ඔයාගේ පීසී එකටත් මේ වගේ තීම් එකක් දාගන්න ක&#35

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔයාගේ පීසී එකටත් මේ වගේ තීම් එකක් දාගන්න ක#

    ඔයාගේ පීසී එකටත් මේ වගේ තීම් එකක් දාගන්න කැමතිද?

    G9oDHgS.png


    අද කියන්න යන්නේ මේ වගේ තීම් එකක් කොහොමද අපේ පීසී එකට දාගන්නෙ කියල. හැබැයි සමහර අය කියයි තීම් දැම්මම ස්ලෝ වෙනවා ස්ටක් වෙනවා කියල. එත් මගේ අත්දැකීමට අනුවනම් තීම් එකක්, අයිකන් පැක් එකක් නිසා එහෙම ස්ලෝව් වෙන්නෙම නැති තරම්.. සමහරවිට වින්ඩෝස් XP, විස්ටා තිබ්බ කාලේ එහෙම වෙන්න ඇති. හරි අපි දැන් බලමු මේක කරන්න මුලින්ම ඕන කරන්නේ මොකද්ද කියල.

    හැබැයි මේ තීම් එක ඇප්ලයි කරන්න නම් වින්ඩෝස් 10 මෙන්න මේ බිල්ඩ් වලින් එකක් තියෙන්න ඔනෙවෙනවා.
    1703/ 1709/ 1803/ 1809

    මේක බලන්න දන්නේ නැත්නම් Run එකේ winver කියල ගහල බලන්න මේ විදියට පෙන්නයි වින්ඩෝස් වර්ෂන් එක. මේක මන් කලින් කියපු ඒවායින් එකක්නම් වැඩේ පටන්ගන්නයි තියෙන්නෙ.

    iB61lVV.png


    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =

    ඉස්සෙල්ලම අපිට ඕනේ වෙනවා UltraUXThemePatcher_3.5.3 කියන ටූල් එක. මේකෙන් වෙන්නේ සිස්ටම් එකේ තියෙන Uxtheme.dll, Themeui.dll සහ Uxinit.dll කියන ෆයිල් තුන පැච් කරන එක. එහෙම කරන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන් අපිට කස්ටම් තීම් දාන්න බැරි වෙන්න බ්ලොක් කරලා නිසා ඒක අන්බ්ලොක් කරන්න.

    මෙතනින් ටූල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න (මතක ඇතිව Run as Administrator දෙන්න මොකද අපි මොඩිෆයි කරන්නේ සිස්ටම් ෆයිල් එකක් නිසා)

    Pg34vqB.png


    හරියට පැච් වුනානම් මේ විදියට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ පීසී එක රීස්ටාර්ට් කරගන්න. දැන් තීම් එක දාන්න සිස්ටම් එක රේඩි. තීම් එකේ ෆයිල්ස් ටික මෙතනින් බාගන්න. මේ තීම් එකේ නම තමයි පෝසිලේන්. මීට අමතරව තව තීම් දෙකක් මම පල්ලෙහායින් දාන්නම් කැමති කෙනෙක් ට්‍රයි කරල බලන්න. දැන් ඔයාගේ පීසී එකේ ඩීපීඅයි ස්කේල් එක බලාගන්න ඕනේ මේ විදියට.

    8XxkL5X.png


    ඒක 100% හෝ 125% නම් Theme ෆෝල්ඩර් එකේ 100% & 125% DPI එකේ තියෙන ඔක්කොම කොපි කරලා C:\Windows\Resources\Themes ෆෝල්ඩරේට පේස්ට් කරන්න. දැන් තීම් එක ඇප්ලයි කරන්න තියෙන්නේ. කරන්නේ
    Settings > Personalization > Themes > මෙතනින් Porcelain හරි Porcelain Square Corners හරි දෙකෙන් එකක් සිලෙක්ට් කරන්න.


    hD4Mrp3.png


    මේ වගේම තවත් තීම් දෙකක් මේ තියෙන්නේ, කැමති කෙනෙක් ට්‍රයි කරලා බලන්න.


    | ⇩ Proma |

    RPA2ayxh.jpg


    | ⇩ Matte |

    nxXut6Zh.jpg


    :) මොනාහරි අවුලක් උනොත් අහන්න.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Ara 250GB eka NAS ekakda ban?? :)

    NAS ekak wennath puluwan, wena computer ekaka share ekak wennath puluwan :P
    -----------------------


    හැබැයි දැන් Windows 10 වල explorer එකේ Dark Theme එකක් ‌එනව නේද. මටත් තාම ඒ update එක ගන්න බැරිවුනා. ලගදි motherboard එක මාරු කරපු නිසා අ‌ායෙ අලුතෙන් windows active කරන්න වෙලා :sorry:

    Dark Themes තමයි ඇහැට කිසි කරදරයක් නැත්තේ
    ඊලග Android version එකෙත් Dark Theme එනවා කියල දැක්ක‌ා සයිට් එකක දාලා තිබුනා :D


    a2b65b066f7be59249f749280e163fb5.png
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    wadakata nathi process okkoma nawathwanda app ekak nadda

    වැඩකට නැත්නම් අයින් කරලා දැම්මනම් හරි නේ, ඕනේ ඒවා ඔටෝ ස්ටාර්ට් වෙන එක නවත්තන්න Autoruns වලින් කරන්න පුළුවන්. මේකේ අනවශ්‍ය ඒවා අන්ටික් කරන්න තියෙන්නේ.

    hg7KEX4.png


    එහෙමත් බැරිනම් ඔයා අහන විදියට නවත්තන්න නම් Security Process Explorer එකෙන් කරන්න පුළුවන්. මේකේ එපා ඒවා බ්ලොක් කරන්න පුළුවන්.

    jClAzoF.png

     
    • Like
    Reactions: Voltage and Tanto

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අයිකන් ටික වෙනම දාන්න වෙනව කියන්නේ.

    ඔව් අයිකන් පැක් එක අනික් ෆෝල්ඩරේ (Porcelain\Porcelain\Icons\Ipack) තියෙන්නේ. එක නිකන් ඉන්ස්ටෝල් කරන්න.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113

    වැඩකට නැත්නම් අයින් කරලා දැම්මනම් හරි නේ, ඕනේ ඒවා ඔටෝ ස්ටාර්ට් වෙන එක නවත්තන්න Autoruns වලින් කරන්න පුළුවන්. මේකේ අනවශ්‍ය ඒවා අන්ටික් කරන්න තියෙන්නේ.

    hg7KEX4.png


    එහෙමත් බැරිනම් ඔයා අහන විදියට නවත්තන්න නම් Security Process Explorer එකෙන් කරන්න පුළුවන්. මේකේ එපා ඒවා බ්ලොක් කරන්න පුළුවන්.

    jClAzoF.png



    Thanx lokka kohomada danne meeka oone ekakda epaa ekak da kiyala

    ekasarayak nawaththwala wadee kela una :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Matath ekak ato ganna one ekai baluwe...:yes::yes::rofl:

    math kalekata kalin NAS ekak haduwa, normal PC ekakata FreeNAS daala
    habai ban power nam yanawa ooka hama welema ON nam.
    FreeNAS daddi System eka 1GB wage USB pen ekakata install karanna, aparade HDD ekak nasthi karana eka OS eka danna.

    ehema nathi nam branded NAS ekak ganna puluwan (eg: Synology, Buffalo)
    Comparatively high price, easy to use, habai mokak hari issue ekak awoth goda daganna tikak amaru wenna puluwan.
     
    Last edited: