කැඳ අරං එන පුංචි නසීරා
කේ සංජීව
3 hrs
අද සවස් භාගයෙහි මා ලද සංවේදී අත්දැකීම ඔබට කිව යුතුද නැද්ද යන්න තීරණය කිරීමට මට බොහෝ වේලාවක් ගතවිය.සමහරවිට ඔබ මට දොස් පවරණු ඇත.එහෙත් එය මම ඔබට කියමි.
මගේ නිවස හාත්පස සියලු නිවෙස් අයිති සහෝදර මුස්ලිම් ජනතාවටය.ඔවුන් වෙනුවෙන් ඉදිකළ පල්ලියක්ද තිබේ.සිංහල ගෙවල් ඇත්තේ කිහිපයකි. මේ නිවෙස් අතරින් මා නිවස පිටුපස ඇති වත්තේ වූ එක් නිවෙසක් මට සුවිශේෂය.ඒ පුංචි නසීරා නිසාය.
නෝම්බි කාලයට පල්ලියෙන් බෙදන කැඳ, බඳුන්වල බහා නිවෙස් කරා ගෙනයාම හැම වසරකම අප දකින සුලබ දසුනක් වන අතර,මේ කියන නිවසේ දැරිය නිසාරා ද නෝම්බි කාලයට බඳුන් දෙකක් පල්ලියට ගෙන යන්නීය. එකක් නිවෙසටය. අනික ‘සුදු සීයා“ ටය.
පල්ලියේ සිට ගෙදර යන්නට පළමු මේ කුඩා දියණිය හො ඇගේ මව මගේ කැඳ පංගුව මට හෝ ගෙදරට දී යන්නට අමතක නොකලා ය. එය මට මතක ඇති කාලයේ සිට සිදුවන දෙයකි.
එහෙත් අද සවස පල්ලියේ නෝම්බි කැඳ දානය ද රැගෙන මගේ නිවෙස ලඟින් බිම බලාගෙන යන නසීරාත් ඇයගේ මවත් අහම්බෙන් නෙත ගැටුණු විට මගේ හිත පත්තු විය.මම ඔවුන්ට නො පෙනෙන්නට පරිස්සම් වී දොර වසා දැමී මි.
එ සේ වුව මද වෙලාවකට පසු කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසිණ. මා දොර ඇරියේ කුතුහලයෙනි.විමතියෙකි.ඒ පුන්චි නසීරාය. මුව පොව්වෙකු මෙන් දෑස නොපෙන්වා බිම බලාගෙන සිටි ඇය ඇයිදැයි මා විමසන්නට පළමු මෙසේ ඇසුවාය.
“ කැඳ ගෙනාවාට කමක් නැද් ද “
ඒ මොහොත මට ඉතා සංවේදී විය.
ගෝලීට ත්‍රස්තවාදයට මුවා වී කෲර ඝාතන සැලසුම් කළ සහරාන් ඇතුලු මේ විනාසයේ දින වකවානු දැන දැන සියල්ල සගවා ගත් පාපතර නිලධාරීන්ට සහ පාලකයන්ට ඒ මොහොතේ මම ශාප කෙළෙමි.
ඔවුන්ට එක් එක් අරමුණු තිබුණා විය හැක 83 නේ කලු ජූලිය වෙනුවට 19 අප්‍රේල් 21 මවා ගැටුම් ඇතිකොට චන්දය කල්තබා ගැනීම එයින් එක් වුමනාවක් වන්නට ඇත. අපි සිහිබුද්දියෙන් එම අරමුණද පරාජය කළෙමු. එහෙත් ඔවුන් සැකය වපුරන්නට සමත් වී තිබේ .මේ අහිංසක දැරිය ඊට කුමක් කරන්නද.
“කැඳ ගෙනෙන්න දුව “ මම ඇයට කීවෙමි.
ඉහේ මලක් පිපුණා යන්න මම අපමණවත් ලියැවිලිවලදී යොදා ඇත්තෙමි.ඉහේ පමණක් නොව මුහුණේ ද මල් පිපෙණු දුටුවේ මේ මොහොතේය. වහා දිව ගිය ඇය පොල්කිරි කැඳ භාජනයක් ද,ලොකු රට ඉදි පැකැට්ටුවක්ද ගෙනැවිත් මා අත තැබුවාය.
අපේ රට තවමත් යක්ෂයා ට අයිතිය. එහෙත් තවමත් දෙවියන්ද වැඩ සිටී.
G l Ariyapala
Ananda Samarawickrama මිත්‍රයාගේ බිත්තියෙන් ගත්තේ...
***************

නසීරගෙ දුක විකුනල තමයි නසීරගෙ මහ උන් පු* අරින්න එන්නෙ. අහුවෙන්න එපා ආපහු. යාන්තන් මේ පාර සති තුනක් තිස්සෙ මතක තියන් ඉන්නව සින්හලු. තව කොච්චර කල් ඉඳියිද දන්නෙ නෑ. 
අනික ජාතියට අපහස කරන්න එපා. සින්හලු කියල ලියනවට වඩා සිංහලයින් කියල ලියන්න. අනිත් අය කොහොම ලිව්වත් තම ජාතිය ගැන හැඟීමෙන් ලියන්න අද ඉඳන්. 