.jpg


    Source – rosesreasonings.blogspot.com
    අපි හැමෝගේම ඇතුළේ ගිරවෙක් ඉන්නවා අපේ වැරදිම කියවන. මේ ගිරවට අපේ හොඳක් පේන්නෙම නෑ. කට ඇරියොත් කියන්නේ “ඔයා වැඩක් නෑ”, “බලන්න අරයා ඔයාට වඩා කොච්චර ඉහළට ගිහිල්ලද, ඔයා තාම මෙතන, “ඔයාට ඕක ඔයිට වඩා හොඳට කරන්න තිබුණෙ නැද්ද?” වගේ ඒවා. තමන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න නම් ඔක්කොටම කලින් මේ ගිරවගේ කට වහන්න වෙනවා. වෙන විදියකට කිව්වොත්, මේ වගේ දේවල් හිතෙනකොට පොඩ්ඩක් නවතින්න. නැවතිලා හිතට කියන්න “ඕක නවත්තපං” කියලා.




    2. සංසන්දනය නරකයි

    Increasing-Your-Self-Confidence-aniwa-02.jpg



    Source – everythinggirlslove.com
    මේකත් ඇත්තටම ඇතුළේ ඉන්න ගිරවා කරන වැඩක්. අපිව වෙන අයත් එක්ක සසඳන එක. අරයාට වඩා මම කෙට්‍ටුයි, අරයාට වඩා මම අඩු ලකුණු, අරය මට වඩා රස්සාවේ ඉස්සරහින්, අරයාට කාර් එකක් තියෙනවා ඒත් මට නෑ… මෙන්න මේ වගේ අරයත් මෙයාත් එක්ක අපිව සංසන්දනය කෙරෙන එක අපිට නවත්තන්න වෙනවා. විශේෂයෙන්ම ඒකෙන් අපිව බොහොම දරුණු විදියට ඩැමේජ් කරන නිසා. මේ හිතුවිලි අන්තිමට නවතින්නේ “අපි මහා වැඩකට නැති, කිසිදෙයක් කරගන්න බැරි මනුස්සයෙක්” කියන හැඟීම ගෙනැල්ලා. අන්න ඒ නිසා සංසන්දනය පටන් ගන්නකොටම හිතට නවතින්න කියලා කියන්න.



    3. තමන් විශේෂ කෙනෙක්ය කියන එක තේරුම් ගන්න

    Source – youtube.com/Ho Gaanaa Pokuna – final Melbourne screening
    මෙන්න මේක අඩු ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් අනිවා හිතලා බලන්න ඕන කාරණයක්. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. ඔයා දොස්තර කෙනෙක්. හැබැයි ලෝකේ ඉන්න එකම දොස්තර ඔයා නෙවෙයි. ඔයාට චිත්‍ර අඳින්න පුලුවන්. ඒත් ලෝකේ ඉන්න චිත්‍ර අඳින්න පුලුවන් එකම දොස්තර ඔයා නෙවෙයි. ඔයා ආදරණීය මනුස්සයෙක්. හැබැයි ලෝකේ ඉන්න චිත්‍ර අඳින්න පුලුවන්, ආදරණීය ගති තියෙන එකම දොස්තර ඔයා නෙවෙයි. හැබැයි එහෙම දොස්තරලා පඳුරකට පයින් ගැහුවහම විසි වෙන තරමටත් නෑ. මෙන්න මේ විදියට අපි හිතාගෙන හිතාගෙන ගියොත් එක තැනකදී ඔයාට තේරෙයි ලෝකේ මේ විදියේ ගතිගුණ, හැකියාවන්, පසුබිම් සංයෝජනය තියෙන එකම කෙනා ඔයාය කියන එක. අන්න ඒ අදහස තරයේ හිතේ තියාගන්න.



    4. හීන එක්ක සැලසුම්


    Increasing-Your-Self-Confidence-aniwa-04.jpg


    Source – construtoradesites.com.br
    අපිට අපි කවදාහරි මාරම සාර්ථක මනුස්සයෙක් වෙනවා කියලා හීන දකින්න ලේසියි. හැබැයි ඒ පාරේ ඇවිදගෙන ගිහිල්ලා ඒ සාර්ථකත්වයට යන එක මාරම අමාරුයි. මොකද ඒකට සෑහෙන්න කැප කිරීම් කරන්න, කට්ටක් කන්න වෙනවා. හැබැයි හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් එතනට යන්න බැරිත් නෑ. ඒ වගේම එතනට යන එක ගැන හිතලා හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගන්නත් බැරි නෑ.

    අපි ගොඩක් වෙලාවට කරන්නේ සාර්ථකත්වය ගැන හීන දකින එක. ඒ කියන්නේ මම සාර්ථක වුනහම මිනිස්සු මට සලකන විදිය, මම ඉන්න විදිය, මට ප්‍රශංසා ලැබෙන විදිය වගේ දේවල් ගැන හීන දකින එක. ඒකේ වරදක් නෑ. හැබැයි ඊට වඩා දෙයක් ගැන අපි හිතන්න ඕන. ඒ තමයි ඒ සාර්ථකත්වය කරා යන විදිය. අන්න ඒ ගමනත් හැම වෙලේම මෙනෙහි කරන්න, සැලසුම් කරන්න ඕන. එහෙම නැතුව සාර්ථකත්වය ගැන විතරක් හීන දැක්කට වැඩක් නෑ. ඒ හීන වලට ෆවුන්ඩේෂන් දාලා ගොඩනඟන්න ඕන.



    5. තමන්ට වරදින්න පුලුවන් කියන එක තේරුම් ගන්න


    Increasing-Your-Self-Confidence-aniwa-05.jpg



    Source – theodysseyonline.com
    සමහරු ඉන්නවා අර නියම පර්ෆෙක්ෂනිස්ට් කියන ටයිප් එකේ. එතකොට වෙන්නේ මේකයි. දෙයක් කරනකොට අර ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ වැ‍රැද්දක් නැතුව ඒක කරන්න ඕන මේ අයට. ඒකේ වරදක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම මනුස්සයොනේ. මනුස්සයෙක් අතින් වැරදි වෙන්න පුලුවන්. ඉතින් අර කරන වැඩේ චූටි මිනිස් වැ‍රැද්දක් වුනත් මේ අය තමන්ටම හරියට වරද පටවගන්නවා. තමන් කිසිම දෙයක් බැරි මොට්ට මෝලෙක් කියලා හිතනවා. අන්න ඒ මනෝභාවයෙන් අනිවා ගැලවෙන්න ඕන. තමන් හැමදේම නූලට සාර්ථකව කරන්න වෙහෙසුනාට කමක් නෑ, ඒක හොඳ ගුණයක්. හැබැයි වැරදුනොත් ඒක පිළිගන්නත් ධෛර්යයක් තියෙන්න ඕන. ඒක ඊලඟ වතාවේ හරියට කරනවා කියලා හිතාගන්න ඕන. එහෙම නැතුව ඒ වැ‍රැද්ද නිසා තමන් ගැන නරකට හිත හිතා ඉන්න එකෙන් කාටවත් පලක් නෑ.




    6. ධෛර්යය දෙන මිනිස්සු ඇසුරු කරන්න


    Increasing-Your-Self-Confidence-aniwa-07.jpg




    Source – youtube.com/Glum: It’s hopeless
    මෙන්න මේක වැදගත් වෙනවා තමන් ගැන ඇතිකරගන්න ආත්ම ධෛර්යයත් වචන නිසා නැතිවෙන එක වළක්වන්න නම්. ඔය අපි ගාව සමහර වෙලාවට ඉන්නවා පාප මිත්‍රයෝ. ඒ අය කියනවා “මම ඔයාගේ හොඳම යාලුවා හින්දා තමයි මලාට හොඳක් ඔයා ගැන කියන්නෙ නැත්තෙ” කියලා. හැබැයි ඇත්තම කතාව තමයි ඒ අය අපේ ළඟ හිටියට සත පහක වැඩක් නෑ විතරක් නෙවෙයි, අපේ හිතට හානියක් වෙන්නේ. ඇයි වැඩක් කරන්න ගියත් කියන්නේ ඕක හරියන්නෙ නෑ කියලා. මොකක් හරි පටන් ගන්නකොට කියන්නේ උඹට ඕක කරන්න බෑ කියලා. ඉතින් ඒ වගේ මනුස්සයෝ ඈත් කරලා ඉන්න එක සෑහෙන්න ඇඟට ගුණයි තමන්ගේ ආත්ම විශ්වාසය හදාගන්න වුවමනා නම්. ඔ‍ෆිස් එකක වුනත් ඉන්න ඒ වගේ අයගේ වචන කණට ගන්න එක අපිට නවත්තන්න වෙනවා.

    හැබැයි පටලවා ගන්න එපා. අවංකවම අපේ දුර්වලතාවයන් විවේචනය කරන මිනිස්සුන්ව ලඟින්ම තියාගන්න. ඒ මිනිස්සුන්ගේ විවේචනයන් අපිට අපේ දුර්වලතාවයන් හදාගන්න සෑහෙන්න වටිනවා.



    7. අනික් හැමෝටම හොඳින් සලකන්න

    Source – buzzfeed.com
    මෙන්න මේක හොඳ ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න අති වැදගත්. ලෝකේ අනික් හැම මනුස්සයෙක්ටම හොඳින්, කරුණාවෙන් සලකන්න. කොටින්ම කියනවා නම් තව කෙනෙක් ඔයාට සලකනවට ඔයා කැමති විදියට ලෝකේ අනික් අයට සලකන්න. මෙන්න මේ ගුණය අපේ වටාපිටාවේ සම්පූර්ණ වෙනසක් සිදුකරාවි. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා කඩේ වේටර් මල්ලිට ගරු සරු ඇතුව කතා කලොත්, ගරු සරුවෙන් සැලකුවොත් අනිවා ඒ මනුස්සයාත් ඒ ගරු සැලකිල්ල දෙගුණයකින් ඔයාට දෙනවා. මෙන්න මේ විදියට ජීවත් වෙනකොට තියෙන හොඳේ මේකයි. එකක් ඔයාට ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. අනික කවුරු ඔයා ගැන මොනවා කිවුවත් ඔයාට ඔලුව කෙලින් තියාගෙන ඉන්න හැකියාව තියෙනවා, මේ ලෝකේ වැඩිදෙනෙක් ඔයාට කැමතියිනේ කියලා හිතලා.
     
    Last edited: