පොලිසියට එරෙහිව මාස හයට පැමිණිලි 625ක්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    පොලිසියට එරෙහිව මාස හයට පැමිණිලි 625ක්

    පොලිසියට එරෙහිව මාස හයට පැමිණිලි 625ක්

    2DDFE0FC00000578-3293493-image-a-30_1446045987862.jpg


    පොලිසියට එරෙහිව ජාතික පොලිස් කොම්ෂන් සභාව වෙත මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළ පැමිණිලි 625 ක් ලැබී ඇතැයි
    එම කොමිෂන් සභාව සඳහන් කරයි.

    මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි 31 වැනි දා දක්වා ලැබී ඇති මෙම පැමිණිලි වලින් 264 කට විසදුම් ලබාදී ඇති බවත්,
    පැමිණිලි 361 කට අදාළව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවත් ජාතික පොලිස් කොම්ෂමේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

    වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පොලිසිය නිසි අයුරින් ක්‍රියා නොකරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 173කි.

    පක්ෂාග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණීලි 91ක්, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීම් සම්බන්ධයෙන් පැමිණිලි 42ක්, පහරදීම්
    සම්බන්ධයෙන් පැමිණිලි 15ක්, වධහිංසා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 02ක්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 05, පොලිස් අත්අඩංගුවේදී
    මියයාම් සම්බන්ධයෙන් පැමිණිලි 02ක්, අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ වෙනත් පැමිණිලි 45ක් ලෙස පොලිසියට එරෙහිව
    පැමිණිලි ලැබී ඇති බවද එම උසස් නිලධාරියා කීවේය.

    Source

     

    Similar threads