අඩුම වියදමකින් decent wedding එකක් plan කරමු (මුල සිට සරලව)

mihir.rc.uom

Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    වියදම් අවම කරගෙන decent wedding එකක් plan කරමු (මුල සිට සරල&#35

    ඔන්න අද මම කතා කරන්න යන්නේ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ගැන. මේක මගේ දෙවෙනි thread එක. කලින් මම thread එකක් දැම්මා පලවෙනි පාරට singapore යන කෙනෙක්ට වැදගත් වෙන විදිහේ travel guide එකක්. ඒකට ඔයාලගේ ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා තමා මේ thread එකත් පටන් ගන්න හිතුවේ. හැබැයි පුතේ මුලින්ම කියන්න ඕන මේ topic එක නම් තනියෙන් නොදන්නා රටකට යනවා තරම් ලේසි වැඩක් නෙවෙයි. කසාදයක් බඳිනවා කියන්නෙම අමාරුවේ වැටෙන වැඩක්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙන එක ඊට වඩා අමාරු වැඩක්. හැබැයි මම මේ thread එකෙන් බලාපොරොත්තු වෙනවා මුල ඉදලා ඔයාලාව ලස්සන wedding එකක් අරගන්න තැනට වෙනකන් guide කරන්න. සමහරවිට මේක ලිපි ගණනාවකින් යුතු ටිකක් දිග thread එකක් වෙන්න පුළුවන්. මොකද හැම දේ ගැනම අපි මුලක ඉඳල කතා කරන්න ඕන නිසා. ඇත්තටම කියනවනම් මගේ wedding එක plan කරද්දී මම හෙන කට්ටක් කෑවා. ඉතින් ඒ කට්ට කාලා එකතු කරගත්තු experience එක තමා මම මේ බෙදාගන්න හදන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලගේ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි එකතු වෙලා අලුතින් බඳින්න ඉන්න කෙනෙක්ට අඩු වියදමින් ලස්සනට වැඩේ කරගන්න විදිහ මේ thread එක කියවල සම්පුර්ණයෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට ගේමක් ගහමු.

    තව දෙයක්. wedding කියන එක අද වෙද්දී ලොකු market value එකක් තියෙන business එකක් වෙලා ඉවරයි. හැමෝම කැමතියි ජීවිතේට එක පාරක් විතරක් එන අවස්ථාවක් නිසා මේක පුළුවන් උපරිමෙන් සමරන්න. ඉතින් මම මේ thread එක දාන්නේ අන්න එහෙම අයට උදව්වක් වෙන විදිහට. මේකේ සමහර පිරිසක් ඉන්න පුළුවන් ලොකු ගණන් වියදම් කරලා ලොකුවට wedding එකක් ගන්න එක අපරාදයක් විදිහට දකින. අපරාදයක් තමා. ඒත් ඉතින් ඕන කෙනෙක් ආසයිනේ බන් පුළුවන් විදිහට මේ දේ කරගන්න. අන්න ඒ අයටයි මම මේ හෙල්ප් එක දෙන්න යන්නේ. ඒ නිසා මේ thread එකෙන් කතා කරන්නේ හොද decent wedding එකක් අඩුම වියදමකින් කොහොමද කරගන්නේ කියන එක. අපිට වියදම් කපාහරින්න පුළුවන් එහෙම නැත්නම් ලොකු ගණන් වියදම් කරන්නැතුව ඒ වැඩේම අඩුවට කරගන්න පුළුවන් විදිහ. නැතුව වියදම් නොකර ඉන්න එක නෙවෙයි. මම හිතනවා තේරෙන්නැති කියලා. හරි එහෙනම් අපි වැඩේ පටාන් ගමු.
     

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    wedding එකට සුදානම් විය යුතු කාලය

    ගොඩක් අය හිතනවා wedding එකක් අවුරුදු දෙක තුනක් තිස්සේ plan කරන්න ඕන කියලා. හැබැයි මගේ දැනුමෙන් නම් අවුරුද්දක් කලින් පටන් ගත්තම හොදටම ඇති. මේ අවුරුද්දක් කලින් කියන්නෙත් ඔයාට අවශ්‍ය හොටෙල් එක book කරගන්න විතරයි. අනිත් දේවල් වලට නම් මාස 6ක් තිබ්බත් ඇති. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු ඔයාලගේ හිතේ දෙයක් තියෙනවා කියලා මේ හොටලෙමයි ගන්න ඕන, මෙයාගෙන්මයි අඳින්න ඕන කියලා. අන්න ඒ වගේ ආසාවල් තියෙන අය නම් ටිකක් කලින් වැඩ පටන් ගත්තට කමක් නෑ. එහෙම නැත්නම් ඔයාල හොදට හොයල බලල ඔයාගේ budget එකට ගැලපෙන හොදම කෙනානම් හොයන්නේ මම මේ කියන කාල සීමාවල් හොදටම ඇති. මම මේක එක topic එක කතා කරද්දී ඒවාට ලෑස්ති වෙන්න ඕන කාල සීමාවත් දාන්නම්.




    1. දිනයක් නියම කර ගැනීම

    හරි එහෙනම් ඔන්න දැන් උබයි උබේ girl උයි තීරණය කළා කියමුකෝ අමාරුවේ වැටෙන්න ලෑස්තියි කියලා. එහෙම නැත්නම් ගෙදරින් පොරොන්දම් එහෙම බලල කෙල්ලෙක්ව සෙට් කරලා තීරණයක් ගත්තා කියමුකෝ උබව අමාරුවේ දාන්න. එහෙනම් මුලින්ම කරන්න ඕන කාරණය තමා දිනයක් නියම කර ගන්න එක. මේ දවස දාගන්න එක මචන් හොදටම හිතල කරන්න ඕන දෙයක්. මොකද අපි අවුරුද්දකට පස්සේ දවසක් තමා මේ දාගන්න යන්නේ. ඉතින් ඒ වෙද්දී තත්වය predict කරන්න ඕන. මම නිකන් උබලට හෙල්ප් එකක් එන විදිහට එක එක කාල වල දවසක් දාගන්න එකේ හොද නරක පොඩ්ඩක් කියන්නම්

    January - February : මේ මස වල දින දාගනිද්දී මචන් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. මොකද අවුරුද්ද පටන් ගත්තු ගමන්. උබට annual leave ටික සේරම දාන්න වෙනවා. එතකොට අවුරුද්දේ අන්තිම වෙද්දී leave නැතුව උබ හිරවෙනවා. අනික ගොඩක් නැකත් බලන අය පෙබරවාරි මාසේ දවස් දෙන්නේ නෑ. අසුබයි වගේ case එකක් නිසා.

    March - April : මේ කාල වල ලොකු අවුලක් නෑ. අවුරුදු නිවාඩු සෙට් වෙනවා. ඒ නිසා සමහර විට නිවාඩු පාඩුවේ වැඩ ටික කරගන්නත් පුළුවන්. හැබැයි අන්තිම මොහොතේ වැඩ කරගන්න තියාගන්න එපා. මොකද අවුරුදු නිසා කඩවල් එහෙම වහනවනේ. honeymoon යන්න හිතන් ඉන්න තැන වලත් rates වැඩි වෙයි vacation නිසා.

    May - June : මේ ටික තමයි wedding season එක කියලා කියන්නේ. මේ කාලේ දාගන්නවනම් පුතෝ book කරන දේවල් කල් තියාම කරන්න වෙනවා. මොකද නැකත් මාසේ නිසා ඉක්මනට හොද හොටෙල්, photographers, dressing තැන් book වෙනවා. අනික පොඩ්ඩක් rates එහෙමත් වැඩියි මේ කාලෙට. හැබැයි offers සෙට් වෙන්නෙත් මේ කාලෙටම තමා.

    July - October : මේ කාල වල නම් ලොකු rush එකක් නෑ . අගෝස්තු වල වගේ ආයේ පොඩ්ඩක් නැකත් එනවා. අනිත් ටික හොදයි. honeymoon එකට පිට රට වගේ යන්න ඉන්නවනම් මේ කාල වල ගණන් එහෙම අඩුයි. ලංකාවේ පවා hotels වල ගණන් බහිනවා off season නිසා.

    November - December : නිවාඩු වලට නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. ඉතුරු වෙලා තියෙන leave ටික සේරම දාන්න පුළුවන්නේ. හැබැයි honeymoon hotels වල නම් rates පට්ටම වැඩියි. Christmas season නිසා. හැබැයි අවුරුද්දේ අන්තිම නිසා නිවී හැනහිල්ලේ plan කරගන්න පුළුවන්.


    ඉතින් මේ කාරණාත් හිතේ තියාගෙන හොඳ කාල සීමාවක් තෝරගන්න. මාසයක් select කරගත්තට පස්සේ නැකත් බලන්න යන්න. හොදටම මතක තියාගන්න ඕන දෙයක් තමා නැකත් ගනිද්දී එක දවසක් ගන්න එපා. දවස් කිහිපයක්ම අරගන්න. අවුරුද්දෙම නැකත් දවස් ටික ඉල්ලගත්තත් කමක් නෑ. මොකද හොදම නැකත් දවස් වලට hotels එහෙම ඉක්මනට book වෙනවා. ඔය wedding plannersල කියන උන් කලින්ම ඕව pencil booking දාලා වෙන් කරගන්නවා. ඒ නිසා දවස් කිහිපයක් අරන් ගියාම ලේසියි. තව එකක් තමා ඔයාලා one day wedding එකක් ගන්නවානම් weekend එකකට දවස දාගන්න try කරන්න. එතකොට ආරාධනා කරන අයගෙන් වැඩි පිරිසකට එන්න පුළුවන්.
    wedding & homecoming දෙකක් ගන්නවානම් wedding එකයි homecoming එකයි අතර දවසක වගේ gap එකක් තියාගන්න එක තමා හොද. ගොඩක් අපි book කරන hotels වල අපිට දවසක් room එකක් free දෙනවා. එතකොට wedding එක දවසේ wedding එක ගන්න හොටෙල් එකේ නැවතිලා පහු වෙනිදා homecoming එක ගන්න hotel එකට ගියානම් එහෙ ඉදන්ම ලෑස්ති වෙලා යන්න පුළුවන්. එතන event එකේ වැඩ ටිකත් බලන්න පුළුවන් ඉන්න ගමන්. homecoming එකට පස්සේ නිදහසේ හොද place එකක් book කරලා honeymoon ගිහින් එන්න පුළුවන්නේ.
    හරි එහෙනම්. ඔය ඔක්කොම හිතලා හොද දිනයක් දාගන්නකෝ.
     
    Last edited:

    mihir.rc.uom

    Active member
  • Oct 24, 2015
    220
    168
    43
    nugegoda
    2. Hotel එකක් තෝරාගැනීම

    wedding එකට දිනයක් නියම කරගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන ලොකුම වැඩේ තමා හොටෙල් එකක් select කරගන්න එක. මම මුලින් කතාකරන්නම් හොටෙල් එකක් book කරගනිද්දී සැලකිය යුතු කරුණු කිහිපයක්. ඊළඟට කතාකරමු හොටෙල් book කරද්දී අඩු වියදමකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. මේ ගැන කතා කරද්දීත් මම මුලින් කිව්වා වගේ කියන්න දෙයක් තියෙනවා. එක එක්කෙනාගේ විවිධ මත තියෙන්න පුළුවන්. සමහරු කැමති වෙයි මගේ wedding එක Kingsbury තිබ්බේ, එහෙමත් නැත්නම් Shangri-La තිබ්බේ කියල උජාරුවට කියවන්න. තවත් කෙනෙක් කියයි එන උන්ට කන්න බොන්න දීල යවන්න තියෙනවනම් ප්‍රජාශාලාවක් හරි කමක් නෑ කියල. හැබැයි මචන් ඔය අන්ත දෙකටම යන්නැතුව hall එකේ මැද කණු එහෙම නැති, කෑමත් හොද, ගානත් shape, හොද decent හොටෙල් එකකට යනවනම් මේ කරුණු ටික ගැන හිතල බලන්න.

    පිහිටීම:
    මුලින්ම බලන්න ඕන ඉතින් අපි කොයි පැත්තෙන්ද හොටෙල් එකක් බලන්නේ කියන එක. මේක ටිකක් හිතන්න ඕන කාරණයක්. ඔයාට wedding එකට කලින් දහ පාරක්වත් හොටෙල් එකට යන්න වෙනවා එක එක දේවල් වලට. ඉතින් මේ හොටෙල් එක ඔයාගේ ගෙවල් වලට හරි ඔයා වැඩ කරන තැනට ලඟින් හරි තියෙන එක වාසියක් වෙනවා. එකෙන් ඔයාටයි පවුලේ අයටයි යන transport cost එකකුත් ඉතුරු වෙනවා. අනික තමා කොළඹ අවට නම් ඔයා තෝරාගන්න hall එක තියෙන්නේ, supporting services ඒ කියන්නේ decoration, photographers, DJ /Band වගේ දේවල් වලට අය කරන ප්‍රවාහන ගාස්තුත් free වෙනවා. ඒ නිසා ඒවා ගැන හිතල හොටෙල් එක හොයාගන්න ඕන පැත්ත තීරණය කරන්න.


    ආරාධිත සංඛ්‍යාව:
    ඕනෑම hall එකක දාන්න පුළුවන් උපරිම ගානක් සහ අවම ගානක් තියෙනවා. අපිට එන පිරිස අවම ගානටත් වඩා අඩු උනොත් එයාල වෙනම ලක්ෂයක් දෙකක් hall charges හැටියට අය කරනවා. ඒක පාඩුයි. ඒ නිසා සහභාගි වෙන පිරිස දල වශයෙන් තීරණය කරලා ඊට ගැලපෙන විදිහේ hall එකක් book කරන්න. (ආරාධනා කරන පිරිස හරියටම හොටෙල් එකට කියන්න ඕන wedding එකට කලින්. ඒක හොයාගන්න හැටි මම පස්සේ කියන්නම්)


    Plate එකක ගාන
    මේක තමා ඉතින් අන්තිමේදී අපිට ලොකුවටම වැදගත් වෙන්නේ. මොන දේ කරන්නෙත් අපේ budget එකට අනුවනේ. සාමාන්‍යයෙන් අපේ budget එකෙන් 40% - 50% වගේ යන්නේ හොටෙල් එකට. ඉතින් ඔයාගේ budget එක බලලා ඔයාට plate එකකට වියදම් කරන්න පුළුවන් ගාන decide කරගන්න. උදාහරණයක් හැටියට මගේ budget එක ලක්ෂ 20ක් කියමු. එතකොට මම හොටෙල් එකට ලක්ෂ 9ක් වෙන් කලොත් guestsලා 300ක් ඉන්නවානම් මට plate එකකට 3000ක් වගේ අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ plate එකක් 3000ට විතර තියෙන හොටෙල් එකක් තෝරාගන්න ඕන මම. සාමාන්‍යයෙන් මම කියපු විදිහේ decent හොටෙල් එකක normal plate එකක ගාන කොළඹ නගර සීමාව ඇතුලත නම් 3000ට හොයාගන්න අමාරුයි. 3500 ඉඳන් 6000 වගේ වෙනකන් ගණන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හදන්නේ අඩු වියදමකින් හොද හෝටලයක් book කරන්නනේ. බය වෙන්න එපා. මම කියන්නම් කරන හැටි.


    කෑම සහ service එක:
    wedding එකක වැදගත්ම දේ කෑමනේ. ඉතින් එන මිනිස්සුන්ගෙන් කතාවක් අහගන්නැති වෙන්න නම් කෑම ටික හොදට තියෙන්න ඕන. අනික තමා මොන දේ හොද උනත් වැඩක් නෑ service එක හරි නැත්නම්. මෙතැනදී තමා හොටෙල් එකේ නම කියන එක වැදගත් වෙන්නේ. ඒ නිසා ගාන ගැනම හිතන්නේ නැතුව ටිකක් internet එකේ එහෙම බලල reviews හොද හෝටලයක් තෝර ගන්න.


    free offerings
    ගොඩක් හොටෙල් වල අපි ගන්න package එකට අනුව සමහර දේවල් free හම්බෙනවා. උදාහරණයක් හැටියට පොල්තෙල් පහන, corkage, පුටු කවර, අමතර මේස වගේ දේවල් වල ඉදන් free sandy & බයිට්ස්, honeymoon room එකක්, පළමු විවාහ සංවත්සරයට dinner එකක් වගේ දේවල් පවා. සමහර හොටෙල් වල මේවා වෙනම මිලට ගන්නත් වෙන්න පුළුවන්. ගොඩක් හොටෙල් වල cooked බයිට්ස්, ග්‍රීන් Apple, sandy වගේ දේවල් හොටෙල් එකෙන්ම ගන්න ඕන. dry බයිට්ස් පිටින් ගෙන්න පුළුවන්.ඉතින් මේවත් ඔයාගේ plate එකේ ගානට එකතු වෙන බව අමතක කරන්න එපා.

    පහසුකම් සහ වටපිටාව
    මේකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක්. මොකද සමහරවිට හොටෙල් එක හොඳ උනාට ප්‍රමාණවත් parking space එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hall එක උඩ තට්ටුවක නම් තියෙන්නේ වයසක අයට යන්න access නැති වෙන්න පුළුවන්. lighting condition බලන්න. මේස පුටු වල තත්වය, බිම සහ බිත්ති වගේ දේවල් හොදට maintain වෙලාද, traffic වගේ දේවල් උනත් පොඩ්ඩක් consider කලාට කමක් නෑ. පොඩි දේවල් උනාට එදා දවසේ සෑහෙන්න වටිනවා.


    කතාව ටිකක් දික් උනා. ඒ නිසා කොහොමද හොටෙල් එකක් book කරගනිද්දී අඩුම ගානට හොදම හොටෙල් එකක් හොයාගන්නේ කියන එක මම වෙනම කතා කරන්නම්. වැඩේ හොද නම් පොඩි comment එකක් හරි දාල යන්න.
     
    Last edited:
    • Like
    Reactions: play_boy

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩුම වියදමකින් කියලා උබ අදහස් කරන්නේ ලක්ෂ 20ක් වගේද?:lol::lol: දාපන් මචං ලක්ෂ 2කින් විතර වෙඩිම අරගන්න ක්‍රමයක් ඊට පස්සේ ඉතුරැ ලක්ෂ 18 ට ඉඩමක් අරන්දාන වගේ වැඩක්:yes: