බෝම්බෙන් බේරුණ හැටි
කලින් ත්‍රෙඩ් එකත් එක්ක සම්බන්ධ නිසා එලකිරිවාසී පාඨකයෝ ඒකට ගොඩ වෙලා ආවොතින් හොඳයි වගේද මන්දා..
http://www.elakiri.com/forum/showthread.php?t=1887457
-----
අම්පාරේ ආච්චිගේ මළ ගෙදර වැඩ කටයුතු අවසන් වෙලා කනත්තට ගිහින් ගෙදර මළබත ඉදෙන්නත් කලින් අපි කොළඹ එන්න පිටත් උනේ ගමේ නෑයොන්ට කනත්තෙදිම සමු දෙන ගමන්..
මළ ගෙදර අවසන් කටයුතු හවස තුන වෙද්දී ඉවර වෙනවත් එක්කම අඹගහවැල්ලෙන් අම්පාර ටවුමට යන අන්තිම බස් එකත් හවස 4:30 වෙද්දී කනත්ත ලඟින් යනවා කියලා අපි දැනගෙන හිටියා.. ඒ නිසාම අපි හවස මළ ගෙදර වැඩ කටයුතු වලට සම්බන්ධ උනේ කොළඹ එන්න බලාගෙනමයි. උදෙන්ම නාගෙන කරගෙන ඇඳුම් ගෙනාව ලොකු බෑග් එහෙම අපි කලින්ම කනත්ත කිට්ටුව තියෙන කඩේකට එව්වා නෑදෑ වෙන අයියා කෙනෙකුගේ බයික් එකේ..
කලින් දවසේ රෑ බස් එකේ ලොකු මාමයි එයාගේ මල්ලි වෙච්ච පොඩි මාමයි එයාගේ යාලුවෙකුයි, කලින්ම අම්පාරේ ඇවිත් හිටිය ලොකු අක්කගේ මහත්තයගේ යාලුවෙකුයි ඇවිත් හිටියා.. ඒ අයට පහුවදා වැඩට යන්න ඕනේ නිසා මළ ගෙදර වැඩ කටයුතු වලින් පස්සේ එදාම රෑ ආයේ කොළඹ යන්න ඒ අය උදේ අම්පාරෙන් බැස්ස ගමන් ආයේ රෑ බස් එකට ටිකට් 4ක් බුක් කරලමයි ඇවිත් තිබුණේ..
අඹගහවැල්ල ලංගම බස් එකේ කොන්දොස්තරත් ගමේම කෙනෙක් නිසා එයාට උදෙන්ම සල්ලි දීලා තිබුණා උදේ ටවුන් එකට ආවාම කොළඹට යන රෑ 8 බස් එකේම තවත් සීට් 2ක් බුක් කරලා දෙන්න කියලා..
ඒ වෙද්දී අම්මා තනියම ගෙදර හිටිය නිසා තාත්තා මටත් ඒ අය එක්කම කොළඹ යන්න කිව්වා..
මමත් යන නිසා දවස් තුනකට කලින් අපි එක්කම ආව ලොකු අක්කගේ මහත්තයත් කොළඹ එන්න ලෑස්ති උනා..මොකද කලින් දවසේ රෑ බස් එකේ ඇවිත් උදේ පාන්දර මළ පෙරේතයෝ වගේ මළ ගෙදරට ප්‍රාදූර්භූත වෙච්ච එයාගේ හොඳම යාලු ෆිට් එකත් ඉන්න නිසා ඒ ගමන තවත් ආතල් කියලා අයියා දැනගෙන හිටියා..
අනික අපේ මාමලා දෙන්න එක්ක ගමනක් යනවා කියන්නේ, යන්නේ මළ ගෙදරක උනත් යන ගමන ට්‍රිප් එකක් වගේ වෙනවා කියන එක..
ඔක්කොම හය දෙනෙක්.. ඒ කාලේ මම ඕ ලෙවල් ලියලා ගෙදරට වෙලා කකා බිබී හිටිය ෆුල් මාවලස් ගන්දබ්බ සීසන් එක..
මාමලා දෙන්නා එක්ක මම එනවා කියලා දැන ගත්තු ගමන් අම්මා ටිකක් විතර කලබල උනා.. මොකද මගේ ආදරණීය මාමලා දෙන්න එකට ඉන්නවා කියන්නේ අනිවා එතන මධුවිත බෝතලයක් තියෙනවා කියන එක. ඒකට මළ ගෙයක්ද කොටහලු ගෙයක්ද, බණක්ද, දානයක්ද කියන එක අදාළම නෑ..
ඔන්න අම්මා මට කෝල් කර කර කූරු කුරු ගානවා "තාත්තා එක්කම එන්න බලන්න.. ආච්චිත් ඉන්න නිසා තනියක් නෑ.. ඒගොල්ලො අනිවාර්යෙන් බොනවනේ කිය කිය.." මම ඉතින් අම්මව ෂේප් කළා "ඒ ගොල්ලෝ ඉතින් ආච්චිලා ගෙදර ආවමත් බොනවනේ.. එහෙම අවුලක් නෑ" කියලා.
ඊටත් දැන් ගෙදර එන්න ඉන්න පස් දෙනාම හොඳම සෙට් එක.. අම්පාරෙන් බෝතලයක් හොයා ගන්න බැරිනම් කල්මුණේටම ගිහින් හරි බොතලයක් උස්සන් එන අයියල..
අම්මා ඉතින් අම්මගේම මල්ලි ගැනයි අයියා ගැනයි දන්න නිසාම මට සෑහෙන උපදෙස් ගොඩාරියක් දෙන්න පටන් ගත්තා.. අම්මලා ඉතින් කොහොමත් එහෙමනේ..
ඔය අතරේ ආච්චිත් (අම්මගේ අම්මා)ෆෝන් එක බලෙන් උදුරගෙන මාමලාට උපදෙස් දෙන්න ගත්තා..
"මේ ඕගොල්ලො අතන මෙතන නැවතිලා බොන්න ලෑස්ති වෙන්න එපා. අර පොඩි එකත් එනවනේ. (අදටත් මම ආච්චිලගේ පොඩි එකා
) දුව ඕවට කැමතිත් නෑ. මටත් බැනුම් අහ ගන්නයි වෙන්නේ.. ඒ නිසා බස් එකේ නැගලා කෙලින්ම ගෙදර එන්න.. ඔය පුතා ඕවට කැමතිත් නෑ.. (ආච්චී ඒ අස්සේ මාවත් බිල්ලට තියනව.
)"
ඇත්තටම අපේ මාමලාගේ බීම බොහොම ඩීසන් පිට බොහොම ලයාන්විතව කෙරෙන එකක්.. ඒකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නෑ.. කොහේ හරි කාමරේක මුල්ලකට වෙන්න සෙට් වෙලා, ඉඳල හිටල දොර රෙද්ද ඈත් කරගෙන වරකට එකා ගානේ එළියට ඇවිත් හැමෝටම හිනා වෙන්න පුලුවන් විදිහේ විහිලුවක් කරලා ආයේ ඇතුළට ගිහින් හීනියට තව දෙකක් දාගෙන කලින් ඇතුළට ගියා එකා වෙනුවට වෙන එකෙක් එළියට එනවා.. කොටින්ම ඒකත් අමුතුම කලාවක්..
අවාසනාවකට හෝ වාසනාවකට ඒ කලාව අපේ තාත්තටවත් මටවත් පිහිටලා තිබුණේ නෑ.. ඒ නිසාම තාත්තයි මමයි දෙන්නම බොන්නේ නෑ..
අම්මගෙයි ආච්චිගෙයි තහන්චි, සම්බාධක මැද අපේ මාමලා මෙච්චර කාලයක් සාම්ප්‍රදායානුකූලව බොහොම සද්භාවයෙන් කරගෙන ආව බොන එක නවත්තයිද? නෑනේ නෑනේ නෑනේ...
දුරකථන සාකච්ඡාවෙන් පස්සේ පොඩි මාමා මගේ කනට කරලා අහනවා,
"පුතේ ඔයා කොහොමත් බොන්නේ නෑනේ නේද.? යන ගමන් පොඩ්ඩක් දා ගත්තට ඔයාට අවුලක් නෑනේ. මාමලා ඊයේ රෑ ඉඳලනේ පුතේ ආවේ.. හීනියට දෙකක් දාගෙන බස් එකේ පොඩි නින්දක් දාගෙන ගියාම ටිකක් ෂේප්. ඔයාට අවුලක් නෑනේ නේහ්.. අම්මා හරි ආච්චි හරි කෝල් කළොත් පොඩි ෂේප් එකක් දාලා දෙන්න ඈ.." කියලා
මමලාගේ මූලික අවශ්‍යතාවයට වැටුණ බාල්දිය ෂේප් එකේ අයින් කරලා දාන්න පොඩි මාමා මූලික අඩිතාලම දැම්මේ ඒ විදිහට.. කොහොමත් මගෙන්වත් අපේ තාත්තගෙන්වත් අවුලක් නෑ කියලා ඒ අය දැනගෙන හිටියා..
ආච්චිගේ දේහය භූමිදාන කරපු පිරිස හිමින් හිමින් ආයේ ගෙවල් වලට පිටත් වෙන්න පටන් ගත්තා.. මළ ගෙදර වෙනුවෙන් දාපු සුදු ඉටි කොළ කොඩි වැල් ගිණිගහන හුළඟත් එක්ක හීනියට ලෙලදුනා.. අපි හය දෙනා ගිනි අව්වෙන් බේරෙන්න පාර අයිනේ තිබුණු ලොකු පිහිඹියා ගස් හෙවනකට සේන්දු උනා බස් එක එනකන්...
තාත්තාත් හිමීට අපි ඉන්න තැනට කිට්ටු උනා ආයේ ගෙදරට යන්න කලින්..තාත්තගේ ඇස්වලින් එළියට ආව කඳුලු වේලිලා තිබුණට ඇස් දෙක අවුවට දිලිසුණා.. දවස් ගාණක් තිස්සේ රෑ නිදි මරාගෙන, දවල් වරුවේ එක දිගට ගිනි ගහන අවු කූඨකේ මළ ගෙදර වැඩ කටයුතු එක්ක ඔට්ටු වෙලා අපේ තාත්තා ඒ වෙද්දිත් සෑහෙන හෙම්බත් වෙලයි හිටියේ.. තාත්තගේ පෙනුමත් අම්පාරේ මාමලාගේ කර්කෂ පෙනුමට ගොඩක් දුරට සමාන වෙලා එක සතියට.. ඔය අතරේ තාත්තා මට පැත්තකට කතා කළා..
"පුතේ අම්මා ගෙදර තනියමනේ. ඒ නිසයි මම ඔයාට මාමලා එක්ක අද රෑම යන්න කිව්වේ.. අම්මනම් මට කෝල් කරලා දොස් කිව්වා ඔයාව මාමලා එක්ක එවන්නේ ඇයි කියලා අහලා. ඒවුනාට ඔයා මාමලාගේ හැටි දන්න නිසා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ පුතේ... අනික අම්මටත් තාම සනීප මදිනේ.. අපි ඔක්කොම මෙහේ ඉන්න නිස අම්මටත් හදිස්සියකට කවුරුවත් නෑනේ..ඒගොල්ලො යනකන් බිබී නිදා ගනී. ඔය හොඳ අවධානෙන් පොඩ්ඩක් කල්පනාවෙන් යන්න.. මාමලාගේ පර්ස් ෆෝන් එහෙම පොඩ්ඩක් බලන්න.. රෑට පුතා විතරයිනේ ඔතනින් හොඳ සිහියෙන් ඉන්නේ. ඒ නිසා මාමලා ගැන පොඩ්ඩක් බලන්න කොළඹට කිට්ටු වෙනකන්.. හරිනම් මාමලායි ඔයාව බලා ගන්න ඕනේ. ඒවුනාට මම දන්නවනේ වෙන්නේ මොකද්ද කියලා.."
අම්මලා මට අම්පාරේ නවතින්න කියද්දි තාත්තා අම්මා ගැනත් හිතලා මාව කලින් ගෙදර එවන්න තීරණය කළේ සෑහෙන දේවල් ගොඩක් කල්පනා කරලා.. තාත්තට මාමලාගේ බීම නවත්තන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. ඒත් මාව එකට සූදානම් කරවන්න ඕන කරන උපදෙස් ටික තාත්තා මට බොහොම පැහැදිලිව දුන්නා..
"නෑ නෑ අවුලක් වෙන්නේ නෑ.. මට කොහොමත් බස් එකේ යද්දී නින්ද යන්නේ නෑනේ තාත්තේ.. අනිවාර්යෙන් මේගොල්ලෝ අම්පාරෙදී දෙකක් දාගෙනම තමයි බස් එකට නගින්නේ.. භය වෙන්න එපා. ඒගොල්ලෝ සවුත්තු වෙන්න බොන අය නෙමෙයිනේ. අම්මත් මට මගින් මටම කෝල් කර කර කිව්වා.. බොන්න එපා කියලා ඇණයක් බෑනේ තාත්තේ.. මම ෂේප් එකේ හිටියාම හරිනේ.."
"පුතා අපිට වැඩිය මාමලා ගැන දන්න නිසාම තමයි මම ඒ ගැන වැඩිය මුකුත් කිව්වේ නැත්තේ. එහෙනම් පරෙස්සමෙන් යන්න පුතේ. අන්න බස් එකේ සද්දෙත් එනවා.."
සුපුරුදු අඹගහවැල්ල අම්පාර බස් එකේ ගොරහැඬ් ලටෙක් එන්ජිමේ සද්දේ ඈත තියාම අපේ කන් වලට ඇහෙන්න ගත්තා.. ඉස්සහරහ කඩේ තියලා තිබුණු අපේ බෑග් දෙක තුන ගමේම කෙනෙක් පාරෙන් මෙහා පැත්තට ගෙනත් දුන්නා.. තාත්තට වැඳලා මමත් අයියලා හිටිය පිහිඹියා ගස් හෙවනට ආයේ කිට්ටු උනා..
ඒ වෙද්දී තාර පොදක් නොවැටුණු දූවිලි පිරුණු බොරළු පාර දිගේ පිම්මේ ආව ලංගම Latec බස් එක අපිව ඉස්සර කරන් ටික දුරක් ගිහින් නතර උනා.. බස් එකත් එක්ක පිටි පස්සෙන් ඇදිලා ආව ලා දුඹුරු පාට දූවිල්ල්ලෙන් නෑවුණ අපේ සුදු ඇඳුම් එක මොහොතකදී අමුතුම ගුරු පාටකට හැරුණා..
දාඩියත් එක්ක ඇඟ පුරාම තැවරුණ දූවිල්ල නිසා මඩෙන් ගොඩ ආපු ගොවිරාලලා හය දෙනෙක් වගේ අපිත් බස් එකට ගොඩ උනා.. කොන්දොස්තර බස් එකේ බෙලෙක් බෙල් එකට ගැට ගහල තිබුණ නයිලෝන් ලණුව අදිනවත් එක්කම අම්පාරෙන් රෑ අටට පැය 10ක දීර්ඝ ගමණක් පටන් ගන්න බලාගෙන අපි අඹගහවැල්ලෙන් පිටත් උනා..
බෝම්බෙන් බෙරුණු හැටි ලියනකන් කියනකන් අදහස් උදහස් කොටාගෙන යං..
මතුසම්බන්ධයි..
හිත මිතුරු
RICH LIFE

http://www.elakiri.com/forum/showthread.php?t=1887457
-----
අම්පාරේ ආච්චිගේ මළ ගෙදර වැඩ කටයුතු අවසන් වෙලා කනත්තට ගිහින් ගෙදර මළබත ඉදෙන්නත් කලින් අපි කොළඹ එන්න පිටත් උනේ ගමේ නෑයොන්ට කනත්තෙදිම සමු දෙන ගමන්..
මළ ගෙදර අවසන් කටයුතු හවස තුන වෙද්දී ඉවර වෙනවත් එක්කම අඹගහවැල්ලෙන් අම්පාර ටවුමට යන අන්තිම බස් එකත් හවස 4:30 වෙද්දී කනත්ත ලඟින් යනවා කියලා අපි දැනගෙන හිටියා.. ඒ නිසාම අපි හවස මළ ගෙදර වැඩ කටයුතු වලට සම්බන්ධ උනේ කොළඹ එන්න බලාගෙනමයි. උදෙන්ම නාගෙන කරගෙන ඇඳුම් ගෙනාව ලොකු බෑග් එහෙම අපි කලින්ම කනත්ත කිට්ටුව තියෙන කඩේකට එව්වා නෑදෑ වෙන අයියා කෙනෙකුගේ බයික් එකේ..

කලින් දවසේ රෑ බස් එකේ ලොකු මාමයි එයාගේ මල්ලි වෙච්ච පොඩි මාමයි එයාගේ යාලුවෙකුයි, කලින්ම අම්පාරේ ඇවිත් හිටිය ලොකු අක්කගේ මහත්තයගේ යාලුවෙකුයි ඇවිත් හිටියා.. ඒ අයට පහුවදා වැඩට යන්න ඕනේ නිසා මළ ගෙදර වැඩ කටයුතු වලින් පස්සේ එදාම රෑ ආයේ කොළඹ යන්න ඒ අය උදේ අම්පාරෙන් බැස්ස ගමන් ආයේ රෑ බස් එකට ටිකට් 4ක් බුක් කරලමයි ඇවිත් තිබුණේ..
අඹගහවැල්ල ලංගම බස් එකේ කොන්දොස්තරත් ගමේම කෙනෙක් නිසා එයාට උදෙන්ම සල්ලි දීලා තිබුණා උදේ ටවුන් එකට ආවාම කොළඹට යන රෑ 8 බස් එකේම තවත් සීට් 2ක් බුක් කරලා දෙන්න කියලා.. ඒ වෙද්දී අම්මා තනියම ගෙදර හිටිය නිසා තාත්තා මටත් ඒ අය එක්කම කොළඹ යන්න කිව්වා..
මමත් යන නිසා දවස් තුනකට කලින් අපි එක්කම ආව ලොකු අක්කගේ මහත්තයත් කොළඹ එන්න ලෑස්ති උනා..මොකද කලින් දවසේ රෑ බස් එකේ ඇවිත් උදේ පාන්දර මළ පෙරේතයෝ වගේ මළ ගෙදරට ප්‍රාදූර්භූත වෙච්ච එයාගේ හොඳම යාලු ෆිට් එකත් ඉන්න නිසා ඒ ගමන තවත් ආතල් කියලා අයියා දැනගෙන හිටියා..
අනික අපේ මාමලා දෙන්න එක්ක ගමනක් යනවා කියන්නේ, යන්නේ මළ ගෙදරක උනත් යන ගමන ට්‍රිප් එකක් වගේ වෙනවා කියන එක..
ඔක්කොම හය දෙනෙක්.. ඒ කාලේ මම ඕ ලෙවල් ලියලා ගෙදරට වෙලා කකා බිබී හිටිය ෆුල් මාවලස් ගන්දබ්බ සීසන් එක..
මාමලා දෙන්නා එක්ක මම එනවා කියලා දැන ගත්තු ගමන් අම්මා ටිකක් විතර කලබල උනා.. මොකද මගේ ආදරණීය මාමලා දෙන්න එකට ඉන්නවා කියන්නේ අනිවා එතන මධුවිත බෝතලයක් තියෙනවා කියන එක. ඒකට මළ ගෙයක්ද කොටහලු ගෙයක්ද, බණක්ද, දානයක්ද කියන එක අදාළම නෑ..

ඔන්න අම්මා මට කෝල් කර කර කූරු කුරු ගානවා "තාත්තා එක්කම එන්න බලන්න.. ආච්චිත් ඉන්න නිසා තනියක් නෑ.. ඒගොල්ලො අනිවාර්යෙන් බොනවනේ කිය කිය.." මම ඉතින් අම්මව ෂේප් කළා "ඒ ගොල්ලෝ ඉතින් ආච්චිලා ගෙදර ආවමත් බොනවනේ.. එහෙම අවුලක් නෑ" කියලා.

ඊටත් දැන් ගෙදර එන්න ඉන්න පස් දෙනාම හොඳම සෙට් එක.. අම්පාරෙන් බෝතලයක් හොයා ගන්න බැරිනම් කල්මුණේටම ගිහින් හරි බොතලයක් උස්සන් එන අයියල..
අම්මා ඉතින් අම්මගේම මල්ලි ගැනයි අයියා ගැනයි දන්න නිසාම මට සෑහෙන උපදෙස් ගොඩාරියක් දෙන්න පටන් ගත්තා.. අම්මලා ඉතින් කොහොමත් එහෙමනේ..ඔය අතරේ ආච්චිත් (අම්මගේ අම්මා)ෆෝන් එක බලෙන් උදුරගෙන මාමලාට උපදෙස් දෙන්න ගත්තා..

"මේ ඕගොල්ලො අතන මෙතන නැවතිලා බොන්න ලෑස්ති වෙන්න එපා. අර පොඩි එකත් එනවනේ. (අදටත් මම ආච්චිලගේ පොඩි එකා
) දුව ඕවට කැමතිත් නෑ. මටත් බැනුම් අහ ගන්නයි වෙන්නේ.. ඒ නිසා බස් එකේ නැගලා කෙලින්ම ගෙදර එන්න.. ඔය පුතා ඕවට කැමතිත් නෑ.. (ආච්චී ඒ අස්සේ මාවත් බිල්ලට තියනව.
)"ඇත්තටම අපේ මාමලාගේ බීම බොහොම ඩීසන් පිට බොහොම ලයාන්විතව කෙරෙන එකක්.. ඒකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නෑ.. කොහේ හරි කාමරේක මුල්ලකට වෙන්න සෙට් වෙලා, ඉඳල හිටල දොර රෙද්ද ඈත් කරගෙන වරකට එකා ගානේ එළියට ඇවිත් හැමෝටම හිනා වෙන්න පුලුවන් විදිහේ විහිලුවක් කරලා ආයේ ඇතුළට ගිහින් හීනියට තව දෙකක් දාගෙන කලින් ඇතුළට ගියා එකා වෙනුවට වෙන එකෙක් එළියට එනවා.. කොටින්ම ඒකත් අමුතුම කලාවක්..
අවාසනාවකට හෝ වාසනාවකට ඒ කලාව අපේ තාත්තටවත් මටවත් පිහිටලා තිබුණේ නෑ.. ඒ නිසාම තාත්තයි මමයි දෙන්නම බොන්නේ නෑ..
අම්මගෙයි ආච්චිගෙයි තහන්චි, සම්බාධක මැද අපේ මාමලා මෙච්චර කාලයක් සාම්ප්‍රදායානුකූලව බොහොම සද්භාවයෙන් කරගෙන ආව බොන එක නවත්තයිද? නෑනේ නෑනේ නෑනේ...

දුරකථන සාකච්ඡාවෙන් පස්සේ පොඩි මාමා මගේ කනට කරලා අහනවා,
"පුතේ ඔයා කොහොමත් බොන්නේ නෑනේ නේද.? යන ගමන් පොඩ්ඩක් දා ගත්තට ඔයාට අවුලක් නෑනේ. මාමලා ඊයේ රෑ ඉඳලනේ පුතේ ආවේ.. හීනියට දෙකක් දාගෙන බස් එකේ පොඩි නින්දක් දාගෙන ගියාම ටිකක් ෂේප්. ඔයාට අවුලක් නෑනේ නේහ්.. අම්මා හරි ආච්චි හරි කෝල් කළොත් පොඩි ෂේප් එකක් දාලා දෙන්න ඈ.." කියලා

මමලාගේ මූලික අවශ්‍යතාවයට වැටුණ බාල්දිය ෂේප් එකේ අයින් කරලා දාන්න පොඩි මාමා මූලික අඩිතාලම දැම්මේ ඒ විදිහට.. කොහොමත් මගෙන්වත් අපේ තාත්තගෙන්වත් අවුලක් නෑ කියලා ඒ අය දැනගෙන හිටියා..

ආච්චිගේ දේහය භූමිදාන කරපු පිරිස හිමින් හිමින් ආයේ ගෙවල් වලට පිටත් වෙන්න පටන් ගත්තා.. මළ ගෙදර වෙනුවෙන් දාපු සුදු ඉටි කොළ කොඩි වැල් ගිණිගහන හුළඟත් එක්ක හීනියට ලෙලදුනා.. අපි හය දෙනා ගිනි අව්වෙන් බේරෙන්න පාර අයිනේ තිබුණු ලොකු පිහිඹියා ගස් හෙවනකට සේන්දු උනා බස් එක එනකන්...
තාත්තාත් හිමීට අපි ඉන්න තැනට කිට්ටු උනා ආයේ ගෙදරට යන්න කලින්..තාත්තගේ ඇස්වලින් එළියට ආව කඳුලු වේලිලා තිබුණට ඇස් දෙක අවුවට දිලිසුණා.. දවස් ගාණක් තිස්සේ රෑ නිදි මරාගෙන, දවල් වරුවේ එක දිගට ගිනි ගහන අවු කූඨකේ මළ ගෙදර වැඩ කටයුතු එක්ක ඔට්ටු වෙලා අපේ තාත්තා ඒ වෙද්දිත් සෑහෙන හෙම්බත් වෙලයි හිටියේ.. තාත්තගේ පෙනුමත් අම්පාරේ මාමලාගේ කර්කෂ පෙනුමට ගොඩක් දුරට සමාන වෙලා එක සතියට.. ඔය අතරේ තාත්තා මට පැත්තකට කතා කළා..
"පුතේ අම්මා ගෙදර තනියමනේ. ඒ නිසයි මම ඔයාට මාමලා එක්ක අද රෑම යන්න කිව්වේ.. අම්මනම් මට කෝල් කරලා දොස් කිව්වා ඔයාව මාමලා එක්ක එවන්නේ ඇයි කියලා අහලා. ඒවුනාට ඔයා මාමලාගේ හැටි දන්න නිසා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ පුතේ... අනික අම්මටත් තාම සනීප මදිනේ.. අපි ඔක්කොම මෙහේ ඉන්න නිස අම්මටත් හදිස්සියකට කවුරුවත් නෑනේ..ඒගොල්ලො යනකන් බිබී නිදා ගනී. ඔය හොඳ අවධානෙන් පොඩ්ඩක් කල්පනාවෙන් යන්න.. මාමලාගේ පර්ස් ෆෝන් එහෙම පොඩ්ඩක් බලන්න.. රෑට පුතා විතරයිනේ ඔතනින් හොඳ සිහියෙන් ඉන්නේ. ඒ නිසා මාමලා ගැන පොඩ්ඩක් බලන්න කොළඹට කිට්ටු වෙනකන්.. හරිනම් මාමලායි ඔයාව බලා ගන්න ඕනේ. ඒවුනාට මම දන්නවනේ වෙන්නේ මොකද්ද කියලා.."

අම්මලා මට අම්පාරේ නවතින්න කියද්දි තාත්තා අම්මා ගැනත් හිතලා මාව කලින් ගෙදර එවන්න තීරණය කළේ සෑහෙන දේවල් ගොඩක් කල්පනා කරලා.. තාත්තට මාමලාගේ බීම නවත්තන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. ඒත් මාව එකට සූදානම් කරවන්න ඕන කරන උපදෙස් ටික තාත්තා මට බොහොම පැහැදිලිව දුන්නා..

"නෑ නෑ අවුලක් වෙන්නේ නෑ.. මට කොහොමත් බස් එකේ යද්දී නින්ද යන්නේ නෑනේ තාත්තේ.. අනිවාර්යෙන් මේගොල්ලෝ අම්පාරෙදී දෙකක් දාගෙනම තමයි බස් එකට නගින්නේ.. භය වෙන්න එපා. ඒගොල්ලෝ සවුත්තු වෙන්න බොන අය නෙමෙයිනේ. අම්මත් මට මගින් මටම කෝල් කර කර කිව්වා.. බොන්න එපා කියලා ඇණයක් බෑනේ තාත්තේ.. මම ෂේප් එකේ හිටියාම හරිනේ.."
"පුතා අපිට වැඩිය මාමලා ගැන දන්න නිසාම තමයි මම ඒ ගැන වැඩිය මුකුත් කිව්වේ නැත්තේ. එහෙනම් පරෙස්සමෙන් යන්න පුතේ. අන්න බස් එකේ සද්දෙත් එනවා.."සුපුරුදු අඹගහවැල්ල අම්පාර බස් එකේ ගොරහැඬ් ලටෙක් එන්ජිමේ සද්දේ ඈත තියාම අපේ කන් වලට ඇහෙන්න ගත්තා.. ඉස්සහරහ කඩේ තියලා තිබුණු අපේ බෑග් දෙක තුන ගමේම කෙනෙක් පාරෙන් මෙහා පැත්තට ගෙනත් දුන්නා.. තාත්තට වැඳලා මමත් අයියලා හිටිය පිහිඹියා ගස් හෙවනට ආයේ කිට්ටු උනා..