පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු.

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පෙන්,DVD නැතුව වින්ඩොව්ස් දාමු.


    මන් අද කියන්න යන්නේ පෙන් එකක් හරි DVD එකක් හරි නැතුව කෙලින්ම අයිඑස්ඕ ඉමේජ් එකකින් කම්පියුටර් එක බූට් කරන්නේ කොහොමද කියල. :cool: ඒ කියන්නේ අපි සාමාන්යෙන් පීසී එකක් ෆෝමැට් කරන්න යනකොට ඕඑස් එකේ ISO ඉමේජ් එකක් පෙන් එකකට බූටබල් විදියට දාගන්නවනේ.. එහෙම නැත්නම් DVD එකකට ඉමේජ් එක රයිට් කරලනෙ බූට් කරන්නෙ. :dull: ඕක ඉතින් ටිකක් කරදර වැඩක් නිසා අපිට පුළුවන් අපි දාන්න යන ඕඑස් එකේ ඉමේජ් එක හාර්ඩ් එකේ තියෙද්දිම ඒකෙන් පීසී එක බූට් කරන්න. :oo: සිම්පල් ස්ටෙප්ස් ටිකක් තියෙන්නෙ මේක කරන්න.

    මුලින්ම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුළුවන් අපේ පීසී එකේ බූට්ලෝඩර් එක එඩිට් කරන්න, BCD එක (Boot Configuration Data ) බැකප් කරන්න/ රිකවර් කරන්න/ අලුතින් ඉන්ස්ටෝල් කරන්න වගේ දේවල්. මේවා ගොඩක්ම ඕනි වෙන්නෙ බූට් වෙන්නෙ නැති පීසී රෙපෙයාර් කරනකොට හරි ඩුවල් බූට් කරනකොට. ඊට අමතරව අපිට මේකෙන් පුළුවන් බූට් මෙනු එකේ දැනට නැති එන්ට්‍රි එකක් අලුතින් ඇඩ් කරන්න. අපි මේ වෙලාවෙදි ඒ ඔප්ෂන් එක තමයි යූස් කරන්න යන්නෙ.

    liYpVTH.png


    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = ==

    Note: මේ විදියට වින්ඩෝස් දානවනම් දැනට පීසී එකේ වින්ඩොව්ස් ඕඑස් එකක් ඉන්ස්ටෝල් කරල තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වින්ඩෝස් ලයිව් ඉමේජ් එකකින් බූට් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ දැනට තියෙන ඕඑස් එකේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා නම් සහ ෆෝමැට් කරගන්න ඕනෙ නම් තමයි මේ විදියට කරන්න ඕනෙවෙන්නෙ.

    Step 01:
    මුලින්ම ඔයාගේ වින්ඩෝස් ISO ඉමේජ් එක ෆෝමැට් කරන්න යන පාටිෂන් එකේ හැර වෙන තැනකට කොපි කරගන්න. ඒ වගේම එකේ ෆයිල් නේම් එක විශේෂ අකුරු නැති ස්පේස් නැති එකක් විදියට රීනේම් කරගන්න.

    උදා: Windows-10-Enterprise.iso
    gbTSfh4.png


    Step 02:
    දැන් EasyBCD 2.3 එක ඕපන් කරලා Add New Entry ටැබ් එකේ Portable External Media එකේ ISO ඔප්ෂන් එක තෝරාගන්න මේ පෙන්වල තියෙන විදියට.

    ffptTeF.png


    Step 03:
    මෙතන,
    • Name: ඕඑස් එකේ නම
    • Path: අයිඑස්ඕ ඉමේජ් එකේ පාත් එක
    • Mode: Run from Disk
    විදියට දීල ඇඩ් එන්ට්‍රි බටන් එක ඔබන්න.


    KgZPwT2.png


    දැන් වැඩේ ඉවරයි. කෝකටත් කියල අපි ඇඩ් කරපු එන්ට්‍රි එක තියෙනවද බලන්න එඩිට් බූට් මෙනු ටැබ් එකට ගිහින් බලන්න මේ විදියට පෙන්වනවද කියල. එහෙම පෙන්නනවානම් වැඩේ හරි.
    HixO9v9.png

    ඩේටා එහෙම බැකප් කරලා ඉවරනම් පීසී එක රීස්ටාට් කරලා මේ විදියට අපි කලින් ඇඩ් කරගත්තු ඉමේජ් එක තෝරලා බූට් කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ.

    ekRS23Q.jpg


    = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = ==

    මේ ත්‍රෙඩ් එක දාන්න ගොඩක්ම හේතු උනේ මන් දාපු වෙනස් විදියකට වින්ඩෝස් දාමු.. ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් මෙහෙම අහල තිබ්බ. එකට විසදුමක් විදියට මේ විදිය පාවිච්චි කරන්න පුළුවන්..

    මෙ⁣කෙන් උබුන්ටු දා ගන්න බැරිද මගේ pc එකේ ස්ටාර්ට්අප් බයොස් වලට යන්න බැ ps2 කිබොර්ඩ් එකක් නැතුව නන්තාර වෙලා ඉන්නෙ ඔඑස් එකක් ගහන්න විදියක් නැතුව..

    :):):)
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ithin ban, ochchara danga lanna ona ya, ISO eka extraxt karala .exe eka double click karapan. (C eke nathuwa wena ona partition ekaka iso eka extract karaganin)
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ithin ban, ochchara danga lanna ona ya, ISO eka extraxt karala .exe eka double click karapan. (C eke nathuwa wena ona partition ekaka iso eka extract karaganin)

    :dull: මේ මන් දන්න දෙයක් උබලට කියල දුන්නෙ බන් උබල කොහොම ඕඑස් දැම්මත් මට වැඩක් නෑ එත් සමහර අවස්ථාවලදි (විශේෂයෙන් බයෝස් ලොක් වෙලා ඇක්සස් කරන්න බැරි උනාම) මෙහෙම කරන්න ඕනෙ වෙනව. අනික් එක උබ කියන විදියට ක්ලීන් ඉන්ස්ටෝලේෂන් එකක් කරන්න බැහැනෙ. අප්ග්‍රේඩ් වෙනවා විතරයි. :rolleyes: