අලි මන්තර නොහැදිනීම අලි ඇබැද්දියක්!
ඕනෑම රටක මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ දැනුම් පද්ධතිය ජනශ්‍රැති ලෙස හඳුන්වනු ලබයි. එහෙත් නූතනයේදී මේ ජනශ්‍රැති භාවිතාව තවදුරටත් විග්‍රහ කරනු ලැබේ. ඒ අනුව පරපුරින් පරපුර ලද අත්දැකීම් ඔස්සේ වඩා නිවැරදි ක්‍රමවේදය භාවිතයට ගැනීමේ සම්මත පිළිවෙත තැත්වරද ලෙස හඳුන්වනු ලබයි.
එනම් භාවිතයේදී සිදුවන වැරදි හඳුනාගෙන ඒ අත්දැකීම් ඔස්සේ නිවැරදි ක්‍රමවේදය භාවිතයට ගැනීම මෙහි ස්වභාවය වේ. ඒ අනුව ඕනෑම රටක ‘‘තැත්වරද’’ ක්‍රියාවලිය වූ කලී වඩා ප්‍රායෝගික මෙන්ම විශ්වසනීය භාවිතාවකි. සිරිත් විරිත් වත්පිළිවෙත් පමණක් නොව කෙම්පහන් හා මන්ත්‍ර භාවිතයද එලෙස ගොඩනැගුණු සම්ප්‍රදායක් බව වටහාගත හැකිය. ‘‘තැත්වරද’’ ඉංග්‍රීසියෙන් Trial and Error යනුවෙන් හඳුන්වයි. ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ වඩා නිවැරැදි ක්‍රමෝපාය මේ අනුව සමාජගත වේ.
තැත්වරද භාවිතය සමාජ සම්මතයක් නැතිනම් සම්ප්‍රදායක් ලෙස යොදා ගන්නේද එහි කිසියම් සත්‍යයක් ගැබ්වී ඇති හෙයිනි. පෙර පරම්පරාව ලද අත්දැකීම් පලයක් ලෙසින් ඉතිරි පරපුරට දායාද කරනුයේ නිවැරැදි ක්‍රමපිළිවෙත ය. මෙම තැත්වරද මෙරට හේන් කුඹුරු ගොවිතැනේදී මනා ලෙස භාවිත කිරීමට ගොවීහු පුරුදු වූහ. එම සම්මතයන් සියල්ල අදාළ වන්නේ පරිසර පද්ධතියට සාපේක්ෂවය. නිදසුනක් ලෙසින් හම්බන්තොට හේන් ගොවියා හේන් තනන විට අලි සහ වන සතුන් පහසුවෙන් පලවා හැරීම පිණිස පිටවැට ගැසීම සිදු කළ අතර හේනට ඇතුළු වීමේදී පතන්තාව භාවිතයට ගනියි. එවැන්නක් හත්කෝරලයේ දී හා රජරට දී දැකගත නොහැකි විය. ඔවුන් අලි එන විට හේන වටා දඬු වැට ගැසීමේ පිළිවෙතට හුරු වූ අතර එය අලින්ට කිසිසේත්ම බිඳ දැමිය නොහැකි ආරක්ෂක ක්‍රමෝපායකි. මේ දේශීය හේන් ගොවියා වැට බැඳීමේ දී අනුගමනය කළ ‘‘තැත්වරද’’ පිළිවෙතකට සරල නිදසුනකි.
මෙම තැත්වරද භාවිතාව ජනශ්‍රැති විද්‍යාවේදී ගැඹුරින් අධ්‍යයනය කරන්නකි. එය හේතුවාදී දැක්මට ඉලක්ක නොවීම කනගාටුදායකය. නූතන ඇමෙරිකානුවන් පොළෝපසට ජීව අඟුරු එකතු කර තිරසාර බෝග වගාවකට පෙළඹී සිටිති. ඒ බෝ නොවන රෝගවලින් ගැලවීම පිණිසය. එම අත්දැකීම නූතන ඇමෙරිකානු කෘෂිවිද්‍යාඥයින් සොයා ගත්තේ මායා සහ ඉන්කා ගෝත්‍ර අධ්‍යයනය කිරීමෙනි. එහෙත් ලංකාවේ අතීත හේන් ගොවියා ද ජීව අඟුරු පසට එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කළේ තැත්වරද භාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. හේන් වැපිරීමට පෙර හේන ගිනි තබන්නේ ඒ අනුවය. එයද හේන ඇවිළී නිමාවන විට වැසි ලැබෙන ලෙස අහසේ වැසි බිත්තර මෝරන රටාව හඳුනාගෙන සිදු කරන්නකි. මේ තැත්වරද ක්‍රමෝපාය වල්අලි එළවීම පිණිසද භාවිතයට ගෙන තිබේ. එහිදී අලින්ගේ හැසිරීමට මුල්තැනක් ලබාදී ඇති බව හඳුනාගත හැකිය.
හෙළ මුතුන් මිත්තෝ අලි මත්තර භාවිත කළහ. එය තැත්වරද යටතේ ගොඩනැගුණු ස්වදේශීය දැනුමකි. එය ‘‘අස්පර්ශනීය දැනුම’’ ලෙසින් නූතන ජනශ්‍රැතිවේදයට අනුව විග්‍රහ කරනු ලබයි. අනෙක් අතට ස්වදේශීය දැනුම හෙවත් ‘‘Intangible Knowledge’’ පිළිබඳව ලෝක මට්ටමින් පර්යේෂණ රැසක් සිදු කරමින් වඩා සාර්ථක දෑ ජනගත කිරීමේ වැඩපිළිවෙළක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනෙස්කෝව මගින් දියත් කර ඇත. මෙයට පරිසර හා කෘෂි කාර්මික අංශයන්ද ඇතුළත් කර තිබේ. ඒ සියල්ල මගින් ස්වදේශීය දැනුම හඳුනාගෙන නූතන සංවර්ධන ඉලක්ක පහසුවෙන් ජයගැනීමට යොදා ගනිමින් සිටියි. එයින් සාර්ථක ප්‍රතිඵලද ලැබී ඇත.
අපේ රටේ වල් අලි එළවීම සඳහා භාවිත කරන සාම්ප්‍රදායික ක්‍රමෝපායන් රැසක් තිබේ. ඒ අතරින් අලි මන්තර සඳහා වෙසෙස් තැනක් හිමි වී ඇත. එහෙත් අලි මන්තර කීමට පෙර හඳුනාගත යුතු වටිනාකම් රැසක් තිබේ. හිතේ හිතුවත්කාරෙට ඉබාගාතේ ගොසින් අලි මන්තර කීම ප්‍රායෝගික නොවන්නකි. අලිමන්තර කීමට පෙර අලියාගේ හැසිරීම ක්ෂණයෙන් වටහාගත යුතු වේ. එයට අදාළ පාරිසරික අත්දැකීම් අදාළ පරිසරයේ ජීවත් වන ගැමියා උගත්තේ අත්දැකීම් ඇසුරිනි. වල්අලියා අලි මන්තරයෙන් මෙල්ල කරගත්තේ කෙසේද යන්න අදාළ පරිසර පද්ධතියට අනුරූපව සිදුවන්නකි.
කැලේ දිවිගෙවන වල් අලියා ගමන් කරන්නේ අලිමංකඩවලය. කැලේ විනාශකර අලිමංකඩවල හේන් කුඹුරු හා ගෙවල් ඉදිකිරීමෙන් ගැටලුවක් නිර්මාණය කරගත්තේ අලින් නොව මිනිසුන් විසිනි. අතීත මුතුන් මිත්තන් හේන් කුඹුරු ගොවිතැන් කරන විට අලිමංකඩවල් ඒ අවට තිබේදැයි දැඩි හෝදිසියෙන් බැලූහ. එවැන්නක් නොමැති බිම් වගාව පිණිස යොදා ගත්හ. එනිසා අලි මිනිස් ගැටුමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය නොවිණි. එහෙයින් අවුරුදු දහස් ගණනක් වල් අලි සමග සබැඳියාවෙන් දිවි ගෙවීමට හැකි විය. නූතනයේදී එය සහමුලින්ම බිඳ දමා ඇත.
අලි මන්තර මිත්‍යාවක් ලෙස බැහැර කළ නොහැකි භාවිතාවකි. මන්ද තවමත් වල් අලි මෙල්ල කිරීමට මත්තර උපයෝගී කරගන්නා ගොවීන් හඳුනාගත හැකිය. අලියකුට මතුරනු ලබන්නේ බැරිම අවස්ථාවකදීය. වල් අලියකු සිටින බව කල් ඇතිව හඳුනා ගැනීමේ ක්‍රමෝපායක් මුතුන් මිත්තෝ අනුගමනය කළහ.
වල් අලියා නගන විවිධ හඬ ඔව්හු මැනවින් හඳුනති. ඒ හඬ අනුව අලියාගේ හැසිරීම් රටාවද හඳුනති. ඒ හඬ අනුව අලියාගේ හැසිරීම් රටාවද තේරුම් ගත හැකි හෙයින් කල්ඇතිව මගහැරීම ප්‍රබලව සිදුවන්නකි. යම් හෙයකින් අලියකුට මැතිරීමට සිදු වූයේ නම්, එවිට එම මැතිරීම සිදු කරන්නේ පිහිටි පොළොව මත හිටි පියවර නිරවුල්ව තබාගෙන ය. එවිට මන්තරය මතුරන්නා නිරුවත් දෙපයින් පොළොව ස්පර්ශකොට ගෙන සිටිය යුතු වේ. තවද මතුරන්නා දකුණු අත ඉහළට ඔසවාගෙන මන්ත්‍රය කිව යුතුය. අවස්ථාවෝචිතව හඬ නගා හෝ සෙමෙන් මැතිරීම සිදු කරයි. මෙය අත්දැකීම් මත සිදු කළ යුත්තකි.
වල් අලියකු ඉදිරිපිට සිටගෙන මතුරන විට අලියාගේ ඇස දෙස සෘජුවම බලා ගෙන එම කාර්යය කළ යුතු බව අලි මන්තර කීම පිළිබඳව අත්දැකීම් ලත් වැඩිහිටියෝ පෙන්වා දෙති. මේ ලෙසින් වල් අලියාගේ ඇස බැලීමට කුඩා අවදියේ පුරුදු කරනු ලබන්නේ අලියාට ඇස තැබීමේ ජනක්‍රීඩාව මගිනි.
ලංකාවේ භාවිත අලි මන්තර පිළිබඳව තවමත් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර නොමැත. කැලේ රාජකාරි කරන්නා වූ සියලු දෙනා තමාගේ ආරක්ෂාව පිණිස අලිමන්තර යොදා ගනිති. මෙහිදී සෙමෙන් මැතිරීම, හඬගා මැතිරීම, මතුරන මන්ත්‍ර සතු වචන, ඒවා උච්චාරණය කරන පිළිවෙළ, මතුරන්නාගේ ශාරීරික ප්‍රකාශන ආදිය වල් අලියාට ගෝචර හෝ අගෝචර වන්නේ දැයි විමර්ශනය කිරීමක් තවමත් අප රටෙහි නොවීම කනගාටුදායක පසුබිමකි. අත්දැකීම්ලත් වැඩිහිටියන් පවසන්නේ අලි මන්තර කියන විට උඩ පැලක හෝ ගලක නැතිනම් ගසක සිටීම නොකළ යුතු බව ය.
එවිට මතුරන්නාට පොළොව පෑගීමට නොහැකි වේ. තවද තනියාට සහ තුන්පත් රෑනට මැතිරීම ඉතා ආයාසකර බව අත්දැකීම් ලත් වැඩිහිටියෝ කියති. එයටද මන්තර තිබෙන බවත් ඒවා ඉතා නුවණින් කළ යුතු බවත් ඔවුහු පෙන්වා දෙති. ඔවුන්ගේ අදහස් ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ ගොඩනැගී තිබේ. ඒවා කේෂේත්‍ර අධ්‍යයනයන් ලෙස යොදා ගැනීමෙන් එහි යථාව නිසි ලෙස අධ්‍යයනය කළ හැකි වනු ඇත.
අලි මන්තර මැතිරීම ජොලි වැඩක් පෞරුෂත්වය ප්‍රදර්ශනය කරන ෆේස්බුක් වීරකමක් නොවන වග තේරුම් ගත යුතුය. අනේක වීඩියෝ ප්‍රදර්ශනය මගින්ද මේ දිනවල සමාජජාල අඩවිවල මේ සිදුවීම සැරිසරන අයුරු දැකගත හැකිය. එයට අනුව අදාළ තැනැත්තා අලි මන්තර විෂය තබා ඒ පිළිබඳ අල්පමාත්‍ර හෝ වැටහීමක් නැති අයකු බව මැනවින් වටහාගත හැකිය. මන්දයත් ඌ තනි අලියෙකි. සිටියේ පාඩුවේය. ඇතැම් විට කම්මුල් තෙමුණු අලියෙක් දැයි නොදනිමු. කෙසේවෙතත් සිදුවීම, අහකයන නයි රෙද්ද අස්සේ දාගෙන සියල්ල කා දැමීමට ඉඩදී මරලතෝනි නැගීමකි. අඥානකමට අලි මන්තර පළි නොවේ යන්න එයට දිය හැකි පිළිතුර ය. අලි මන්තර මතුරන්නේ වල් අලින්ට විනා හීලෑ අලින්ට නොවේ.
අලි මන්තර විෂය විද්‍යාත්මකව අධ්‍යයනය කරන විට අලියාගේ සංවේදීකමට මුල් තැනක් අත්වනු බව ලේඛකයාට වටහාගත හැකිවනු ඇත. වල් අලින් හේන් බිමට පැමිණෙන්නේ නම් හෝ කුඹුරු යායකට එන්නේ නම් එකවරම විදුලිය ලෙසින් කඩා වදිනවා නොව මාන බලමින් සිට සිදු කරන්නක් බව එක් දිනක් හෝ වල් අලි එන විටක පැල් රැක තිබේ නම් වටහාගත හැකි ය. එසේම අවට විමසිල්ලෙන් බලා පැමිණෙන වල් අලියාට කියන මන්තරයක් නැත. හඬ උස් කතා කතා කිරීම ප්‍රමාණවත් ය. ගමරාලේ නැතිනම් ලොකු රාලහාමි කියා ගෞරවයෙන් වල් අලින්ට ඇයිද හේන් ගොවියා අමතන්නේ යැයි විමසීම ඉතා වැදගත් තොරතුරු රැසක් හඳුනාගැනීමට හැකි පසුබිමකි.
මිනිස් කටහඬට වල් අලියා බිය වේ. එහෙත් එය කළ යුත්තේ බිම සිටය. එවිට වල් අලියාගේ කනට මිනිසා සිදු කරන හඬ සන්නිවේදනය වන්නේ අංශක හතළිස් පහක කෝණයකිනි. එය ගස් පැලක සිට සිදු කළේ නම් ප්‍රතිඵල විරහිතය. වල් අලි එලවා අත්දැකීම් ලත් ඕනෑම අයකුගෙන් මේ පිළිබඳව අසා දැනගත හැකි ය. එහෙත් අලි වෙඩි ගසා අලි බිය වද්දා මේ වන විට එම සතුන් වියරුවට්ටා ඇත. එය රැලෙන් පන්නා හරින ලද තනි අලියා බදු මානසික මට්ටමකි. එවැනි පසුබිමක අලින්ට මන්තර කීම ප්‍රතිඵල විරහිත වූවකි.
ලංකාවේ භාවිත අලි මන්තර අතරින් වැඩිමනක් මන්තරවල දෙමළ වචන ව්‍යවහාරයත් බුදු ගුණයත් දැක ගත හැකිය. ඒ වත්මන් සංහිඳියාව අනුව සිදුවූවක් නොව මිනිසුන් ලද ජීවන අත්දැකීම් ඔස්සේ සමාජගත වූ සංස්කෘතික භාවිතාවක් බව හඳුනාගත හැකිය. තැත්වරද යන්න වඩා උචිත වන්නේ මෙවැනි පසුබිම් ප්‍රායෝගික ලෙස අත්හදා බලන්නේ නම් පමණි. අලි මන්තරය කියන්නාගේ ජන විශ්වාසයත්, ඇදහිලි වත්පිළිවෙත් හා ඔහුගේ සංස්කෘතික ව්‍යවහාරයන්ට විනා වෙනත් ආදේශක්‍රම මගින් මෙවැනි මන්තර පිළිවෙත් ගොඩනැගී නොමැති බව දැකගත හැකි ය.
-මහින්ද කුමාර දළුපොත

මුඛ පරම්පරාගතව පවතින දැනුම ශීඝ්‍රයෙන් බිඳ වැටෙයි. සමාජයෙන් අහිමිවීමේ ප්‍රවණතාව ඉහළය. හේතුව සමාජ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික පසුබිම් එයට තදින්ම බලපෑමයි. එබැවින් යුනෙස්කෝ සංවිධානය මගින් හැකිතාක් දුරට ජන සමාජයෙන් ගිලිහීයන අස්පර්ශනීය දැනුම එකතු කර සංරක්ෂණය කිරීමට හා භාවිතයට ගැනීමට අවකාශ සලසාදීමේ වැඩසටහනක්ද දියත් කර තිබෙයි.
ජනශ්‍රැති විද්‍යාව වූ කලී අතීත මිනිසාට පමණක් අයත් දෙයක් නොව අතීතයෙන් ලද අත්දැකීම් ඔස්සේ නූතන මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි වටිනා විෂය ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධිත රටවල් හඳුනාගෙන ඇත. ඒ පිළිබඳව ගැඹුරින් පර්යේෂණ රැසක් දියත් වෙමින් තිබේ. ඒ අනුව ජනශ්‍රැති විද්‍යාව අද ලෝක මට්ටටෙම් ඇගයීමට ලක් වන ප්‍රමුඛතම පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. අලි මිනිස් ගැටුමෙන් මහත් පීඩාවට පත් කෙන්යාවේ ජනයා බේරා ගැනීම පිණිස කෙන්යානු විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායමක් අපූරු ජන්‍රශැති ව්‍යවහාරයක් යොදාගෙන තිබේ. එනම් වල් අලි ගම්විදන විට එක් ගෝත්‍රික ජනකොටසක් ඔවුන්ගේ සාම්ප්‍රදායික නළා විශේෂයක් භාවිත කරමින් වාදනයක් ඉදිරිපත් කර පහසුවෙන් අලි – මිනිස් ගැටුමකින් තොරව වල් අලි එළවා දමා තිබේ.