කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ඉස්ලාමයේ කුලී ඝ&#353

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ඉස්ලාමයේ කුලී ඝ&#353

    කුරුස යුද්ධයේ සටන්කරුවෝ - ඉස්ලාමයේ කුලී ඝාතකයෝ හෙවත් Order of Assassins ( Nizari Ismailis )

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට.මීට කලිනුත් කුරුස යුද්ධයේ සටන්කරුවන් ගැන , ටූටෝනික් නයිට් වරු ගැන නූලක් ලිව්වා සමහරු දකින්න ඇති.
    ඒක බලපු නැති කෙනෙකුට මේ පහල ලින්ක් එක තියෙනවා, කැමති කෙනෙක් බලන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1887676

    අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක ශ්‍රිලංකාවේ ජන සමාජයේ විශාල කැළඹීමක්, කලකිරීමක් වගේම ඉස්ලාම් විරෝධයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා.
    මේ ඉස්ලාම් විරෝධයත් එක්ක කුරුස යුද්ධ ගැනත් කිහිප තැනකම සඳහන් වෙනවා දැක්කා.
    පැහැදිලිවම ඉස්ලාමය සහ ක්‍රිස්තියානි, කතෝලික ආගම අතර ශතවර්ෂ ගණනාවක ඉඳල පැවතුනු යුද්ධය තමා සරලව කුරුස යුද්ධය කියන්නේ.
    ( කුරුස යුද්ධයේ ආරම්භක බීජයන් ගැන කලින් ත්‍රෙඩ් එකේ මම සංක්ෂිප්තව කියල තියෙනවා.)

    ජේසුස්ගේ ආගමනයත් සමගින් බිහිවුණු කතෝලික ආගම සහ මුහම්මද් නබි ගේ ආගමනයත් සමගින් බිහිවුණු ඉස්ලාම් ආගම පිලිබඳ දීර්ඝ විස්තර කිරීම් මේ හූයට අනවශ්‍යයි මම හිතනවා.
    නමුත් ඉස්ලාම් ලබ්ධියේ එන අනු කොටස් සහ ඉස්ලාම් කලීෆාතයන් පිළිබඳව ඉතාම සරල පැහැදිලි කිරීමක් මේ ත්‍රෙඩ් එකේ ඉදිරියට කරුණු ඉදිරිපත් කරනවා.
    මොකද ඉස්ලාමයේ බෙදීම් ඉතිහාසයේ පුරාවටම අදටත් ඒ ආකාරයෙන්ම බෙදිලා තියෙන නිසා.

    එළකිරියේ අපේ කුකුල්ලු වීඩියෝ , කොම්පියුටර් ගේම් වලට එහෙම පට්ටම ආසයි නේ.ඔය ගොඩක් කට්ටිය මෙගා ත්‍රෙඩ් එහෙමත් දාන්නේ.
    2007 අවුරුද්දේ මුදාහැරුණු - Assassin's Creed - පරිඝනක ක්‍රීඩා මාලාව අපේ ගොඩක් දෙනෙක් සෙල්ලම් කරලා ඇති.
    ( මම නම් ඇහැට වත් දැකල නෑ ). ඔව් අන්න ඒ ඇසසින්වරු ( Assassin's ) ගැන තමයි මම අද කියන්නේ.

    RrC4H5Y.jpg


    ත්‍රෙඩ් එකේ වඩාත් නිරවුල්ව සහ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන ලෙස මම කරුණු මාතෘකා ලෙස පෙළගස්වල ඒ ඒ අනුව විස්තර කරන්නම්.

    - ඉස්ලාමයේ මුලිකම බෙදීම්
    - සුන්නි සහ ෂියා ඉස්ලාමය ඇති වීමට හේතු බීජ
    - ඉස්ලාමයේ කලීෆාවන් බිහි වීම
    - ෂියා ඉස්ලාමයේ වර්ධනය
    - ඇසසින් වරු බිහිවීම
    - කුරුස යුද්ධයේ ඇසසින් වරුන්ගේ දායකත්වය
    - ඇසසින් වරුන්ගේ බිඳ වැටීම
    - අවසානය

    - ඉස්ලාමය සහ එහි මුලික බෙදීම් -

    ක්‍රි:ව 570 - 632 අතර කාලයේ වර්තමාන සෞදියේ මක්කම දී උපත ලද මුහම්මද් නබි ශාස්තෘවන්තයාගේ ආගමනයත් සමගින් ඇරඹෙන ඉස්ලාම් ආගම,
    ඔහුගේ මරණයෙන් පසු කෙටි කාලයක් ඇතුලත ප්‍රධාන ධාරාවන් 2කට බෙදෙනු ලබනවා.
    මේ දෙදරීම අදටත් වලංගු වනවා සේම එය එදාට වඩා වර්තමානය වන විට අනුකොටස් බොහොමයකට බෙදී අවසන්.

    සුන්නි සහ ෂියා මේ ප්‍රධාන කොටස් 2යි.
    මීට අමතරව '' ඉබදී ( Ibadi ), අහමදියා ( Ahmadiyya ), සූෆි ( Sufism ) වැනි තවත්කොටස් කිහිපයක්ම වෙයි.
    ( ඉස්ලාමය පිළිබඳව මගේ දැනුම අඩු නිසා මේ සුන්නි සහ ෂියා පිළිබඳව සරලම විස්තරයක් පමණක් ඉදිරිපත් කරන්නම්.
    ඉස්ලාම් ආගම ගැන පුංචියට උනත් දෙයක් කියවල ඉගෙන ගන්න මම පටන් ගත්තා. මොකද විවේචනය කිරීමට හෝ නොකිරීමට කලින් අන්තර්ගතය දැන ගත යුතු නිසා. )

    මේ පහත ගැලීම් සටහනෙන් යම් අවබෝධයක් ලබා ගත හැකියි.

    uzdhWKE.png


    වර්තමාන ලෝකයේ දෙවනියටම වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටිනුයේ ඉස්ලාමයටයි.
    ඉස්ලාමය අදහන ඕනෑම අයෙක් පොදුවේ මුස්ලිම් කෙනෙක් වනවා. ( Muslims are people who follow or practice Islam )

    එය මේ වන විට බිලියන 1.8 හෙවත් කෝටි 180 පමණ පිරිසක්.
    මින් 75 - 80 % අතර ප්‍රමාණයක් සුන්නි ඉස්ලාම් සහ 13 % අතර ප්‍රමාණයක් ෂියා ඉස්ලාම් වන අතර ඉතිරි කොටස් අනෙකුත් නිකායන් අදහන අනුගාමිකයන් වෙයි.
    වර්තමාන ලෝකයේ වැඩිම ඉස්ලාම් ලබ්ධිකයන් ජීවත් වෙන රට ඉන්දුනීසියාවයි. එය ආසන්න වශයෙන් කෝටි 22 පමණ වනවා.

    zcALhrm.png


    - සුන්නි සහ ෂියා දෙකඩ වීම සහ ඊට හේතු පාදක වූ කරුණු -

    ඉස්ලාමයේ ප්‍රධානතම බෙදීම මෙය වේ.මෙය බිහිවනුයේ මුහම්මද් නබි ගේ මරණයෙන් පසුවයි.මුහම්මද් නබි විසින් ඔහුගේ මරණයට ටික කලකට පෙර
    ඔහුගේ ඥාති පුත්‍රයකු වන '' අලි '' Ali ibn Abi Talib නැමැත්තා මීළඟ ඉස්ලාමයේ අධ්‍යාත්මික භාරකරුවා ලෙස නම් කරන ලදී.
    මෙය මුහම්මද් ගේ අනුගාමිකයන් සියල්ලන් විසින් පිළිගනු ලැබිණි.
    නමුත් මුහම්මද් නබි ගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රබලම අනුගාමිකයා වූ '' උමාර් '' Umar ibn al-Khattab සහ තවත් අනුගාමිකයන් දෙදෙනෙකු එකවී
    මෙයට පිටුපා යන ලදී.
    ඔවුන්ගේ මතය වූයේ , මුහම්මද් නබි යනු ඉස්ලාමය ලොවට හඳුන්වාදුන් අවසාන පණිවුඩ කරුවා බවත්, ඔහුගෙන් පසු කිසිම අධ්‍යාත්මික භාරකරුවෙක් නැවත නොපැමිණෙන බවත්ය.
    ඔවුන් විසින් '' අලි '' ගේ පත්වීම පිළිනොගන්නා ලදී.
    මෙසේ උමාර්ගේ මතයට එකඟ වූ පිරිස '' සුන්නි වරු '' ලෙසත් අලි ඉබන් ව පිළිගත් පිරිස '' ෂියා '' ලෙසත් දෙකඩ විය.

    කෙසේ වෙතත් උමාර් විසින් '' අබු බාකර් '' ( Abu Bakr, ඔහු මුහම්මද් ගේ ලාබාලතම බිරිඳ වූ අයිශාගේ පියාය )
    ගේ දේශපාලන නායකත්වයෙන් යුතු Rashidun Caliphate පළමු ඉස්ලාම් කලීෆාව බිහිකරන ලදී.
    මෙය ඉස්ලාමයේ පළමු කලීෆාවයි.මෙහි නායකයා සහ ආගමික නායකයා වන කලීෆ් වරයාය.
    පිලිවෙලින් එහි දෙවන සහ තුන්වන කලීෆ් වරුන් ලෙස උමාර් ( Umar ibn al-Khattab ) සහ උත්මාන් ( Uthman ibn Affan ) පත්වූ අතර,
    මෙම කලීෆාතයේ අවසාන කලීෆ් වරයා ලෙස ෂියා ඉස්ලාමික '' අලි '' Ali ibn Abi Talib පත්වූ අතර ඔහුගේ පුත්‍රයාගේ පාලන කාලය තුලදී මෙම කලීෆාතය
    අවසන් විය.
    සුන්නි ඉස්ලාමය - සුන්නි යන වචනයේ අර්ථය sunnah හෙවත් සුන්නත් කරනු ලැබූ යන අර්ථය වේ.
    එනම් චර්මච්ඡේදනය කරනු ලැබූ යන්නයි.සුන්නි ඉස්ලාමයේ ප්‍රධාන පිළිගනිම නම් අල්ලාහ් විසින් එවනු ලැබූ අවසාන වක්තෘ වරයා මුහම්මද් නබි පමණක් බවයි.

    ෂියා ඉස්ලාමය - '' ෂියා '' යන වදනේ අරාබි තේරුම නම් අනුගාමිකයන් යන්නයි. followers.
    ෂියා වරුන්ගේ පිළිගැනීම නම් මුහම්මද් නබි ගෙන් පසුව ඉස්ලාමයේ ආගමික භාරකරුවන් 12 සිටි බවයි. ඔවුන් '' ඉමාම් වරු 12 ''
    හෙවත් The Twelve Imams නම් වේ.


    - ඉස්ලාමයේ කලීෆාවන් බිහි වීම -

    මුහම්මද් නබි ගේ මරණයෙන් පසු බිහිවුණු පළමු ඉස්ලාම් කලිෆාතය වුනු Rashidun Caliphate හි අවසන් කාලිෆ් වරයා වුයේ Ali ibn Abi Talib ය.

    gZkSRlk.png

    Map of Rashidun Caliphate

    VCUbkhC.png

    Rashidun Caliphate හි අවසන් කාලිෆ් වරයා වුයේ Ali ibn Abi Talib ය.

    ඔහු ෂියා ඉස්ලාමයේ පළමු ඉමාම් වරයාද වෙයි.
    ඔහුගේ පාලන කාලය තුලදී ඔහු විසින් කලීෆාතයේ සිටි Uthman ibn Affan ( අලි ට පෙර සිටි සුන්නි කාලිෆ් වරයා )
    ගේ පක්ෂපාති නිලධාරින් රැසක් මාරු කර කලීෆාතය තුල සෑහෙන වෙනස්කම් රැසක් සිදු කරන ලදී.
    එමෙන්ම කලිෆාවේ අගනුවර මෙදිනා සිට Kufa කුෆා ( වර්තමාන ඉරාකයේ ) වෙත මාරු කරන ලදී.
    මෙයට විරුද්ධව කැරලි ගැසූ '' අයිෂා '' ඇතුළු සුන්නි නායකයන් විසින් ඉරාකයේ බස්රා නුවරදී සිදු කරන ලද සටනින් '' අලි '' ගේ නායකත්වයෙන්
    කලිෆාව ජයග්‍රහණය කරන ලදී.
    මෙය ඉස්ලාමයේ සුන්නි සහ ෂියා අතර සිදුවුණු පලවෙනි ගැටුමයි.
    මෙය Battle of the Camel නැතහොත් Battle of Jamal සහ Battle of Basra, යන නම් වලින් හඳුන්වයි.

    ඉන්පසු ඇතිවුණු First Fitna සටනින් පරාජය වන අලි ඇතුළු Rashidun කලීෆාතය බිඳ වැටෙන අතර ඉස්ලාමයේ දෙවැනි කලීෆාතය ආරම්භ විය.
    එය උමයාද් කලිෆාතය Umayyad Caliphate නම් වේ.
    එය සිරියාවේ දමස්කස් නුවර කේන්ද්‍ර කරගනිමින් බිහිවූ අතර සුන්නි ඉස්ලාමය ප්‍රධාන ආගම විය.
    මෙසේ ෂියා ඉස්ලාමය ඉරාකය සහ ඉරානය තුල මුල්බැස ගත අතර සිරියාව, සෞදිය ඇතුළු අනෙකුත් මැදපෙරදිග රාජ්‍යන් වල සුන්නි ඉස්ලාමය ව්‍යාප්ත විය.
    මේ කාලවකවානුව වන විට මැදපෙරදිග පුරාණ පර්සියානු සැසේනියන් අධිරාජ්යත්වය බිඳ වැටි ඉරානය තුල ඉස්ලාමය මුල්බැස ගෙන තිබිණි.
    ( සැසේනියන් පාලනය බිඳ වැටුනේ Rashidun කලීෆාතයේ බිහි වීමත් සමගය )

    ඉස්ලාමයේ දෙවන කලීෆාතය වන Umayyad Caliphate පසු බිහි වන්නේ Abbasid Caliphate යයි.
    මෙය සුප්‍රකට ගෙන්ගිස් ඛාන් ගේ ආක්‍රමණයට ලක් වෙන තෙක්ම ඉතිහාසයේ යෙහෙන් වැජඹුණු ඉස්ලාම් අධිරාජ්‍යයි.
    මෙය සැලකෙනුයේ ඉස්ලාමයේ ස්වර්ණමය යුගය ලෙසයි.
    සැබවින්ම මධ්‍යතන යුගයේ ලෝකයේ විශිෂ්ඨතම කේන්ද්‍රස්ථානයක් වුනු මැදපෙරදිග වල් වැදුණු හැරවුම් ලක්ෂ්‍යය වූයේ මේ මොන්ගොල් ආක්‍රමණයයි.
    ( එය වෙනත් නූලකින් කතා කරන්න තරම් වටින මාතෘකාවක් )
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    - ෂියා ඉස්ලාමයේ වර්ධනය -

    ඉස්ලාමයේ මේ දෙකඩ වීම අදටත් ඒ ලෙසම බලපැවැත්වෙයි. ෂියා ඉස්ලාමය මුහම්මද් නබි ( holy prophet ) අල්ලාහ්ගේ පණිවුඩ කරුවා ලෙස සලකන අතර,
    ඔහුගෙන් පසු ඉමාම් වරු 12 ක් ආගමික නායකයන් ලෙස සලකයි.
    ඒ ඉමාම් වරු 12 පිලිවෙලින් මෙසේය.

    1 - Ali ibn Abi Talib
    2 - Hasan ibn Ali
    3 - Husayn ibn Ali
    4 - Ali ibn Husayn
    5 - Muhammad ibn Ali
    6 - Ja'far ibn Muhammad
    7 - Musa ibn Ja'far
    8 - Ali ibn Musa
    9 - Muhammad ibn Ali
    10 - Ali ibn Muhammad
    11 - Hasan ibn Ali
    12 - Muhammad ibn al-Hasan

    ෂියා ඉස්ලාමයේද මේ වන විට විවධ අතු බෙදීම් රාශියක් පවතී.
    එය ප්‍රධාන කොටස් 3 යටතේ බෙදී පවතී.ඒවා නම්,
    Twelvers, Ismailis, Zaidis නම් වේ.
    නමුත් බොහෝ වත්පිළිවෙත් සහ ආගමික විශ්වාසයන් වලදී සුන්නි සහ ෂියා අතර ලොකු වෙනස්කම් නැත.
    නමුත් ඔවුන් අතර ඉස්ලාමයේ එක් ප්‍රධානතම ග්‍රන්ථයක් වන '' Hadith '' නම් ග්‍රන්ථයේ යම් යම් කරුණු සම්බන්ධයෙන් ලොකු පරස්පර තාවයන් පවතී.

    YvgCaqy.jpg

    Hadith

    මෙසේ දශක කිහිපයක් ගතවෙන විට ෂියා ඉස්ලාමය කොටස් කිහිපයකටම බෙදෙන අතර
    ෂියා ඉස්ලාමයේ 6 වන ඉමාම් වරයා වන Ja'far ibn Muhammad ගේ වැඩිමහල් පුතු ලෙස උපදින Isma'il ibn Jafar
    යටතේ '' Ismailis '' ෂියා නිකාය ආරම්භ වේ.ඒ ක්‍රි:ව 755 - 760 අතර කාලවකවානුවකදීය.

    nunxNX4.jpg

    Nizari Ismailis

    ෂියා ඉස්ලාමයේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ ක්‍රි:ව 900 පසුවය, එනම් ක්‍රි:ව 909 දී Fatimid කලීෆාතය ( Fatimid Caliphate ) බිහි වීමත් සමගය.
    මෙයට නම් වැටෙන්නේ මුහම්මද් නබි ගේ දියණිය වූ ද ෂියා ඉස්ලාමයට මුල් වූ Ali ibn Abi Talib ගේ බිරිඳ වූද Fatimah ව සිහිවීම පිණිසය.
    මෙම කලීෆාතය බිඳ වැටෙන්නේ සලාදීන් ( Salah ad-Din ) ගේ Ayyubid Sultanate හි බිහි වීමත් සමගය.

    sM4mztF.jpg

    Imam's chart of Fatimid caliphate


    - ඇසසින් වරු බිහිවීම -

    මා කතා කරන ඇසසින් වරු හෙවත් ඉස්ලාමයේ කුලී ඝාතකයින් බිහි වන්නේ මේ Fatimid කලීෆාතය තුළදීය.
    සැබවින්ම ෂියා මුලික Fatimid කලීෆාතය බිහි වනුයේ උතුරු අප්‍රිකාව සහ ඊජිප්තුව කේන්ද්‍ර කොටගෙනය.ඒ සුන්නි මුලික Abbasid කලීෆාව සමග ඇතිකරගත් ගැටුම් වලින් පසුවය.
    මෙසේ මැදපෙරදිග භුමියේ සුන්නි කලීෆාවත්, උතුරු අප්‍රිකාව සහ මධ්‍යධරණිය කේන්ද්‍ර කරගනිමින් ෂියා කලීෆාවත් බිහිවීම තුලින් අනවරත ගැටුම් රැසකට මුල පිරීය.

    IjHxOs3.jpg

    fatimid caliphate හි ව්‍යාප්තිය

    එනිසා කාලයක් යන විට අංග සම්පූර්ණ හමුදාවකට අමතර අතිශය බිහිසුණු සටන්කරුවන්ගෙන් සැදුම්ලත් කුලී ඝාතකයන්ගේ අවශ්‍යතාවක් මතු විනි.
    ඒ මන්ද යත් ෂියාවරු සෑම අතින්ම පාහේ සුන්නින්ට වඩා පසුපසින් සිටි හෙයිනි.

    මේ අනුව ෂියා Ismailis නිකායේ නිසාරි ( Nizari ) වරුන්ගේ නායකයෙක් වූ Hassan-i Sabbah විසින්,
    ක්‍රි:ව 1090 දී ඉරානයේ Alamut කඳුකරයේදී ඇසසින් සටන් නිකාය ( Order of Assassins ) ආරම්භ කරන ලදී.

    AUc74kG.jpg

    Hassan-i Sabbah

    KuqNSsl.jpg

    Alamut castle

    Assassin යන පදයේ ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම සිංහලයට හැරවෙන්නේ '' කුලියට මිනී මරන්නා '' යන අර්ථයෙනි.

    මෙය ඉංග්‍රීසි භාෂාවට එකතු වූයේ මේ ඇසසින් වරු නිසාය.
    ලොව භාෂා විශාරදයෝ ඒ සඳහා හේතු 2 ඉදිරිපත් කරයි.
    පළමුවැන්න නම් Asāsiyyūn යන අරාබි පදයෙන් බිඳී පැමිණියක් බවයි.එහි අර්ථය නම් people who are faithful to the foundation.

    දෙවැන්න නම් ඉතා පුදුමය දනවන කරුණක්ය.මේ ඇසසින් වරු '' හශීෂ් '' ( හෑෂ් ) මත්කුඩු ඉරීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් ලෙස සැලකිය.
    මෙය පුරාන පර්සියාවෙන් උරුම වූවකි. පසුකාලීනව මාර්කෝ පොලෝ දේශාටන ගවේශකයා හශීෂ් උරන්නන් යන අර්ථය ඇතිව ,
    "hashshāshīn" (hashish smokers or users) ලෙස ඔහුගේ සටහන් වල නම් කර ඇත.
    එය පසුකාලීනව Assassin ලෙස වෙනස් වන්නට ඇති බව මේ දෙවැනි මතයයි.

    ඇසසින් වරු බිහි වූයේ භුමියේ සංග්‍රාම සඳහා නොව විශේෂ ඉලක්ක ගත සටන් සඳහාය.එය වර්තමානයේ හමුදා විශේෂ බලකා,
    කොමාන්ඩෝ වැනි උපායශීලී, රහසිගත සටන් සහ තෝරාගත් ඉලක්ක සඳහා පහරදීමටය. එක්තරා ආකාරයකට නින්ජා සටන්කරුවන් වැනිය.

    ඇසසින් වරු බිහිවීම සඳහා Hassan-i Sabbah ගේ බලපෑම ඉතා ප්‍රබල විය.
    ඔහු අති දක්ෂ සටන්කරුවෙකි, කඩු සටන් මෙන්ම පිහි සටන් සඳහා ද එකසේ ශුරයෙක් විය.
    එමෙන්ම භාෂා විශාරදයෙකි,දක්ෂ ගණිතඥයෙක් මෙන්ම, වෛද්‍ය විද්‍යාවේද හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයෙකි.
    මේ යුගය වන විට මැදපෙරදිග දියුණු වී තිබුණු විද්‍යාවන් බොහොමයක් හදාරා තිබුණු පුද්ගලයෙකි.
    ආගමික දිවිපෙවතක් ගත කල පුද්ගලයෙකි.
    ස්වභාවයෙන්ම නිහඬ පුද්ගලයෙකු වුවත් ශුර කථිකයෙකි.
    එමෙන්ම ඉතිහාසඥයන්ට අනුව ඔහු වෙස් වලාගැනීමේ කලාව මනාව ප්‍රගුණ කල පුද්ගලයෙකි.

    ඔහු මේ සියලු ශිල්පිය ඥානය ඇසසින් වරුන්ට ලබා දුන්නේය.
    ඇසසින් සටන්කරුවෙකු,
    නිතරම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන, වෙස් වලා ගැනීමේ ශුර,සෙවනැල්ලක් මෙන් වේගවත්,ශරීර ප්‍රමාණයෙන් මධ්‍යම,
    භාෂාවන් කිහිපයක් දැන සිටි තරුණ සටන්කරුවන් කොට්ඨාශයකි.

    ඇසසින් සටන්කරුවෙකු සතු වූ සුවිශේෂීම ලක්ෂණය නම් කිසිම විටෙකත් තම නිකායට අපක්ෂපාති නොවන සුළු ගුණයයි.
    ඒ සඳහා නිකාය තුල ඔවුන්ට සියලුම ලෞකික සැප සම්පත් සැපයිය.

    ඒ නිසා කිසි විටෙකත් ඇසසින් වරයෙකු තම නිකාය සහ අරමුණ අත් නොහැරිය.

    එමෙන්ම තවත් විශේෂ කාරණයක් නම් ඇසසින් වරු පිලිබඳ චිත්‍රයක් මවා ගැනීම සඳහා ඔවුන් සැරසුණු ආයුධ, සන්නාහ, නිල ඇඳුමක් වැනි කිසිවක් නොතිබීමයි.
    එනම් බොහෝ විට ඇසසින් වරයෙකු තම ඉලක්කයක් සඳහා පිටත් වන්නේ සාමාන්‍ය වැසියෙක්, පූජකයෙක්, වෙළෙන්දෙක් වැනි කුමන හෝ ආකාරයකට වෙස් වලාගනිමකින් පසුවය.
    එම නිසා කිසිම විටෙකත් ඇසසින් නිකාය හඳුනා ගැනීමේ පූර්ව ලක්ෂණයක් නොතිබිය.

    ඉතාම කෙටි කාලයක් තුලදී ඇසසින් වරු ඉරානයේ සහ සිරියාවේ සුන්නි බලයේ තිබුණු කඳුකර බලකොටු වලට පහර දී ඒවා යටත් කර ගන්නා ලදී.
    මෙය ෂියා කලීෆාව භූමියේදී ලැබූ විශාල ජයග්‍රහණයන් කිහිපයක් විය.

    vXOVypg.jpg

    ඇසසින් වරු විසින් යටත් කරනු ලැබූ ඉරානයේ Rudkhan බලකොටුව

    i701kTF.jpg


    ඇසසින් වරුන්ගේ ඝාතනයන් කෙතරම් සුක්ෂම සහගතද කිවහොත් Abbasid කලීෆාවේ 29 වන කාලිෆ් වරයාව ඔහුගේ කුටිය තුලදීම මරා දැමීමට පවා ඔවුන් සමත් විය.
    එමෙන්ම තවත් කාලිෆ් වරුන්ව, හමුදා නායකයන්ව, තුර්කි සෙල්ජුක් හමුදා නිලධාරීන්ව, සුන්නි ආගමික පූජකයන් ඇතුළු ප්‍රභූ ඝාතනයන් රැසක් සිදුකිරීමට ඇසසින් වරු සමත්විය.
    එකල සුන්නි වරුන්ට තිබු ලොකුම තර්ජනයක් ලෙස ඇසසින් වරු සැලකිණි.
    ඇසසින් නිකාය පිලිබඳ පැහැදිලි තොරතුරු සහ මුලාශ්‍ර ලොවට හෙලිවුයේ මොන්ගොල් වරු විසින් සිදුකල ආක්‍රමණයෙන් පසු ඇසසින් නිකායේ බිඳ වැටීමත් සමගය.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    - කුරුස යුද්ධයේ ඇසසින් වරුන්ගේ දායකත්වය -

    වර්ෂ 1095 දී 2 වන අර්බන් පාප් වහන්සේ විසින් කුරුස යුද්ධ සඳහා යුරෝපය කැඳවන කාලවකවානුවට සමගාමිව ඇසසින් නිකාය ඉරානයේ කඳුකරයේදී ආරම්භ විය.
    පළමු කුරුස යුද්ධයේදී යුරෝපය ප්‍රමුඛ කුරුස හමුදාවන් විසින් ජෙරුසලම අල්ලාගෙන එහි බලය පිහිටුවන ලදී.

    OVMqfw2.jpg


    ඉස්ලාමයේ පරාජයට ප්‍රබල හේතුවක් නම් සුන්නි - ෂියා බල අරගලයයි.
    මේ යුද්ධය සඳහා ඇසසින් වරු ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ නැත.

    දෙවන කුරුස යුධ සමයේදී ඇසසින් වරු ඉස්ලාම් පාර්ශවය වෙනුවෙන් තුර්කි සෙල්ජුක් වරු සමගින් සන්ධාන ගතවී නැගෙනහිර පෙරමුණේ සටන් සඳහා සහභාගී විය.
    දෙවන කුරුස යුද්ධයෙන් පසු Fatimid කලීෆාතය සමගින් යුරෝපිය කුරුස හමුදා අතර ගැටුමක් නිර්මාණය විය.ඒ ඊජිප්තුව ඇතුළු උතුරු අප්‍රිකාවේ බලය සඳහාය.
    පළමු කුරුස යුද්ධයෙන් බලය අල්ලාගෙන සිටි යුරෝපිය හමුදා ට්‍රිපොලි නගරය තමන් සතුකරගෙන Raymond II පාලකයා යටතේ පාලනය කරලීය.
    කුරුස යුද්ධයේ ඇසසින් වරුන්ගේ කුරුස පාර්ශවයේ පළමු ප්‍රභූ ඉලක්කය බවට පත් වන්නේ ඔහුය.
    ට්‍රිපොලි නගර ද්වාරයේදී ඔහුගේ ඝාතනය සිදුවිය.
    එතැන් පටන් කුරුස පාර්ශවයේ බලවතුන්ගේ ප්‍රභලම අදිසි සතුරා බවට ඇසසින්වරු නිතැතින්ම පත් විය.

    තුන්වන කුරුස යුද්ධය ඇසසින් වරුන්ගේ දායකත්වය ඉහලින්ම ලැබුණු සටන් කිහිපයයි.
    Rashid ad-Din Sinan නොහොත් Old Man of the Mountain නමින් හඳුන්වන නිසාරි නායකයාගේ යටතේ ඇසසින් වරු සක්‍රීයවම කුරුස යුද්ධය සඳහා පෙරමුණ ගන්නා ලදී.
    කුරුස යුධ ඉතිහාසයේම ඉස්ලාම් පාර්ශවයේ දැවැන්තම නායකයා වුනු සලාදීන් ( සුන්නි නායකයකි )
    දෙවතාවක්ම ඇසසින් වරුන්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් ගැලවී තවදුරටත් ඇසසින් වරුන් සතුරු කර ගන්නවා වෙනුවට ඇසසින් වරු සමගින් ගිවිසුම් ගත විය.
    එය තුන්වන කුරුස යුද්ධයේදී සලාදීන් ලැබූ උපායශීලි ජයග්‍රහණයකි.
    කෙසේ වෙතත් ඇසසින් වරු සලාදීන් ගේ හමුදා නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කරන ලදී.

    8NcPtUV.jpg

    සිරියාවේ Masyaf නුවර පිහිටි ඉපැරණි ඇසසින් බලකොටුව

    තුන්වන කුරුස යුද්ධයේදී ඇසසින් වරු විසින් කුරුස පාර්ශවයට කරන ලද ප්‍රබලම ප්‍රහාරය නම් ජෙරුසලමේ රජු ලෙස පත් කරන ලද
    Conrad of Montferrat රජු ගේ පත්වීමෙන් දින කිහිපයකට පසු ඔහු ඝාතනය කිරීමයි.
    ඉන්පසු තුන්වන කුරුස යුද්ධය දෙපාර්ශවයේ ගිවිසුමකින් අවසන් වෙනවා.

    Assassin's Creed පරිඝනක ක්‍රීඩා වේ Al Mualim යන චරිතය නිර්මාණය කර ඇත්තේ Rashid ad-Din Sinan නිරුපනය කිරීමටයි.

    FHLCHOC.jpg

    Al Mualim

    ඉන්පසු සලාදීන් විසින් ඊජිප්තුව මුලික කරගෙන මැදපෙරදිග සිරියාව ඉරානයේ කොටස් සහ ඉරාකය එක්කොට Ayyubid dynasty
    සුල්තාන් රාජ්‍ය බිහිකිරීමත් සමගම ෂියා ඉස්ලාමයේ Fatimid කලීෆාව බිඳ වැටෙනු ලබනවා.


    - ඇසසින් වරුන්ගේ බිඳ වැටීම -

    Fatimid කලීෆාව බිඳ වැටීමත් සමගින් ඇසසින් වරුන්ගේ අවසානය ලඟා වෙන අතර ගෙන්ගිස් ඛාන් ගේ මැදපෙරදිග ආක්‍රමණය නිසා ඇසසින් වරුන්ගේ යුගය අවසන් වෙනවා.
    මොන්ගොල් අධිරාජ්‍යයයේ 4 වන පාලකයා වුනු Möngke Khan ව ඝාතනය කිරීමේ සැලැස්මක් ව්‍යර්ථ වීමෙන් ඇසසින් වරු මොන්ගොල් හමුදාවට යටත් වන අතර
    ඉන් වර්ෂ කිහිපයකට පසු මොන්ගොල් වරු ගලීලයේදී ඊජිප්තු මම්ලුක් වරු අතින් පරාජයට පත් වෙනවා.

    HSNzWY1.jpg

    ඇසසින් වරු මොන්ගොල් හමුදාවට යටත් වීම

    වර්ෂ 1275 දී ඇසසින් නිකාය පූර්ණ වශයෙන් අවසන් වනවා.
    ඒ මම්ලුක් වරුන්ගේ පාලනයට නතු වීමෙන් පසුවයි.


    - අවසානය -

    ඇසසින් වරුන් පිළිබඳව බොහොමයක් තොරතුරු ලොවට හෙළි වුයේ මම්ලුක් වරුන් විසින් අවසන් ඇසසින් සටන්කරුවන් කිහිපදෙනා අල්ලා ගැනීමෙන් පසුවය.
    එතෙක් අතිශය රහසක්ව තිබුණු ඔවුන්ගේ නිකායික තොරතුරු සහ සිදුකල ඝාතන වලින් කොටසක් ලොවට එළිවුණු නමුත් බොහොමයක් තොරතුරු සදාතනික රහසක් සේ පැවතිනි.
    ඇසසින් වරු සියලුම ඝාතන සිදුකලේ කුලී පදනම මතය.
    වසර 200 අඩු කාලයකදී ඇසසින් වරුන්ගේ නිකාය සම්පුර්ණයෙන්ම බිඳ වැටිණි.

    ඇසසින් වරයෙකු පිළිබඳව ඔබට දිය හැකි හොඳම උදාහරණය නම් මේය,

    kFkLAWC.jpg


    අප කුඩාකල ඉමහත් ආසාවෙන් නරඹපු රොබින්හුඩ් කතා මාලාව කාටත් මතක ඇති නේ. Robin of Sherwood (1984 )
    රොබින්ගේ කණ්ඩායමේ සිටින '' නසීර් '' යනු ඇසසින් වරයෙකි.
    Robin of Sherwood කතා මාලාවේ තිර පිටපත් රචක Richard Carpenter එහි චරිත නිර්මාණය කිරීමේදී නසීර් ගේ චරිතය සඳහා තෝරාගෙන ඇත්තේ,
    කුරුස යුද්ධයේදී පිටුවහල් කල ඉස්ලාමිය ඇසසින් වරයෙකු ලෙසයි.
    නාට්‍යට අනුව ඔහුගේ සම්පුර්ණ නම '' Nasir Malik Kemal Inal Ibrahim Shams ad-Dualla Wattab ibn Mahmud ''.

    ටිකක් කල්පනාවෙන් බැලුවොත් ඉහත මම ඇසසින් වරයෙකු සතු ගති ලක්ෂණ සියල්ල නසීර් ට තියෙන බව ඔබටත් පැහැදිලි වේවි.

    ඉස්ලාමයේ සිටි තවත් දරුණුම සටන්කරුවන් පිරිසකි මම්ලුක් වරු.
    වහලුන් ලෙස ඉස්ලාමයට පක්ෂපාතිව වහල් සටන්කරුවන් ව සිට,
    අවසානයේ ඉස්ලාම් රාජ්‍යක් බිහිකිරීම දක්වා ඔවුහු වැඩි දියුණු විය.
    ඔවුන් පිළිබඳව අපි වෙනත් දවසක කතා කරමු.

    අවසානයටම මට කියන්නට ඇත්තේ ඉස්ලාමයේ බෙදීම් අදටත් එකසේ වලංගු බවයි.
    ලොව අනෙක් ආගම් වලත් බෙදීම් ඇතත් ඒවා කෙලවර මතවාද, අදහස්, එකඟතා, විරුද්ධතා වැනි සාකාච්ඡා මේස වල ගොඩනැගෙන තර්ක වුවත්,
    ඉස්ලාමයේ බෙදීම් අදටත් කෙලවර වන්නේ බෙලි කැපීම, බෝම්බ පිපිරීම් , වෙඩි තැබීම වලින්ය.
    මන්ද ඉස්ලාමය එදා සිට අද වන තුරු පාර්ශවියික එකඟතාවයන් මත සංශෝධනය වී නොමැති නිසාවෙන්ය.

    තොරතුරු සහ ඡායාරුප විකිපීඩියා, යූටියුබ් ඇතුළු අන්තර්ජාලයෙනි,
    සටහන් විස්තරය මා විසිනි.
    :):):)
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හනෙ බලාගෙන පරිස්සමෙන් ඩොඩෝ ඔය විස්තර හොයන්න යන්නෙ........පාත්තයෙක් කියලා මරාගෙන කැවොත් ඔයාව:(
    +:love:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්ලාමය කියන්නෙ චාටර් ආගමක් නෙමෙ කියන්න මෙ ත්‍රෙඩ් එක ප්‍රමාණවත්.
    එත් ඔනිම දෙකට කණකොකා හඬනවා වගෙ ඉස්ලාමයටත් විවිධකලවල් වල කණකොකා හැඬුවා. එව්වායෙ ප්‍රතිඵල තමා කන්‍යාවියො 72 ක් ගාවට යන්න බොම්බ පුපුරවා ගැණිම.

    ඉස්ලාමය නිසා ලොකෙට දායාදවෙච්ච ගොඩාක් දෙවල් තියෙනවා
    අපි කෙමිස්ට්‍රි එහෙමත් නැත්තම් රසායන විද්‍යාව ගත්තොත් ඉස්ලාම් ආගම මත පදනම් වෙච්ච චින්තනයෙන් දායක වෙච්ච බොහොමයක් දෙවල් තියෙනවා
    ඇල්ජබ්‍රා එහෙම නැත්තම් වීජ ගණිතය කියන්නෙත් ඉස්ලාමය මත පදනම් වෙච්ච චින්තනයෙන් බිහි වූවක්.