free will මායාව...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි හැමෝටම හිතෙන දෙයක් නේ අපේ ජිවිත control කරන්නේ අපි කියලා.. උදේට තේ බොනවද කොපි බොනවද! , අද class යනවද නැද්ද! , මේ කෙල්ලද කර කෙල්ලද! අපි හිතනවා ඔය වගේ decision අපි ගන්නවා කියල....:)

    එත් ඇත්තටම එක එහෙමද! විශ්වය වැඩ කරන්නේ cause and effect න්‍යායෙන්... විශ්වයේ තියන සේරම අංශු වල හැසිරීම ගැන දැනුමක් අපිට තියනව නම් විශ්වයේ ඉදිරියට වෙන ඕනෑම දෙයක් අපිට පුරෝකථනය කරන්න පුළුවන්....

    අපේ ශරීරය(මොලේ) හැදිලා තියෙන්නෙත් විශ්වයේ තියන සාමාන්‍ය අංශු වලින්ම තමයි.. එහෙනම් අපේ මොලේ ක්‍රියා කරන විදියත් කලින් පුරෝකථනය කරන්න පුළුවන් , ඒ කියන්නේ අපිට free will එකෙක් නෑ....

    මේ තියෙන්නේ ලිබෙට් ගේ පරීක්ෂණය... මේකට අනුව අපි ගන්න තීරණය තත්පර ගානකට කලින් සැහෙන්න නිරවධ්‍යතාවයකින් පුරෝකථනය කරන්නන පුළුවන්...

    හරියට බැලුවොත් අපි රොබෝලා ටිකක් විතරයි...
    අපේ ජිවිතේ කිසිම දෙයක් අපි consciously පාලනය කරන්නේ නෑ...
    අපි ජිවිතේ කියන film එක බලන එකයි කරන්නේ...:sorry:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,566
    1,453
    113
    Sri Lanka

    හරියට බැලුවොත් අපි රොබෝලා ටිකක් විතරයි...
    අපේ ජිවිතේ කිසිම දෙයක් අපි consciously පාලනය කරන්නේ නෑ...
    අපි ජිවිතේ කියන film එක බලන එකයි කරන්නේ...:sorry:
    :yes::yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    මම හිතන්නෙ බුදු දහමෙ කියන පරිදි නියාම ධරිම 5කට අනුව තමා අපෙ ජීවිතේ ගලාගෙන යන්නෙ ඉතින් අපිට කියන්න බැහැ අනාගතේ කොහොම වෙයිද කියල! යම් ප්‍රතිශතයකට ape jiivitheta api visin අනිවාරෙන්ම බලපෑම් කරන්න පුලුවන් !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම හිතන්නෙ බුදු දහමෙ කියන පරිදි නියාම ධරිම 5කට අනුව තමා අපෙ ජීවිතේ ගලාගෙන යන්නෙ ඉතින් අපිට කියන්න බැහැ අනාගතේ කොහොම වෙයිද කියල! යම් ප්‍රතිශතයකට ape jiivitheta api visin අනිවාරෙන්ම බලපෑම් කරන්න පුලුවන් !

    :no:

    කිසිම විදියකට බෑ..
    'මම' කියන කෙනාට කිසිම දෙයක් පාලනය කරන්න බෑ...

    අපිට එන සිතුවිලි වලින් execute කරන්නේ මොකක්ද කියන එක තීරණය වෙන්නේ එන තවත් සිතුවිල්ලකින්,
    අපිට තීරණය කරන්න බෑ අපිට එන සිතුවිලි මොනාද කියල....
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මම හිතන්නෙ බුදු දහමෙ කියන පරිදි නියාම ධරිම 5කට අනුව තමා අපෙ ජීවිතේ ගලාගෙන යන්නෙ ඉතින් අපිට කියන්න බැහැ අනාගතේ කොහොම වෙයිද කියල! යම් ප්‍රතිශතයකට ape jiivitheta api visin අනිවාරෙන්ම බලපෑම් කරන්න පුලුවන් !

    ඔව් හරියටම හරි, හේතු සහිතව ඇතිවෙලා , හේතු නැතිවනව්විට නැතිව යන , එයම නැවත නැවත (හිතාගන්න , ගණනය කරන්න අපහසු) ඉතා වේගයකින් සිදුවන සිතුවිලි පරම්පරාවකට තමා අපි මේ රැවටිලා ඉන්නේ , බුදුන් වහන්සේ කිවේ ඔන්න ඔය සිතුවිලි වල ශක්තිය තියෙනකන් හොද හෝ නරක වසයෙන් අපිට සංසාරයක් සකස් වෙනවා කියල(නියම දර්ම වලට අනුකුලව),කවදාවත් ලගාකළ නොහැකි (සියල්ල සාපේක්ෂ ලෝකයක) සැපක් හොයනවා පිස්සුවෙන් වගේ රැවටිලා , කෙනෙකුට පුළුවන් නම් සත්‍ය වාදී වන්න , කෙලින් කතාකරන්න , අනුන්ට කෘතවේදී වන්න අන්න ඒ කෙනා ගාව බුදුන් දේශනා කල මැදුම් පිළිවෙත වර්දනය වෙනවා, පුළුවන් නම් අත්හදා බලන්න , සිතන හැම සිතුවිල්ලක්ම පිටවන සම වචනයක්ම , කරන සම ක්‍රියාවක්ම හදවතට එකගව තාම දැනීමට සාපේක්ෂව , සතයක් මද කියල , සිහියෙන් ඉන්න , හරිම බයානක සංසාරයක තාම මේ අපි යන්නේ , මේ ආගමක් නෙවේ , මේ ලෝක දර්මතාවය , ලොව පවතින එකම නිරපේක්ෂ දෙය තාම මේ දර්මතාවය
     
    එත් තියන ප්‍රශ්නේ ඔය දේවල් කරන්න ඕනේ කියල අපිට තීරණයක් ගන්න පුළුවන් ද? අපේ fate එක ඔය දේවල් නොකිරීම නම් ?

    ඔය සකස් වෙන සංසාර ඉවර වෙන්නේ කවදද කියල සකස් වෙද්දීම තීරණය වෙලා ඉවරයි
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    එහෙම දෙයක් නෑ බන්. සන්සාරෙ කියන එකට කෙලවරක් නෑ. කෙලවරක් නැතිනිසා තමයි. කෙලවරක් කරන හැටි බුදුවරු පහල වෙලා කියල දෙන්නෙ. ඒක කියල දෙන්න හේතුව තමයි, සසරෙ යනකොට සත්ත්වයා වැඩි වශයෙන්ම ගතකරන්නෙ නිරය, ප්‍රේතලෝකය, තිරිසන් අපාය , අසුර අපාය කියන ගොඩාක් දුක් සහිත තැන්වල හින්ද. වැඩිපුරම සත්වයා ඉපදෙන්නෙ බ්‍රහ්මලෝක වලනම්/ තිව්‍ය ලෝක වලනම් අසඥ තල වලනම්, සසරට පිලිතුර නිවන නොවෙන්න තිබුන.
     
    එක තමයි,
    සංසාරය කෙලවර වෙන්නේ නිවන් දැක්මෙන් නේ..
    කෙනෙක් සංසාරය ගෙවද්දී අත්දකින බුදු වරු , ධර්ම ඉගැන්වීම් determine වෙලා තියෙන්නේ විශ්වය ආරම්බයේදීම...
    කාට හරි මේ විශ්වයේ තියන ඔක්කොම අංශු වල හැසිරීම study කරලා දැනගන්න පුළුවන් නම් මම නිවන් දකින්නේ කවදද කියල, මට නිවන් දකින්නේ වෙන්නේ එදාටම තමයි ... එක කිසි දෙකින් වෙනස් වෙන්නේ නෑ...
     
    ඔය මතය පැරනි භාරතයෙ තිබුන. බුද්ද කාලෙ. ඒකට කිව්වෙ නියති වාදය කියලද කොහෙද. ඒත් ඒක වැරදි බව බුදුහාමුදුරුවො පෙන්නල දුන්න. කොහොමද කියල මතක නෑ
     
    ඔය දෘස්ටියට අහුවුනොත්, බුදුහාමුදුරුවො උපමාවක් කියනව, හරියට කෙමනකට අහු උනා වගේ කියල. ගැලවෙන්න අමාරුයිලු.

    ඒ කියන්නෙ තමන්ව වෙනස් කරගන්න තමන්ගෙ මාර්ගය වෙනස් කරගන්න උත්සහ කරන්නෙ නෑනෙ. ඔහෙ ඉන්නව.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    එක තමයි,
    සංසාරය කෙලවර වෙන්නේ නිවන් දැක්මෙන් නේ..
    කෙනෙක් සංසාරය ගෙවද්දී අත්දකින බුදු වරු , ධර්ම ඉගැන්වීම් determine වෙලා තියෙන්නේ විශ්වය ආරම්බයේදීම...
    කාට හරි මේ විශ්වයේ තියන ඔක්කොම අංශු වල හැසිරීම study කරලා දැනගන්න පුළුවන් නම් මම නිවන් දකින්නේ කවදද කියල, මට නිවන් දකින්නේ වෙන්නේ එදාටම තමයි ... එක කිසි දෙකින් වෙනස් වෙන්නේ නෑ...

    මක්ඛලී ගෝසාල
    මක්ඛලී ගෝසාල ද හුදෙක් බ්‍රාහ්මණයින්ගේ ශාස්වතවාදී පිළිවෙතට එරෙහිව අකිරියවාදය, අහේතුකවාදය, සංසාර ශුද්ධිවාදය වැනි දාර්ශනික ස්ථාවරයක් ඉදිරිපත් කර තිබේ. මේ අකිරියවාදය අහේතුක අප්පච්චයවාදය නමින් ප්‍රසිද්ධය. මන්ද ඉන් සංජානනය කර ගනුයේ සත්වයා හේතුඵලයක් නැතිව පිරිසිදු බවට, අපිරිසිදු බවට පත් විය හැකි බවයි.මේ නිසා පුද්ගල ස්වච්ඡන්දතාවය ප්‍රතික්ෂේප වී යයි. මේ නිසා පුරුෂ බලය, පුරුෂ වීර්යය, පුරුෂ පරාක්‍රමය ඉවතට තල්ලුවී යයි. ස්වච්ඡන්දතාව ඉවතට තල්ලුවී යෑම සමඟ නියතිසංගතිවාදය (Determinism) බිහි වේ. මෙය නියති සංගතිවාදයක් වන්නේ සසරගත කළයුතු නිශ්චිත කාල සීමාවක් දක්වා ඇති බැවිනි. ඒ අනුව සත්ව යෝනිවල 146,600 වරක් ද, සසර ගත යුතු කාලය කල්ප 84,000 ක් ද වන බව දක්වා තිබේ. ශීලයෙන්, තපසින්, බඹසරින් දුරු කල යුතු දෙයක් නැත. නිශ්චිත ආත්ම භාවයන් ඉකුත් වීමෙන් අනතුරුව සසර දුකින් නිදහස ලැබිය හැකි බව ද මෙහි පැහැදිලි කෙරේ. මේ දර්ශනයෙන් දැඩි ලෙස සදාචාර දර්ශනය ප්‍රතික්ෂේප වන නිසා බුදුරදුන් ඉතා ප්‍රබලව මේ ආකල්ප බැහැරකර තිබේ. මිනිසුන් විපතට හෙලන කෙමනක් ලෙස බුදුරදුන් මේ දර්ශනය හඳුන්වා තිබේ. මෙහිදී මිනිසුන් පුද්ගල වගකීම සදාචාරය නොසලකා සංජානනය කිරීමට පෙළඹිය හැකි බැවින් සදාචාරාත්මක ක්‍රියාවල උපයෝගීතාව අඩුවීමට මේ ආකල්ප හේතු වේ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,907
    113

    එක තමයි,
    සංසාරය කෙලවර වෙන්නේ නිවන් දැක්මෙන් නේ..
    කෙනෙක් සංසාරය ගෙවද්දී අත්දකින බුදු වරු , ධර්ම ඉගැන්වීම් determine වෙලා තියෙන්නේ විශ්වය ආරම්බයේදීම...
    කාට හරි මේ විශ්වයේ තියන ඔක්කොම අංශු වල හැසිරීම study කරලා දැනගන්න පුළුවන් නම් මම නිවන් දකින්නේ කවදද කියල, මට නිවන් දකින්නේ වෙන්නේ එදාටම තමයි ... එක කිසි දෙකින් වෙනස් වෙන්නේ නෑ...

    the fuck i read:oo: