ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

    පහුගිය කාලෙම එලකිරියෙ ගෙවල් හදන ත්‍රෙඩ් එකක් කොහෙද මම එතන ඇති, මොකද මමත් ගෙයක් හදන්න ඉන්න නිසා, හැම කෙනාගෙන වගේ හීනයක් තමයි තමන්ගෙම කියලා ගෙයක් හදාගන්න එක, මගෙත් එහෙමම තමයි,

    මම තීරණය කරා මගේ අත්දැකීම් මුල ඉදලම කිරියෙ සාමාජිකයො එක්ක බෙදාගන්න, මොකද මට කලින් ත්‍රෙඩ් වැදගත් උනා වගේම මේ ත්‍රෙඩ් එකත් කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා, මේකෙදි මම කියන්නේ තනිකරම මුල ඉදලා ගෙයක් හදන්න ගියාම මට සිද්ද වෙච්ච අත්දැකීම්, මම තාම ඉන්නෙ මුල් අවදියේ,ඒත් මේක දිගටම යාවත්කාලීන කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා,

    එහෙනම් පටන් ගමුනේ, ගෙයක් හදන්න නම් ඉතිං ඉඩමක් ඕනනේ,ඉස්සෙල්ලම ඉඩමක් හෙව්වා,ගොඩක් හෙව්වා ෆුල් කට්ටක් කාගෙන,කොහොමහරි ඉක්මන් එකේ තිබිලා මම හොයපු පැත්තෙන්ම මට ඉඩමක හම්බ උනා මම හොයපු ගානට, ඉඩම පර්චස් 12.6ක්, ඉඩම ගන්න කොට මම බලපු දේවල් සහ ඔයාලා අනිවාර්යෙන්ම බැලිය යුතු දේවල් ගොඩාක් තියෙනවා,
    ඉස්සෙල්ලම ඉඩම සැටිස් නම් පත්තිරු බලන්න අවුරුදු 30ක්වත් පස්සට, තමන්ගෙ ලෝයර්ට කියලා බලාගන්න,
    ඉඩම වටේ පිටේ පරිසරය ගැන බලන්න,
    වතුර බහින ක්‍රම ගැන බලන්න,
    ඉඩමට යන පාර ගැන හොයලා බලන්න,
    වටේ ගෙවල් වලින් නිකමට අහලා බලන්න විස්තර,
    ෆවුන්ඩේශන් දාද්දි අඩිකීයක් දැම්මද වගේ අහලා බලන්න,ඒක ගොඩක් වටිනවා ගේ හදද්දි,
    ඒ ඔක්කොම සෙට් කරන් ඉඩම ගනිද්දි අපි මුද්දර ගාස්තු අඩුකරගන්න අඩු වටිනාකමක් දාලා ලියනවනේ ඔප්පුව,ගොඩක් අඩු ගානක් දාන්න එපා,ඊට පස්සෙ අපිට දඩත් එක්කම ගෙවන්න වෙනවා, ඒක නිසා ඒ ගැනත් හිතන්න..
    ඔන්න ඉතිං මම ඉඩම ගත්තා, ඇත්තටම ඉඩම අරගෙන අවුරුද්දක් විතර වෙනවා,සල්ලි ප්‍රශ්න නිසා හදන්න පටන්ගත්තෙ නැහැ,මොකද මගේ බිසනස් එකට දාපු ලෝන් එක තිබ්බ නිසා ඒකත් එක්ක හවුසින් ලෝන් එකත් ගියොත් හිරවෙන නිසා ටිකක් පහුකරා,
    මම මුල ඉදලම හිතාගෙන හිටියෙ අසංග සමරසිංහගෙන් ප්ලෑන් එක අදිනවා කියලා,මට එයාගෙ ගෙවල් ඩිසයින් සෙට් වෙලා තිබ්බෙ,ඒ නිසා සැප්තැම්බර් මාසෙ එපොයින්ට්මන්ට් එකක් දාගෙන ගිහිල්ලා අසංග ආකිව හම්බ උනා,එයාගෙ වැඩ පිලිවෙලයි, ගනන් සාපේක්ෂව සාධරණයි,(සාධාරණයි කියන්නේ අඩු නෙමෙයි)
    http://www.asangasamarasekara.lk/

    ඊට පස්සෙ ආකි මට දවසක් දුන්නා මගේ ඉඩම විසිට් කරලා ස්කෙච් එකක් අදින්න, එයා ඉඩමට ඇවිල්ලා එතන ඉදගෙනම අපේ රික්වයර්මන්ට් වලට ස්කෙච් එකක් ඇන්දා, සමහර දේවල් වෙනස් කරගත්තා අපේ උවමනාවට, ලොකුවට නෙමෙයි හරි විදියට වාස්තු එහෙම බැලුවා දේවල් ප්ලේස් කරද්දි, ඒකට ගොඩක්ම උපකාරි උනේ ජේ . ගොඩකන්දආරච්චි මහත්මයාගේ මේ යූටියුබ් චැනල් එක https://www.youtube.com/channel/UCNzkbc6Q5N5NCSKbyfdVFkA

    ඊට සතියකට විතර පස්සෙ අර ස්කෙච් එක ප්ලෑන් එකක් විදියට ඇදලා මට එව්වා,ඒකෙ තිබ්බ පොඩි දේවල් දෙකක් තුනක් වෙනස් කරගත්තා, ඊට පස්සෙ අපි කන්ෆර්ම් කරාම එයාලා කවුන්සිල් ඇපෲවල් එකට අදාල ප්ලෑන් එක අදින්න පටන් ගන්නවා,ඒකට අපිට අදාල ප්‍රාදේශීය/නගර සභාවෙන් බිල්ඩින් ප්ලෑන් ෆෝම් එක (ගොඩනැගිලි සැලසුම් පොත) අරගෙන එයාලට දෙන්න ඕන වීදි රේඛා සහතිකේ කොපියකුත් එක්ක, මගේ වැඩේ මේ වෙද්දි තියෙන්නේ මේ ස්ටෙප් එකේ..

    මේ අතරෙ මම ගේ හදන්නේ බෑන්ක් ලෝන් එකකින් නිසා බැංකුව පැත්තට භාරදෙන්න ඕන ඩොක්ස් භාරදුන්නා,ඒවා තමයි
    ඔප්පුව,
    සර්වේ ප්ලෑන් එක,
    අවුරුදු 30ක් පස්සට පත්තිරු,
    බැංකුවෙ අනුමත ලෝයර් කෙනෙක්ගෙන් ටයිටල් රිපෝට් එකක් (පෙලපත)
    වීදිරේඛා සහතිකය,
    සාමවිනිසුරු කෙනෙක්ගෙ ලියුමක්,
    ග්‍රාමසේවකගෙ ලියුමක්,
    මගේ ආදායම් වාර්ථා,
    අයිඩින්ටි කොපි,
    මේවා භාරදුන්න්නම සති2ක් වගේ ඇතුලත අපේ ඉඩම තක්සේරු කරන්න වැලිවර් කෙනෙක් එනවා,එයා බැංකුවට රිපෝට් එකක් දෙනවා,මගේ ඒ ස්ටෙප් එකත් ඉවරයි,

    ඉස්සරහටත් වැඩ වෙන විදියට ෆොටෝත් එක්ක අප්ඩේට් කරන්න මම බලාපොරොත්තු වෙනවා,
    මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න, කාටහරි වැදගත් නම් බම්ප් එකක් දාගෙන යන්න
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මට ඊයෙ ආකිටෙක්ට්ගේ ඔෆිස් එකෙන් නගර සභාවෙ අවසරය ගන්න ඕන කරන ඩොක්ස් දුන්නා,
    ඒකෙන් තමයි අපේ ඉඩමේ ගොඩනැගිල්ල හදන්න නගර/ප්‍රාදේශීය සභාවෙ අවසරය ලබාගන්නේ..
    මට ආකි ඔෆිස් එකෙන් දුන්නා ඔරිජිනල් ප්ලෑන් 4ක්
    සෙප්ටික් ටෑන්ක් වල ප්ලෑන් එකක්
    සම්පූර්ණ කරපු ගොඩනැගිලි සැලැස්මේ ෆෝෆ් එක සහිත පොත
    ඒ දේවල් එක්ක සභාවට භාරදෙන කොට සහතික කරපු ප්ලෑන් එකේ පිටපතක් ඕන
    ඒ දේවල් එක්ක භාරදුන්නම එතන ඉන්න ටෙක්නිකල් ඔෆිසර් බලලා ප්ලෑන් එකේ අඩුපාඩු තියෙනම්
    කියනවා, අඩුපාඩු නැත්නම් අදාල කෙනාට දීලා සල්ලි ගෙවන්න කියලා රිසිට් එකක් දෙනවා,
    මට 4000/=ක් ගියා ගාස්තු, සති දෙකක් වගේ ඇතුලත කරලා වැඩේ කරලා දෙන්නම් කිව්වා..
    ඊට පස්සෙ විදුලිබල මණ්ඩලේටයි, ජල සම්පාදන එකටයි ගිහිල්ලා ෆෝම් ගත්තා..
    දැන්ම ඇප්ලයි කරන්නේ නැහැ මඩුවවත් ගහලා නැති නිසා, ඒවට ඕන අයිඩින්ටියෙ කොපියයි,
    ඔප්පුවෙ කොපියයි, වරිපනම් වාර්ථාවයි විතරයි සාක්කියට දෙන්නෙකුයි විතරයි..

    මගේ බැංකු ලෝන් එකත් යන නිසා ආකිට කියලා බීඕකිව් එකක් හදාගත්තා බැංකුවට දෙන්න..
    බීඕකිව් එකෙන් 75%ක් විතරක් තමයි ලෝන් එක දෙන්නේ.. ඒ නිසා ගාන වැඩියෙන් දාලා හදාගත්තා, ඒකත් බැංකුවට දුන්නම ඒකට අදාල ඩොක්ස් ටිකත් හරි..

    තව මාසයක් වගේ ඇතුලත ඩීටේල් ආකිටෙක්චරල් ඩ්‍රෝවින්ස් ටික හම්බ වෙනවා..
    ඒ ස්ටෙප් එකත් එක්ක අනිත් අප්ඩේට්ස් දෙන්නම්..
     
    Last edited by a moderator:
    • Like
    Reactions: itguy77 and fallend

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ප්ලෑන් එකේ ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් සහ ඩීටේල් ඩ්‍රෝවින්ස් හම්බ උනා..
    මේ ගැන අයිඩියා එකක් නැති අය වෙනුවෙන් කියන්නම් මේ මොනවද කියලා..
    ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් එකේ තියෙන්නේ අපේ ෆවුන්ඩේශන් එක දාන එකේ සම්පූර්ණ විස්තර..
    කොච්චර ගැඹුරට, කොයි සයිස් කම්බි, වලවල් කීයද වගේ දේවල් විස්තරාත්මකව රූපසටහන් එක්කම තියෙනවා, ඒක දෙන්නේ ස්ට්‍රක්චරල් එන්ජිනියර්..
    ඩීටේල් ඩ්‍රෝවින් එකේ තියෙන්නේ අපේ ගෙදර ගැන සම්පූර්ණ විස්තරයක්.. දොර ජනෙල්, එන්නේ කොහොමද, ගෘහ භාන්ඩ එන්නේ කොහොමද? ඇතුලෙ විස්තර කොහොමද? ලයිට් ෆෑන් ප්ලග්, බාත් රූම් වගේ හැම දෙයක්ම විස්තරාත්මකව තියෙනවා, දොරට එන හැඩල් එක පවා විස්තර කරලා තියෙනවා..
    ඔන්න ඊට පස්සෙ මම කරේ කන්ස්ට්‍රක්ශන් කරන්න කෙනෙක්ව හොයපු එක, ඒක මගේ පත්තෙනුත් කරා, ආකිටෙක්ට් උදව් කරා එයාට රෙකමන්ඩ් කරන්න පුළුවන් අයගෙන් එස්ටිමේට් අරගෙන, කොහොමහරි මීටින්ස් ගොඩක් තියලා ගානටත් හරියන කෙනෙක් සිලෙක්ට් කරා කියලා හිතනවා, ( වැඩ ඉවර උනාම තමයි හරිම කමෙන්ට් එකක් දෙන්න පුළුවන් වෙන්නේ..
    ඒ අතරෙ විදුලි බල මංඩලේට සහ ජලසම්පාදනේට ගිහිල්ලා ෆෝම් අරගෙන ඒවා පුරවලා රෙඩි කරගත්තා.. ග්‍රාමසේවක සයින් කරන්න ඕන ඒවා ප්‍රාදේශීය ලේකම් එකෙන් සහතික කරන්න ඕන ඒවා එහෙම තියෙනවා, ඒවා භාර දුන්නේ නැහැ තවම වැඩ පටන් ගන්න කල් තියෙන නිසා..
    වැඩ පටන් ගන්න වෙලාවක් බලන්න ගියා, ජනවාරි මැද තමයි දවස ලැබුනේ..
    මුල් ගලකුත් ගත්තා, ඒක පිරිත් කරන්න පන්සලට දෙන්න ඉන්නේ.. රුවන්වැලිසෑයටයි, ශ්‍රීමහා බෝධියටයි ගෙනියන්න හිතාගෙන ඉන්නවා..
    එහෙනම් ඊලඟ පියවරෙන් හම්බවෙමු...
     
    Last edited by a moderator:
    • Like
    Reactions: itguy77

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මගේ ගෙදර වැඩ ගිය සතියෙ පටන් ගත්තා,
    කොන්ත්‍රාත් දෙන නිසා මට බඩු සප්ලයි කරන්න ඕන නැහැ,
    කරන්ට් එකයි වතුරයි වැඩ පටන්ගන්න කලින් දවසෙ හම්බ උනා,
    මගේ පස ටිකක් බුරුල් වතුර ගතිය ටිකක් තියෙන පසක්..
    ඒ නිසා ස්ට්‍රක්චරල් එන්ජිනියර් විශේෂයෙන්ම වෙනම ප්ලෑන් එකක් හැදුවා,
    මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ ආකිටෙක්ට් කෙනෙක්ට කියලා ඩිසයින් එක කරගත්තෙ නැතත් අවුලක් නැහැ ස්ට්‍රක්චරල් එන්ජිනියර් කෙනෙක්ට කියලා පොලව බලලා ෆවුන්ඩේශන් එක ගැන ඇඩ්වයිස් ගන්න, අර උපුල් කියනවා වගේ කැත ගේක ඉන්න පුළුවන් කොහොමහරි,ඒත් පැත්තක් බැහැපු, ඉරි ගියපු ගෙදරක ඉන්න බැහැනේ,
    මේ වෙද්දි යන්නේ බේස් වලවල් කපන අදියර, මේ සතියෙ කොලම්ස් බදින්න ගන්නවා,
    මම නැකත් වලට තමයි කරේ, කුඥ්ඥය හිටෙව්වෙ, පලවෙනි පස් පිඩැල්ල කැපුවෙ, මුල්ගල තිබ්බෙ නැකැත් වලට, කුඥ්ඥයට පාවිච්චි කරේ බෙලි කෝටුවක්, මුල්ගල පිරිත් කරලා, ශ්‍රීමහා බෝධියට, රුවන්වැලිසෑයට භාර වෙලා තමයි ගෙනල්ල හාමුදුරුවො පිරිත් කියන අතරෙ තිබ්බෙ, තමන්ගෙ ආගමානුකූලව කරා නම් හොදයි ඉතිං..
     
    Last edited by a moderator:
    • Like
    Reactions: itguy77 and LalaJ

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනාගත ප්‍රයෝජනය සදහා වෙන් කරන ලදී +++
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Machan chapter widiyata liwwama kiyawanna boring e nisa points widiyata liyanna

    Mama dan biththi bandala slab1 dala tiyenne. Ilangata uluwahu tiyanna lasti wela inne

    Prasna tiyenawanan mage thread 1 danna
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    අනාගත ප්‍රයෝජනය සදහා වෙන් කරන ලදී +++


    සුබ පැතුම් මචො මෙ කැල්ලත් උබ මැරෙන්න කලින් update වෙවා යැයි මම පතනවා :rofl:



    එල එල..
    තෑන්ක්ස් මචංලා..
    අනිවා මැරෙන්න කලින් අප්ඩේට් කරනවා:lol::lol:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මචං ඉඩමට කීයක් ගියාද බං? කොහෙන්ද ගත්තෙ?

    මමත් ඉඩමක් අරන් ගෙයක් හදන්න ඕනෙ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan chapter widiyata liwwama kiyawanna boring e nisa points widiyata liyanna

    Mama dan biththi bandala slab1 dala tiyenne. Ilangata uluwahu tiyanna lasti wela inne

    Prasna tiyenawanan mage thread 1 danna


    මචං මගේ අත්දැකීම් ඒ විදියටම දැම්මේ...
    හිතට එනවිදියට ලියාගෙන ගියා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඉඩමට කීයක් ගියාද බං? කොහෙන්ද ගත්තෙ?

    මමත් ඉඩමක් අරන් ගෙයක් හදන්න ඕනෙ.


    ඉඩමට 55ක් ගියා බං..
    ප්‍රධාන පාරක් කිට්ටුව, මීටර් 50ක්වත් නැහැ,
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    ඉඩමට 55ක් ගියා බං..
    ප්‍රධාන පාරක් කිට්ටුව, මීටර් 50ක්වත් නැහැ,

    එල. සුභ පැතුම් ඉක්මනට ගේ හදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල. සුභ පැතුම් ඉක්මනට ගේ හදාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

    bump tattayo. ubama bass la dammalada hadanne



    තෑන්ක්ස් මචෝ..

    බාස්ලා දාලා නෙමෙයි, බීඕකිව් එක ආවම කන්ස්ට්‍රක්ශන් කම්පනි බලනවා,
    බඩුදාලා අපෙන් කරන්න

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    congratulations-
    අනාගත යාවත්කාලීනයන් නම් ඇඩ්මින්ට කියල තමා එඩිට් කරගන්න වෙන්නේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    congratulations-
    අනාගත යාවත්කාලීනයන් නම් ඇඩ්මින්ට කියල තමා එඩිට් කරගන්න වෙන්නේ.

    Jaya Wewaa!



    ඔව් මචං එහෙම හිතාගෙන තමයි වෙන් කරගත්තෙ,

    තෑන්ක්ස් මචං