පෙනහළු තුළ ඇති සෙම ඉවත්කර කැස්ස සුව කරන ස්&#35

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    පෙනහළු තුළ ඇති සෙම ඉවත්කර කැස්ස සුව කරන ස්&#35

    කැස්ස කියන්නේ නිතර සමාජයේ දක්නට තියෙන සෞඛ්‍ය ගැටළුවක්. දෙසැම්බර් ජනවාරි වගේ සීතල කාලවලදී මේ තත්වය බහුලව දකින්න පුළුවන්. මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයාලට මේ ප‍්‍රතිකර්මය ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්. ඒ වගේම මේ පානය බාල මහලූ ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්.
    මේ පානය හදන්න හදන්න ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නේ කැරට්. කැරට් කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනුන එළවළුවක්. ඒ වගේම කැරට් අධි රුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්. ඔයා මේ එළවළු උයල කනවට වඩා ජූස් එකක් විදිහට බොන්න පුලූවන්නම් තමයි වඩා ගුණ දායක. මොකද ජුස් එකක් විදිහට පෝෂ්‍ය කොටස් කොටස් සංකේන්ද‍්‍රණය වීම වැඩි නිසා.
    කැරට් වල තියෙන සෞඛය ප‍්‍රතිලාභ

    *ප‍්‍රතිශක්තිය වර්ධනය හා හදවත රුධිරවාහිනී පද්දතියේ ක‍්‍රමවත් ක‍්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම

    *ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම අවම කිරීම

    *පිළිකා ඇතිවීම වැලක්වීම

    *සම මත කුරුලෑ හටගැනීම පාලනය කිරීම විටමින් A බහුල ආහාරයක් වීම( මේ විටමින් ඔයාට පැහැපත් සමක් ලබාදෙනවා)

    *සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීම

    *ආහාර ජීරණය පහසු කරවීම

    දැන් අපි බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියල
    උවමනා දේවල්

    කැරට් කිලෝ භාගයයි
    පිරිසිදු මී පැණි මේස හැදී 4ක්
    ජලය

    සකස් කර ගන්නා ආකාරය

    මුලින්ම කැරට් ටික හොදින් පිරිසුදු කරගෙන කුඩා කෑලි වලට කපාගන්න ඕන.

    ඊට පස්සේ කැරට් කැලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න ඕන. තම්බ ගත්තු වතුර ටික විසි කරන්න එපා.
    එහෙම තම්බගත්තු කැරට් කෑලි ටික අරන් බ්ලෙන්ඩර් එකකට දාල ජුස් එක හදාගන්න ඕන.
    ඊළ ට අපි කලින් කැරට් තම්බන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාල ඒකටම මී පැණි ටිකත් එකතු කරගන්න.

    දැන් අපි හදාගත්ත කැරට් තලපය ඒකට එකතු කරගෙන හොදට කවලම් කරගන්න.
    ඔන්න අපි කැස්ස සුවකර ගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශිතකරණයක තියන්න අමතක කරන්න එපා.ඔයා හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕන. දවස් 2ක් ඇතුලත ඔයාට සහනයක් ලැබේවි. මේ බේත ඔයාගේ පෙනහළුවල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙන දෙවි .

    අනිත් දේ තමයි ඔය ගෙදරදීම හදාගන්න මේ බෙහෙත වෙනත් බෙභෙත් වට්ටෝරු හා ඖෂධ වලට වඩා ආරක්ෂාකාරී වගේම අතුරු ආබාධ වලින් තොරයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කැරට් ජූස් හහ්
    කැරට් අලයක් දැක්කෙ නෑ මාතියා අවුරුද්දකින් විතර
    මී පැණීත් එහෙමයි :confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැරට් 500 රුපියල් 250 යකෝ :dull::dull:

    කැරට් ජූස් හහ්
    කැරට් අලයක් දැක්කෙ නෑ මාතියා අවුරුද්දකින් විතර
    මී පැණීත් එහෙමයි :confused:


    ඩිශුම්....

    රනිල් මාමි කැරට්....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ කියන විදියට කලොත් පෙනහළු වල සේම අය්න් වෙනවද ?

    කැස්සත් වර්ග දෙකක් තියෙනවනේ ?

    කියන තරම් වැඩේ ෂුවර්ද ?

    ටෙස්ට් කරපු අය ඉනවද ?
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    යකෝ ඕක ශීතකරණයේ තියල බිව්වම තිබ්බ සෙම ටිකත් වැඩිවෙයි බොල.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,066
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හා හා හරි හාවා :lol:

    bugs-bunnyreclining-499x367.jpg