නිවාඩුවක් ගත කරලා එන්න, හොදම බීච්සයිඩ් හො&#349

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නිවාඩුවක් ගත කරලා එන්න, හොදම බීච්සයිඩ් හො&#349

    දැන් අපි නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යන්න හිතුවත් මුලින්ම හිතන්නේ කොහෙද යන්නෙ කියලනේ. එතකොට ගොඩක් දෙනෙක්ගේ තේරීම වෙන්නේ එක්කෝ කඳු තියෙන පැත්ත, නැත්නම් බීච් එක තියෙන පැත්තනේ. බීච් එක තියෙන පැත්ත කිව්වහමත් වැඩියෙන්ම ප්‍රසිද්ධ ඩවුන් සවුත් තමයි. එහෙම නැත්නම් ඉතින් මීගමුව සහ මීගමුවෙන් එහා තියෙන වයඹදිග වෙරළ තීරයේත්, නැගෙනහිර වෙරළ තීරයේත් තියෙන හෝටල් වුනත් බීච් සයිඩ් හෝටල් තමයි. ඉතින් මේ කියන්න යන්නේ එයින් හෝටල් කීපයක් ගැන. එතකොට ඊලඟ වතාවේදී නිවාඩු හම්බුනහම බීච් සයිඩ් හොටෙල් එකකට යන්න හිතුනොත් ‍තෝරගන්න පුලුවන් මෙයින් එකක්.



    1. Calamander Unawatuna Beach

    download.jpg

    Source – unawatunabeachresort.com
    2016 අවුරුද්දේ උණව‍ටුනේ වැඩියෙන්ම සංචාරකයෝ බුක් කලේ මේ හොටෙල් එක කියලා booking.com එකේ කියනවා. උණව‍ටුනේ දිගින් දිගට විහිදුණු පුළුල් වෙරළ තීරයක් එක්ක තියෙන කැලමැන්ඩර් රිසෝට් එක තමයි මේ පැත්තට තියෙන එකම තරු හතරේ තැන. ඇත්තටම පරණ තාලෙට හදපු දිග කොරිඩෝරයන් තියෙන මේ හොටෙල් එක දැක්කම අර පරණ සිංහල ගෙවල් මතක් වෙන එක පුදුමයක් නෙවෙයි. කොහොමත් කරත්තයක් එහෙම නවත්තලා, බෝට්‍ටු නවත්තලා පරණ සිංහල තාලෙට නිර්මාණය කරලා තියෙන කැලමැන්ඩර් එකට යනකොට හරි නිස්කලංක ගතියක් දැනෙනවා.

    වෙබ් අඩවිය – www.unawatunabeachresort.com



    2. Citrus Hikkaduwa

    Top-Beachside-Hotels-aniwa-02.jpg


    Source – citrusleisure.com/hikkaduwa
    හික්කා බීච් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සෑහෙන්න සංචාරකයෝ ගැවසෙන, සුන්දර මුහුදු තීරයක් වුණු හික්කඩුව වෙරළාසන්නයේ තියෙන සිට්‍රස් එක බැලූ බැල්මට අර දැවැන්ත තරු හෝටලයක පෙනුම තමයි ගේන්නේ. කාමර වල වුනත් එහෙම අමුතුම ගතියක් නෑ. ඒත් සිට්‍රස් හික්කඩුව හොටෙල් එකට ගියාට පස්සේ කෙනෙක්ට දැනෙයි කොයි තරම් ලොකු හොටෙල් එකක් වුනත්, කපල් එකකට වුනත් අර නිදහසේ ඉන්න පුලුවන් කියන හැඟීම මෙතන තියෙනවාය කියන එක. අනිත් එක තමයි මුහුදේ නාන්න විතරක් නෙවෙයි, බෝට්‍ටු සවාරි දක්වා කරන්න දේවලුත් මේ අවට සෑහෙන්න තියෙනවා. සුඛෝපභෝගී පහසුකම් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

    වෙබ් අඩවිය – citrusleisure.com/hikkaduwa




    3. Jungle Beach by Uga Escapes

    Top-Beachside-Hotels-aniwa-03.jpg

    Source – ugaescapes.com/junglebeach
    නැගෙනහිර වෙරළ තීරයේ, නිලාවේලි වල තියෙන උගා එස්කේප්, ජංගල් බීච් කියන්නේ ස්වභාවිකත්වයත් එක්ක නවීන පහසුකම් එකතු කරලා හදපු බීච් රිසෝට් එකක්. ඇත්තටම වෙරළාසන්නයේ තියෙන වන ගහණයක් එක්ක නිර්මාණය කරලා තියෙන ජංගල් බීච් රිසෝට් එකේ කාමරයක පවා මේ සොබාවික සුන්දරත්වය විඳින්න ඉඩ සලසලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ගහක් උඩ වගේ හදපු ටෙරස් එකක රෑ කෑම ලාම්පු එලියෙන් ගන්න එක කොයි වගේ අපූරු අත්දැකීමක්ද කියලා ඔබට බලාගන්න පුලුවන් වෙයි. කාමරයෙන් එලියට යනකොට මැටි බිත්තියක් එක්ක ගස් වවලා තියෙනකොට ඇත්තටම දැනෙන්නේ සුන්දර වනගොමුවක ඉන්නවා කියලා තමයි. බැලූ බැල්මට නැති වුණත් ජංගල් බීච් රිසෝට් එක සුඛෝපභෝගී පහසුකම් වලින් යුක්තයි.

    වෙබ් අඩවිය – www.ugaescapes.com/junglebeach





    4. Anantaya Resort & Spa Chilaw

    Top-Beachside-Hotels-aniwa-04.jpg


    Source – anantaya.lk/chilaw
    අනන්තය කියන්නේ හලාවත පැත්තේ තියෙන බොහොම නවීන පෙනුමක් තියෙන, සුන්දර බීච්සයිඩ් හොටෙල් එකක්. විශේෂයෙන්ම මොඩර්න් ලුක් එකත් එක්ක පොඩි මිනිමලිස්ට් ගතියක් දැනෙන ගෘහ නිර්මාණය හින්දා වෙන්න ඇති, අනන්තය කියන්නේ ගියහම හරිම සාමකාමී ගතියක් දැනෙන හොටෙල් එකක්. මේ රූම්ස් වලත් පොඩි ගෙදර වගේ ගතියක් තියෙනවා කියන්න පුලුවන්.

    වෙබ් අඩවිය – www.anantaya.



    5. Suriya Resort

    Top-Beachside-Hotels-aniwa-05.jpg


    Source – suriyaresort.com
    වයික්කාල ප්‍රදේශයේ තියෙන බොහොම ලක්ෂරි රිසෝට් එකක් වෙන සූරිය එක තියෙන්නේ වෙන්නප්පුවේ බොහොම සුන්දර පරිසරයක. ඒ කියන්නේ පරිසරය ශුෂ්කයි කියලා හිතුවට ගිහින් බැලුවොත් තේරෙයි එහෙම අවුලක් නෑ කියලා. අනික තමයි කාමර වල සහ තවත් ගොඩක් ඒරියා වල පොළව පාකේ ක්‍රමේට හදලා, පරණ පාට පේන ලීවලින් ගෘහභාණ්ඩ නිමා කරලා තියෙන එකෙන් අමුතුම ගතියක් එනවා.

    වෙබ් අඩවිය – www.suriyaresort.com




    6. AVANI Kalutara Resort



    Source – minorhotels.com
    කළුතර අක්කර තිස් හයක් පුරා පැතිරුණු සුන්දර උද්‍යානයක් එක්ක තියෙන බීච් රිසෝට් එකක් තමයි අවානි කියන්නේ. බොහොම සුඛෝපභෝගී ස්පා එකක් එහෙම තියෙන මේ රිසෝට් එකේ වෝටර් ස්පෝට්ස් වලටත් පහසුකම් තියෙනවා. ගොඩක් සංචාරකයෝ බොහොම කැමතියි කියලා රෙකමන්ඩ් කරන අවානි රිසෝට් එකේ රෙස්‍ටුරන්ට් දෙකක් තියෙනවා. ඒවල දේශීය කෑම, බටහිර කෑම වගේම වෙනත් ආසියාතික කෑමත් ගන්න පුලුවන්.

    වෙබ් අඩවිය – www.minorhotels.com/en/avani/kalutara