කැස්බෑ රුවින් හැඩවුණු මෙවර ජර්සිය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැස්බෑ රුවින් හැඩවුණු මෙවර ජර්සිය.

    2019 Cricket world cup jersey - Sri Lanka.

    DRPPeRP.png


    2019 ක්‍රිකට් ලෝක කුසලානයට ඇත්තේ තවත් සීමිත දින ගණනක්.
    මැයි මස 29 දා එංගලන්තයේදී ආරම්භ වන මෙය 12 වන ලෝක කුසලානයයි.

    එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රීඩාංගන 11 දී පුරා මාසයකට අධික කාලයක් පැවැත්වෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 10 සහභාගී වේ.

    ශ්‍රීලංකා කණ්ඩායම අද දින සිය නිල ලෝක කුසලාන ජර්සිය එලි දක්වනු ලැබුවා.
    ලෝක කුසලානය පිලිබඳ කිසිම බලාපොරොත්තුවක් නම් හිතේ කොනක වත් නැති බව ඇත්ත.:(
    නමුත් අපේ ලේ වල එන දෙයක් නේ ක්‍රිකට් කියන්නේ.:yes:

    සිංහයා ඉවත්කොට කැස්බෑවෙකු ඇතුලත් කරයි. :shocked:

    මෙවර ලෝක කුසලාන ජර්සියේ ශ්‍රිලංකාවේ ධජයේ සිංහයාගේ රුව ඉවත්කොට කැස්බෑවෙකුගේ රුව ඇතුලත්ව තිබෙනවා.
    ඊට විශේෂ හේතුවක් තියෙනවා.මෙවර ශ්‍රිලංකාවේ නිල ජර්සිය නිර්මාණය කර ඇත්තේ MAS ඇඟලුම් නිෂ්පාදන ආයතනය විසිනුයි.
    ඒ සඳහා භාවිතා කොට ඇත්තේ ශ්‍රීලංකා නාවික හමුදාව විසින් අප රටේ මුහුදේ සහ මුහුදු තීරය වටා එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කොට නිර්මාණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කරගෙනයි.:cool:


    ශ්‍රීලංකාව යනු සාගර ජලයට ඝන අපද්‍රවය බැහැර කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බව ලැජ්ජාවෙන් උනත් අපි පිළිගත යුතු කාරණයක්.:sorry:
    එහි අහිතකරම බලපෑම සිද්ධ වනුයේ සාගර ජීවින් ටය.ඒ අතරිනුත් කැස්බෑවා ඉදිරියෙන්ම සිටියි.

    ඝන අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය සහ සාගරය පිරිසිඳුව තබා ගැනීම වෙනුවෙන් මිනිසා මීට වඩා අවධානයක් යොමු කලයුතු බව සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් MAS ආයතනය සහ ශ්‍රීලංකා නාවික හමුදාව එක්ව දියත් කොට ඇත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ MAS ආයතනය මේ පණිවුඩය ලෝකයට ඉදිරිපත් කිරීමට සංඛේතාත්මක ලෙස කැස්බෑවෙකුගේ රුව මේ අයුරින් ජර්සිය සඳහා යොදා ගත බව අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්වීමේ උළලේදී MAS ආයතනය කියා සිටියේය.


    9NOvxqs.jpg

    2019 Cricket world cup jersey - Sri Lanka.

    wcxJ0PT.jpg

    Training Jersey.


    තොරතුරු සහ චායාරුප
    http://www.sundaytimes.lk/
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,187
    113
    එහෙනම් සිංහයා කැස්බෑවටම වැටුනා. :eek:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් පැරදුනොත් කියන්න බැරිය සිංහයා හිටියේ නැති හින්දයි පැරදුනේ කියල :yes:

    අපොයි ඔව්....අපේ උන්දලා එහෙම කියන්නත් පුළුවන්.අඩුම මැච් 3 දින්නොත් ඇති.
    :dull::dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2015 ත් සිOහයා අයින් කරලා කැස්බෑවෙක් දානකොට හේතු සෑහෙන්න තිබුනා :yes:

    2015 කැස්බෑවෙක් හිටියේ නෑනේ...නිකන් ත්‍රිකෝණ ත්‍රිකෝණ වගේ ජර්සියක් නේ තිබ්බේ....
    :confused::confused::confused:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් කැස්බැවො ටික බෙරෙවිද මෙකෙන් පස්සෙවත්.
    කමක් නැහැ පළවෙනි වටෙන්ම එළියට යන එකෙ කැස්බැවො නෙමෙ උණහපුළුවෙක් උනත් දාගත්තාට අපිට මොකද මෙයා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,188
    20,485
    113
    Panadura
    මොක ඇන්දත් කමක් නෑ මුන් ටික එක මැච් එකක් හරි දිනනවා නම් කොහෙද ඉතින්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කණ කැස්බෑවා
    අර මොකක්ද
    හිලෙන් හද
    දකිනවා වගේ තමා
    අපි මැච් දිනන එක

    ඇත්තෙන්ම
    හරිම අර්ථාන්විතයි..
     
    • Like
    Reactions: richlife

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කණ කැස්බෑවා
    අර මොකක්ද
    හිලෙන් හද
    දකිනවා වගේ තමා
    අපි මැච් දිනන එක

    ඇත්තෙන්ම
    හරිම අර්ථාන්විතයි..

    අනිවා ඒක තමා ඇත්තම හේතුව :rofl: