පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනේ..
"පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනේ..
" ඇවිල්ල ඇති. මේකත් හිතට දැනෙන අදහසක්... හිතන්න යමක් 
පොඩි හදිස්සියක් ද?
ඉල්ලන්න එපා, සත පහක් දෙන්නෙ නෑ.
පිළිකාව කොපමණ දරුණු ද කියන එක බොහොම පුද්ගලික අත්දැකීම්වලින් විඳපු, දැකපු මනුස්සයෙක් මම. පිළිකාවකින් කරන්න පුළුවන් විනාශය, ගේන්න පුළුවන් වේදනාව, දුක, බොහොම ළඟින් ඉඳන් දැකපු, ආදරේ කරපු අය පිළිකාවෙන් ටික ටික මැරෙනවා බලන් ඉඳපු මනුස්සයෙක් මම. මේ කියවන ඔබ බොහොම දෙනාටත් එහෙම අත්දැකීම් ඇති.
ඒ දැකපු, අත්විඳපු දේවල් නිසා තවත් මිනිස්සු එහෙම දුක් නොවිඳින්න ඕනෑය කියන අදහසින් අතේ තියෙන කීය කීය හරි එකතු කරලා පිළිකා රෝහලට ප්‍රතිකාර කිරීමේ යන්ත්‍රයක් මිළට ගෙන දෙන්න හදන්නේ ඒ නිසා විය යුතු යි. එහෙමත් නැතිනම් පරලොව තකා හෝ, හිතේ සතුට තකා හෝ වෙන මොකක් හෝ හේතුවක් වේවා, චේතනාව යහපතක් කිරීම බව සැක නැහැ.
හදිසි ආපදාවක දී මිනිස්සු එකතුවෙලා යම් යම් ආධාරයන්, පරිත්‍යාගයන් කරන්නේ හොඳ හිතින්. නමුත් ඔබේ අපේ හොඳහිත, නිවටකමකට ගණන් ගන්නට ඉඩ දෙන්න එපා. රෝහල්වලට, පාසැල්වලට අවැසි උපකරණාදිය, ඖෂධ මිළට ගැනීම හදිසි ආපදා තත්ත්වයක් නොව සැලසුම්කොට සිදුකළ යුත්තක්. එය සිදුකළ යුත්තේ රජය විසින්. මතක තියාගන්න, මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකක විනාඩි 5ක් සිරව සිටි නම් රු. ලක්ෂ ගණන් වැයකොට සතියක් ඇතුළත ඒවා නඩත්තු කළ ආණ්ඩුවක් මේ (ඒ සඳහා අනුමත වුණු මුදල රු. කෝටි 10ක්
). ඔවුනට මුදල් හෝ හැකියාව නැත්තේ නැහැ. ඔවුන්ට නැත්තේ බය. ඔවුන් අපට බය නැහැ. මොකද, මොන ගැටළුව පැමිණියත් මිනිස්සු හැකි පමණින් එය විසඳාගන්නවා විනා, වගකිව යුතු තමන්ට බල කරන්නේ නැති බව ඔවුන් දන්නවා.
පොල්වත්ත බලාගන්නට පඩියක් ගෙවා මුරකරුවෙකු පත් කරන්නේ පොල් වත්තේ ආරක්ෂාවට හා පාලනයට යි. මුරකරු සිටියදීත් පොල් සොරකම් කෙරෙන්නේ නම්,
වත්තෙන් ආදායම නොලැබෙන්නේ නම්,
මුරකරු සිටිය දී තමාට පොල්ගොඩ ආරක්ෂා කිරීමට වෙනවා නම්,
කුස්සියේ පිසීමට ගෙන ආ පොල් ගෙඩිවලින් වත්තේ පොල්ගොඩේ අඩුව පියවන්නට වෙනවා නම්,
මේ සියල්ල දන්නා ඔබ අඩු තරමේ මුරකරුට තරවටුවක් හෝ නොකරනවා නම්,
එය "අපට පුළුවන් විදියට කොහොමහරි මේක කරගැනීම" නොවේ.
මුරකරුවා ඔබේ නිවටකම ගැන, බියසුළුකම ගැන මුහුණටම හිනාවෙනවා ඇති.
- ඉස්සුවේ අමන්දා අක්කගේ fb වෝල් එකෙන්
දික්වැල්ල ලා වගේ ලොකු උන්රු 1000 ඒවා දෙද්දී පොඩි එකා ඊට වඩා පරිත්‍යාග කරන, අපේ ත්යාගශිලිත්වය අනුකම්පාව දයාව ආයුධයක් කරගෙන නේද?
"පොඩි හදිස්සියකට සල්ලි ටිකක් ඕනේ..
" ඇවිල්ල ඇති. මේකත් හිතට දැනෙන අදහසක්... හිතන්න යමක් 
පොඩි හදිස්සියක් ද?
ඉල්ලන්න එපා, සත පහක් දෙන්නෙ නෑ.
පිළිකාව කොපමණ දරුණු ද කියන එක බොහොම පුද්ගලික අත්දැකීම්වලින් විඳපු, දැකපු මනුස්සයෙක් මම. පිළිකාවකින් කරන්න පුළුවන් විනාශය, ගේන්න පුළුවන් වේදනාව, දුක, බොහොම ළඟින් ඉඳන් දැකපු, ආදරේ කරපු අය පිළිකාවෙන් ටික ටික මැරෙනවා බලන් ඉඳපු මනුස්සයෙක් මම. මේ කියවන ඔබ බොහොම දෙනාටත් එහෙම අත්දැකීම් ඇති.
ඒ දැකපු, අත්විඳපු දේවල් නිසා තවත් මිනිස්සු එහෙම දුක් නොවිඳින්න ඕනෑය කියන අදහසින් අතේ තියෙන කීය කීය හරි එකතු කරලා පිළිකා රෝහලට ප්‍රතිකාර කිරීමේ යන්ත්‍රයක් මිළට ගෙන දෙන්න හදන්නේ ඒ නිසා විය යුතු යි. එහෙමත් නැතිනම් පරලොව තකා හෝ, හිතේ සතුට තකා හෝ වෙන මොකක් හෝ හේතුවක් වේවා, චේතනාව යහපතක් කිරීම බව සැක නැහැ.
හදිසි ආපදාවක දී මිනිස්සු එකතුවෙලා යම් යම් ආධාරයන්, පරිත්‍යාගයන් කරන්නේ හොඳ හිතින්. නමුත් ඔබේ අපේ හොඳහිත, නිවටකමකට ගණන් ගන්නට ඉඩ දෙන්න එපා. රෝහල්වලට, පාසැල්වලට අවැසි උපකරණාදිය, ඖෂධ මිළට ගැනීම හදිසි ආපදා තත්ත්වයක් නොව සැලසුම්කොට සිදුකළ යුත්තක්. එය සිදුකළ යුත්තේ රජය විසින්. මතක තියාගන්න, මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකක විනාඩි 5ක් සිරව සිටි නම් රු. ලක්ෂ ගණන් වැයකොට සතියක් ඇතුළත ඒවා නඩත්තු කළ ආණ්ඩුවක් මේ (ඒ සඳහා අනුමත වුණු මුදල රු. කෝටි 10ක්
). ඔවුනට මුදල් හෝ හැකියාව නැත්තේ නැහැ. ඔවුන්ට නැත්තේ බය. ඔවුන් අපට බය නැහැ. මොකද, මොන ගැටළුව පැමිණියත් මිනිස්සු හැකි පමණින් එය විසඳාගන්නවා විනා, වගකිව යුතු තමන්ට බල කරන්නේ නැති බව ඔවුන් දන්නවා. පොල්වත්ත බලාගන්නට පඩියක් ගෙවා මුරකරුවෙකු පත් කරන්නේ පොල් වත්තේ ආරක්ෂාවට හා පාලනයට යි. මුරකරු සිටියදීත් පොල් සොරකම් කෙරෙන්නේ නම්,

Last edited: