නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි




බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි ( healthy ) ආහාරයක්. එහි එහි කොකෝවා 70% ක් පමණ ඇතුලත් වෙනවා. මේ නිසාම මෙය ඉතාමත් ගුණවත්. තිබෙන ගුණයන් ඔබව අනිවාර්යයෙන් ම පුදුමයට පත් කරනවා නිසැකයි. ඉතින් අපි බලමු මේ චොක්ලට් වලින් ලැබෙන ගුණයන් මොනවද කියලා.



චොක්ලට් වල ෆ්ලොවනොයිඩ්ස් අඩංගුයි

ඔබ දන්නවා ද චොක්ලට් වල අඩංගු වෙනවා සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන Flavonoids කියන සංඝටකය. මෙම සංඝටකය ස්වාභාවිකවම පළතුරු, එළවළු, තේ සහ රතු වයින් වල අඩංගු වෙනවා. මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මෙයට හැකියාවක් තිබෙනවා රුධිර ප්‍රවාහනය වේගවත් කිරීමට සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමටත්.



හෘද රෝග අවදානම අඩු කරනවා

කොකෝවා අන්තර්ගත ආහාර ගැනීමෙන් විශාල ලෙස හෘද සනීපාරක්ෂාව වැඩිදියුණු වෙනවා. එයට හේතුව වන්නේ එහි Flavonoids අඩංගු වීම. හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. මෙහිදී රුධිර කැටි ගැසීම වළක්වා රුධිර පීඩනය අවම කිරීමේ හැකියාවක්ද චොක්ලට් සතුව තිබෙනවා.



කර්ණිකා ක්‍රියාකාරිත්වය සඳහා

ලෝකයේ මිනිසුන් 2.7කට වැඩි පිරිසක් කර්ණිකා ආශ්‍රිත රෝගයන්ට විශාල වශයෙන් බඳුන් වෙනවා. කර්ණිකා ආශ්‍රිතව පවතින රුධිරය කැටි ගැසීම රුධිරය ගමනාගමනය අඩාල වීම වගේ හදවත් රෝගයන්ට මෙම චොක්ලට් හොඳ ප්‍රතිකාරයක්. පර්යේෂණ මඟින් පෙන්වා දෙන ආකාරයට චොක්ලට් බහුලව ආහාරයට ගන්නන් මේවගේ රෝගයන් වෙත බඳුන් වීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි.





ඔබගේ මානසිකත්වය නගා සිටුවයි

අපි චොක්ලට් කන්නේ ගොඩක් වෙලාවට සතුටුදායක මොහොතක් සමරන්න නේද? ඇත්තටම චොක්ලට් වලට හැකියාව තියෙනවා මානසිකත්වය එහෙමත් නැත්නම් අපේ mood එක වෙනස් කරන්න. වඩාත් තද පැහැති චොක්ලට් වල අඩංගු වන රසායනික ද්‍රව්‍යන්ට හැකියාව තියෙනවා ඔබගේ හැඟීම් උද්දීපනයට.





ඔබේ සම රැක ගැනීමට

චොක්ලට් වල අඩංගු Flavonoids වලට හැකියාවක් තියෙනවා ඔබගේ සම හිරු එළියේ පවත්නා UV කිරණයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන් මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වඩාත් තද පැහැයෙන් යුතු චොක්ලට් තමයි. ඒ වගේම චොක්ලට් වලට හැකියාවක් තියෙනවා සම මතු මතු පිටට රුධිරය ගලා ඒම වැඩි කර සමේ තෙතමනය ආරක්ෂා කරන්න. හිරු කිරණින් නිකුත් වන පාරජම්බුල කිරණ වලින් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් මේ චොක්ලට් වලට තියෙනවා.



පානයට ඉතාමත් සුදුසුයි

ඔබ දැනටමත් දන්නවා චොක්ලට් වල අඩංගු කොකෝවා රුධිර වහනයට මනා දායකත්වයක් සපයන බව. ඔබ දන්නවාද චොක්ලට් කැබලි ලෙස ආහාරයට ගන්නවාට වඩා. දියරයක් ලෙස ලබා ගැනීම ඔබගේ ශරීරයට ඉතාම ගුණ දායකයි. සුදු චොක්ලට් වල කොකෝවා අඩංගු නොවන නිසා වඩාත් ශරීරයට ගුණදායක වන්නේ තද පැහැයෙන් යුතු චොක්ලට් පානය කිරීමයි.





ශරීරයේ බර අඩු කර ගැනීමට



බොහෝ දෙනාට ඇති ප්‍රශ්නය අධික තරබාරුව අඩු කර ගැනීම සඳහා ද චොක්ලට් හොඳ විසඳුමක්. තද දුඹුරු පැහැයෙන් යුතු චොක්ලට් වලට හැකියාව තිබෙනවා ඔබගේ ශරීරයේ සීනි ප්‍රමාණය අවම කිරීමට. ඒ නිසා ඔබට පුළුවන් දිනකට කුඩා චොක්ලට් කැබලි 3ක් නැත්නම් 4ක් ආහාරයට ගන්න.



මිලදී ගැනීමට පෙර ලේබලය කියවන්න



වෙනත් ඇසුරුම් කරන ආහාර වර්ග මෙන්ම ඔබ චොක්ලට් මිල දී ගැනීමට පෙර ඇසුරුම කියවීම ඉතාම වැදගත්. ඔබ මිල දී ගන්නා චොක්ලට් වර්ගය අනිවාර්යයෙන්ම කොකෝවා ප්‍රතිශතය වැඩි, සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි චොක්ලට් වර්ගයක් විය යුතුය. ඉතාමත් හොඳ වෙළඳ සන්නාමයක් වීමත් මෙහිදී වැදගත්. සමහර චොක්ලට් වලට අමතරව සීනි, පැණි රසකාරක, කිරිපිටි, තෙල් වගේ දේවල් ද ඇතුලත් කරනවා. මේ නිසා ලේබලය හොඳින් කියවා කොකෝවා බහුල චොක්ලට් වර්ගයක් මිල දී ගන්න.






Source http://thewoman.lk/benifit-of-chocolate-healthy-food/
 
  • Like
Reactions: Utumesh and Djsash

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    TFS

    You have given out too much Reputation in the last 24 hours, try again later ලු
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    පැණිරස කෑමෙන් පමණක් දියවැඩියාව හැදෙන්නේ නෑ මන් හිතන්නේ