ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

    ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ පාර්සිවරු

    ආයුබෝවන් එළකිරි සාමාජිකයන් ඔක්කොටම. ආගමික ඉතිහාසයක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සංක්ෂිප්තව ගොනු කරපු නූලක් තමා අද මම ඔබට ගෙන එන්නේ.

    VzvRCT8.png


    ශරතුස්ත්‍රාගම ( Zoroastrianism ) ගැන ඔබ කොයියම් තැනකදී හෝ අසා ඇතිද ? එසේ නම් පුරාන පර්සියාව ?
    අපි බොහෝ දෙනෙක්ට ශරතුස්ත්‍රාගම යන්න ආගන්තුක වචනයක් වූවාට, පර්සියාව ගැන අපි බොහෝ දෙනෙක් අසා ඇති.
    නාට්‍යය,චිත්‍රපට, ඉතිහාස කතා ආදී බොහෝ තැන් වලින් අපි පර්සියාව ගැන අසා ඇත.

    පුරාන පර්සියාව යනු වර්තමානයේ ඉරානය හෙවත් ඈත අතීතයේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාර ගොඩනැගී භූමියයි.
    ක්‍රි:පූ 3000 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිඳ වැටුනේ පර්සියානු අධිරාජ්‍යයේ නැගී සිටීමත් සමගය.
    පර්සියානු ඉතිහාසයේ එන ''සයිරස්'' නම් අධිරාජ්‍යයා විසින් යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න දෙක මැදිව ගොඩනැගුනු මේ සාරවත් භුමිය අත් පත් කරගනු ලැබුවේ ක්‍රි:පූ 5 වන සියවසේදීය.

    xPPAeL0.jpg


    ඉතිහාසයේ භූගෝලීය වශයෙන් මානව සංක්‍රමණය

    පෘථිවියේ ඉතිහාසයේ පටන් අනවරත ජීවන ගමනක නිරත මිනිස් වර්ගයා වර්තමාන දියුණු මානව ශිෂ්ඨාචාරයක් තෙක් විකාශනය වූ ගමන් මග සුළුවෙන් විස්තර කිරීම අතිශයින් අපහසුය.
    කෙසේ වෙතත් දල වශයෙන් මානවයා ගොවිතැන හා සත්ව පාලනය දියුණු වූ දා පටන් පෘථිවි තලයේ සාරවත් භුමි වල ශිෂ්ඨාචාර ගත වන්නටත්,
    ඉන් නොනැවතී ප්‍රෞඩ සහ අද්විතීය අධිරාජයන් නිර්මාණය කරන්නටත් විය.
    මුලිකවම පෘතුවියේ ජනවර්ග පැවත එන්නේ කොට්ටාශ 03 කි.

    ආර්යය වර්ගයා ( මධ්‍යම, බටහිර, දකුණු ආසියානු සහ යුරෝපයේ )
    නිග්‍රෝ වර්ගයා ( ප්‍රධාන වශයෙන් අප්‍රිකානු ජනවර්ගය)
    මොන්ගොලයිඩ් වර්ගයා ( නැගෙනහිර ආසියානු සහ උප ලතින් ඇමෙරිකානු ගෝත්‍රික වර්ගයා)

    පොළව අන්තර්මහද්වීපික වශයෙන් බෙදී වෙන්වීම සමගින් මානව වර්ගයා ඒ ඒ භූගෝලීය සාධක සහ දේශගුණික තත්වයන් මත මෙසේ ස්වරුපය වෙනස් වූ බව සැලකිය හැක.

    ආර්යයන්

    මනුෂ්‍ය වර්ගයා පොලවේ පැතිරීමත් සමග මධ්‍යම ආසියානු ( පුරාණ බැක්ට්‍රියාව ) භුමියේ සිටි ජනයා ක්‍රමයෙන් තම ජනගහනය වර්ධනය වීමත් සමග වඩාත් සාරවත් සහ විශාල භුමි සොයා දීර්ඝ සංචාර සිදු කළේය.
    එහි ප්‍රතිපලයක් ලෙස එක් කොට්ටාශයක් මධ්‍යම යුරෝපා සහ සයිබිරියන් ප්‍රදේශ වලත්, තවත් කොට්ටාශයක් හින්දුකුෂ් කඳු වැටියෙන් එපිට සාරවත් ඉන්දියානු භූමියටත්,
    තවත් කොටසක් හින්දුකුෂ් කඳුවැටියෙන් වඩාත් බටහිරට වන්නට ඉරාන භූමියටත් සංක්‍රමණය විය.මෙසේ සංක්‍රමණය වූ මිනිසුන් ආර්යන් නොහොත් ඉන්දු - ඉරානීය මිනිසුන් වෙති.

    ලොව පුරා වඩාත් පිළිගත් මතය මෙය වුවත් ආර්ය යනු ජන කොට්ටාශයක් නොව එක භාෂාවක විකාශනයක් බව ලොව භාෂා විශාරදයන්ගේ මතයයි.
    මෙය මෑත ඉතිහාසය පුරාම විවාදයට තුඩු දුන් මතයකි.
    ඔවුන්ට අනුව මධ්‍යම ආසියාව මුල් කොටගත් එක භාෂාවක් කතා කල ජන කොට්ටාශයක් තුලින් පැතිරුණු අනන්‍ය භාෂාවකට උරුමකම් කියූ
    ජන කොට්ටාශයක් බවයි.ඔවුන්ගේ බස ආර්ය බසයි.
    භාෂා විශාරදයන්ට අනුව ග්‍රීක්‌ - ලතින් - ජර්මන් - පර්සියා - සංස්‌කෘත යන භාෂා සියල්ලගේම මූලය ආර්ය භාෂාව විය.
    ආර්ය භාෂාව කතා කල මිනිසුන් මේ එක් එක් භූමියන් හි පදිංචි වීමෙන් පසු කාලයත් සමග ඒවා වර්තමාන ස්වභාවයට අනුවර්තනය වූ බවයි.

    කෙසේ වෙතත් කරුණු සැලකිල්ලට ගැනීමේදී ආර්යන් යනු එක් ජන මූලයකින් පැවත ඒ ඒ භුමි වලට සංක්‍රමණය වීමෙන් පසු විකාශනය වූ ජන කොට්ටාශයක් බව පිළිගත හැක.
    ආර්යන් පිලිබඳ වඩාත් ගැඹුරින් කතා කිරීම මගේ බලාපොරොත්තුව නොවන අතර,
    මේ නූල අවසානයේදී ආර්යන් පිලිබඳ වඩාත් සවිස්තරව ඇති වෙබ් අඩවි කිහිපයක් මෙහි පල කොට ඇත.

    පර්සියාව සහ ආර්යන්

    මෙසේ ආර්ය කොට්ටාශයන් හින්දුකුෂ් කඳුවැටියෙන් බටහිරට වෙන්නට පිහිටි කර්කශ භුමිය වෙත සංක්‍රමණය වූ වා යයි සැලකෙන්නේ ක්‍රි:පු 2000 - 1500 අතර කාල සීමාවේදීය.
    ඉන්දියාවට හෝ යුරෝපයට ගිය ජනයා මෙන් නොව වඩාත් කර්කශ භූමියක කෙමෙන් කෙමෙන් ගොඩනැගුනු මේ ශිෂ්ඨාචාරය ක්‍රි:පු 550 පමණ වන විට එහි උච්ඡ් ස්ථානයකට පැමිණිනි.
    ඒ යුගය හඳුන්වන්නේ පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ලෙසයි.
    ඉන්දු ගංගාවට බටහිරින් කාශ්මීරයේ සිට වර්තමාන ඉරාන භුමිය දක්වා පැතිරුණු සුවිශාල භුමි ප්‍රදේශයක් පුරා මේ ශිෂ්ඨාචාරය ව්‍යාප්ත විනි.

    BfdwRat.jpg

    පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ව්‍යාප්තිය

    මේ යුගයේ පර්සියානු අධිරාජ්‍යයේ පාලකයාව සිටි '' මහා සයිරස් අධිරාජ්‍යයා '' විසින් පුරාන අ'නාර්ය ශිෂ්ටාචාරයක් වුනු මෙසපොතේමියාව, බැබිලෝනියාව සහ සුමේරියන් ශිෂ්ඨාචාරය
    ආක්‍රමණය කොට පර්සියානු අධිරාජ්‍යය එහි බිහි කරනවා.
    සයිරස් නම් බලවත් පාලකයෙකු පිලිබඳ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ '' එස්රා '' නම් ජුදා නායකයාගේ පොතේ සහ '' යෙසායා '' නම් අනාගත වක්තෘ වරයාගේ පොත් වල සඳහන් වේ
    එස්රා 01 : 1 - 11
    යෙසායා 45 : 1 - 08

    udcz3RS.jpg


    Q3rS2aV.jpg


    මහා සයිරස් අධිරාජ්‍යයා

    ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන Boney M. - Rivers of Babylon නම් ගීතයේ සඳහන් වන බැබිලෝනියානු විප්‍රවාස කාලය තුල,
    බැබිලෝනියාවේ වහල්කම් කල ඊශ්‍රායෙල් ජාතිකයන් වහල් බාවයෙන් මුදා නැවත ජුදා දේශයට නිදහස් කරනු ලැබුවේ මහා සයිරස් පාලකයා විසිනි.

    xKiCXWM.jpg

    සයිරස් අධිරාජ්‍යයාගේ සොහොන

    මෙසේ ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වූ යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමියද ඇතුළුව සුවිශාල භුමි ප්‍රමාණයක් වසා පැතිරෙන මේ අධිරාජ්‍යයේ ප්‍රධාන නගර වන්නේ,
    බැබිලෝනියාව (වර්තමාන බෑග්ඩැග් ) Pasargadae ( වර්තමාන ශිරාස් නගරය ආසනයේ පිහිටා තිබිණි ) Susa සහ Ecbatana නම් නගරයි.

    5yrhwFI.jpg

    යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමිය

    මහා සයිරස් විසින් ගොඩනැගු මේ අධිරාජ්‍යය මුල් වරට ආක්‍රමණයට ලක් වන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක් ආක්‍රමනයන්ටය.ඒ ක්‍රි:පු 330 පමණ කාලෙදීය
    එතැන් පටන් විවිධ ආක්‍රමනයන්ට සහ වෙනස්කම් වලට භාජනය වන පර්සියානු අධිරාජ්‍යය ක්‍රි:ව 224 දී ආක්‍රමණ සහ යුද්ධ වලින් පසු සැසේනියන් අධිරාජ්යත්වය කරා යොමු වෙනවා.

    මහා ඇලෙක්සැන්ඩර් ගෙන් පසු කාලීනව පර්සියානු අධිරාජ්‍ය වඩා සමෘදිමත් යුගයක් කරා එළඹියේ 01 වන ඩෙරියස් අධිරාජ්‍යයා ගේ පාලන කාලය තුලදීය.

    voBZ3gL.jpg

    මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා

    4SBmV98.jpg

    01 වන ඩෙරියස් අධිරාජ්‍යයා

    නමුත් ශතවර්ෂ 4 පමණ පසු ( ක්‍රි:ව 654 ) සැසේනියන් අධිරාජ්‍යය බිඳ වැටි,
    මැදපෙරදිග බලවන්ත වූ ඉස්ලාම් - අරාබි අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කොට ෂියා ඉස්ලාම් ධර්මය මුලික පාලන ක්‍රමයක් ස්ථාපිත කරනු ලබනවා.
    වර්තමාන ස්වභාවයට වෙනස් වීමට මුලිකවම හේතු වන්නේ අරාබි - මුස්ලිම් ආක්‍රමණයන්ට ලක් වීම නිසාය.ඒ ක්‍රි: ව 06 වන සියවසේදීය.

    b8qh80U.jpg

    අරාබි - මුස්ලිම් ආක්‍රමණයන්ට ලක් වීම

    ඉන්පසු ශතවර්ෂ 5 අධික කාලයක් පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාම් කලීෆා වරයෙකු යටතේ පාලනය වන අතර ක්‍රි:ව 1221 මොන්ගෝලියානු අධිරාජ්‍යය විසින් යටත් කරගනු ලබනවා.
    ( ගෙන්ගිස් ඛාන් යටතේ බිහිවූ මොන්ගොලයිඩ් අධිරාජ්‍යය සැලකෙනුයේ එකම තනි භූමියකට යටත් වූ ලොව විශාලතම අධිරාජ්‍යය ලෙසයි )

    මොන්ගොල් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග නැවත අරාබි - ඉස්ලාම් පාලනයට යටත් වුනු පර්සියානු අධිරාජ්‍යයේ ඊළඟ යුගය හැඳින්වෙන්නේ Safavids era ලෙසයි.
    එම යුගයේ සිටි පර්සියානු අධිරාජ්‍යයේ සිටි වඩාත් සාර්ථක සහ බලවන්තම පාලකයා වන්නේ Ismail I පාලකයායි.

    Im5P0CY.jpg

    Shah Ismail I පාලකයා

    සැසේනියන් අධිරාජ්යත්වය තෙක් පර්සියානු අධිරාජ්‍යයේ මුලික ආගම, ඇදහිල්ල වනුයේ '' ශරතුස්ත්‍ර '' දහමයි.
    මෙසේ මධ්‍යම ආසියානු භුමියේ සිට පැමිණි ආර්ය ජනයා ගෙන් උරුම කරගත් ශරතුස්ත්‍ර දහම සැලකෙන්නේ ලොව ඉපැරණිම ඒක දේව වාදී ආගමක් ලෙසයි.

    ශරතුස්ත්‍ර තුමා

    ක්‍රි: පු 2 සහශ්‍රකය මුල් භාගයේදී හෝ මැද භාගයේදී මධ්‍යම ආසියානු භූමියෙන් බෙදී වෙන්වී යාමට ප්‍රථම ආර්යයන් ( මෙහිදී මා ඔවුන් එක් ජන කොට්ටාශයක් ලෙස සලකා ඇත )
    එකම භාෂාවක් සහ එකම ඇදහිලි ක්‍රමයක් ඇදහීය.මේ මුල් ආර්යන් ගේ ඇදහිලි පොදුවේ ඕනෑම ප්‍රාථමික ජන කණ්ඩායමක මෙන්
    ඉර සඳ,තාරකා, අහස, පොලව, ගින්දර, සුළඟ යන ස්වාභාවික බලවේග නියෝජනය කළේය.

    1907 දී සුළු ආසියානු කැනීම් වලිඉන් හමුවූ බෝඝස්කොයි ශිලා ලිපි ( boghazkoi tablets ) වලට අනුව පුරාන ඉරාන ආර්යන්ගේ ඇදහිලි සහ
    ඉන්දීය වේද ඇදහිලි අතර බොහෝ සමානකම් මතු විය. මේ අනුව එකම භූමියක සිටි ජනවර්ග එකම ඇදහිලි ක්‍රමයක් භාවිතා කරනු ලැබූ බව සාක්ෂාත් වේ.

    0ZZX3T5.jpg


    snecX57.png

    බෝඝස්කොයි ශිලා ලිපි

    ඔවුන්ගේ ප්‍රධාන දෙවියා '' මිථ්‍ර '' නොහොත් මිථ්‍රාශසිල් නම් විය. මේ ඉන්දීය වේද පුරාණයේ එන මිථ්‍ර දෙවියාමය.ඔහු සැලකුවේ සුර්යයා ට අධිපත දෙවි ලෙසයි.

    මෙසේ ප්‍රාථමික ඇදහිලි වල සිට කෙමෙන් පරිනාමයට ලක්වූ පාර්සියන් ජනතාව කෙමෙන් කෙමෙන් ඇදහිලි, පුජා විදි, ආගමික උත්සව වැනි ඊළඟ මට්ටමේ
    සංවර්ධිත ඇදහිලි යුගයකට එළඹෙන විට '' ශරතුස්ත්‍ර '' නම් ශාස්තෘ වරයාගේ පහළවීම සිදු විය.

    hOVyBIM.jpg

    ශරතුස්ත්‍ර නම් ශාස්තෘ වරයා

    ශරතුස්ත්‍ර තුමන්ගේ උත්පත්තිය පිලිබඳ බොහෝ කරුණු විවාදාත්මකය.
    සමහර මතවාදයන්ට අනුව එතුමන්ගේ උත්පත්තිය සිදු වුයේ ක්‍රි:පූ 1000 - 1500 අතර කාලයක වන අතර සමහරුන් එය ක්‍රි:පු 900 - 650 අතර කාලයක යයි තර්ක කරනු ලබයි.
    නමුත් වර්තමානයේ බොහෝ දෙනෙකුගේ පිළිගනිම නම් ක්‍රි:පූ 1000 - 1500 අතර ශරතුස්ත්‍ර තුමන් උපත ලබන්නට ඇති බවයි.
    කෙසේ වෙතත් එතුමන්ගේ උත්පත්තිය සිදු වූ ස්ථානය අදටත් විවාදිතය.එය වයඹ දිග හෝ ඊසාන පර්සියාවේ වන්නට ඇති බවයි.
    මේ උත්පත්තිය පිලිබඳ පැහැදිලි සාක්ෂි අනාවරණය වී නැත.
    Pourušaspa යනු එතුමාගේ පියා බව මධ්‍ය පර්සියානු Pahlavi ලේඛන වල සඳහන් වේ.
    වයස අවුරුදු 07 තරම් කාලයේදී ශිල්ප හැදෑරීම සඳහා පිටතට ගිය ශරතුස්ත්‍ර තුරුණු වියේදී 03 වරක් විවාපත් වූ බවත්,
    ඔහුගේ අවසන් බිරිඳ '' හවොව් ''නම් කාන්තාවක් බවත්, ඇය ශරතුස්ත්‍ර ආගමේ අධ්‍යාත්මික මාතාව ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ සලකයි.

    වයස අවුරුදු 30 තරම් කාලයේදී නිවසින් පිටව යන ශරතුස්ත්‍ර කඳුකරයේ තපස් දම් රකිමින් සිටියදී සර්වබලධාරී දෙවියන් විසින් ඔහුගේ ප්‍රධාන දුතයා ලවා ශරතුස්ත්‍ර ඇමතු බව,
    ඉපැරණි '' මස්දා ලේඛන '' වල සඳහන්ය.
    මේ සර්වබලධාරී දෙවියා නමින් '' අහුරමස්දා '' ( Ahura Mazda ) නම් වේ. ඔහුගේ ධර්මය මස්දා ධර්මයයි.
    මෙය සිදුවූ අවුරුද්ද '' භක්තියේ වසර '' ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ හඳුන්වයි.


    MCMVu5s.jpg

    ශරතුස්ත්‍ර ධර්මයේ එන ප්‍රාථමික සංඛේතයක්.


    කෙසේ වෙතත් ශරතුස්ත්‍ර හට දේව අනාවරණය වීමෙන් පසු වසර ගණනාවක් යනතුරු පාර්සි වරු එය පිළිගැනීමට මැලි විය.
    ඊට මුලිකම හේතුව නම් රාජ්‍ය අනුග්‍රහය නොලැබීමයි.ඒ කාලවකවානුවේදී පාර්සි බහුදේවවාදී පුජකයින් විසින් ශරතුස්ත්‍ර අල්ලා සිරගත කල බවත් සඳහන්ය.

    නමුත් මෙසේ සිරගතව සිටියදී ඔහුගේ ක්‍රියා දුටු විශ්තාස්ප ( Vishtaspa ), ඒ සමයේදී පාර්සි වරුන්ගේ පාලකයා විසින් ඔහු නිදහස්කොට
    ඔහුගේ ධර්මය ගැන පැහැදී ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය වැළඳ ගන්නා ලදී.
    ඉන්පසු ශීඝ්‍රයෙන් ශරතුස්ත්‍ර ධර්මය පර්සියාව පුරා පැතිර ගියේය.

    Pahlavi ලේඛන වලට අනුව ශරතුස්ත්‍ර ගේ මරණය සිදුවුයේ කඳුකරයේ අහුරමස්දා දෙවි සමග හමුවෙන් වසර 47 ට පසුව බවයි.

    ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය


    බහුදේවවාදී සංකල්ප බැහැර කරමින් සර්වබලධාරී එකම දෙවියන් කෙනෙක් ඇති බවත්, ඒ අහුරමස්දා බවත්
    තමන් අවබෝධ කර ගත බව ශරතුස්ත්‍ර තුමන් කියයි.ඒ බව ඔහුට සැලකලේ අහුරමස්දා දෙවියන්ගේ ප්‍රධාන දුතයා වන '' වොහුමාන් ''ය.
    මස්දා ලබ්ධියේ සර්වබලධාරී දෙවියන්ට අමතරව ඇත්තේ දේව දූත පංතියකි.

    වොහුමාන් යනු ප්‍රධාන දෙවදුතයා වන අතර පාරිශුද්ධියේ දුතයායි.
    ශ්රෝෂා යනු අවනත භාවය පිලිබඳ දේව දුතයායි.
    අහුරමස්දා දෙවියන්ගේ පුතණුවන් වන ආශා , අථර් සහ දියණියන අර්මයිතී ද මේ දේවදූත පංතියටම අයත් ය.
    පිලිවෙලින් අශා ධර්මිෂ්ඨ කමෙත්,
    අථර් ගින්න හෙවත් අග්නියට අධිපතිවත්,
    අර්මයිතී භක්තියේ දෙවඟන ලෙසත් හඳුන්වනු ලබයි.
    මීට අමතරව අශි දෙවඟන නොකැළැල් බව සහ සත්‍යයේ දෙවඟනයි.

    මස්දා ලබ්ධියේ පාපයේ දුතයා අන්ග්‍ර මන්‍යු ( Angra Mainyu ) සියලුම නපුරට අධිපතියා ඔහුය.

    එමෙන්ම මස්දා ලබ්ධියේ ශික්ෂාවන් සටහන් කොට ඇත්තේ '' ගාථා '' සහ '' ආවෙස්ථා '' ලේඛන වලය.
    ධර්මයෙහි පළමු යුගය ගාථා යුගය ලෙසත් දෙවන යුගය ආවේස්ථා යුගය ලෙසත් හඳුන්වනු ලබයි.
    ඉන්පසු කාලපරිඡේදය '' පහ්ලව් '' යුගය ලෙස හැඳින්වේ.

    මස්දා ලබ්ධියේ ශික්ෂාවන් ඉතා සරළ සහ දේවත්වය ආරෝපණය වුවක් වේ.කෙටියෙන් මෙසේය.

    අහුරමස්දා යනු,
    සියල්ලේ නිර්මාණ කරු ඔහුය.
    යහපතේ සහ සන්තුෂ්ටියේ උල්පතයි.
    ඔහු සියල්ල දනී.
    ඔහුගේ බලපරාක්‍රමය සැමතැනම පිහිටයි.
    මනුෂ්‍යයාට ඔහු හා සමවිය නොහැකියි.

    එසේම,
    අහුරමස්දාට ප්‍රේම කල යුතුය.ගෞරව කල යුතුය.
    මංගල්‍යය දිනයන් පුජනීය සේ සලකා කටයුතු කල යුතුය.
    තමන්ට අයත් නොවන කිසිම දේකට අයිතිවාසිකම් නොකිය යුතුය. සොරකම් නොකල යුතුය.
    මුසා බස් නොදෙඩිය යුතුය.
    අන් අයට ඊර්ෂ්‍යා නොවී කඩිසරව වැඩකළ යුතුය.
    කිසිවෙකුගේ අගුණ ඔහු/ඇය නොමැති තැන පැවසිය නොයුතුය.
    ලේ නෑකම් ඇති ස්ත්‍රියක සරණපාවා නොගත යුතුය.
    ස්වකීය මවට සහ පියාට ප්‍රේම කල යුතුය. ගෞරව කල යුතුය.
    දරුවන් තැනිය යුත්තේ මුළු මහත් සමාජයේම යහපත උදෙසාය.

    මරණින් මතු ජීවිතය ගැන මස්දා ලබ්ධියේ ඉගැන්වීම් බොහෝ සෙයින් යුදෙව් සංකල්ප වලට සමානකමක් දක්වයි.
    එනම්, දිවය ලෝකය ( මාන්හ් ලෙස හැඳින්වේ ) සහ පොළව ( අස්ත්වන්ත් නම් වේ) යි.
    පව්කරුවන් යැවෙනුයේ අපාය හෙවත් දෘජෝදේමාන ටය.එහෙත් යමෙකු කරනු ලැබූ පව් සහ යහපත සලකා බලා අතරමැදි අන්තරා ලොවක් ගැන මස්දා ලබ්ධියේ සඳහන් වේ.

    කෙසේ වෙතත් ශරතුස්ත්‍ර තුමන් දේශනා කල මස්දා ලබ්ධිය සම්පුර්ණයෙන්ම මිනිසුන් වෙත අවශෝෂණය වුයේ නැත.
    ශතවර්ෂ ගණනක් තිස්සේ ඉන්දු - ඉරානීය දේව පංතියට අයත් බොහෝ දෙවිවරුන් වැඳුම් පිදුම් කිරීම පාර්සි වරුන් බොහෝදෙනෙක් අත්හළේ නැත.
    යුගයෙන් යුගයට විවිධ වෙනස්කම් සහ මුහුණුවරයන් ආරෝපණය වුවත්, සංකල්පයක් වශයෙන් පර්සියන් වරු ඒක දේවත්වයක් ලෙස අහුරමස්දා දෙවියන්
    මුල් කරගත් පුජා සහ ආගමික උත්සව වලින් සමන්විත ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියට ගෙන ගියේය.
    ශරතුස්ත්‍ර ධර්මයේ ප්‍රධානතම පුජා ක්‍රමය වන්නේ ගිනි පූජාවයි.ඒ වෙනුවෙන්ම සැකසු සුවිශේෂී ගිනි පුජා යාග සහ ගිනි දේවාල පර්සියාව පුරා බිහි විනි.

    R8StV8Z.jpg

    ශරතුස්ත්‍ර දවන පූජා යාගයක්.

    ශරතුස්ත්‍ර ධර්මයේ එන චාරිත්‍ර විදි සහ මංගල්‍යයන්

    පර්සියානු දින දර්ශනය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ මෙන් මාස 12න් සමන්විත වන අතර,
    සියවස් ගණනාවක් තිස්සේ සිදුවූ සංක්‍රමන, ආක්‍රමණ සහ වෙනත් සම්බන්ධතා නිසා දැනට ශරතුස්ත්‍ර ලබ්ධිකයන් ප්‍රධාන දින දර්ශන 03 භාවිතා කරයි.
    ඒවා නම් Fasli, Shahanshahi, and Qadimi යන ත්‍රිත්වයයි.

    Noruz / Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය උත්සවාකාරයෙන් සමරනු ලබන අතර මෙය සිංහල හින්දු ක්‍රමයේ මෙන්ම නව අස්වැන්නක් දෙවියන් උදෙසා පූජා කිරීමේ සම්ප්‍රදාය මත ගොඩනැගුනකි.
    එක්තරා අයුරකින් සූර්ය මංගල්ලයකි.මෙය අදටත් ඉරානීය සහ පාර්සිවරු උත්සවාකාරයෙන් සමරයි.
    මෙය වර්ෂයේ මාර්තු මස 21 වනදා සමරනු ලබයි

    EFDKU01.jpg

    Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය


    Khordad Sal හෙවත් ශරතුස්ත්‍ර තුමන්ගේ උපන්දිනය. මෙය නිශ්චිත දිනවකවානු සඳහන් නොමැති නිසා,
    අතීතයේ සිට නව අවුරුදු උත්සවයෙන් දින 06 පසු සමරනු ලබයි.
    මේ දෙක ප්‍රධාන උත්සව වන අතර දෙවඟනන් සහ අනෙකුත් දෙවදුතයන් උදෙසාද විවධ උත්සව පවත්වනු ලබයි.

    Navjote උත්සවය යනු ශරතුස්ත්‍ර ධර්මයේ දරුවෙකු sudreh and kusti වත්පිළිවෙත සඳහා ඇතුලත් කරගනු ලබන උත්සවයයි.
    මෙය දරුවෙකු අවුරුදු 7 - 12 අතර කාලයේදී සමරනු ලබයි.එමෙන්ම ඉන්පසු ඒ දරුවා වැඩිහිටියන් සමගින් එක්ව යාග සහ පුජා සඳහා සහභාගී කරගනු ලබයි.

    5dT9VY6.jpg

    Navjote උත්සවය

    සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක් දින 03 ත් 07 අතර කාලයක් සමරනු ලබයි. මෙය ඒ ඒ පුද්ගලයන්ගේ කැමැත්ත මත සිදුවේ.
    පොදුවේ මනාලයා සහ මනාලිය සුදු ඇඳුමින් සැරසෙනු අතර අනෙකුත් විවාහක කාන්තාවන් විසින් මනාල ජෝඩුවට ඉහලින් සුදු උඩු වියනක් ඔසවාගෙන සිටින අතර,
    සීනි කෝටු එකිනෙක පිරිමැදීමක් සිදු කරයි.ඒ තුලින් විවාහය මිහිරි, සෞභාග්‍ය වීමට ප්‍රාර්ථනා කරයි.

    EMbOJs6.jpg

    සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක්

    වඩාත් අපුර්වතම චාරිත්‍රය වනුයේ ශර්තුස්ත්‍ර ලබ්ධිකයෙකුගේ අවමංගල්‍යය උත්සවයයි.
    අතීතයේ පටන් පැවත එන නියම චාරිත්‍රය නම් මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි.
    මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ.
    නමුත් වර්තමානයේ මෙය ඉතාමත් සීමිත ආකාරයෙන් සිදුවේ.ඉන්දියාවේ ඉතා සීමිත අවමගුල් කුළුණු කිහිපයක් පමණක් අදටත් දක්නට ලැබේ.

    EKe3NT4.jpg


    rQqGYbM.jpg


    h3HmpIf.jpg

    මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි.
    මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ.

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශරතුස්ත්‍ර ධර්මයේ විකාශනය සහ වර්තමානය


    ක්‍රි:ව 6 වන සියවසේදී සැසේනියන් අධිරාජ්‍ය අරාබි - ඉස්ලාම් කලීෆා රාජ්‍යට යටත් වීමෙන් පසු ශරතුස්ත්‍ර ලබ්ධිකයන්ට කෙසේවත් යහපත් කාලයක් උදාවුයේ නැත.
    එයින් පසු පර්සියන් අධිරාජ්‍යයේ මුලික ආගම වුයේ ෂියා ඉස්ලාම් ධර්මයයි.ක්‍රමයෙන් බොහෝ ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ ඉස්ලාමය වැළඳ ගත් අතර,
    ඉතිරි කොටස් රහසේ ශරතුස්ත්‍ර ධර්මය පවත්වාගෙන ගියත් එය ක්‍රමයෙන් අභාවයටම පත් විය.
    නමුත් යම් යම් ජනකොටස් සුළු ආසියාව සහ ඇෆ්ගන් කඳුකරය ඔස්සේ පන්ජාබයටත් ඉන් නොනැවතී මධ්‍යම සහ බටහිර ඉන්දිය රාජ්‍යන්ට සංක්‍රමණය විය.
    ඉතා සුළු කොටසක් ගිනිකොන ආසියාවටද සංක්‍රමණය විය.
    මෙනිසා අදටත් ඉන්දියාවේ මුම්බාය කේන්ද්‍ර කරගනිමින් ශරතුස්ත්‍ර ධර්මය පවතී.

    WhcUEKo.jpg

    වර්තමාන ඉන්දියාවේ පිහිටා ඇති ශරතුස්ත්‍ර ගිනි දෙවොලක්

    qWvSYT5.jpg

    ඉරානයේ කෙර්මාන් නගරයේ පිහිටා ඇති ශරතුස්ත්‍ර කෞතුකාගාරයක්

    QRtlZNN.jpg

    වර්තමාන ඉරානයේ කසාන් නගරය අතීතයේ පර්සියන් අධිරාජ්‍යයේ වැදගත් ඓතිහාසික නගරයකි.

    2006 new york times ගවේෂණයන්ට අනුව ඒ වන විට ලොව පුරා වෙසෙන ශරතුස්ත්‍ර ලබ්ධිකයන් 190 000 පමණ ඉතා සුළු පිරිසකි.
    එමෙන්ම ව්‍යාපාරික හේතු මුල්කරගෙන මෙරටටද ශරතුස්ත්‍ර ලබ්ධිකයන් සංක්‍රමණය වූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී 300 පමණ සුළු පිරිසක් මෙරට ස්ථීරවම පදිංචිව සිට ඇත.
    කෙසේ වෙතත් වර්තමානයේ මෙය පවුල් කිහිපයකට පමණක් සීමා වී ඇත.
    මීට මුලිකම හේතුව නම් යමෙක් ශරතුස්ත්‍ර ලබ්ධිකයෙකු වීමට නම් මව සහ පියා යන දෙදෙනාම එහි ලබ්ධිකයන් විය යුතු අතර,
    පිටතින් කිසිවෙකුට ඒ ධර්මයට ඇතුල් විය නොහැකිය.මේ නිසා ලොව සීඝ්‍රයෙන්ම වඳවී යන ධර්මයක් ලෙස ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියෙන්ම පවතී.

    සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් කලකට ඉහත මෙරට පාර්සි ප්‍රජාව සහ කොළඹ පිහිටි ඔවුන්ගේ
    ප්‍රධාන ගිනිදෙවොල පිලිබඳ ගවේශනාත්මක ලිපියක්ද පලකොට ඇත.එයද මේ නුලේ අවසානයට අමුණා ඇත.

    තවත් වැදගත් කාරනාවක් මෙහි ලා සටහන් කල යුතුය.
    Persian - පර්සියන් සහ Parsis - පාර්සි යනු නාමකරණයන් 02 කි.
    පර්සියන් යනු ඉන්දු - ඉරානියන් පසුකලෙක ගොඩනැගු පර්සියන් අධිරාජ්‍යයේ ජීවත් වූ මිනිසුන් හැඳින්වූ නම වන අතර,
    පාර්සි යනු අරාබි ආක්‍රමණ වලට පසු සුළු ආසියාව, ඉන්දියාව සහ ගිනිකොණ දිග ආසියාවට සංක්‍රමණය වූ පර්සියන් මිනිසුන් හැඳින්වූ පොදු නාමයයි.

    නමුත් මෙහිදී මා විසින් උච්ඡාරණය ( එක් පාපිල්ලක වෙනස එකවරම ගම්‍ය නොවන නිසා ) සහ හඳුනා ගැනීමේ පහසුව පිණිස පොදුවේ ඔවුන් සියල්ලෝම
    '' පාර්සි '' ලෙස හඳුන්වා ඇත.
    නැවතත් පාර්සි වරු යනු අවසන් වරට සංක්‍රමණය වූ පිරිසය.

    කෙසේ වෙතත් ඉදිරි අනාගතයේදී ශරතුස්ත්‍ර ධර්මය පහසුවෙන්ම ලෝකයෙන් ගිලිහි යනු ඇති බවට පැහැදිලිය.
    එවිට එය අතීතයේ පැවති තවත් එක් ධර්මයක් පමණක්ම වනු ඇත.
    ඒ නිසා මේ පිලිබඳ ගවේශනාත්මක සහ සංක්ෂිප්ත ලිපියක් පළ කිරීම කලක පටන් මගේ සිත්හි තිබුණි.
    නමුත් මෙය සිංහල බසින් තොරතුරු සෙවීම ඉතා අපහසු කාරණයක් වුනු නිසාද, පෞර ඉතිහාස කරුණු කාරණා ගොන්නක් ඒ හා සබැඳි නිසාද
    තරමක කාලයක් සහ වෙහෙසක් දරා සකස් කෙරිණි.

    තවද මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය සහ නෙබුකද්නේෂර් පාලකයා,බැබිලෝනියාවේ ඊශ්‍රායෙල් වහලුන්,බැබිලෝනියානු විප්‍රවාස කාලය, පර්සියානු අධිරාජ්‍යය, සයිරස් සහ ඩේරියස් අධිරාජ්‍ය වරුන් ,
    ඉස්ලාම් - කලිෆාව, ගෙන්ගිස් ඛාන් ගේ ආක්‍රමණ වැනි අතිශය සංකීර්ණ ඉතිහාස වෘතාන්ත ඉතා ඕනෑකමින් කෙටි කර වාක්‍යය කිහිපයකින් දක්වා ඇත.
    එසේ කලේ නූල අනවශ්‍ය ලෙස දිගින් වැඩි වීම වලක්වනු පිණිස සහ පාඨක ඔබ වෙහෙසට පත් නොවනු පිණිසය.

    කෙසේ වෙතත් ලිපියේ අඩුපාඩු තිබෙන්නට බොහෝ ඉඩ ඇත ඒ නිසා වැරදි යමක් හෝ එකතුකළ යුතු යමක් ඇත්නම් ඒවා පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    අවසානම වශයෙන් යමක් කිව යුතුමය....
    වර්තමාන ලෝකයේ කෙමෙන් කෙමෙන් ආගම සහ දේව විශ්වාස මනුෂ්‍යයා තුලින් තුරන් වෙමින් පවතී.
    විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව, සෑම ස්වාභාවික සංසිද්ධියක් සඳහාම ස්වභාවධර්මයේ පැහැදිලිකිරීම්,සහ නුතන ජීවන රටාව නිසා,
    යුරෝපයේ සහ ඇමෙරිකාව ප්‍රමුඛ බොහෝ රටවල අනාගමික, අදේව වාදී සංකල්ප පිළිගැනීමට මිනිසා පෙළඹ ඇත.
    මෙයත් මනුෂ්‍ය සංහතියේ එක් සංධිස්ථානයකි.
    වනාන්තරයෙන් ගොඩබට මිනිසා ගොවිතැනෙන්, ගම් සහ නගර වලින් නොනැවතී ප්‍රෞඩ රාජධානි සහ අධිරාජ්‍යයන් ගොඩනගා කෙමෙන් කෙමෙන් වර්තමාන තත්වය දක්වා විකාශනය වී ඇත.
    ආගම සහ ධර්මතාවයන්ද එසේමය. ඒවා සෑම දිනම වෙනස් වෙමින්, අලුත් වෙමින්, ක්ෂය වෙමින් පවතී.
    ඔබ අනාගමිකයෙක් හෝ අදේව වාදී සංකල්ප දරන්නෙකු නම් බ්‍රිතාන්‍ය ජාතික දාර්ශනිකයෙකු වූ '' බර්ට්‍රන්ඩ් රසල් '' ( Bertrand Russell ) චරිතය කියවිය යුතුමය.



    සම්පුර්ණ ලිපිය සකස් කරනු ලැබුවේ මා විසිනි.

    තොරතුරු සපයා ගනු ලැබුවේ

    විකිපීඩියා, අන්තර්ජාලය , BBC පුවත් සේවය, ශු.බයිබලය, මූර්ති විසින් රචිත - '' ආගම සහ මියගිය ලෝකය '' කෘතිය,
    මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ ලිපි, සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතාගේ ලිපිය සහ මා ඥාති සොයුරිය ලබා දුන් තොරතුරු පදනම් කරගෙනය.

    ඡායාරුප සියල්ල අන්තර්ජාලයෙනි.
    :):):):):)

    ආර්යන් පිලිබඳ කරුණු සඳහන් වෙබ් අඩවි සහ ආශ්‍රිත ලේඛන
    https://www.scribd.com/document/35991706/The-Aryan-Hypothesis-and-Indian-Identity

    https://archive.org/details/TheAryansAStudyOfIndo-europeanOrigins/page/n17

    මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය පර්සියාව සහ සයිරස් අධිරාජ්‍යයා පිලිබඳ තොරතුරු ආශ්‍රිත වෙබ් අඩවි
    http://www.iranchamber.com/history/cyrus/cyrus.php

    https://en.wikipedia.org/wiki/Cyrus_the_Great

    https://en.wikipedia.org/wiki/Mesopotamia

    https://www.historyonthenet.com/mesopotamia

    බෝඝස්කොයි ශිලා ලිපි
    https://2ndlook.wordpress.com/tag/boghazkoi/

    ශරතුස්ත්‍ර ධර්මය පිලිබඳ ආශ්‍රිත වෙබ් අඩවි
    http://www.bbc.co.uk/religion/religions/zoroastrian/

    https://en.wikipedia.org/wiki/Zoroastrianism#Religious_text

    පුරාන පර්සියන් ( ශරතුස්ත්‍ර )දින දර්ශනය
    http://www.avesta.org/taqizad.htm

    සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද මහතා විසින් පලකරනු ලැබූ ලිපියේ අනුවාදයක්
    http://www.lankanewslive.com/2015/08/30/secreat-fire-temple-colombo-sri-lanka/
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අර SJ ගේ කුණුහර්ප thread බලල මේක බැලුවම ආයේ එලකිරිය ගැන පැහැදීමක් ඇති උනා...

    එල එල ඔහොම යන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි දාලනේ
    හිමිට කියවන්න ඕනේ


    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Genghis Khan කියද්දී Marco Polo මතක් උනා ;)
    සුපිරි විස්තරයක් මචන් තවත් මේ වගේ ඉතිහාස කතා දාමු :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීම---> ඉන්දියාවේ ඉතා සීමිත අවමගුල් කුළුණු කිහිපයක් පමණක් අදටත් දක්නට ලැබේ.
    :sorry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෙන්ගිස් කාන් කියන්නෙ පට්ටම මෝටිවෙටිව් චරිතයක්. දුර්වල බයගුල්ලෙක් වගේ හිටපු කොල්ලෙක්
    බින්දුවෙන් පටන් ගෙන මහා අධ්රාජ්‍යක් ගොඩනගල රණකාමී ගෝත්‍ර ගානක් තමන්ගෙ පාලනය යටටත ගන්නව.
    කැමති එකෙක් පල්ලෙහා තියෙන වීඩියෝ එකේ ඉතුරු ටිකත් හොයාගෙන බලපන්.


     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං නියමයි.. සමහරක් තැන් සංකීර්ණයි...
    ගොඩාක් මහන්සි වෙලා තියනවා... Rep+++ :cool:
    ඉරානේ ගිහින් එන්න ආසයි ඇවිදලා :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. heta dennam :eek: