mi Band 3 - රැඩිකල් රිවීව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mi Band 3 - රැඩිකල් රිවීව්

    දැන් මාසෙකට විතර කලින් අවුරුදු තුනක් විතර පාවිච්චි කර කර හිටපු
    යාලුවෙක්ගෙන් ගිෆ්ට් එකකට හම්බ උන ඔරලෝසුව වැඩ නැතුව ගියා,
    හදන්න බැහැ කියලා කඩෙන් කිව්වා, පස්සෙ ඔරලෝසුවකුත් එක්ක ෆිට්නස් බෑන්ඩ්
    එකකුත් හොය හොය ඉද්දි ගොඩක් අයගෙ රිවීව් එක්ක mi Band 3 එක ගන්න හිතුවා..
    මම ජිම් යන නිසා ඒ දේවල් මොනිටර් කරන්නත් එක්ක මට ෆිට්නස් බෑන්ඩ් එකක් ඕන උනා..
    මම ගත්තේ Xiaomi Online Store එකෙන්.. උන්ගේ බඩු ජෙනුයින් ශුවර් කරලා ගන්න පුළුවන්..
    මේ තමයි ලින්ක් එක : https://www.aliexpress.com/item/Glo...628.html?spm=a2g0s.9042311.0.0.21994c4dY2KIQK
    මට මේකට ගියේ රුපියල් වලින් 4338.96 යි,
    දවස් 15ක් විතර ගියා එන්න, සමහර උන්ට නම් දවස් 8න් ඇවිල්ලා තිබ්බා..
    මම මේක ගන්න තව හේතුවක් තමයි මම පාවිච්චි කරන්නෙත් mi ෆෝන් එකක්..
    ඒ ඇතිවෙච්ච විශ්වාසෙත් එක්ක උන්ගෙම ඇප් එකක් එක්ක සෙට් වෙන නිසා මේක ගත්තා..
    ඕනම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට ඒ ඇප් එකේ හැම ෆීචර් එකක්ම වැඩ කරනවා..
    පාවිච්චි කරපු ටික දවසත් එක්ක කියන්න පුළුවන් මේක..
    ගාණට පට්ට වටිනවා..

    SVmpuMh.jpg


    jaZzQCZ.jpg


    okP9BJH.jpg


    fStfUQe.jpg



    බැටරි ලයිෆ් සුපිරි..
    ඕන කරන හැම දෙයක්ම වගේ තියෙනවා
    හාට්‍ රේට්/ ස්ටෙප්ස් / කැලරි/ ස්ටොප් වොච් / එලාම්
    කෝල්/ මැසේජ් එනකොට වයිබ්‍රේට් සහ නෝටිෆිකේශන් දෙනවා,
    ෆෝන් බුක් එකේ තියෙන නම පෙන්නනවා
    මැසේජ් එක පෙන්නනවා..
    වෙදර් (කාලගුණය) පෙන්නනවා
    අපිට ෆෝන් එක තියෙන තැන හොයාගන්න පුළුවන්..
    අපේ වර්ක් අවුට් මොනිටර් කරන්න පුළුවන්

    තව ගොඩක් දෙවල් තියෙනවා.. බෑන්ඩ් එක ලග තියෙනකොට ෆෝන් එකේ කෝඩ්/ පැටන්
    ගහන්නෙ නැතුව අරින්න පුලුවන්, අනික අපි ගොඩක් වෙලා එක තැන වාඩිවෙලා ඉන්නවා නම්
    අපිට වෝනින් එකක් දෙනවා පොඩ්ඩක් නැගිටලා අතපය දිග ඇරලා එන්න කියලා..
    අපේ නින්දත් මොනිටර් කරනවා, අපි කොච්චර නිදාගත්තද? තද නින්ද කොච්චරයිද?
    දඟලන අඩ නින්ද කොච්චරයිද වගේ දේවල්..
    එලාම් එකත් වයිබ්‍රේට් වෙනවා.. අපිට ඩූ නොට් ඩිස්ටර්බ් දෙනන් පුළුවන් රෑට නෝටොෆිකේශන්
    එන්නේ නැති වෙන්න..

    ඔන්න ෆුල් රිවීව් එකක් දැම්මා..
    කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙනව නම් බම්ප් එකක් දාන්න..
    මේ ගැන ප්‍රශ්න තියෙ නම් අහන්න
    ජය වේවා
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    matat ganna asa hituna. papyal eke salli wagayak iturui. trust karanna puluwan ebay link ekak diyanko


    ඊබේ එකේ ෂයොමි ඔන්ලයින් ස්ටෝර් එකක් නැද්ද බං..
    මම හොයලා බලලා ලින්ක් එකක් දෙන්නම්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere

    ඊබේ එකේ ෂයොමි ඔන්ලයින් ස්ටෝර් එකක් නැද්ද බං..
    මම හොයලා බලලා ලින්ක් එකක් දෙන්නම්


    ebay eke nan nadda koheda bn
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මචන්, මටත් ඊයේ තමා අලි එකෙන් order එක ගෙදරට ආවේ.
    අද තමා පාවිච්චි කරන්න ගත්තේ.
    Notification පෙන්වන එක නම් මාර වටිනවා.
    ඒත් මට අද දවසේ විතරක් පාවිච්චි කරපු ටිකෙන් ප්‍රශ්න ආවා. :(:(

    මං අද TRAIN එකේ යද්දිත් steps count වෙලා. මම Train එකේ ඉද්දිත් සැරෙන් සැරේ බැලුවා. කොහොමහරි මං අද වැඩිය ඇවිදින්නේ නැතුවම 8000 steps ගිහිල්ලා:shocked::shocked:

    අනිත් එක Heart rate Accuracy අඩුයි වගේ.
    දැන් check කරලා තත්පර 20 ක් වගේ ඉදලා ආපහු බලද්දි result එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කලින් 65bpm තිබුණ එක ආයේ බලද්දි 85bpm වගේ.

    ඒක තමා අද දවසේ අත්දැකීම...

    ඔයාගේ Experience බෙදා ගත්තටත් බොහොම ස්තූතියි...
     
    Last edited: