දියුණුව දරාගත නොහැකිව යතුරුපැදියක් ගිනි
දියුණුවීම බලාඉන්නට බැරිබව ලියුමකින් ලියා අරංගල යායේ නිවසක නවතා තිබු යතුරැපැදියකට ගිනිතැබු සැකරැවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව නාඋල පොලිසිය පවසනවා.
නාඋල අරංලයාය ප්‍රදේශයේ නිවසක පරණ අවුරැද්ද දා (13) යතුරැපැදියක් ගිනිගන්නා බවට ලද තොරතුරකට අනුව සිදුකල පරික්ෂණයක දී සැකකරැ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉංග්‍රිසී අක්ෂර මගින් සිංහල තේරැම් සහිතව (සිංගිලිස් ක්‍රමයට) පිටු කිහිපයක් ලියන ලද ලිපියක් අදාල නිවසේ දී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි දක්වා ඇත්තේ සිද්ධියට මුහුණ පෑ නිවැසියන්ගේ දියුණුව බලා සිටිය නොහැකි බවත්, නිවැසියන්ට හා භාණ්ඩ වලට හානි පමුණුවන බවත්ය.
නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දරගේ උපදෙස් යටතේ දඹුල්ල පොලිස් සුනඛ අංශයේද සහාය ඇතිව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන පවත්වා ඇති අතර සිද්ධියට අදාල සැකකරැ අද (16) යළි අධිකරණයට කැදවීමට නියමිතයි.
අවස්ථා ගනනාවක දී විවිධ තර්ජන සිදුකරමින් සිය නිවසට නිර්ණාමික ලිපි ලැබුන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවත් නිවසේ හිමිකරැ වන ආර්.එම්.සමරකෝන් බණ්ඩා (54) කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය පැති කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
SOURCE : http://newshub.lk/2019/04/16/දියුණුව-දරාගත-නොහැකිව-යත/

සිංහල අකුරු දන්නෑලුද ?