මිහිමත_දැවැන්තම_මිනිස් එක්රැස් වීම
මිහිමත දැවැන්තම මිනිස් එක්රැස් වීම – ‘කුම්භමේලා‘
ආගමික උත්සවයක් සඳහා ලෝකයේ වැඩිම පිරිසක් එක්තැන් වන අවස්ථාව වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ කුම්භමේලා උත්සවයයි.
උතුරු ඉන්දියාවේ අලහබාද් නුවර වැසියෝ ලෝකයේ විශාලතම ආගමික එක්රැස් වීම ලෙස සැලකෙන කුම්භමේලාව (Kumbh Mela) සැමරීමට යුහුසුළුව සූදානම් වෙති.
එහිදී අවම වශයෙන් මිලියන 15 ක් ජනතාව ගංගා, යමුනා සහ සරස්වතී ගංගාවන්ගේ ගිලී නැහැවීමට නියමිත ය. ඔවුන් විසින් මේ ගංගාවන් හඳුන්වන්නේ ‘ශුද්ධ වූ නදී‘ යනුවෙනි.
පුරා දින 49 ක් පැවැත්වෙන මේ උත්සවයේදී මිලියන 120 ක ජනතාවක් අපේක්ෂා කරයි.
මිහිමත මිනිසුන් වැඩිම පිරිසක් ආගමික කටයුත්තක් සඳහා එක්රැස් වන අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයයි. මේ මිනිස් රැස්වීම, අජටාකාශයට පවා දිස් වේ.
හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ මේ ජලයේ ගිලී නෑම මගින් ඔවුන්ගේ පව් සෝදා හැරෙන බවත්, ඔවුන්ට ගැළවීම ළඟා කර ගත හැකි බවත් ය. එක්රැස්වීම යන අරුත දෙන ‘සංගම්‘ යනුවෙන් මේ අවස්ථාව හැඳින්වේ.
එහිදී වර්ණවත් පෙරහැර ඔස්සේ් වැඩම කරන්නේ ‘නාග සාධු‘ ලෙස හැඳින්වෙන පිරිස් ය. ඔවුන් අධ්‍යාත්මික ලෝකයේ ජීවත් වන්නන් බවට විශ්වාස කරයි. ශ්‍රමණයන් හෝ සන්‍යාසියන් වැනි නම්නවලින්ද ඉන්දියානු සමාජයේ ඔවුන් හැඳින්වේ.
මීට පෙර 2013 වසර දක්වා, ඉන්දියානු ජන සමාජයේ කැපී පෙනෙන පිරිසක් බවට පත්ව සිටින සංක්‍රාන්ති ලිංගිකයන් හට කුම්භ මේලා සඳහා සහභාගි වන්නට ඉඩ ලබාදුන්නේ නැත. නමුත් 2013 වසරේ පටන් ඔවුන්ට ද සංගම් සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබේ.
මේ කාලයේදී ඉන්දියාවට ඇදී එන මිලියනකට අධික සංචාරකයන් ද කුම්භ මේලා සඳහා සහභාගි වන ආකාරය දැකගත හැක.
මිහිමත දැවැන්තම මිනිස් එක්රැස් වීම – කුම්භ මේලා සංවිධානය වන්නේ කෙසේද?
කුම්භ මේලා උත්සවය සංවිධානය කිරීම මිහිමත ඇති දුෂ්කරම ‘ඉවෙන්ට් ඕගනයිසිං‘ වැඩය බව කිව හැකිය. වසරකටත් පෙර කාලයක පටන් මෙහි සංවිධාන කටයුතු ආරම්භ වේ.
කුම්භමේලා උත්සවය සෑම වර්ෂයකම පැවැත්වෙන්නේ නැත. මීට පෙර අවසන් වරට එය පැවැත්වුණේ 2016 වර්ෂයේදී ය.
කුම්භමේලා උත්සව භූමියට පැමිණිය හැක්කේ පදිකයන්ට පමණක් නිසා මේ කාලයට මෙම නගර ආශ්‍රිතව අති විශේෂ රථ වාහන සැලසුමක් ද ක්‍රියාත්මක කිරීමට සිදු වේ.
ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ කුම්භ මේලා උත්සවය පවත්වන්නේ අලහබාද් නගරය කේන්ද්‍ර කරගෙන ය. නමුත් ගතවූ දශක දෙක තුළ එය මහා පරිමාණ උත්සවයක් බවට වර්ධනය වී තිබේ.
සන්ග්ලාස් දමාගත් සන්‍යාසියෙක්
මේ අතර මේ වසරේ කුම්භ මේලා උත්සවය සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දුත්ව රජයෙන් පූර්ණ අනුග්‍රහය ලැබෙතැයි විශ්වාස කෙරේ. ඒ, ගිම්හානයට නියම වී තිබෙන මහ මැතිවරණය ද හේතුවෙනි. කුම්භමේලා උත්සවය පවත්වන භූමියේ අගමැති මෝදිගේ අති දැවැන්ත බිල්බෝඩ්ස් සවිකර ඇති ආකාරය ද මේ අතර දැකගත හැක.
මහජනයාට නවාතැන් ගැනීම පිණිස කුම්භමේලා භූමියේ වර්ග කිලෝමීටර 32 ක් තරම් (වර්ග සැතපුම් 12ක්) විශාල තාවකාලික කූඩාරම් ඉදිකර තිබේ අලහබාද් නුවර කිලෝමීටර සිය ගණන් විහිදෙන අලුත් මහා මාර්ග ද ඉදිකර ඇත. රෝහල්, බැංකු සහ ගිනි නිවන සේවාවන් ද අලුතනේ ස්ථාපිත කර තිබේ. නව වැසිකිළි 120,000 ක් ද ඉදිකරනු ලැබීය.
මේ අතර නව දුම්රිය සේවාවන් ද කිහිපයක් ස්ථාපිත කර ඇති අතර, 30,000 ක පොලිස් සහ පැරා මිලිටරි භට පිරිසක් ද සේවයේ යොදවා ඇත්තේ පිරිස් පාලනය සඳහා ය.
තාවකාලික කූඩාරම්
විවිධ පෙරහැර ද කුම්භමේලාවේදී වීිදි සංචාරය කිරීමට නියමිත ය. ඒ අතර ඇතුන්, ඔටුවන් සහ අශ්වයන් සඳහා වෙන් වූ පෙරහැර ද වේ.
මෙම උත්සවය සහභාගි වීමට පැමිණ සිටි බැතිමතුන් දහස් ගණන් දෙනා ඊයේ දින පටන්ම ඒ සඳහා ශුද්ධ වූ නදී දියේ ගිලී නැහැවෙති. සිය ගණනක් වූ මැටි පහන් දල්වා ඒවා ගංගා නදිය මත පා කිරීම ද ඒ හා සමගාමී ව සිදු වේ.
කුම්භමේලා භූමියේ අගමැති මෝදිගේ දැවැන්ත බිල්බෝඩ්ස්
බොහෝ වන්දනාකරුවන් පවසන්නේ තමන් මෙහි පැමිණියේ ‘ගංගානම් මෑණියගේ අඬගැසීමට පිළිතුරු වශයෙන්‘‘ බවයි. මෙම ශුද්ධ වූ නදී දියේ ගිලී නෑමෙන් තමන්ගේ පව් සෝදාහැරෙන බව ඔවුහු විශ්වාස කරති.
කුම්භමේලා සැකෙවින්….
ගංගා, යමුනා සහ පුරාවෘත්තවල සඳහන් වන සරස්වතී නදියේ හින්දු භක්තිකයන් ගිලී නෑම වෙනුවෙන් පවත්වනු ලබන ආගමික පූජා උත්සවයකි.
මේ වසරේ සති 7 ක් තුළ මෙම උත්සවය සඳහා මිලියන 120 ක් දෙනා සහභාගි වෙතැයි විශ්වාස කෙරේ. මේ අනුව, මිලියන 2.4 ක් දෙනා සහභාගි වන හජ්ජි උත්සවය මෙන් මෙය කිහිප ගුණයකින් දැවැන්ත ය.
කුම්භමේලා පවත්වන දිනය, වේලාව හා ස්ථානය තෝරාගනු ලබන්නේ නක්ෂත්‍ර ශාස්ත්‍රෙයනි.
පූර්ණ/මහා කුම්භ මේලා උත්සවයක් ද මේ අතර පැවැත්වේ. 2013 වසරේදී මෙය අවසන් වරට පැවැත්විණි. මෙය පැවැත්වෙන්නේ වසර 144කට එක් වතාවකි. ඒ වසෙර් මිලියන 100කට අධික පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
කුම්භමේලා උත්සවයට පැමිණෙන පවුල්වල සාමාජිකයන් අතරමං වීම හා නැතිවීම සාමාන්‍ය දෙයක් වී තිබේ ඒ නිසා 1946 වසරේ පටන් එවැනි අය වෙනුවෙන්ම කඳවුරක් ආරම්භ කර තිබේ.
මේ වසරේ එවැනි නැති වූ අය මුණ ගස්වන කඳවුරු 15 ක් සංවිධානය කර ඇති බව වාර්තා වේ. මේවා පරිගණක තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර, මේලා භූමිය පුරාම ඔවුන් විසින් නිවේදන කටයුතු කරයි. ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඔස්සේ එවැනි අතරමං වූ හෝ නැතිවුණු අය පිළිබඳ අප්ඩේට්ස් ද දෙනු ලැබේ.
සලකන අයට සහ Bump , Comment කරන අයට 44++ ගානේ දෙනවා....

TFS