German ජර්මන් භාෂාව සිංහලෙන් (2)

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    German ජර්මන් භාෂාව සිංහලෙන් (2)

    tdZix7Al.jpg

    Learn German With Chaani
    --------------​

    මම කලින් දැනුවත් කළ විදියට ඔන්න අද අපි ජර්මන් පාඩම් මාලාවේ මුල්ම පරිච්චේදයට පිවිසෙමු. මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් උපාංගයක් ගැන මුලින්ම හඳුන්වා දෙන්න හිතුවා. ඒ තමයි google translation tool එක. මෙමඟින් ඔබට ඕනෑම භාෂා දෙකක් අතර සරළ පරිවර්තනයක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා (සැ.යු. මෙම පරිවර්තන සෑම විටම නිවැරදි නොවිය හැකි බැවින් අදාළ පාඩම් පෙළ සැලකිල්ලෙන් අධ්‍යනය කිරීම වැදගත්). එහි ඇති අමතර වාසිය වන්නේ වචන උච්චාරණය වන ආකාරය සවන්දීම මඟින් අවබෝධ කරගැනීම ට අවස්ථාවක් සැලසීමයි. google web browser එකේ German to Sinhala යනුවෙන් search කිරීමෙන් මෙම උපාංගයට පහසුවෙන් පිවිසිය හැකියි. ඉන් පසු වම් පැත්තේ ජර්මන් කොටසට අයත් අවකාශයට පාඩම් මාලාවේ ජර්මන් වචන හෝ වැකි copy-paste කරන්න. සරළ සිංහල පරිවර්තනයක් ලැබෙනු ඇති. එහි speaker සලකුණ මත click කිරීමෙන් අදාළ වචන හෝ වැකි උච්චාරණය වන ආකාරයට සවන්දීමට හැකියි.

    aN33rdQl.png

    කළින් පලකළ හැඳින්වීමේදී මා සඳහන් කළා ඔබට මතක ඇති ජර්මන් සහ ඉංග්‍රීසි භාෂා යුග්මය අතර බොහෝ සමානකම් ඇති බව. ඉතින් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුමක් තිබෙයි නම් ජර්මන් භාෂාව ඉගෙනගැනීම වඩාත් පහසු වේවි (එසේ නොවෙතත් සිංහල මාධ්‍යය මඟින් ම පමණක් වුවත් පහසුවෙන් ඉගෙනගත හැකි අයුරින් මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා :))

    මුලින්ම පහත සඳහන් සරළ වචන සහ ඒවායින් ගොඩනැඟෙන සරළ වාක්‍ය ඛණ්ඩ වෙත අවධානය යොමුකරමු. අධ්‍යනය පහසු කරවනු පිණිස ඉංග්‍රීසි අකුරු භාවිතා කරමු. ඉදිරියේදී ජර්මන් හෝඩිය ඉගෙනගත් පසුව ජර්මන් අකුරු යොදමින් වාක්‍ය ගොඩනඟමු.


    1. es ist = එස්‌ ඉස්ට් > එය යි. (eng. it is)
    2. gut = ගූට් > හොඳ, සුබ, යහපත්. (eng. good)
    3. es ist gut = එස්‌ ඉස්ට් ගූට්. > එය (ඒක) හොඳයි. (eng. it is good)
    4. guten Morgen = ගූටන් මෝගන්. > සුබ උදෑසනක්. (eng. good morning)
    5. willkommen = විල්කොමෙන් > (සාදරයෙන්) පිළිගන්නවා. (welcome)
    6. und = ඌන්ඩ්. > සහ / හා. (eng. and)
    7. guten Morgen und willkommen = ගූටන් මෝගන් ඌන්ඩ් විල්කොමෙන්. > සුබ උදෑසනක්, සාදරයෙන් පිළිගන්නවා. (eng. good morning and welcome)


    මෙම වචන සහ වාක්‍ය google translation tool එකේ copy-paste කර උච්චාරණය වන ආකාරයට සවන්දෙන්න

    ඔබට දැන් වැටහීමක් ලැබෙන්න ඇති ජර්මන් සහ ඉංග්‍රීසි භාෂා දෙක අතර කොපමණ සමානකම් තිබෙනවාද කියා. එසේම අසමානකම් පිළිබඳවත් දැනුවත් වීම වැදගත්. මේ පිළිබඳ ඉදිරි පාඩමකින් වැඩිදුරට ත් සාකච්චා කරමු. එතෙක් මේ දී තිබෙන වචන හා වාක්‍යයන් හොඳින් ප්‍රගුණ කර මතකයේ තබාගන්න. ජය!
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    YouTube Channel එකක් කරන්න උච්චාරණයත් එක්කම.ඒක වඩාත් ඵලදායකයි
     

    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    Chaani ඇයි මේ German වල English language එකට එක හා සමානව pronounce වෙන්නේ ? මේ german තනිකර English වල කොපියක්. :dull: