වංගෙඩි නඩුව - ක්‍රිකට් ක්‍රීඩක සතාසිවම් ඝš
වංගෙඩි නඩුව හෙවත් සතාසිවම් ඝාතනය
සතාසිවම් ඝාතනය ගොඩක් අය දන්නේ වංගෙඩි මිනීමැරුම විදියට. ඒකට හේතුව තමයි, මේ මිනීමැරුමට අන්තිමට වරදකරු වුණේ ගරාජයේ තිබුණු වංගෙඩියක් වීම.
මහාදේවන් සතාසිවම් කියන්නේ ලංකාවේ ඉඳපු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ බිරිඳ වුණු ආනන්ද රාජේන්ද්‍ර, බොහොම සුරූපී කාන්තාවක්. මේ දෙපළ ඒ වෙද්දී පුංචි දියණියන් දෙන්නෙක්ගේ දෙමාපියන් බවට පත්වෙලා හිටියා.
මේ කතාව ආරම්භ වෙන්නේ සතාසිවම් බිරිඳගේ මළකඳ ඔවුන්ගේ නිවසේ ගරාජයක් තුළ තිබී හමුවීමෙන්. ඇගේ සිරුරේ තුවාල දකින්න ලැබුණත්, මේ මරණයට හේතුව මොකද්ද කියන එක ගැන වටහාගන්න පුළුවන් විදියේ සාක්ෂියක් දැකගන්න පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඇගේ සියලුම රත්තරන් බඩු අතුරුදහන් වී ඇති බව ඔවුන් වටහාගත්තා.
බිරිඳගේ මරණය පිලිබඳ සැකය කෙලින්ම එල්ල වුණේ මහාදේවන් සතාසිවම් මහතා වෙත. ඒකට හේතුව සතාසිවම් දෙපළ තමන්ගේ විවාහයට තිත තබන්න, එහෙමත් නැත්තන් දික්කසාද වෙන්න තීරණය කරන තිබීමයි. දික්කසාද නඩු දමා තිබියදීත් සතාසිවම් මහතා නිවසට යන්න එන්න පුරුදු වෙලා සිටියා. මේ මරණය සිදු වුණු දවසට කලින් රැයත් ඒ වගේ දවසක්. මේ මරණය කොහොම සිද්ධ වුණාද යන්න පැහැදිලි නැතත්, ගෙදර මෙහෙකරු විදියට ඉඳපු දහනව හැවිරිදි විලියම්ගේ අතුරුදහන් වීම විශාල සැකයක් ඇති කරන්න සමත් වුණා. මාතර පොලිසිය දියත් කරපු පරීක්ෂණවලදී ඔහුව හොයාගන්න ලැබුණේ හුංගම පැත්තේ ගෙදරකින්. අත්අඩංගුවට පත් වුණු විලියම් පැවසුවේ රෙජිනා සතාසිවම් මහත්මියව ඝාතනය කලේ ඔහුත්, සතාසිවම් මහතාත් බවයි.
සතාසිවම් මහතා තමන්ගේ බිරිඳගේ ගෙල පයින් පාගා මරා දමද්දී උගුරු දණ්ඩ කැඩෙන ශබ්දය තමන්ටත් ඇසුණු බව විලියම්ගේ සාක්ෂියේ සඳහන් වුණා. ඒත් මේ ගැන පරීක්ෂණ පවත්තපු අධිකරණ වෛද්‍ය විශාරද සර් සිඩ්නි ස්මිත් මහත්මයා පැවසුවේ උගුරු දණ්ඩක් කැඩී යද්දී ඒකෙන් පිටතට සද්දයක් නොදැනෙන බවයි. ඒ වගේම, විලියම් කියපු වෙලාවට වඩා, පැයකට හමාරකට වගේ කලින් මේ මරණය සිදු වෙලා තියෙන බවත්, ඔහු නිශ්චය කළා. ඒ විතරක් නෙවෙයි, සතාසිවම් මහත්මිය මිය ගිය දවසේ උදේ සතාසිවම් මහත්මයා ගෙදරින් පිටවෙලා තිබුණේ උදේ 11ට විතර. ඒ නිවසටම ගෙන්වාගත්ත ටැක්සියකින්. සතාසිවම් මහත්මිය ඒ වෙද්දීත් ගෙදර දොර ළඟ ඉඳපු බවට ඒ ටැක්සි රියදුරා සාක්කි දීලා තිබුණා. ඒත් එදා උදේ ඇය තමන්ගේ නීතිඥවරයා අමතපු වෙලාවත් එක්ක, මේ සාක්කියත් පිළිගත නොහැකි එකක් වුණා. කෙසේ නමුත්, විලියම් කියපු විදියටම, රත්තරන් බඩු ටික හොයාගන්න ලැබුණේ වැල්ලවත්ත පැත්තේ උකස් කඩේකින්.
මේ වගේ ගැටළු රාශියක් මේ ඝාතන නඩුව තුළ තිබුණා. නීතියෙන් හෝ සාක්ෂිවලින් ඔප්පු නොවුණත්, සමාජයේ බොහොමයක් දෙනාගේ මතයක් වුණේ, විලියම් මේ ඝාතනය කරපු බවයි. තමන්ගේ ස්වාමිදුවට බලහත්කාරකමක් කරන්නට යාමේදී සිදු වුණු පොර බැදීමකින් අනතුරුව, ඇයව ඝාතනය කරන්නට ඇති බවත්, ඉන්පස්සේ ඇගේ සිරුර මතට වංගෙඩිය අතහැර පැන යන්නට ඇති බවත් මේ අය විශ්වාස කළා. සාක්කිවල තිබුණු ගැටළු නිසා, අදටත් මෙහි මිනීමරුවා කවුද යන්න හඳුනාගෙන නැහැ.
උපුටා ගැනීම - yamu.lk
රූපවාහිනී වාර්ථා වැඩසටහන
මේ ඝාතන ආණ්ඩුව ගැන මේ දවස් වල ITN එකේ documentry drama එකක් විකාශය වෙනවා. ඒකෙ පැහැදිලිව පෙන්නනවා එකිනෙකා දීපු සාක්ෂි මත නඩුව ඇදුන විදිහ. තාම කොටස් දෙකයි ගියේ
හැම සිකුරාදාම රෑ 9.00ට යන්නේ
මෙතෙක් විකාශය වූ කොටස්-
ep1
ep2

Last edited: