දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    දුම්බර වනයේ දුෂ්කර ගමනකින් ලඟා වෙන සුන්දර අළුගල්ලෙනේ ගෙවුණු නිහඬ රාත්‍රියක්...

    එළකිරි සාමාජිකයෝ ඔක්කොටම ආයුබෝවන්....කිහිප දවසකින් තමා සංචාරක නූලක් අරගෙන එන්නේ.
    හැමදාමත් වගේ දුම්බර එහෙම නැත්තම් නකල්ස් සුන්දර අඩවියේ ගත කරපු බොහොම සුන්දර, නිහඬ දවස් 02 ගැන තමා මේ කියන්නේ.

    මේ සංචාරය අපි ගියේ මීට අවුරුදු එකහමාරකට වගේ ඉස්සර. හරියටම කිව්වොත් 2017 ඔක්තෝම්බර් මාසේ.
    ඒ මම අවසන් වතාවට රාජකාරි කරපු ආයතනයේ අපේ යාලු මිත්‍රයෝ එක්ක.

    අලගල්ලෙන්, ගැරඬි ගලෙන් ඇරඹුණු අපේ චාරිකාවන් රත්න ඇල්ලේ - හසලක ඔයේ අමතක නොවන රාත්‍රීන්, සීතල නුවර එළියේ එළිවෙනතුරු දාපු බජව්,
    ගලහ දෙල්තොට සීතල වතුරේ පැය ගණන් ගතකරපු මොහොතවල්, කිතුල්ගල කැළණි ගඟේ ඔරු පැදපු දවස් වගේම සුන්දර මතකයන් රැසක් එක්ක ගෙවපු සුන්දරම චාරිකාවක් තමයි අලුගල්ලෙන ගමන.

    මේ කාලේ වෙද්දී මම ආයතනයෙන් අයින් වෙලා උන්නත්, අපි කට්ටිය අතරේ සම්බන්ධතාවය ඒ විදිහටම තිබුන.
    ඉතින් අපි ගමන සුදානම් කරගෙන අවශ්‍ය බඩු මුට්ටු ඔක්කොම මලු කරගහගෙන රෑ කොළඹ ඉඳල නුවර ට ඇවිත්,
    පාන්දරම තිබුණු වත්තේගම බස් එකෙන් වත්තෙගමට එද්දී 6.30 විතර ඇති.එතනින් උදේටත් කෑම අරගෙන බඹරැල්ල ට එද්දී උදේ 8 පහු වුනා.

    ( මේ සංචාරක ත්‍රෙඩ් එකේදී මම ගමනේ සියලු ගමන් විස්තර, ගමන් මාර්ග,සිතියම් ඇත්නම් ඒවා, දත්ත සහ වේලාවන්, අවශ්‍ය සටහන්, වැදගත් කරුණු සියල්ලම සංක්ෂිප්තව තොරතුරු සහිතව ඉදිරිපත් කරනවා.
    මේ ක්‍රමය ඉදිරියට හැකි සෑම සංචාරක නූලක් සඳහාම භාවිතා කරනවා. ඒක ගොඩක් දෙනෙකුට පහසුවක් වේවි )

    sn8uQDk.jpg

    අලුගල්ලෙන තියෙන්නේ බඹරැල්ල ඉඳල නකල්ස් කඳු 05 ( 5 peaks ) යන පාරේම අතරමගින් හැරිලා කඳු පන්තියේ පාමුලින් ගිහින් අළුගල් කන්ද පාමුලට වෙන්න.

    ඉතින් උදෙන්ම අපි අපේ සංචාරය පටන් ගත්තා.
    අපේ අරමුණ වුනේ එදා රාත්‍රී අලුගල්ලෙනේ නැවතිලා පහුවදාට තංගප්පුව ගමට බැහැල එතනින් රංගල හරහා නුවරට එන්න.

    මෙදා ගමනේදී අපි බොහොම හිමින් වගේම හරිම ලස්සනට පරිසරය විඳිමින් ගමන් කලේ.
    අපේ එක යාලුවෙක් අරගෙන ආපු ඩ්‍රොන් එකත් සැරින් සැරේ උඩ යවමින් බොහොම නිහඬව ගියපු ගමනක්.

    ගමන් ආරම්භයේදී තේ වතු මැදින් ගිහින් ලස්සන කුඩා දිය පාරවල් හරහා වැටිලා දුම්බර අඩවියට ඇතුළු වුනා.
    අපි මුලින්ම සේන්දු වුනේ නකල්ස් දියඇල්ල ගාවට. එතැනදී අපි පොඩ්ඩක් නතර වෙලා පොඩි විවේකයක් ගත්තා.
    මම නම් ඔය අතරේ නකල්ස් ඇල්ල උඩට නගින්න අමතක කලේ නෑ.

    eq8HMDq.jpg

    ගමන ආරම්භ කරමින්

    d7wjIKH.jpg

    තේ වතු මැදින් ගොස් මහා වනයට ඇතුල් වීමට පෙර

    OKg5L4E.jpg

    a7JBYEL.jpg

    1lfWsju.jpg

    nsZqDRt.jpg

    නකල්ස් සංචාරක මංපෙත ( knuckles scenic trail ) ආරම්භක ස්ථානය

    b2GZUpX.jpg

    Fjg2ViT.jpg

    නකල්ස් දිය ඇල්ල

    pO8wGy4.jpg

    නකල්ස් ඇල්ලේ උඩ

    Xyz3szB.jpg

    මෙතනින් පස්සේ දිගටම දුම්බර සංරක්ෂිත වනය.
    නකල්ස් සංචාරක මංපෙත කියන්නේ දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් දෙනෙකුගේ ආකර්ෂණයට ලක් වුනු ස්වාබාවික වන මංපෙතක්.
    අපි ගමන පටන් ගනිද්දිම තිබුණු පැහැදිලි කාලගුණය එක්වරම මීදුමෙන් බර වුනේ බොහොම ක්ෂණයකින්.
    ඈතට පෙනුණු කඳු මුදුන් ඉක්මනටම මීදුම් කැටෙන් වැහිලා ගියා.
    එතනින් පස්සේ වන සංරක්ෂණයෙන් හදපු පුංචි නැවතුම්පොළ තමයි අපේ ඊළඟ නැවතුම වුනේ

    aOoqlEY.jpg

    ඔය පින්තුරේ වමට වෙන්න පේන්නේ රිලාගල

    EYdxWsa.jpg

    qf6vNWk.jpg

    JZbzcSp.jpg

    ඈත කඳු එකපාරම මීදුමෙන් වැහුනා

    1SCsRwP.jpg

    ocrOleY.jpg

    JH3XeWC.jpg

    වන සංරක්ෂණයෙන් හදපු පුංචි නැවතුම්පොළ

    ගමනේ අඩි පාරේදී හම්බ වෙන පලවෙනි මංසන්ධිය තමා අලුගල්ලෙන - නකල්ස් මංසන්ධිය.
    බඹරැල්ල ඉඳල එන කෙනෙක් මෙතනින් වමට - උඩට ගියොත් නකල්ස් කඳු 05 උඩට ලඟා වෙන්න පුළුවන්.
    දකුණට - පහලට අලුගල්ලෙන, තංගප්පුව පැත්තට. අපි තෝරා ගත්තේ ඒ පාර.

    එතනින් පස්සේ තරමක ලොකු බෑවුමක් එක්ක තමා පහලට යන්න තියෙන්නේ.
    එහෙම ගිහින් අපි ප්‍රධාන කඳු වැටියේ අනෙක් පස පාමුලට තමා වැටෙන්නේ.
    එතන ඉඳල ටිකක් දුර ඉස්සරට යද්දී බොහොම ලස්සන ගල් තලාවක් උඩ අපි පොඩ්ඩක් විවේක ගත්තා.
    එතැනදී අපි දවල්ටත් පාන් ටිකක් කාලා ගිමන් හැරලා තමා නැවත පිටත් වුනේ.
    එතනට ඈතට අළුගල් කන්දේ මුදුන එහෙම පේනවා.

    NgeXKYx.jpg

    මේ පෙනෙන දිසාව ඔස්සේ තමා අලුගල්ලෙනට යන්නේ.මේ පින්තුරේ ගත්තේ බඹරැල්ල පැත්තේ ඉඳල.

    CgyTlD8.jpg

    NPwNKZL.jpg

    ගෝමරයේ ගල සහ කන්දසාමි ගල

    JcCPjZL.jpg

    නකල්ස් කඳු පන්තියේ පලවෙනි මුදුන

    fqAHzqe.jpg

    V8gXoqY.jpg

    n1ISi6n.jpg

    hO6haUi.jpg

    විවේක ගනිපු එළිමහන් බිම. ඔය ඈතට උලක් වගේ පෙනෙන්නේ අළුගල් කන්ද.

    bHK6R1M.jpg

    නකල්ස් කඳු පංතියේ කොටසක් සහ අළුගල් කන්ද.

    I3lHzur.jpg

    එතනින් පස්සේ දිගටම ඉදිරියට ඇවිත් අපි ඊළඟට වැටුනේ ගමනේ දෙවෙනි මංසන්ධියට.
    ඒතමයි තංගප්පුව - අලුගල්ලෙන / මීමුරේ මංසන්ධිය.අපි පැමිණි දිශාවේ ඉඳල දකුණට - ඉදිරියට තංගප්පුව.
    වමට - පහලට අලුගල්ලෙන සහ මීමුරයට.අපි තෝරා ගත්තේ වමට.
    එතන ඉඳල ගමනේ ලොකු බෑවුමක් හෝ නැග්මක් තිබුනේ නෑ.
    අලුගල්ලෙනට කිට්ටුවටම වෙන්න තරමක කඳුගැට කිහිපයක් විතරයි හමු වුනේ.
    ඒ දිගටම පැරණි එනසාල් යටි රෝපණයන් දකින්න ලැබුනා.ඒ වගේම බට පඳුරු සෑහෙන්න දකින්නත් ලැබුනා.
    මම අහලා තියෙනවා නකල්ස් රක්ෂිතයක් සහ ලෝක උරුමයක් බවට පත් කරන්නට කලින් අලුගල්ලෙන කියන්නේ එනසාල් වාඩි පොලක් බව.
    ඊටත් කලින් භාවනායෝගී ස්වාමින්වහන්සේලා වැඩ උන්නු ස්ථානයක් බවත් ඔය පැරණි මිනිස්සු කියනවා.
    ඒ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.
    නමුත් මම ගමනේ මේ කොටසේදී කිසිම පින්තුරක් ගත්තේ නෑ.ඇත්තටම කතා කර කර ආපු නිසා ඒ බවක් අමතක වුනා.
    නමුත් ආපසු ගමනේදී තමයි පින්තුර කිහිපයක් ගත්තේ.
    කොහොම හරි අපි අලුගල්ලෙනට එද්දී හවස 3 පහු වෙලා.

    Bg23hWF.jpg

    ඔය කහ පාටින් රවුම් කරලා තියෙන්නේ අපි පැමිණි බඹරැල්ල - නකල්ස් පැත්ත.
    නිල් පාට ඊතලය තංගප්පුවට. තැඹිලි ඊතලය අපි යන්න ඕනේ දිසාව, අලුගල්ලෙන - මීමුරේ පාර.
    අලුගල්ලෙන පාමුලින් නැවත මීමුරේට අඩි පාරක් තියෙනවා.

    ඊට පස්සේ කට්ටියම හිතේ හැටියට ගිමන් හැරලා විවේකයෙන් පස්සේ රෑට කෑමත් හදල රෑ නිදාගන්න ස්ථානයන් සුදානම් කළා.
    අලුගල්ලෙන කියන්නේ ස්වාභාවික ගුහාවක්.ඒ ගල් ගුහාව කොටස් 2 යුක්තයි.
    කොටස් දෙකම එකතුව ගත්තොත් ලොකු පිරිසකට උනත් එකවර නතර වෙන්න පුළුවන්.අපි මේ ගමනේදී කුඩාරම් කිසිම දෙයක් ගෙනගියේ නෑ.
    අලුගල්ලෙන අසලම කන්දේ මුදුනේ ඉඳල ගල දිගේ රූටලා වැටෙන පුංචි දිය සීරාවක් තියෙනවා.
    නමුත් ගොඩක්ම පායන කාලෙට ඒ වතුර බොහොම චුට්ට චුට්ට එන්නේ.
    බොන්න, කෑම ටිකක් උයාගන්න, භාජනයක් හෝද ගන්න තරම් ප්‍රමාණයක් තමයි අපිට ලැබුනේ.

    අලුගල්ලෙනට මීටර් 500, 700 විතර කලින් තරමක දිය පාරක් හම්බවෙනවා.
    මුහුණකට හෝද ගන්න, නාන්න වගේ දේවල් වලට අපි නැවත ඒ දුරම ගෙවාගෙන ආපස්සට ආවා.

    dEs4KJA.jpg

    N1p2UIQ.jpg

    ගිනිරටා

    W0oVm68.jpg

    රාත්‍රී ආහාරය..

    ඇත්තටම ඒ රාත්‍රිය හරිම සුන්දර රැයක්. අපි ගොඩක් වෙලා ඇහැරගෙන කතා කර කර උන්නේ.
    අපේ කටහඬවල් නතර කරනකොට හතරවටින්ම ඇහෙන්නේ මේ මහා වනාන්තරයට ආවේනික වුනු හුළං සද්දෙයි,නිශාචර සත්තුන්ගේ සද්දෙයි.
    එහෙම සද්ද නැතුව අහගෙන ඉන්න හැඟීමත් හරිම අපුරුයි.
    කොහොම හරි පහුවෙනිදට එළිවෙලා නැගිටලා බලද්දී මට නම් මහ වනයක් මැද්දේ අපි කොච්චර පුංචි සත්තුද කියන සිතුවිල්ල හිතට ආවේ.
    කොහොමහරි උදේටත් උයාගෙන කාලා, ගුහාවයි, කඳවුරු බිමයි ඔක්කොම සුද්ද පවිත්‍ර කරලා අපේ ගමන් මලුත් සුදානම් කරගන්න කොට උදේ 9 පහු වුනා.

    jkVdbP7.jpg

    LTTE පොඩි මහත්තයා :P

    jgHBwnf.jpg

    අලුගල්ලෙන. අපේ මෝඩ මිනිස්සු ඒකෙත් තමුන්ගේ ජාතකේ කොටලා.
    ස්වාභාවික පරිසරයක තියෙන කිසිම ගහක් කොලක්,සතෙක් සිවුපාවෙක්, ගල් පොත්තක් මේ කිසිම දෙයකට කිසිම හානියක් හෝ වෙනස්කමක් කරන්න මිනිස්සු හැටියට අපිට අයිතියක් නෑ. :(

    xbShPdI.jpg

    උදෑසන ආහාරය

    2Kea1pX.jpg

    මේ ගල් බිත්තියකින් වෙන් කරපු පුංචි කොටසේ තමා අපි රෑ උන්නේ.

    X4yKHAd.jpg

    අපේ කාන්ඩේ. නිල සමුහ ඡායාරුපය

    මේ විදිහට ආපු දුරත් ගෙවාගෙන තංගප්පුව මංසන්ධියෙන් තංගප්පුවට හැරිලා එක දිගටම කොටගඟ තැනිතලාව වෙනකම්ම ඇවිත් තමා විවේකයක් ගන්න නැවතුනේ.
    කොටගඟ තැනිතලාවේ ඉඳල කොටගඟ දියඇලි 07 ට අපි ගියේ නෑ. මොකද අපිට ඉක්මනටම යන්න අවශ්‍ය වුනු නිසාත්, ඒ වෙද්දීත් අපි තරමක් වෙලා අරගෙන තිබුණු නිසාත්. ඒක නිසා දුකෙන් වුනත් ඒ ගමන අතහැරලා අපි එක දිගටම බෑවුම් ඔස්සේ තංගප්පුව ගමට වෙනකන් ආවා.
    තංගප්පුව ගමට එද්දී දවල් 1ත් පහු වෙලා නිසා අපි ඉක්මනටම ගමේ අයිනෙන් ගලාගෙන යන ඇළ පාරෙන් හොඳට නාගෙන එතන ඉඳල රංගලට වෙනකන් පයින්ම යන්න පිටත් වුනා. නමුත් වැඩි දුරක් යන්න කලින් තේ දළු ලොරියක් නවත්තගෙන,
    එකෙ නැගල රංගල හරහා නුවරට ඇවිත් අපේ සුන්දර අලුගල්ලෙන චාරිකාව ඒ විදිහට අවසාන කළා.

    xJTCasz.jpg

    ආපසු ගමනේ

    lFn6H5B.jpg

    CS0DbkQ.jpg

    JdFzgA5.jpg

    අලුගල්ලෙනට යන අතරමග හම්බුවෙන සුන්දර දිය පාරක්.

    bCGHJ8s.jpg

    Sn84OCR.jpg

    ejcyU1j.jpg

    කොටගඟ තැනිතලාවට පෙනෙන අළුගල් කන්ද

    gtCE0A2.jpg

    XojnGYK.jpg

    ගෝමරයේ ගල සහ කන්දසාමිගල

    Ku8iZPe.jpg

    කොටගඟ තැනිතලාවේ කොටසක්

    gqkLetI.jpg

    බිනර මල

    GtHS2ZF.jpg

    ඔය ඈතින් පුංචියට පෙනෙන්නේ තංගප්පුව ගම.

    J49lj4X.jpg

    5OhmWuu.jpg

    86UnteB.jpg

    සෑහෙන දුරක් ඇවිදලා ඇවිත් සීතල වතුර පාරකින් නාද්දී දැනෙන සනීපය කියල නිම කරන්න බෑ.

    IPN5yvO.jpg

    රංගලට යන ගමන්....අතරමගින් ලොරියකට නැගලා රංගල හරහා නුවරට ඇවිත් අපේ ගමන අවසාන කළා.

    ඉතින් මේ විදිහට අපේ තවත් සුන්දර , අපූරු සංචාරයක් නිම කළා.
    ත්‍රාසජනක,භයානක, විශේෂ අත්දැකීමක් නොලැබුනාට හරිම විනෝදජනක ලස්සනම ගමනක් වුනා මේකත්.
    තවත් සංචාරක නූලක් එක්ක ආපහු හමුවෙමු.
    සංචාරයේ සම්පුර්ණ තොරතුරු වාර්තාව මේ සමග යටින් ඉදිරිපත් කරලා තියෙනවා.අවශ්‍ය කරුණු එතන තියෙනවා.
    එහෙනම් කිරියේ වැසියෝ ඔක්කොටම ආයුබෝවන්.
    :):):)

    සංචාරක ඉසව්ව - නකල්ස් අලුගල්ලෙන
    සිතියම් - නැත.
    කණ්ඩායමේ පිරිස - 07
    ගමන් ආරම්භය ප්‍රවාහන මාධ්‍යය - උදෑසන 5.30 නුවර සිට වත්තේගම දක්වා බසයෙන්.
    උදෑසන 6.30 පළමු බසය වත්තේගම සිට බඹරැල්ල දක්වා.එතැන් සිට තංගප්පුව දක්වා පාගමනින්.
    තංගප්පුව සිට රංගල දක්වා ලොරි රථයෙන්.රංගල සිට නුවර දක්වා බසයෙන්.
    ( තංගප්පුව සිට රංගලට බස් ඇතත් ඉරිදා දිනවල අවසන් බසය දහවල් 12 ය. එයින් පසු බස් නොමැත.
    තංගප්පුව සිට රංගලට කිලෝමීටර් 6 -7 අතර දුරක් ඇත.)

    බඹරල්ලේ සිට නකල්ස් කඳු 05 ස්වාභාවික මංපෙතේ නකල්ස් ඇල්ල සහ වන සංරක්ෂණ ගිමන් නිවාහරින නවාතැන්පොල පසුකර හමුවන පළමු මංසන්ධියෙන් දකුණට - පහලට යන්න.
    එතැන් සිට දිගටම අඩි පාර ඔස්සේ විවෘත කලාපය පසුකොට ඊළඟ මංසන්ධියෙන් වමට - පහලට යෑමෙන් අලුගල්ලෙන කරා ලඟා විය හැක.
    බඹරැල්ල සිට සාමාන්‍ය ගමන දල වශයෙන් කිලෝමීටර් 07 - 08 දුරක් අලුගල්ලෙනට ඇති අතර අලුගල්ලෙන සිට තංගප්පුවට කිලෝමීටර් 05 - 06 අතර දුරක් ඇත. ( මේ දුරවල් නිශ්චිතවම ගණනය නොකළ අගයන් වන අතර වෙනස් වීමට පුළුවන.)
    ගමන් කාලය ඔබගේ වේගය අනුව රඳා පවතී.

    සැලකිය යුතුයි - ගමන පුරාවටම ස්වාභාවික ජල ධාරාවන් හමුවන නමුත් අලුගල්ලෙන අසල ජල මුලාශ්‍රය වැසි නොමැති සමයන් හිදී හිඳී යයි.

    අලුගල්ලෙනට පෙර මීටර් 600 පමණ කලින් අවසන් ජල මුලාශ්‍රය හමුවන බව සිහියේ තබා ගන්න.
    අලුගල්ලෙන ස්වාභාවික ගුහාවක් බැවින් කුඩාරම් අවශ්‍යම නොවේ.අවශ්‍ය යැයි හැඟෙ නම් පමණක් ගෙන යා හැක.
    කූඩැල්ලන් බහුලව දක්නට ලැබේ.කඳුකර කොටියා, වල් ඌරා වැනි මාරාන්තික සතුන් වාසය කරන භූමියකි.
    බඹරැල්ලෙන් පසු කිසිම කඩයක් හමු නොවන අතර අවශ්‍ය දෑ සියල්ල වත්තේගම හෝ හුළුගඟ නගර වලින් ගත
    යුතුය.

    ඔබ ඇතුළු වන්නේ නකල්ස් ස්වාභාවික ලෝක උරුම කලාපයකට බැවින් වනාන්තරයක් තුලදී ඔබගේ විනය සහ පරිසරයට ඇති ඇල්ම ආරක්ෂා වන ලෙස සිහි තබා ගන්න.
    අනවශ්‍ය පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන කිසිවක් පරිසරයට බැහැර නොකරන්න. ජල මුලාශ්‍ර වල මලපහ නොකරන්න.
    කිසිඳු ගහක්, පැලෑටියක් විනාශ නොකරන්න. හැකි තරම් නිශ්ශබ්දව ගමන් කරන්න.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.:love:
    උඩ ඉඳන් පහළට ස්ක්‍රෝල් කරන් ආව දැනට.. :baffled:
    පස්සෙ හිමීට කියවන්න ඕනේ..:yes:
    ගියා වගේ ෆීලින් එකක් ගන්නනම් ෆ්‍රී වෙලාවකම හිමීට කියවන්න ඕනේ..:dull:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි මචෝ...:love:
    අපිත් ගියා මේ සයිඩ් එකේ..:yes:
    5 පීක් නැගල අලුගල්ලෙනෙන් මීමුරේට බැස්ස.. හම්මෙ සැප..
    පට්ට වැස්ස..:D

    කොටි සීන් එක නම් නහයට ම දැනුන මචං..
    අපේ එකිසියට තමා හොදටම මීටර් වෙලා තිබ්බෙ..
    සතෙක් කුනු උනු ගදක් ආව ටිකක් උඩින් තියන කුඩා ගුහාවකින්
    :rofl:

    පී ඇස්
    සමනල වැව පෙබරවාරි මචං.. 😉;)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    mcn patta hode ekenma thnx bn thawa thawa me wage thread dapan mcn sahenna wadagath kollo:love::love::love::love::love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමදාම වගේ පට්ට:cool::cool:. උඹට රෙප් දීලම රෙප් මැෂිම ගෙවිලා තියෙන්නේ, පස්සේ දෙන්නං

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    කෝට් කරපු සුදු පුතාට සුමන සමන් දෙවි පිහිටයි.......
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි ඒ

    එනසාල් කියන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4000 උඩින් වියලි කඳුකරයේ යටි රෝපණයෙන් වැවෙන පොඩි පඳුරක්.
    නකල්ස් එක තමා සුදුසුම ප්‍රදේශය.
    ඒකෙ යටින් තමා එනසාල් කරල හැදෙන්නේ. ඒ කරලේ ගෙඩි තමා කඩන්නේ...
    මම ත්‍රෙඩ් එකේ ඉස්සරහට එනසාල් වල පින්තුරයක් දාන්නම්...
    එනසාල් කියන්නේ භූගත ජලය අධික ලෙස උරා ගන්නා ශාකයක්.
    නකල්ස් කියන්නේ මහවැලි ගඟේ 30 % වඩා ලොකු පෝෂණ කලාපයක්.
    මහවැලි යෝජනා ක්‍රමයත් එක්ක නකල්ස් වල එනසාල් තහනම් කරන්න යෝජනාවක් ආවා.මොකද නකල්ස් වලින් මහවැලියට උපරිම ජල ධාරිතාවයක් සැපයුවේ නැත්තම් පහල පෝෂක ප්‍රදේශ වලට ඕනේ තරමට වතුර නැති වෙන්න පුළුවන්.මොකද රන්ටැඹේ, වික්ටෝරියා, රන්දෙනිගල වගේ ලොකු ජලාශ නිසා උතුරුමැදට යන්නේ හරිම පොඩි ජල ධාරිතාවයක්....

    අන්න ඒ නිසයි එනසාල් අයින් කරේ...