මචංලා උඹලා ඵහෙම Construction company වලින් ගෙවල් හදන්න ඵපා.අපේ ගේ හදන්න දුන්නා ඵකකට.estimate කරපු ගාණ ගෙව්වා.මුන් මුල් ටික හොඳට කරා..අන්තිමට ගේ කම්ප්ලීට් කරනව කියලා කියපු දවසේ ගේ දුන්නෙ නැහැ.මාස දෙකක් පහු වෙලත් ගේ වැඩ ඉවර නැහැ..දැන් කියනවා ගෙට estimate කරාට වඩා ගාණක් ගියාලු.අපි බැරිම තැන ගෙට ගෙවදුනා..කුස්සියට පැන්ට්‍රියක් නැහැ තාම.පැන්ට්‍රියට ලක්‍ෂ 3ක් යනවලු.estimate කරන කොට ඒක දාන්න බැරි උණාලු,ඒ කියන්නේ ඒක අපිට දෙන්න කියලනේ..යකෝ ගෙයක් කම්ප්ලීට් කරනවා කියන ඵකේ තේරුමවත් දන්නේ නැති උන්ද construction company කරන්නේ.දැන් ලක්‍ෂ 65කට වඩා ගිහින් තියෙනවා.දැන් කියනව ඊට වඩා ඵයාට වියදම් උණාලු..ස්ලැබ් ඵක waterproof කරන්න වෙනම ගෙව්ව.දොර ජනෙල් වල තාම හරියට පේන්ට් ඵකක් ගාලා නැහැ.වහිනකොට සමහර තැන් වලින් ලීක් වෙනවා.ඵහෙන් උන්ගේ ලී ගොඩවල් කුණු ගොඩවල් වත්‍ත පුරාම..දැන් උන් ඵන්නෙ නැහැ.කථා කරහම ඵක ඵක ඒවා කියනවා ඉතුරු වැඩ ටික කරන්න ඉක්මනටම ඵන්නම් කියනවා..තව මාසයක් බලලා කම්පණි ඵකේ නම මම දාන්නම්..පව් කියලා තාම ඉවසන්නේ..අපේ හිත හොඳ උනහම තමා මේ ඔක්කොම.අපි මහන්සි වෙලා හොයන සල්ලි වලින් ගෙයක් හදන්නේ මෙහෙම දේවල් වෙන්නද.මහ ජරා මිනිස්සු..උඹල ඵහෙම අහුවෙන්‍න ඵපා..
Last edited:






