මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ

    1994 මාර්තු 23 වැනි දා රොනල්ඩ් ඔපස්ගෙ නිසල සිරුර පරික්ෂා කරපු අධිකරණ වෛද්‍යවරයා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කලා. ඔපස්ගේ හිසට වැදුණු වෙඩිපහරකින් ලද තුවාලයක් නිසා මියගොස් ඇතිබව අධිකරණ වෛද්‍යවරයා ලියා තිබුණා.

    සියදිවි හානිකරගැනීම සඳහා ඔපස් මහතා තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක 10 වන මහලේ සිට බිමට පැන තිබුණා. එයා මැරෙන්න කලින් ලියමනක් ලියලා තිබිලා පසුව හමු උනා. එයාට අපේක්ෂාවන් ඉටු නොවීම නිසා මරණය වැළඳගන්නා බව ලියලා තිබුණා.

    Suicide-and-Older-Adults-180123746-750x485.jpg



    ඔහු නමවෙනි මහල පසු කරමින් පහතට වැටෙන විට හදිසියේ ජනේලයකින් පිටවූ වෙඩි උණ්ඩයක් හිසේ වැදී එවිටම මරණයට පත් වෙලා තිබුණේ.

    ඒ ගොඩනැගිල්ල ඒ දවස්වල අලුත්වැඩියා කටයුතු කරගෙන ගිය එකක්. ඉතින් කම්කරුවන්ගේ ආරක්ෂාවට 8 වන මහලේ දැලක් එළලා තිබුණා.
    මේ බව මියගිය ඔපස් මහතා නොදැන තමයි දිවිනසාගන්න 10 වෙනි මහලට නැගලා තිබුණේ.
    මේ නිසා රොනල්ඩ් ඔපස් ගේ සියදිවි නසාගැනීමේ උත්සාහය බලාපොරොත්තු උනු අයුරින් නොවන්නට ඉඩ තිබුණා.

    සාමාන්‍ය පිළිවෙළට අනූව කිසියම් තැනැත්තෙක් සියදිවි නසාගැනීමට තැත්කර අවසානයේ සිය අභිමතාර්ථය ඉටු කරගතහොත් එය සිදුවන්නේ ඔහු සිතූ ආකාරයට නොව වෙනත් ආකාරයකින් උවද මෙය විග්‍රහ කරන්නේ සියදිවි හානිකරගැනීමක් ලෙසටය.
    මේ අධිකරණ වෛද්‍යවරයාගේ ප්‍රකාශයක්.

    අදාළ වෙඩිපහර පිටවූ නමවැනි මහලේ පිහිටි කාමරයේ වයසක ජෝඩුවක් තමයි ජීවත් උනේ.මේ දෙන්න මොකක්දෝ කරුණක් මුල්කරගෙන දබර කරගෙන ඉඳිද්දී ව්යසක මහත්මයා තමන්ගේ බිරිඳට තුවක්කුවක් එල්ල කරගෙන තර්ජනය කරන්න අරන් තිබෙනවා.
    මේ මහල්ලා ගොඩක් කැළඹිලා හිටියේ. එයා තුවක්කුවේ කොකා ගැස්සූ ක්ෂණයකින් ඉලක්කය වැරදී ජනේලයෙන් පිටතට ගිය උණ්ඩය එම මහල පසුකර වැටෙමින් තිබුණු ඔපස්ගේ ඔලුව පසාරු කලා.

    මේ වයසක ජෝඩුවට මිනීමැරුම් චෝදනා එල්ල කලාම මහල්ලාත් මැහැළියත් දෙදෙනාම දැඩිව කියා සිටියා තුවක්කුවට පතරොම් දමා ඇති බව ඔවුන් නොදන්නා බව.
    පතරොම් දමා නැති තුවක්කුව තම බිරිඳට එල්ල කර ඇය බිය වැද්දීම සඳහා තර්ජනය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගිය බවත් මහලු මිනිසා කිව්වා. තම බිරිඳ මරා දැමීමේ කිසිදු අදහසක් තමා තුල නොතිබූ බවත් ඔහු කිව්වා.

    " තුවක්කුවට පතරොම් දැමීම මහලු මිනිහා නොදැනුවත්ව සිදුවූවක් නම්, ඔපස් මරණයට පත්කිරීම අහම්බයෙන් සිදු වූවක්" ලෙස සැලකීමට ඉඩ තිබුණා.
    හැබැයි මෙම අනතුර සිදු වීමට සති හයකට පමණ පෙර වයසක ජෝඩුවගේ පුතා තුවක්කුවට පතරොම් දමනු තමා දුටු බව විමර්ශණ කටයුතු කරගෙන යද්දි ඇසින්දුටු සාක්ෂි කරුවෙක් කිව්වා.

    වයසක ස්ත්‍රිය සිය පුතාට මුදල් ආධාර නොදීම නිසා පුත්‍රයා ඉඳලා තියෙන්නේ බලවත් කෝපයෙන්.
    පියා නිතර මවට තුවක්කුව එල්ල කර තර්ජනය කරන පියා ගේ පුරුද්ද දැනගෙන හිටිය පුතා තුවක්කුවට පතරොම් දාලා පියා තම මවට වෙඩි තබාවි යන අපෙක්ෂාවෙන්.
    තුවක්කුවට පතරොම් දැමූ තැනැත්තා මේ බව දැන සිටියෙන්, කොකා ගස්සනු ලැබුවේ ඔහු විසින් නොවුනද මේම වෙඩි තැබීමේ සිද්ධියෙන් මරණයට පත් වූ රොනල්ඩ්ගේ මරණය සම්බන්ධයෙන් මිනීමරුවා මහලු ජෝඩුවගේ පුත්‍රයා බවට පත් විය.
    තවදුරටත් විමර්ශන කටයුතු කරගෙන යාමේදී සියදිවි නසාගැනීමට තැත්කල රොනල්ඩ් ඔපස් වෙන කිවිසෙකු නොව අර මහලු ජෝඩුවගේ පුත්‍රයා බව හෙළි උනා.
    තම මව මරණයට පත්කිරීමට යොදන ලද උපක්‍රමය දෙස දැඩි අපේක්ෂාවෙන් බලාසිටි රොනල්ඩ් ඔපස්ට එය ඉටු නොවීම නිසා සිදුවූ අපේක්ෂා භංගත්වය හේතුවෙන් මාර්තු 23 වෙනිදා දසවැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගන්න තීරණය කළත් ඔහු බිමට පනිනවිට නම්වැනි මහලේ ජනේලයකින් හදිසියේ පිටවූ වෙඩි උණ්ඩය වැදී අතරමගදී මරණයට පත් උනා.
    අවසානයේ පුතා තමාගේ මිනීමරුවා බවට පත් උනා. මෙය සියදිවි නසාගැනීමක් ලේස අවසනයේ නිගමනය කළා


     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Nah, there is no way this is real :no:

    well, actually people argued about it. It wasn't concluded that the story is real or false. Some websites published that it is a story made by Dr. Miller to illustrate forensic theories to audience.
    Later some people pointed out the behavior of website which making fake news for publicity of the site.
    So, Late Dr. Miller must knew the truth. :D
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    සුපිරි කතාවක්.අම්මා මැරෙනකල් බලාගෙන ඉන්දලා ඒක හරි ගියේ නෑ කියලා ඌ පැනපු එක තමා අවුල්
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සුපිරි කතාවක්.අම්මා මැරෙනකල් බලාගෙන ඉන්දලා ඒක හරි ගියේ නෑ කියලා ඌ පැනපු එක තමා අවුල්

    to us