කෝටිපතියෙක් වෙන්න
මේ දවස් වල බලු පැටව් ගැන හොයලා බලද්දි වැඩේ තේරුනේ බලු අම්මා තාත්තා ඉම්පෝර්ට් කරලා මෙහෙ පැටව් හදලා විකුණවා එක පැටියෙක් ලක්ෂයකට වඩා වැඩියි සාමාන්‍යයෙන් මෙයාලව හදන්න හිතන තරම් ලොකු වියදමක් යන්නෙත් නෑ කෑම සහ බෙහෙත් ටික හරියට දුන්නා පැටව් ගත්තා විකුණුවා සමාජයේ ඉන්න ලොකු සල්ලි කාරයො මේ වැඩේ කරගෙන යනවා එක අතකට මාෆියාවක් වගේ පැටියෙක් මිල කරන්න පුලුවන් සීමාවක් නෑ

ඕක තමයි පුතේ අමාරුම වැඩේ. පැටවු 10ක් දැම්මොත් 10යෙම ඉපදුන ගමන් එලියට අරන් අතින් ගලවන්න තියෙන්නෙ උන්ගෙ water bagඑක. නැත්නම් හුස්ම හිරවෙලා මැරෙන වෙලාවල් ඕන තරම් තියෙනව. මහ බැල්ලි මාසයක් විතර යනකම් උනු වතුරෙන් නාවන්න ඕන, පැටවු 10යෙම නැටි කපන උන්නම් 10 දෙනාටම වියදම් 10යක්. බෙහෙත් කෝස් එකක් තියෙනව පොඩි පැටිය කාලෙ ඉදන්. ඒකත් 10යටම එක පාරට කරන්න ඕන. 10යම registerකරන්න ඕන. dog food, vitamin අනම්මනම් 10 දෙනාටම එක පාරට දෙන්න ගියාම තමයි එපා වෙන්නෙ බන්. මහ බැල්ලිගෙන් වෙන් කරන්න ඕන කිරිදෙන වෙලාවට විතරක් ලගට කරල කිරි දෙන්න ඕන, නැත්නම් මහ එකාට යට වෙලා පැටවු ටික මැරිල යනව. කිරි දීල එවර වුන ගමන් පැටවු ටික වෙන් කරන්න ඕන. පැටවුන්ට බඩ යන ලෙඩක් තියෙනව එකෙකුට හරි හැදුනොත් අනිත් ඔක්කොටම දවසින් දෙකෙන් බෝවෙනව. ඒ නිසා උන් ගැන හොද සැලකිල්ලෙන් ඉන්න ඕන. jobඑකක් කරන ගමන්නම් ඔය වැඩේට අත ගහන්න එපා මචං. මොකද නිකන්ම පැටවු ටික මැරිල යනව. වෙලාව සහ අවශ්‍ය සම්පත් තියෙනවනම් වැඩේට අත ගහන්න. ජය..!