ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්


    ශීබා රැජිණ , දාවිත් ගේ පුත් සොලමන් රජතුමා, අප්‍රිකාවේ සුදු මිනිසුන් , බයිබලය, මෝසෙස්ගේ ගිවිසුම් කරඬුව සහ රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාර්ටමේන්.

    වර්ෂයක් ගෙවී අවසන් වෙන තැන අලුත් වර්ෂයකට සුදානම් වෙන ගමන් එළකිරි සොයුරු, සොයුරියන්ට ආයුබෝවන් කියනවා.
    ඉතින් 2018 වර්ෂය අවසන් වෙන්න දින දෙක, තුනක් විතරයි තව තියෙන්නේ.
    ඉතින් මම හිතුව එලකිරිය සහ ඔබ වෙනුවෙන් පොඩි ඉතිහාස කාරනාවක් ඇතුලත් නූලකින් ම මේ අවුරුද්දට අවසානයක් සනිටුහන් කරනවා කියල.

    ශීබා රැජිණ , දාවිත් ගේ පුත් සොලමන් රජතුමා, අප්‍රිකාවේ සුදු මිනිසුන් , බයිබලය, මෝසෙස්ගේ ගිවිසුම් කරඬුව සහ රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාර්ටමේන්.

    blurglb.jpg


    USwaxTK.jpg


    මෙතන සඳහන් වෙන නම් වලින් සමහරක් ඔබ අසා ඇති. සමහරක් ඔබ අසා නැතුව ඇති. නැත්තම් සේරම අසා ඇති හෝ නැතුව ඇති.
    ඉතින් මේ ඉතිහාසය දන්න උදවියට වගේම නොදන්න කෙනෙකුට දැන ගන්නත් එක්කම මම සංක්ෂිප්තව මේ කරුණු ගලපන්නම්.

    මම ඉහත කියපු නම් වල සම්බන්ධයක් තිබේද?
    ඇත්ත වශයෙන්ම ඔව්...

    රයිඩර් හැගාර්ඩ් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ ඇලන් ක්වාර්ටමේන් ගේ වීර චාරිකා සහ සොලමන් රජුගේ නිධානය පොත් ඔබ සමහර දෙනෙක් කියවා ඇති.
    වයස අවුරුදු 19 දී දකුණු අප්‍රිකාවට සිවිල් සේවකයෙකු ලෙස සංක්‍රමණය වන ඔහු පුරා වසර 07 ක් එහි රැඳෙන්නේ අප්‍රිකානු ජන ජීවිතය, සාහිත්‍යය, ජනප්‍රවාද ඇසුරේය.
    එහිදී ඔහු ඇසූ දුටු දේවල් ඇසුරෙන් 1885 දී ඔහු සොලමන් රජුගේ නිධානය පොත සහ 1887 ඇලන් ක්වාර්ටමේන් ගේ වීර චාරිකා පොත රචනා කරලීය.

    flNGZpO.jpg


    // ඇලන් ක්වාර්ටමේන් නම් ඉංග්‍රීසි ජාතික දඩයක්කාරයා මධ්‍යම අප්‍රිකාවේ ඝන වනාන්තර වල සහ ගිරි දුර්ග වල සංචාරය කරද්දී ඈත අප්‍රිකාවේ හුදකලාවේ වෙසෙන සුදු මිනිසුන් කොට්ටාශයක් සහ සොලමන් නම් ඉතිහාසයේ එන ජුදා ජාතික රජෙක් විසින් සඟවනු ලැබූ විශාල නිධානයක් හමුවෙයි. //

    JygAS0P.jpg


    හුදෙක්ම මනකල්පිත කතා වස්තුවකින් ඔබ්බට ගොස් යම් පමණක ගවේශනාත්මක ලෙස අධ්‍යනයක් සහිතව මෙය දිග හැරෙනවා.
    වීර වික්‍රමයන් වගේම විචිත්‍ර සහ ත්‍රාසජනක සිද්ධි වලින් පරිපුර්ණ මේ නවකතා යුගළය පාඨකයා සැබවින්ම මධ්‍යම අප්‍රිකානු භුමියේ අතරමං කරනවා වගේම හැඟීමක් අපට දැනෙනවා.

    සැබවින්ම මේ සිදුවීම් මොනවද ?
    ඔබ කව්රුන් හෝ මේ ගැන අසා ඇතිද ? මේවායේ සත්‍යක් ඇතිද? නැතිනම් මේ හුදෙක් මනකලපිතයක්ද ?

    සියුම්ව ඉතිහාසය අධ්‍යනය කරන්නෙකුට මේ සිදුවීම් සියල්ල 100 % සත්‍යය නොවුනත් ඉතිහාසයේ යම් කවර දිනක මෙවැනි සිදුවීමක්,
    මෙවැනි කතන්දරයක් හෝ අඩුම මීට සමාන කතා වස්තුවක් හෝ සොයා ගත හැකිය.

    ඉතිහාසය සොයන්නෙකුට සිදුවීම් මාලාවක් අධ්‍යනය කල හැකි හොඳම ආකාරය නම්, ඒ සමකාලින ලෝකයේ ඉතිහාසය එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය සොයා බැලීමය.

    හරි එහෙනම් අපි ඉතිහාස කාරනා වලට ප්‍රවේශයක් ගනීමු.

    දාවිත් සහ ඔහුගේ පුත් සොලමන් රජු

    '' සොලමන් '' ( King Solomon) ක්‍රි. පූ 970 - 931 දක්වා ඊශ්‍රායලය ඇතුළු ජුදා දේශය පාලනය කරනු ලැබූ රජතුමාය.ජුදා ඉතිහාසය පිලිබඳ දැනට ඇති හොඳම මුලාශ්‍රය බයිබලයයි.

    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන පරිදි '' දාවිත් '' ( King David ) යනු ශ්‍රේෂ්ඨ රජෙකි.

    kGxXgD4.jpg

    මයිකල් ආන්ජලෝ ගේ සුප්‍රකට ඩේවිඩ් ප්‍රතිමාව.

    ඊශ්‍රායලයේ බෙත්ලෙහෙම් නම් ගම්මානයේ එඬේර පවුලක 08 වෙනි පිරිමි දරුවාව උපන් ඔහු
    එවකට රජ කල '' සාවුල් '' රජු පිලිස්තිවරු සමග ඇතිවෙන සටනකදී '' ගොලායත් '' නම් යෝධයා ට තම කැටපෝලයෙන් විද පරාජය කොට සාවුල් ගේ සිත් දිනාගෙන
    ඔහුගේ වැඩිමහල් දූ කුමරිය සරණ පාවාගෙන පසුව සාවුල්ගේ මරණයෙන් ඉක්බිති ජුදා දේශයේ රජකමට උරුමකම් කිවේය.

    SMQDAEk.jpg

    '' ගොලායත් '' සමග ඇතිවෙන සටන

    කෙසේ වෙතත් ඔහු තම සෙනෙවියෙකු වූ '' ඌරියා '' නම් මනුෂ්‍යයාගේ බිරිඳ කෙරෙහි වසඟ වී කුමන්ත්‍රණයකින් ඔහු යුධ පෙරමුණේදී මරුමුවට පත් කොට
    ඔහුගේ බිරිඳ ( බෙත්ෂෙබා ) සරණ පාවාගෙන උපන් දෙවෙනි දරුවා '' සොලමන් '' නම් විය.

    qRNs7cf.jpg

    ලූවර් කෞතුකාගාරයේ ඇති Willem Drost ගේ චිත්‍රය

    LttTtrJ.jpg

    දාවිත් විසින් බෙත්ෂෙබා වසඟයට ගෙන ඇය හා සංවාසයේ යෙදිනි.

    මෙසේ දාවිත් රජුගෙන් පසු ඊශ්‍රායෙල් දේශයේ රජු බවට පත් වන්නේ සොලමන් රජතුමාය.
    බයිබලීය ඉතිහාසයට අනුව සොලමන් යනු සමකාලීන ලෝකයේ ජීවත් වුනු අතිශයින් ප්‍රඥාවන්තම පාලකයෙකි.ඔහුගේ ප්‍රඥාව නිසා ඊශ්‍රායෙල් දේශය අතිශයින් සෞභාග්‍යමත් සහ සමෘධිමත් විය.
    ඔහුගේ ප්‍රඥාව පිලිබඳ එකල ලොව සෑම දෙසටම පැතිරිණි.

    oWA3cKb.jpg


    ශීබා රැජිණගේ ආගමනය

    JL2pmJ7.jpg

    ජර්මනියේ Cologne Cathedral ආසන දෙව්මැදුරේ ඇති සොලමන් - ශීබා හමුව සටහන් කර ඇති වීදුරු චිත්‍රය


    බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ පොත් වන රාජාවලිය සහ වංශාවලිය ලියැවී ඇත්තේ එකල ඊශ්‍රායලයේ රජවරුන් සහ ඔවුන්ගේ පාලන සමයන්හි සිදුවූ ඉතිහාසය කරුණු කොට ගෙනය.
    රාජාවලිය 01 පොතේ 10 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.

    ~ ෂෙබාහි රැජිනගේ පැමිණීම
    (2 වංශා: 9:1-12)
    1 ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය.
    2 ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය.
    ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.
    3 සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය.ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත.
    4 ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද 5 ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද
    ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.
    6 එවිට ඈ රජුට කතා කොට, ”මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය.
    7 එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය.ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ.
    8 ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය.
    9 ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා!
    සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය.
    10 තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය.
    ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
    11 ඕපීර් දේශයේ සිට රත්රන් ගෙනා හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී මහත් රාශියක් හා මැණික් ගල් ඕපීර් දේශයෙන් ගෙනෙන ලදී.
    12 රජ ඒ හඳුන් ලීවලින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත්, රජ මාලිගාවටත් ගරාදි වැටවල් සහ ගායකයන්ට වීණා ද කුඩා වීණා ද සෑදවී ය.
    ඒ ආකාර හඳුන් ලී අද දවස දක්වා තවත් ගෙනාවේ වත්, දකින්න ලැබුණේ වත් නැත.
    13 සලමොන් රජ ස්වකීය රාජකීය ත්‍යාගිවන්තකමෙන් ෂෙබාහි රැජිනට දුන් දේවල් හැර ඈ හිතූ පැතූ සියල්ලත් ඇයට දුන්නේ ය.
    ඉක්බිති ඇය සහ ඇගේ සේවක පිරිස සිය රට බලා හැරී ගියෝ ය. ~

    මෙහි ෂෙබා / ශීබා යනුවෙන් සඳහන් වෙන රැජිණ කව්ද?ඒ පිළිබඳව ඇති සාධක මොනවාද ?
    ඉහත ස්ථානයක මම සඳහන් කර ඇති පරිදි ඉතිහාසයේ සිද්ධි අතර ගැලපීමක් සොයන්නට නම් සමකාලින් ලෝක ඉතිහාසය සියුම්ව විචාරිය යුතුය.
    ශීබා රැජිණ පිලිබඳ කරුණු සෙවීමේදී ඉතිහාසඥයන් ට සමකාලින ලෝකයේ පැවති දියුණු ශිෂ්ඨාචාර අධ්‍යනය කරන්නට සිදු වුනි.
    එසේ සෙවීමේදී ශීබා නම් රැජිණ පිලිබඳ කිහිප තැනකින්ම තොරතුරු වාර්තා වෙයි.

    ඉපැරණි ඇරමයික් ලේඛන වල '' සාබා '' හි රැජිණක් පිලිබඳ සඳහන් වේ. මේ සාබා දේශය වුයේ වර්තමානයේ යේමනය ආශ්‍රිත භූමියයි.
    නමුත් ඉතිහාසයට අනුව සාබා රාජධානිය කාලයත් සමග අප්‍රිකාවේ අඟ හෙවත් Horn of Africa වෙත සංක්‍රමණය වුනු අතර පසුව එයින් ''අක්සුම් '' රාජධානිය බිහිවිය.
    ඒ වර්තමාන ඉතියෝපියාව ආශ්‍රිත භූමියයි.නමුත් ඒ සොලමන් රජුගේ යුගයට වඩා සියවස් 4 ට පමණ පසුවය.
    කෙසේ වෙතත් අතීතයේදී මේ රාජ්‍යන් අතර බෙදීමක් නොතිබූ බැවින් යේමන භූමියත් මේ ඉතියෝපියානු රාජ්‍යයට එකට බැඳුනු දේශයක් බවත් තර්ක කල හැකිය.

    ඉස්ලාමය තුලද ශීබා නම් දකුණු දිග රැජිණක පිලිබඳ සඳහන් වේ.
    එය බයිබලයිය කතාවට බොහෝ දුරට සමාන වන නමුත් ඉස්ලාම් ධර්මය ඉතා නුතන ධර්මයක් නිසා මේ ශීබා රැජින පිලිබඳ පුරාවෘතය ජුදා සම්ප්‍රදායෙන් උරුම කම් ලැබුණු බවට තර්කයක් ගෙන් ආ හැකිය.

    ඉතියෝපියානු රැජිණ.

    1WmwRVX.jpg


    cHNf8Sb.png

    I am Black. but beauty.

    ශීබා රැජිණ පිලිබඳ වඩාත් විශ්වාසනීය සහ තර්කානුකුල වාර්තාවන් හමු වන්නේ 14 වැනි සියවසේදී පුරාන සෙමටික් භාෂාවෙන් ලියැවුණු Kebra Nagast ලේඛන වලය.
    ( පුරාන සෙමටික් භාෂාවන් යනු අප්‍රිකානු සහ ආසියානු වැසියන් භාවිතා කල භාෂාවකි. වර්තමාන අරාබිය, එරිත්‍රියාව, ඉතියෝපියානු රටවල් භාෂාවන් විකාශනය වී ඇත්තේ මේ සෙමටික් භාෂාව සමගිනි.)
    මේ ලේඛන වල ශීබා රැජිණ සහ සලමොන් රජතුමා ගැන පැහැදිලිව සඳහන් වේ.
    එමෙන්ම ඒ සිදුවීම වඩාත් දීර්ඝව විස්තර කර ඇත.

    vdQ7kzC.jpg


    ඉපැරණි ඉතියෝපියානු භුමිය ඉතා සශ්‍රීක සරුසාර දේශයක් විය.බව භෝගයෙන් සහ වස්තු වලින් අනූන වූ මේ රාජ්‍යය ආරම්භ වූවා යැයි සැලකෙන්නේ Menelik I රජගෙනි.
    භුවිෂමතාවය අතින් ඉතියෝපියාව යනු අප්‍රිකා මහාද්වීපයේ කඳු ඝනත්වය ඉහලම රට වේ. එනම් ගිරිදුර්ග වලින් බහුල රටකි.එක් අතකින් වංකගිරියක් බඳු භුවිෂමතාවයක් සහිතය.

    wHj71Co.jpg


    QQ6GeQM.jpg

    ඉතියෝපියාව යනු අප්‍රිකාවේ ඉහලම කඳු ඝනත්වයකින් යුතු රට වෙයි.

    ඉතියෝපියානු පුරාවෘත වලට අනුව ඔවුන්ගේ අසාහය රැජිණ නොහොත් දේශයේ මාතාව ලෙස සැළකෙන්නේ ෂේබා නොහොත් ශීබා රැජිණයි.
    අතිශයින් රූමත්, බුද්ධිමත් මෙන්ම වීර කාන්තාවක් ලෙසද ඇය සැලකෙනවා.ඇය ඉතා සමෘදිමත් ඉතියෝපියානු පාලකයාව සිටි සමයේදී රතු මුහුද ආශ්‍රිත වෙළඳාමේදී
    ඉතියෝපියානු වෙළෙඳුන්ට සිදුවූ විවිධ අක්‍රමිකතා වලට මුහුණ දිණි.
    ඒ සමයේදී ඊශ්‍රායෙලය පාලනය කලේ සලමොන් රජුය.
    ඔහුගේ ප්‍රඥාව, බුද්ධිය සහ බලවන්ත භාවය පිලිබඳ සැල වූ ශීබා රැජිණ ගිරිදුර්ග, වන සතුන් සහ දුෂ්කර මාර්ගයන් ඔස්සේ පුරා වසර 07 ගමනකින් පසු සලමොන් රජු බැහැ දැකීමට පැමිණියාය.
    ඒ ගමන සලකන්නේ ඉතියෝපියානු ඉතිහාසය වෙනස් කල අද්විතීය සංචාරයක් ලෙසයි.

    මීට වෙනස් ජනප්‍රවාදයක් ජුදා සාහිත්‍යයේ සඳහන් වෙයි.
    ඊට අනුව සලමොන් රජු කුරුළු බාශාව දැන සිටි බවත් දිනක් උයනේ සක්මන් කරමින් සිටියදී කුරුළු ජෝඩුවක් දකුණු දිග කළු රැජිණකගේ සුන්දරත්වය සහ බුද්ධිය පිලිබඳ ගැයූ ගීතයක් අසා
    ඒ අනුව ශීබා රැජිණ දැකීමේ අරමුණෙන් රජු ඈ හට පණිවුඩයක් යවා ගෙන්වා ගත් බවත් සඳහන් වේ.

    ඒ කොයික වෙතත් ශීබා රැජිණ වසර 07 දීර්ඝ ගමනකින් පසු සලමොන් රජු බැහැ දැක රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කෙරුණු බවත්,
    සලමොන් රජුගේ ප්‍රඥාව පිලිබඳ පැහැදුනු බවත්, පසුව සලමොන් රජු විසින් ඇගේ සිත් දිනා ගෙන ඈ හා සංවාසයේ යෙදී ඈ පුතෙකු බිහි කල බවත් සඳහන්ය.
    ඔහුගේ නම මෙනෙලික් ( Menelik) නම් විය.ඔහු සලමොන් රජු මෙන් ආර්ය රූපයක් උරුම සුදු හම සහිත දරුවෙකු විය.
    එමෙන්ම Kebra Nagast ලේඛන වලට අනුව සලමොන් රජු විසින් අති මහත් වූ වස්තු සම්භාරයක් සහ ඊශ්‍රායලයේ අති පුජනීය කොට සැළකු Ark of the Covenant හෙවත් මෝසෙස්ගේ දස පණත් අඩංගු ශුද්ධවූ කරඬුව ශීබා හට තෑගී දුන් බවත් සඳහන්ය.
    අදටත් ඉතියෝපියානු ඔර්තඩොක්ස් පල්ලියේ ( Church of Our Lady Mary of Zion සියොන් හි දේවමාතා දෙව්මැදුර - අක්සුම් ) හි මෙය තැන්පත් කර ඇති බව විශ්වාස කරයි.
    නමුත් සමහර ඉතිහාසඥයන් මෙය බැහැර කරයි.

    ඉතිහාස කරුණු වලට අනුව ආපසු ඉතියෝපියාවට පැමිණෙන ශීබා රැජිණ තමාගෙන් පසු තම පුත්‍රයාව නැවත ඊශ්‍රායෙලය වෙත යවා සොලමන් රජුගෙන් ආශිර්වාදය ලබා ගෙන ඉතියෝපියාවේ රජකම ඔහුට පවරයි.
    එතැන් පටන් ඉතියෝපියානු රාජාවලිය ඇරඹෙයි.

    සංක්ෂිප්තව සොලමන් රජු සහ ශීබා රැජිණගේ කතාව එසේය.

    ඉතියෝපියාව අතීතය යුරෝපා යටත්විජිත, ඉතියෝපියානු මිනිසුන් සහ හෙන්රි රයිඩර් හැගාර්ඩ්.

    cJIouXd.jpg

    ඉතියෝපියාව

    ඉතියෝපියාව යනු කිසිම අවස්තාවක ලොව කිසිම රාජ්‍යකට යටත් විජිත වූ රටක් නොවන බව ඔබ දන්නවාද ?
    ඔව් යුරෝපයේ බල අරගලයත් සමග යුරෝපීයන් ලෝකයේ නන් දෙස විවිධ රටවල් යටත් කර ගත්තත්, කිසිම දිනෙක ඉතියෝපියාව යටත් කර ගැනීමට හැකි වුයේ නැත.
    එය 1935 සිට ෆැසිස්ට් ඉතාලියානු රාජ්‍යයේ පරිවාර රාජ්‍යක් ලෙස සැලකුණු අතර 1974 දී ස්වාධීන රටක් ලෙස නම් කෙරිණි.
    ඉතිහාසයේ කුරුස යුද්ධ නිසා ධනවත් වූ යුරෝපියන් ඉන් පසු ලොව විවිධ රාජ්‍යන් අල්ලා ගත් අතර
    ඔවුන් ස්වදේශික කළු ජාතිකයන් බුරුතු පිටින් අල්ලා වහලුන් ලෙස යුරෝපයට හා යටත් විජිත වලට පටවද්දී අප්‍රිකානු ගිරි දුර්ග වල නිදහසේ ජීවත් වූ ගෝත්‍ර අතර සුදු පැහැපත් හමක් සහිත ස්වදේශිකයන් දුටු විට පුදුමයටත්, කුතුහලයටත් පත් විය.
    අන්න ඒ කුතුහලය සහ පුදුමය හෙන්රි රයිඩර් හැගාර්ඩ් තම නවකතා වලින් වචන වලට පෙරළිය.

    ඒ සුදු හමක් සහිත ජනයා මේ කළු මිනිසුන් අතරට පැමිණයේ කෙසේද ?
    ඒ ජනයා ඒ වනතුරුත් මේ කඳු අතර නිම්න වල හුදකලා වූයේ කෙසේද ?
    ඒ ප්‍රශ්න වලට පිළිතුරු ඉතිහාසය අපට පෙන්වා දෙයි.
    සොලමන් රජු ශීබා ගේ ආපසු ගමනේදී මහත් ධනස්කන්ධයක් සමගින් තම මෙහෙකරුවන් සහ පරිවාර ස්ත්‍රීන් ද ඉතියෝපියාවට යැවුණු බව සත්‍යයකි.
    එසේ නම් නීග්‍රෝ මිනිසුන් අතරට ආර්ය සමක් සහිත ජනයා පැවත එන්නේ සොලමන් රජුගේ ආශිර්වාදයත් සමගිනි.
    අදටත් ඔබ ඉතියෝපියාවේ සංචාරය කලොත් අන් අප්‍රිකානු ජාතීන්ට වඩා පැහැපත් සමක් ඇති අයවලුන් බොහෝ දැකිය හැකිය.
    නමුත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඔවුන් ඒ දේශගුණයට සහ ජාතින් අතර මිශ්‍ර වීමෙන් ඔවුන්ගෙන් සම්පුර්ණ ආර්යන්ගේ මෙන් පෙනුමක් බලාපොරොත්තු විය නොහැක.

    0n4NCLv.jpg


    w9S1kHg.jpg


    MJcbbhz.jpg


    DwciWzz.jpg


    kCWK9YF.jpg


    ILnIEe2.jpg


    රයිඩර් හැගාර්ඩ් සහ සොලමන් රජුගේ නිධානය

    ලෝකය පුරා ප්‍රචලිත විවිධ භාෂාවන් රැසකට පරිවර්තන වුනු මේ නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටි සහ වාර්තා වැඩසටහන් පවා නිපදවිණි.
    මෙහි එන සොලමන් ගේ නිධානය කුමක්ද ?
    ලේඛකයා මෙහිදී ඉතිහාසය සහ පුරාවෘත මහත් පරිස්සමින් සැලකිල්ලට ගෙන රචනා කල බව පෙනී යයි.
    නමුත් අද 21 වැනි සියවසේදී ඔබ මෙහි නිධානයක් සොයන්නට යාම මෝඩ ක්‍රියාවකි.

    මෝසෙස්ගේ දස පණත අඩංගු ශුද්ධවූ කරඬුව මෙහි ඇතිද ? එය අදටත් එය විවාදාත්මකය.

    LT7FzAz.jpg

    මෝසෙස්ගේ දස පණත අඩංගු ශුද්ධවූ කරඬුව

    Kebra Nagast ලේඛන වලට අනුව සලමොන් රජු විසින් Ark of the Covenant හෙවත් මෝසෙස්ගේ දස පණත් අඩංගු ශුද්ධවූ කරඬුව ශීබා හට තෑගී දුන් බවත් සඳහන්ය.
    අදටත් ඉතියෝපියානු ඔර්තඩොක්ස් පල්ලියේ ( Church of Our Lady Mary of Zion සියොන් හි දේවමාතා දෙව්මැදුර - අක්සුම් ) හි මෙය තැන්පත් කර ඇති බව විශ්වාස කරයි.

    CgDXGHB.jpg

    සියොන් හි දේවමාතා දෙව්මැදුර වර්තමානයේ

    27MEoZT.jpg

    ගිවිසුම් කරඬුව තැන්පත් කර ඇතැයි සැලකෙන පරිශ්‍රය. මෙයට ඇතුළු විය හැක්කේ ඔර්තඩොක්ස් පල්ලියේ ඉහලම පුජකයන්ට පමණි.

    ඇතැමුන් පවසන්නේ ඊශ්‍රායෙලයේ වැටීම සිදු වුයේ යාවේ දෙවියන් විසින් ලබා දුන් දස පණත ජෙරුසලමේ මන්දීරයෙන් ඉවත් කිරීම නිසා බවත්,
    එය ඉතියෝපියාවට ගෙන ගිය නිසා ඒ සාපය මගින් අතිශයින් සශ්‍රීක වූ ඒ මුළු මහත් දේශයම නිසරු පාලු මුඩු කඳුකරයක් වූ බවත්ය.
    නමුත් මේවා සියල්ල ජනප්‍රවාදය. ඒවා සාක්ෂ්‍ය මගින් ඔප්පු වෙන්නේ නැත.

    එසේ නම් රයිඩර් හැගාර්ඩ් ගේ සොලමන් රජුගේ නිධානය සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්ගේ කතාන්තරය හුදෙක් හිතලුවක් ම පමණක් නොව ඉතිහාසය හා සබැඳි පුරාවෘත රැසක් අඩංගු වීරත්වය සහ ත්‍රාසජනක කතා වස්තුවක් අඩංගු නවකතාවකි.

    මේ අතර වාල්මිකී විසින් රාමායනය රචනා කරනුයේ ක්‍රි. පූ 05 වන සියවසේදීය. එනම් සොලමන් සහ ශීබාගේ කතාවටත් සියවස් 04 පමණ පසුවය.


    සටහන මා විසින් වන අතර කරුණු සෙවීමේදී, ශු. බයිබලය, අන්තර්ජාලය, විකිපීඩියා, ලලිත් කරුණාරත්න මහතාගේ බ්ලොග් අඩවිය සහ '' Bezi Habeesha '' මාගේ මිතුරිය ලබා දුන් උපකාර ස්තුතිපුර්වකව මතක් කර සිටිමි.
    ඡායාරුප අන්තර්ජාලයෙන් .

    එහෙනම් ලබන්නාවූ 2019 වර්ෂය රටේ දේශපාලන අර්බුධ නිමා වෙන, ධනාත්මක සහ බුද්ධිමත් ජනතාව ඉදිරියට එන ප්‍රඥාවන්ත මිනිසුන් බිහිවෙන යහපත් වසරක් වේවායි ඔබ සියලු දෙනාටම පතනවා.
     

    දැනුයි අමාරුවෙන් කියෝලා ඉවර කලේ ....:angry:
    පට්ට ලස්සන ත්‍රෙඩ් එකක් මේපාරත් දාලා තියනවා ...:yes:
    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා........:rolleyes:
    ඒවගේම කරුණු ගැලපීමත් හොදට කරලා තියනවා . :Dඒත් අර බයිබල් කතානම් ග්‍රීක් වගේ කිසිම දෙයක් තේරුනේ නෑ ..:baffled: ඒත සමස්ථයක් විදිහට කතාව තේරුනා ...:rofl:
    ස්තූතී මෙහෙම ත්‍රෙඩ් දානවාට.:cool: එහෙම නම් ඊලඟ අවුරුද්දෙත් අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු...:P

    සුභ අලුත් අවුරුද්දක් වේවා....:D
    මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරණවා .;):love:

    ආයි කියන්න ඕනෙ ඔයාගෙ ප්‍රාර්ථනාව හොදයි ඒත් මේරටේ ප්‍රශ්ණ නම් ලබන අවුරුද්දෙ විසදගන්න බෑ ......:sorry::sorry::sorry: