මාලදිවයින යටත්කරගැනීමේ මෙහෙයුම [1988]

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මාලදිවයින යටත්කරගැනීමේ මෙහෙයුම [1988]


    මාලදිවයින ලංකාව සමග බොහෝ මිත්‍රශීලීව අතීතයේ පටන්ම ගණුදෙණු කල රාජ්‍යයක්.

    Flag_of_Maldives.svg


    බොහෝ අය නොදන්න කතාවක් ගැන මම ලියන්න සූදානම් වෙන්නේ.

    මින් වසර 30 කට ඉහත එනම් 1988 නොවැම්බර් 3 වැනිදා මාලදිවයිනේ අගනුවර වන මාලේ නගරයේ සාමකාමි වැසියන් අවදි උනේ වෙනදා ඇසෙන විහඟ ගී නාදයෙන් නම් නෙවේ. හැම දෙසින්ම පැතිරුණු වෙඩි හඬින් බියපත් උනු මාලදිවයිනේ නගර වැසියේ ඇඳෙන් බිමට පැනලා සිද්ධ වෙන්නේ මොකකද කියලා සොයන්නට උනා. ඒත් ඉතින් උනේ, වෙන්නේ මොකක්ද කියලා කිසිවක් දැන ගැනීමට මඟක් තිබුනේ නෑ. මේ 1988. ඉන්ටර්නෙට් එහෙම නෑ. පැය 24ක් පුරා මාලේ නගරය හා අනෙකුත් දූපත් අතර සන්නිවේදන සබඳතා බිඳ වැටී ගියා ඔය අතරේ. මාලදිවයිනේ මෑත ඉතිහාසයේ රුධිරයෙන් නැහැවුණු බිහිසුණු රාත්‍රියක් නම් උනා


    අපි ඒ කතාව කියවමු.

    1988 නොවැම්බර් 3 වැනි දින රැය ගෙවී යද්දී මාලේ අගනුවරට උතුරු දෙසින් වු මුහුදේ සිට මාලේ අගනගරය කරා අධිවේගී බෝට්ටු දෙකක් වේගයෙන් ධාවනය වෙමින් තිබුණා. ඒවායේ ලුතුෆි හා සගාරුද, ප්ලොට් කුලී හමුදාවේ 80ත් 100ත් අතර භට පිරිසක්ද උනා. එම බෝට්ටු උදෑසන 4 වගේ වන විට, අඩක් ඉදිකොට තිබූ ජනාධිපති ජැටිය වෙත ළඟා උනා.

    පළමු බෝට්ටුවෙන් පැමිණි භට පිරිස ජනරජ චතුරශ්‍රය දෙසට දිව යද්දී අත් වැරදීමකින් එකෙකු අත රැඳි ගිනි අවිය පත්තු උනා. පානදර 4 ට. හිතාගන්න පුලුවන් නේද නිෂ්ශබ්දතාවය බිඳගෙන එන සද්දේ. ඒ නැඟුණු හඬ නිසා එහි ආරක්ෂාවට සිටි ජාතික ආරක්ෂක සේවයේ භටයන් දෙදෙනෙක් එම ස්ථානයට දිව ගියා. වේලාව උදෑසන 4.15ට වගේ. දැඩි අඳුර හාත්පස වෙළාගෙන දැන්. වෙඩි හඬ පැමිණි දිසාව පිළිබඳ විමසිලිමත් වූනු ආරක්ෂක භටයෝ එය තම සගයකුගේ ගිනි අවියකින් නිකුත් වූවක් නොවන බැව් වටහා ගන්න තරම් බුද්ධිමත් උනා. කොටකලිසම් ඇඳගෙන, අවි ගත් කණ්ඩායමක් වෙරළේ සිට හමුදා මූලස්ථානය දෙසට දිව යනව අඳුර මැදින් ඔවුනට පෙනුණා. පිරිස ජාතික ආරක්ෂක ගොඩනැගිල්ල දෙසට දිව යනවා දැක්ක ආරක්ෂක භටයන් දෙදෙනාගෙන් එක් අයකු උනු කෝප්රල් හුසේන් ආදම් ඔවුන් එහි කඩා වැදීම වළක්වාලීම සඳහා දැඩි උත්සාහයක නිරත වූනා. හුසේන් අතේ තිබුණු රයිෆලයෙන් ආගන්තුක පිරිස දෙසට එක දිගට වෙඩි තබන්නට ගත්තා.

    තව විනාඩි පහක් ගියා. නොවැම්බර් 3 වැනි දින හිමිදිරි උදෑසන 4.20 ත්‍රස්තවාදීන්ගේ ස්වයංක්‍රීය අවිවලින් පළමු වෙඩි ප්‍රහාරය නිකුත් උනා. ජාතික ආරක්ෂක ගොඩනැගිල්ලේ ප්‍රධාන ගේට්ටුව වෙඩි උණ්ඩවලින් සිදුරු වෙලා ගියා. ජාතික ආරක්ෂක සේවයට අනුයුක්ත භටයන් වූ හුසේන් ආදම් සහ ආදම් මොහොමඞ් නමැති සොල්දාදුවන් දෙදෙනා ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කළහ. සයිරන් නාදය දැන් කණ් අඩි පුපුරන්න පසුබිමින් ඇහෙන්න උනා.

    medium_83731.jpg


    ත්‍රස්ත පිරිස හා මාලදිවයින් හමුදාව අතර ප්‍රහාරය ඇරඹුනා. හිමිදිරියේ ඇසෙන්නට වූ නුහුරු ශබ්දවලින් නිදා සිටි ජනයා තිගැස්සී ඇහැරුණා. ජාතික ආරක්ෂක භටයන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ විට ත්‍රස්තයෝ කණ්ඩායම්වලට බෙදී මාලේ නගරය පුරා විසිර ගියා. එක් කණ්ඩායමක් ජනාධිපති මන්දිරය දෙසට දිව ගිය අතර තවත් කණ්ඩායම් දෙකක් නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඉල්යාස් ඉබ්‍රහිම් සහ කථානායක අබ්දුල්ලා හමීඞ් අත්අඩංගුවට ගැනීම සඳහා පිටත්ව ගියා. අනිත් පිරිස මාලේ නගරය පුරා දිවයමින් කඩසාප්පු සහ වෙළෙඳ සංකීර්ණ කොල්ල කෑමට පටන් ගත්තා.

    දේවස්ථානවල උදේ යාච්ඥා මෙහෙය ආරම්භ කරන විට ත්‍රස්තයෝ මාලේ අගනුවර තම බලය පතුරවමින් හිටියේ. හමුදා මූලස්ථානයේ රැඳීසිටි කණ්ඩායමට ඉන් පිටතට පැමිණීමටවත් බැරිව ඇතුලට වෙලා ඉන්නේ ත්‍රස්තයෝ ඒවායේ දොරටු අවුරලා නිසා.
    හුසේන් ආදම් තමන්ගේ මූලස්ථානය ත්‍රස්තවාදීන් අතට පත් නොවීම සඳහා ඔවුන් වළක්වාලීමට එක් දොරටුවක සිට උත්සාහ කළා.. අවාසනාවකට ඔහු සතු උණ්ඩ අවසන් උනා... ඒ නිසා තවදුරටත් සටන් කළ නොහැකි තැනට පත් උනා. සතුරු වෙඩි පහරක් ඔහුගේ ළය විනිවිද ගියා. රට වෙනුවෙන් දිවිදුන් විසි හැවිරිදි වියේ පසු වූ ආදම් මාලදිවයිනේ ජාතික වීරයකු ලෙසින් ගෞරවයට පාත්‍ර උනා මේ සිද්ධියෙන් පස්සේ.
    කුලී හේවයෝ පිරිස තීමූජ්හි පිහිටි ජනාධිපති මන්දිරයේ උතුරුදිග දොරටු ඉලක්ක කරමින් සිටියේ. ජනාධිපතිවරයාත් තමන්ගේ නිවසේ තමා එද සිටියේ. හැබැයි පස්සේ දැනගන්නවා ත්‍රස්ත පිරිස සිතා සිටියේ ජනාධිපති මවුමූන් ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියැයි සිතා සිටි බව. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබුණේ නෑ ඒක නිසා. ඔවුනට අවශ්‍ය වූයේ ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම.

    ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සැලවූ ජනාධිපති මවුමූන් තම බිරිය නස්රිනා ඉබ්‍රාහිම්, පුතු ගසාන් හා සේවකයෝ කිහිප දෙනෙක් සමඟ පලා යෑමට සමත් උනා.

    පාගමනින් මාෆන්නු වීදියේ ගුලිස්තානු නිවෙසට ගිය ජනාධිපතිවරයා එහි සිට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළා. භයානක අවස්තාවක් නිසා ආරක්ෂක හේතු මත එම කාර්යය එවක සිටි විදේශ ඇමති ෆතුහුල්ලා ජමීල්ට පවරා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහුට පැවසුවා. ෆතුහුල්ලාගේ උපදෙස් මත විදේශ අමාත්‍යංශයේ පළමු ලේකම් ඉබ්‍රහිම් හුසේන් ෂාකි දුරකථන ඇමතුමක් මගින් ඉන්දියානු රාජ්‍ය තන්ත්‍රය දැනුම්වත් කොට හමුදා සහය ඉල්ලා සිටියා.


    නොවැම්බර් 3 වැනි දින උදෑසන ඉන්දියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ සම ලේකම්වරයාට දකුණු ආසියානු රටකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉන් පැවසුණේ විදේශ හමුදාවක් මාලදිවයින ආක්‍රමණය කර හමුදා මූලස්ථානය අත්පත් කරගෙන ඇති බවත්, ජනාධිපතිවරයා ඒ වන විට සැඟවී සිටින අතර මෙම කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීම සඳහා සහය ලබා දෙන ලෙසටත්ය.

    මේ වන විට ආක්‍රමිකයෝ මාලේ නගරයේ සියලු වැදගත් ස්ථාන අත්පත් කර ගැනීමට සමත්වෙලා.

    ජනාධිපති මවුමූන්, ඇමෙරිකා එක්සත් ජනපදයෙන්, බි්‍රතාන්‍යයෙන්, පාකිස්තානයෙන්, මැලේසියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් සහය ඉල්ලා සිටියා. ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සහය දැක්වූ ශ්‍රී ලංකා රජයද 85 දෙනකුගෙන් සමන්විත කමාන්ඩෝ භට පිරිසක් මාලදිවයිනට පිටත් කර හැරීම සඳහා රත්මලානේ ගුවන් හමුදා කඳවුරේ සීරුවෙන් තබා තිබුණා. මැලේසියාවද නාවික හමුදා භට කණ්ඩායමක් මාලේ වෙත යැවීමට කටයුතු කළා. චාගෝස් අචිපෙලාගෝ නෞකාවේ සිටි ඇමෙරිකානු භට කණ්ඩායමක් අවශ්‍ය විටෙක සහය දැක්වීම සඳහා සීරුවෙන් තැබුණු, අතර බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු භට කණ්ඩායම් දෙකක් ඉන්දියානු හමුදාව සමඟ එක්ව ක්‍රියා කිරීම සඳහා සූදානම් කෙරිණි.


    ශ්‍රී ලංකාවේ ගොවිපළක් පවත්වාගෙන ගිය මාලදිවයින් ජාතික ව්‍යාපාරිකයකු වු අබ්දුල්ලා ලුතුෆි සහ අද්දු අතොල් හිතාදු දිවයිනේ පදිංචිකරුවකු වූ අහ්මඞ් ‘සගාරු’ නසීර් එම කුමන්ත්‍රණයට වගකිවයුත්තෝ. (හිටපු මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් නසීර් මෙම කුමන්ත්‍රණයට සහය දැක්වූවා කියලත් චෝදනා එල්ල උනා. ඒත් පස්සේ ඔහු එම චෝදනාවෙන් නිදොස් උනා.) කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය වූනේ ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම.
    ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි සංවිධානයක් වූ දෙමළ ඊළම සඳහා වන මහජන විමුක්ති සංවිධානය නොහොත් ප්ලොට් සංවිධානයට මුදල් ගෙවා ඔවුන්ගේ සහය ලබා ගෙන තිබුණා.

    medium_83733.jpg



    කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි උනා . ජනාධිපතිවරයා නිවෙසින් නිවෙසට සැඟව පලායමින් ඉන්දියාව ඇතුළු රටවලින් උපකාර ඉල්ලා සිටියා. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එම ඉල්ලීම් වලට කන්දීලා 1,600ක බලඇණියක් යැව්වා මාලදිවයිනට.

    medium_83756.jpg



    ඉන්දියානු හමුදාවේ කැක්ටස් මෙහෙයුම

    image_a328b2999a.jpg



    ඉන්දියානු ගුවන් හමුදාවේ 44 වැනි බලඝනය ස්ථානගතව සිටියේ අග්‍රාවේය. එය සීත සෘතුවේ අධික සීතල උදෑසනක්. උදෑසන 7.15ට පමණ අග්‍රා ගුවන් හමුදා කඳවුරේ පාලක මැදිරියෙන් අනපේක්ෂිත නියෝගයක් ලැබුණේ ඒ අතර. ඉන් පැවසුණේ පැය තුනක් ඇතුළත ගුවන් ගතවීම සඳහා ගුවන් යානා තුනක් සුදානම් කරන ලෙසටය. බලඝන නායකවරයා එම නියෝගය පිළිපදිමින් උදෑසන 10ට පිටත්ව යෑම සඳහා ගුවන් යානා තුනක් සූදානම් කිරීමට කටයුතු කළා.

    මාලදිවයින ආරක්ෂා කර ගැනීමේ ඉන්දියානු හමුදාමය මෙහෙයුම නම් කෙරුණේ ‘කැක්ටස් මෙහෙයුම’ කියලා. මෙහෙයුම සඳහා පිටත්වීමට පෙර භට කණ්ඩායම විශේෂ ස්ථානයකට කැඳවා දූර්දර්ශන් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන මාලදිවයින් සිදුවීම සම්බන්ධ ප්‍රවෘත්තිය ඔවුනට දැක ගැනීමට සැලැස්වූවා. මාලදිවයින් රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තිබෙන බවත්, එයට විදේශීය හමුදාවක සහය ලැබී ඇති බවත්, තම අසල්වැසියා රැකගැනීම සදහා මාලදිවයින් හමුදාවට සහය දැක්වීම පිණිස ඉන්දියානු හමුදාව එහි යෑමට නියමිත බවත් දූර්දර්ශන් ප්‍රවෘත්තියෙන් කියවුනා

    ඉන්දියානු ගුවන් හමුදාවේ අයියූෂින් ඉල්-76 ගුවන්යානා කිලෝ මීටර් 2000 ක නොනවත්වා ගමනකට ඉහල නැංවුනා... 50 වන ස්වාධීන පැරෂුට් බලසේනාවේ පැරෂුට් රෙජිමේන්තුවේ 6 වන බලඇණියේ අණදෙන නිලධාරී බ්රිගේඩියර් ෆාරුක් බුල්සරා තමයි ප්‍රධානියා. ජනාධිපති ගයූම්ගේ ආයාචනයෙන් පැය 9 කට පසුව ඉන්දියානු යුධ භට පිරිස් මාලේ වෙත ළඟා වෙනවා. ඉන්දියානු පැරෂුට් භටයින් වහාම ගයුම් ජනාධිපතිතුමාව බේරාගන්නවා.. පැරෂුට් භටයින් පැය කීපයක් ඇතුළත මාලේ අගනුවර පාලනය අතට ගන්නව .

    image_768c18d9e3.jpg


    medium_83757.jpg



    1980දී හා 1983දීද ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ පාලනය පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක උනත් ඒවා 1988 ක්‍රියාත්මක කෙරුණු කුමන්ත්‍රණය මෙන් බරපතළ උනේ නෑ. මෙවර කුමන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානයට පාත්‍ර උනු එකක්.
    ඒත් ඉතින් මාලදිවයින් සොල්දාදුවන්ගේ සහ ඉන්දියානු හමුදාවේ සහයෙන් එම කුමන්ත්‍රණය ව්‍යර්ථ උනා... ඇත්තටම බැලුවොත් ඉන්දියාවේ හමුදාව තමා මෙ කුමන්ත්‍රණය නැවැත්වීමේ ගෞරවය හිමිකරගත්තේ...

    2drig77.jpg




    .............................................................................................................

    මේ මාලදිවයින කුමන්ත්‍රණය ගැන හිටපු මාල දිවයින ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඉබ්‍රාහිම් හුසේන් සාකි තමන්ගේ අදහස් දක්වලා තිබෙනවා මෙහෙම

    " මම කොළඹ හෝටලයක නතර වී සිටි අවස්‌ථාවේ උමා මහේෂ්වරන් සමීප කාමරයක සිටියා. එහෙත් උමා මහේෂ්වරන් ඔහු යෑයි මා හඳුනා ගත්තේ නැහැ. එහෙත් පසුව උමා මහේෂ්වරන් මාල දිවයින තානාපති කාර්යාලය අසල මියගොස්‌ සිටි බව මා දුටුවා, එවිටයි මට මතක්‌ වූයේ මගේ අල්ලපු කාමරයේ සිටි තැනැත්තා උමා කියලා"

    ප්ලොට්‌ නායක උමා මහේෂ්වරන් මාල දිවයින ආණ්‌ඩුව පෙරළා දැමීමට උත්සාහ කළේ එකී සංවිධානයට හිතැති ආණ්‌ඩුවක්‌ එරට ස්‌ථාපිත කරනු සඳහා. අසාර්ථක වූ මාල දිවයින කුමන්ත්‍රණයෙන් පසු ප්‍රභාකරන්ගේ නියෝග මත උමා මහේෂ්වරන් ඝාතනය විය. උමා පිළිබඳව කොටි බුද්ධි සේවයට තොරතුරු සැපයුවේ මඩකලපුව ප්ලොට්‌ සන්නද්ධ අංශයේ ප්‍රධානියාව සිටි තාරකී හෙවත් සිවරාම් යෑයි අනාවරණය විය. සිවරාම් ප්ලොට්‌ සංවිධානයෙන් ඉවත් වී කොටි බුද්ධි සේවාවට සම්බන්ධ විය. එහෙත් වසර ගණනකට පසු සිවරාම් ද අභිරහස්‌ ලෙසින් ඝාතනය විය. එම ඝාතනය පිළිබඳව ප්ලොට්‌ සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ පීටර්ට චෝදනා එල්ල විය. පීටර්ට එරෙහි නඩුව තවදුරටත් විභාගයට ගැනේ. එහෙත් සිවරාම්ගේ බිරිය කැනඩාවට ගොස්‌ එරට දේශපාලන රැකවරණ පැතීය.

    වසර 30 කට පෙර ප්ලොට්‌ සංවිධානය මාලදිවයින රාජ්‍යය පෙරළා දැමීමට දියත් කළ සැලසුම අපේ බුද්ධි සේවාවට පවා වාර්තා වී නොතිබුණි. එසේම ඉන්දීය රෝ බුද්ධි සේවාවද ඒ බව දැන සිටියේ නැත.



    wiki
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි මචං.. ආසාවෙන් කියෙව්වා.. ජය..!!!!
    රෙප්++++TFS :yes::yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    My thaththi reminded this story after long period today and I thought it to be a nice story to read you guys. :)

    Sorry I can't remember the reputation payback method. (I need to read helping thread again ) :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි කාලේ අපේ තාත්තා මට මේ විස්තරය කියල තියෙනවා බන්...ඒ කාලේ ඔය ප්ලොට් / එල්ටීටීඊ වෙනස අඳුරන්නේ නෑනේ.
    ඒ කාලේ මම හිතන් හිටියේ ත්‍රස්තවාදී ඔක්කොම එල්ටීටීඊ කියල.

    :nerd::nerd:


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to euler again.


    :rolleyes::rolleyes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පොඩි කාලේ අපේ තාත්තා මට මේ විස්තරය කියල තියෙනවා බන්...ඒ කාලේ ඔය ප්ලොට් / එල්ටීටීඊ වෙනස අඳුරන්නේ නෑනේ.
    ඒ කාලේ මම හිතන් හිටියේ ත්‍රස්තවාදී ඔක්කොම එල්ටීටීඊ කියල.

    :nerd::nerd:


    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to euler again.


    :rolleyes::rolleyes:
    How you got that message :confused:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අද දවසේ වැදගත් ත්‍රෙඩ් කීපයක්ම දැක්කා..:yes:
    කියවන්න වෙලාවක් හොයා ගන්නකන් බම්ප් තමයි...:dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    How you got that message :confused:

    මට මතක හැටියට අපේ තාත්තා මට ඔය විස්තරය කිව්වේ මම 8 වසරේ හෝ 9 වසරේ වගේ ඉද්දි...

    එයා ඕක කොහොම දන්නවද කියන එක නම් මම දන්නේ නෑ. දැන් ඒක අහන්න එයා ජීවතුන් අතර නෑනේ.
    අපේ මාමා කෙනෙක් මාලදිවයිනේ හෝටලයක කෝකියෙක් විදිහට වැඩ කළා අවුරුදු 10 විතර. සමහර විට ඒ මාමා ගෙන් දැන ගත්තද දන්නේ නෑ.
    දැන් ඒ මනුස්සයාත් රට ඉන්නේ.

    :confused::confused:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මට මතක හැටියට අපේ තාත්තා මට ඔය විස්තරය කිව්වේ මම 8 වසරේ හෝ 9 වසරේ වගේ ඉද්දි...

    එයා ඕක කොහොම දන්නවද කියන එක නම් මම දන්නේ නෑ. දැන් ඒක අහන්න එයා ජීවතුන් අතර නෑනේ.
    අපේ මාමා කෙනෙක් මාලදිවයිනේ හෝටලයක කෝකියෙක් විදිහට වැඩ කළා අවුරුදු 10 විතර. සමහර විට ඒ මාමා ගෙන් දැන ගත්තද දන්නේ නෑ.
    දැන් ඒ මනුස්සයාත් රට ඉන්නේ.

    :confused::confused:

    Oops.. :)

    Thank you for saying it.

    I wanted to know how you get that ELAKIRI MESSAGE something :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලංකාවත් එකම අමු සොහොනක් වෙලා තිබුණ කාලේ. මතකයි තාම..යාන්තම් ජීවිතේ බේරගෙන පණ ගැහි ගැහි... මම රස්සාවට ගිය මුල්ම අවුරුද්ද.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලංකාවත් එකම අමු සොහොනක් වෙලා තිබුණ කාලේ. මතකයි තාම..යාන්තම් ජීවිතේ බේරගෙන පණ ගැහි ගැහි... මම රස්සාවට ගිය මුල්ම අවුරුද්ද.

    I may be so old those days :D
     
    • Like
    Reactions: SuperX