කතාකරන ගෝරිල්ලා "KOKO"
මනෝවිද්‍යාව පිළිබඳව උපාධිදාරිනියක් ලෙස ඇමෙරිකාවේ Stanford විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගන්නා 24 හැවිරිදි Penny Patterson පසුව ඇයගේ ආචාර්ය උපාධියෙහි කටයුතු සත්ව මනෝවිද්‍යාව ආශ්‍රයෙන් හැදෑරීමට
තීරණය කරනවා. එම කාලය තුල විශේෂයෙන් ඇමෙරිකාව හා ලෝකයේ තවත් රටවල් ගණනාවක් මිනිසා සහ විවිධ වර්ගයේ සතුන් අතර අන්තර් සන්නිවේදන සම්බන්ධතා ගොඩ නැගීමේ පර්යේෂණයන්වල නිරත වීම සිදුකරනු ලබනවා. එහිදී එවැනි පර්යේෂනයන් ලෝකයේ විප්ලවීය වෙනසක් ඇති කරන්නට සමත් වන අතර Penny Patterson ද මෙම පර්යේෂනයන් කෙරෙහි දැඩි කැමැත්තක් දැක්වුවා. පර්යේෂණයන් අතර ප්‍රිමාටාවන් (Primates) එනම් ගෝරිල්ලන්,චිම්පන්සීන්,වඳුරන් වැනි සතුන් යොදාගනිමින් සිදුකල පර්යේෂණ වඩාත් ප්‍රතිපලදායි මට්ටමක පැවතිය. එම හේතුව නිසාවෙන්ම ඇයගේ ආචාර්ය උපාධියෙහි වයාපෘතිය සඳහා මාතෘකාව කරගන්නේ කුඩා ගෝරිල්ලා පැටවෙකුට "හස්ත සංඥා භාෂාව" (Hand signs) ඉගැන්වීමයි.
(Penny Patterson තරුණ අවධියේදී)
මේ අනුව 1971 අවුරුද්දේ Penny Patterson තමන්ගේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන අතර එහිදී ඇයට ඇමෙරිකාවේ San-Francisco සත්වෝද්‍යානයේදී එම වර්ෂයේම ජූලි මස 04 වන දින උපත ලබා සිටි කුඩා ගෝරිල්ලා ධේනුවක් සත්වෝද්‍යාන බලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ Penny හට භාරකෙරෙනවා. ඇය නමින් "KOKO"නම් විය. විද්‍යා පර්යේෂණයක් ලෙස වසර 4ක පමණ කාලයකට KOKO ව තමන් භාරයේ තබාගන්නට Penny මුලින් සිතුවත් එය දශක 4කට වඩා කාලයක් දක්වා දීර්ඝ වේ යැයි ඇය මුලින් නොසිතන්නට ඇති. එතැන් සිට ආරම්භ වන Penny සහ KOKO ගේ සම්බන්ධතාවය ආදරය,කරුණාව,සතුට,දයානුකම්පාව,කැපවීම වැනි ගුණාංග මෙන්ම විටෙක මතභේද,දුක්විම,වැළපීම වැනි හැගීම් සමුදායක් කැටිකොට ගත් අසම්ප්‍රදායික බැඳීමක් බවට පත්වන්නේ මුළු මහත් ලෝකයාගේම අවධානය දිනාගනිමිනි.
තම වියාපෘතිය ආරම්භ කරමින් Penny පළමු වසර දෙක San-Francisco සත්වෝද්‍යානයේ සිට Koko හට හස්ත සංඥා ඉගැන්වීමේ කටයුතු සිදු කරනවා. ඉන්පසුව 1974 වර්ෂයේදී සත්වෝද්‍යාන බලධාරීන්ගේ විශේෂ අවසරයක් ඇතිව Koko ව Penny විසින් තම වාස භුමිය වූ Stanford වලට රැගෙන යනු ලබනවා.එතැන් සිට සිදුවූ විශේෂ සිදුවීම් නිසාවෙන් Koko ලෝක ජනතාවගේ අවධානය දිනා ගන්නවා.
Koko තම ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් California ජනපදයේ Woodside ප්‍රදේශයේ ගෝරිල්ලා පදනමට (The Gorilla Foundation) අයත් Santa Cruz Mountains සතුන් වෙනුවෙන් සංරක්ෂිත ප්‍රදේශයෙහි වාසය කරනවා. එහි ඇය වෙනුවෙන්ම වෙන්කරන ලද නිවසක Penny ගේ රැකවරණය හා ආදරය ඇතිව හස්ත සංඥා (hand signs ) ඉගෙනීමේ කටයුතු වල නිරත වන්නට Koko හට සිදු වනවා..
දිනෙන් දින ඉතා දක්ෂ ලෙස Koko එම අධ්‍යන කටයුතු වල නිරත වූ බව Penny කියා සිටිනවා. ඇය
පවසන ආකාරයට Koko හට හස්ත සංඥා (hand signs ) 1000 කට වැඩි ප්‍රමාණයක් හා ඉංග්‍රීසි වචන 2000 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව මනා අවබෝධයක් පැවති බවත් Penny සමඟ සන්නිවේදනය කිරීමේදී Koko ඉතා දක්ෂ ලෙස එම හස්ත සංඥා හා ඉංග්‍රීසි වචන වලට ප්‍රතිචාර දක්වන බවත් Penny කියා සිටිනවා. Penny වාර්තා කරන ආකාරයට මානවයා හැර අනෙකුත් ප්‍රිමාටාවන් සන්නිවේදනය කරන ආකාරයන්ට හාත්පසින්ම වෙනස් වූ අතිශය දියුණු සංකීර්ණ සන්නිවේදන හැකියාවක් Koko වෙතින් නිරුපණය වෙනවා.උදාහරණ ලෙස Koko හට යම් වස්තුවක් තමන් ඉදිරියේ නොපැවතියත් ඒ සම්බන්ධව හස්ත සංඥා මගින් ප්‍රකාශකොට එම වස්තුව කුමක්ද යන්න හදුන්වාදීමේ හැකියාව වර්ධනය වී තිබු බව Penny සඳහන් කරනවා. එමෙන්ම කන්නාඩියක් ඉදිරියේදී තම ප්‍රතිබිම්බය තුලින් ඒ සිටින්නේ තමන් යැයි හඳුනා ගැනීමටද Koko දක්ෂ වී තිබෙනවා .තවද "මුඳුව" යන වචනය Penny කවර දිනකවත් Koko හට උගන්වා නොතිබූ අතර Koko විසින් මුද්දක් අර්ථ දැක්වීම සඳහා කලින් උගන්වා තිබු "finger" සහ "bracelet" යන වචන වලට අදාළ සංඥා භාවිතා කොට මුද්දට අර්ථයක් දෙන්නට උත්සහ කර තිබෙනවා.
The Gorilla Foundation හි පර්යේෂකයන් පවසන ආකාරයට Koko විසින් 1983 වර්ෂයේ නත්තල් කාලයේදී ඇය හට කුඩා බළල් පැටවකු අවශ්‍ය බව හස්ත සංඥා වලින් නිරුපනය කොට තිබෙනවා.එහිදී පර්යේෂකයන් ඇයට පුළුන් පිරවූ සත්වයෙක්ගේ සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නද ඇය එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ අනුව 1984 වර්ෂයේදී Koko හට බළල් පැටවෙකු තෑගි ලැබෙන අතර Koko විසින් එම බළල් පැටවා ඉතා ආදරයෙන් සෙනෙහසකින් තම දරුවෙකු මෙන් රැක බලා ගත් බව පර්යේෂකයන් සඳහන් කරනවා. එම වර්ෂයේම දිනෙක එම බළල් පැටවාගේ මරණය සිදුවන අතර එයින් දැඩි ලෙස Koko කම්පාවට පත්වන බවත් හස්ත සංඥා මගින් තම වේදනාව පෙන්වා දුන් බවත් Penny පවසනවා.
මෙම සිදුවීම ලොව පුරා ජනතාවගේ අවධානය දිනා ගැනීමට සමත් වුයේ national geographic සඟරාවෙහි මුල් පිටුවේ Koko සහ ඇයගේ බළල් පැටියාගේ චායාරුපයක් පළවීමත්, ඒ වගේම Penny විසින් koko's kitten නමැති ග්‍රන්ථය රචනා වීමත් එය කුඩා දරුවන් අතර වඩා ජනප්‍රිය වීමත් සමගයි.
මෙලෙස දැඩි ලෙස බළල් පැටවුන් හට ඇල්මක් දක්වන Koko හට ඉන්පසුව කාලයෙන් කාලයට ඇයට තෑගී ලෙස බළල් පැටවුන් හිමිවන අතර ඔවුන් සමඟ සිටීම Koko හට සතුට දනවන කාරණයක් බවට පත් වෙනවා. Koko විසින් ඔවුන්ව ඉතා සියුම් ලෙස පිරිමදිමින්, ඔවුන්ට නොරිදෙන ලෙස තම දරුවන් මෙන් රැක බලාගත් ආකාරය ඇය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති Video දර්ශනයන් වලින් මනාව පිළිඹිබු වෙනවා.
Koko සම්බන්ධයෙන් වාර්තාමය වැඩසටහන්ද සිදුවන අතර ඇයගේ හැකියාවන් අතර චිත්‍ර ඇඳීමේ හැකියාවද විශේෂ වෙනවා. ඇය තම චිත්‍ර වලට හස්ත සංඥා භාවිතා කරමින් විවිධ වූ නම්ද ලබා දී තිබෙනවා.එමෙන්ම ඇය Electronic Keyboard එකක් වාදනය කරන Video පටයක්ද අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.
Penny Patterson තමන්ගේ මුළු ජීවිත කාලයම The Gorilla Foundation හි පුරෝගාමී චරිතයක් ලෙසට අදටත් මෙම සතුන්ගේ සුභසිද්ධිය උදෙසා බොහෝ කටයුතු සිදු කරමින් සිටිනවා. ඇයගේ ජීවිතයේ හොඳම මිතුරිය බවට පත්වන්නේ KOKO යි. Penny තමන්ගේ දෛනික ජිවිතයේ වැඩි කාලයක් ගතකලේද KOKO සමඟයි. KOKO ත් තමන්ගේ ජීවිතයේ සතුට විඳින්නේ Penny සමඟ සිටින විටයි. මේ බැඳීම දකින The Gorilla Foundation හි අනෙකුත් පර්යේෂකයන් කියා සිටියේ Penny නොමැති වූ දිනක KOKO කෙසේ හැසිරෙයි දැයි සිතාගත නොහැකි බවයි.
කෙසේ නමුත් 2018 ජූනි මස 19 වන දින The Gorilla Foundation හිදී වයස අවුරුදු 46ක් වූ KOKO නින්දේදීම තම අවසන් හුස්ම හෙලා තිබුනා.මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් The Gorilla Foundation හි පර්යේෂකයන් කියා සිටින්නේ KOKO ගේ ජීවිතය තුලින් ගෝරිල්ලවන්ගේ සංවේදීතාවය පිළිබඳව බොහෝ දේ උගත් බවත් ඔවුන්ගේ සංජානනීය හැකියාවන් තව තවත් වර්ධනය වෙමින් අනාගත ලෝකයට ඔවුන්ගේ දියුණු මට්ටමේ හැඩගැසිමක් බලාපොරොත්තු විය හැකි බවයි.
KOKO සහ Penny පිළිබඳව සම්පුර්ණ වාර්තා වැඩසටහනක්
මුලාශ්‍රයන් : - https://en.wikipedia.org/wiki/Koko_(gorilla)
http://www.koko.org/
https://www.youtube.com/user/kokoflix
https://nypost.com/2018/06/21/how-koko-forever-changed-the-way-we-think-about-gorillas/
අඩුපාඩු ඇති...මෙතන විස්තරයක් දාන්න හිතුන නිසා පොඩි try එකක් දුන්නේ.. දීලා තියෙන මුලාශ්‍ර වල ගොඩාක් තොරතුරු තියෙනවා.

හොදයි නම් මට Rep පාරකුත් දාලා යන්න 

කතාකරන ගෝරිල්ලා KOKO

Last edited: