මාවනැල්ලේ මුල්ලා ඕමාර්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාවනැල්ලේ මුල්ලා ඕමාර්

    කවරෙක්ද?


    omarමුල්ලා ඕමාර් දැන් ජීවතුන් අතර නැත. එක ඇසකින් පමණක් ජීවත් වූ හෙතෙම තලේබාන් නායකයා ලෙස ලොව ප‍්‍රකට විය. 2001 දී ලොව ප‍්‍රකට බාමියන් පිළිම විනාශ කරනු ලැබුවේද මුල්ලා ඕමාර්ගේ අණකිරීම මතය. කි‍්‍ර.පූ. හයවැනි සියවසේ ඉදිකරනු ලැබූ මීටර් 55 ක් හා මීටර් 37 ක් උසැති හිටි පිළිම දෙකම විනාශ කෙරිණි. බෞද්ධ ලෝකයාම කම්පා කළ මේ සිද්ධියට දැන් වසර 17 ක් ගෙවීගොස් ඇත. එදත් අදත් හෙටත් මේ ඉතිහාසය අමතක කළ යුතු නැත. මුල්ලා ඕමාර්ලා බිහි වන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පමණක් නොවේ. එනිසා සියලූ බෞද්ධයන් විමසිල්ලෙන් සිටිය යුතුය.

    බාමියන් නිම්නයේ සිට මාවනැල්ල දක්වාම තලේබාන්වරු විසිර සිටිති. මාවනැල්ලේ වෙසෙන සිංහල බෞද්ධයෝ පසුගිය දින කිහිපය පුරාම කනස්සල්ලට පත්ව තිබුණේ එම ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකම බුදු පිළිමවලට හානිකර තිබූ නිසාය. ප‍්‍රදේශයේ ආගමික

    සමගියටත් මේ නිසා ප‍්‍රශ්නයක් වන නිසා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවද යොදා තිබිණි. මේ නිසාම ප‍්‍රදේශයේ බෞද්ධ තරුණයන් විමසිල්ලෙන් සිටි අතර බදාදා අලූයම් කාලයේ දී එක් සාහසිකයකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු මුස්ලිම් ජාතිකයෙකි.

    නමින් එම්. අෂ්ෆර් නමැති මොහු මුල්ලා ඕමාර්ගේ ගමන් මාර්ගයෙහි යන්නෙකු බව පැහැදිලිය. සෑම අවස්ථාවකදීම ජාතිවාදී කෝලාහලයන් ඇතිවූ විට බෞද්ධයන්ට පහරදුන් කණ්ඩායම් නම් නිහඬය. දිගන සිද්ධියේදී බෞද්ධ තලේබාන්වරු ගැන සෙවූ පුද්ගලයෝ මාවනැල්ලේ දී සැබවින්ම ශ‍්‍රී ලාංකික තලේබාන්වරයකු අතටම හසුවු විට නිහඬය. මේ සිද්ධිය නිසා මාවනැල්ලේ මුස්ලිම් පල්ලියකට යම් ගල් ප‍්‍රහාරයක් එල්ල වූවා නම් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කලබල වනු ඇත. නමුත් බෞද්ධයන් එලෙස සාහසිකව කි‍්‍රයා කරන්නේ නැත.

    මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට පත්වීම වැදගත්ය. මොහු මෙවැනි සාහසිකත්වයකට පෙළඹුණේ කෙසේද? මොහුට මේ සඳහා ආධාර උපකාර කරන්නේ කවුරුද? මේ පිටුපස යම් අන්තවාදී සංවිධානයක් සිටින්නේද යන්න වහාම සොයා බැලිය යුතුය. එදා මහ සොහොන් බළකායේ සිංහල තරුණයන් දින සිය ගණනක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර තිබුණේ රටම ගිනි තැබූ මහා අපරාධකරුවන් ලෙස හුවා දක්වමිනි. නමුත් මේ තරුණයන්ට එරෙහි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි විය. මහ සොහොන් බළකාය මගින් දහම් පාසල් දරුවන්ට බෙදාදීමට ගෙනැවිත් තිබූ පොත්පත් හා අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගනු ලැබුවේ පැට‍්‍රල් බෝම්බ හා ප‍්‍රහාරක උපකරණ ලෙස හුවා දක්වමිනි. නමුත් ආගමික සංහිඳියාව බිඳින්නේ කවරකු දැයි දැන් රටටම හෙළිව ඇත. වහාබ් අන්තවාදය දැන් රටම බිලිගෙන ඇත. මුලින්ම මේ බුදු පිළිම ප‍්‍රහාරවලට ලක්වූ විට එජාප හිතවතුන් ප‍්‍රකාශ කර සිටියේ මේවා සිදු කරන්නේ කබීර් හෂීම්ට නිග‍්‍රහ කිරීමට බවයි. එසේ නම් අත්අඩංගුවට ගත් මුස්ලිම් පුද්ගලයා ගැන මහාමාර්ග ඇමැතිවරයා කියන්නේ කුමක්ද? මාවනැල්ලේ බුදු පිළිම අයිති වන්නේ කිසිම පක්‍ෂයකට නම් නොවේ. එය බෞද්ධ උරුමයයි. ඒ උරුමය මෙන්ම ආගම ඇදහීමේ අයිතිය වෙනුවෙන් සියලූ දෙනා පෙනී සිටිය යුතුය.

    බුදු පිළිම කැඞීම මාවනැල්ලේ සිට මහනුවරටත් බෝවී ඇත. මේවා සංවිධානාත්මක ජාලයක් විසින් සිදු කරන්නේද නැද්ද යන්න පොලිසිය වහාම සොයා බැලිය යුතුය. ජාතිවාදී මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් මත මේ පරීක්‍ෂණ නැවැත්වීම කිසිසේත් සිදු විය යුතු නැත. එදා පැවති සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය වෙනස් වී ඇත. සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය කිසි විටක බෞද්ධ සමාජය හා ගැටලූ ඇති කර ගැනීමට උත්සාහ කළේ නැත. නමුත් වේගයෙන් පැතිර යන වහාබ්වාදය මෙරට මුස්ලිම් සමාජය බිලි ගනිමින් පවතින බව රහසක් නොවේ. කළු ලෝගු ඇඳගත් කාන්තාවන් වැඩිපුර සමාජයේ දක්නට ලැබීමෙන් ම මේ වහාබ්වාදයේ අනතුර අවබෝධ කරගත හැකිය. බුදු පිළිමවලට පහරදීමට තරම් සාහසික වන්නේද මේ පිරිස් බව සැක නැත. අයිසිස් සංවිධානයට බැඳුණු ලාංකික මුස්ලිම් ජාතිකයන් හා ඔවුන්ගේ පවුල් පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු වූයේ නැත. සිරියාවේ හා ඉරාකයේ සටන් වැදුණු අයිසිස් සාමාජිකයෝ දැන් රහසේම ලොව පුරා විසිර සිටිති. මෙරටින් සිරියාව බලා ගිය ජිහාඞ් සටන්කරුවන් රහසේම යළිත් ශුද්ධවන්තයන් ලෙස මෙරටට පැමිණ නැතැයි කිව හැක්කේ කවරකුටද?

    බුදු පිළිම කඩා බෞද්ධ සමාජය කුපිත කිරීමෙන් මොවුන් උත්සාහ කරන්නේ කුමකටද? යළිත් මුස්ලිම් පල්ලි ගිනි තබා ගැනීමටද? පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ මහනුවර ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම් නිසා හානියට පත් මුස්ලිම් පල්ලි සමහරක් තවම ප‍්‍රතිසංස්කරණය කර නැත. ඒවා විනාශ කළ අයුරින්ම තවම තබාගෙන ඇත්තේ වැඩි වැඩියෙන් විදේශ ආධාර ලබා ගැනීමේ අරමුණිනි. ලංකාවේ වහාබ්වාදය ප‍්‍රචාරය කිරීමේ අරමුණින් සවුදි අරාබියා, කටාර් රාජ්‍යය කෝටි ගණනින් මුදල් මෙරටට පොම්ප කරති. ථෙරවාදීන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ වී ඇති බව රහසක් නොවේ. එය ශ‍්‍රී ලංකාවට, බුරුමයට හා තායිලන්තයටත් පොදුය. දකුණු දිග තායිලන්තයේ භික්‍ෂුන් පිඬු සිඟා වඩින්නේ හමුදා ආරක්ෂාව මධ්‍යයේය. එලෙසම කෑගල්ල දිස්ති‍්‍රක්කයට අයත් මාවනැල්ල නගරයේ පන්සල් අසලත් විශේෂ කාර්ය බළකා කමාන්ඩෝ සෙබළු ස්ථානගත කර තිබීමෙන්ම ප‍්‍රකාශ කරන්නේ කුමක්ද? මේ පොදු අනතුරේ ස්වභාවය නොවේද? එය කිසි විටක යටපත් කළ නොහැකිය. බෞද්ධ සංවිධානවලට චෝදනා කරමින් ඉංග‍්‍රීසි පුවත්පත්වල පිටු පුරා ලිපි ලියූ දේශපාලන විචාරකයෝ මාවනැල්ලේ සිද්ධිය ගැන කවරක් ලියයිද? ඔවුනට අවශ්‍ය බෞද්ධයන්ට පහර ගැසීම පමණකි. එදා නාලන්දාවට ගිනි තැබුවෝ අද යළිත් ඉපිද මාවනැල්ලේ බුදු පිළිම කඩති. නමුත් නාලන්දාවේ භික්‍ෂුන් මෙන් මෙරට බෞද්ධ සමාජයට මරණානුස්සතිය වැඩිය නොහැක. අපේ බෞද්ධ ශිෂ්ටාචාරය අප විසින්ම රැකගත යුතුය.

    චතුර පමුණුව
     
    • Like
    Reactions: Darkline

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක මරාගේ වැඩක් කියලා තමා ඒ පැත්තේ මිනිස්සුනම් කියන්නේ..

    Yep earlier projects in Mawanella organized by Maheepala Herath
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අනේ උඹලා *කහල්ල බං... මාවනැල්ලේ ඉන්න අපිත් දන්නවා කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල... උඹලගෙ පොන්න ආණ්ඩුව කරන වැඩක්...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක මරාගේ වැඩක් කියලා තමා ඒ පැත්තේ මිනිස්සුනම් කියන්නේ..

    මරා කරානම් උගේ ඇට තලන්න ඕන, රනිලා කළා නම් උගෙත් ඇට තලන්න ඕන (තියෙනවනම්) :angry::angry::angry:

    Pohottuwe loosers. New project to collect Buddhist votes.:yes:

    අනේ උඹලා *කහල්ල බං... මාවනැල්ලේ ඉන්න අපිත් දන්නවා කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ කියල... උඹලගෙ පොන්න ආණ්ඩුව කරන වැඩක්...

    :lol::lol:දැන් කාගේ වැඩක්ද බොල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක විතරක් නෙමේ නොවෑම්බර් වල පොලිසියේ දෙන්නා මරපු එකත් මහින්ද කරුණා පිට දෑම්මා ජෙප්පෝ සහ ටොයියෝ. ඔය බල්ලෝ ඒවා ගෑන හරියට පරීක්ෂණ කරන්න ඈරියා නම් අද මේ විනාශේ නෑ. හෙණ ගහනව ඔය යු ඈන් පී කාරයන්ටයි උන්ගේ රෙදි හෝදන ජෙප්පන්ටයි