හදිසියකදී දුම්රියක් නවත්වන රේල් වෙඩි

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    හදිසියකදී දුම්රියක් නවත්වන රේල් වෙඩි

    66131150_434831437358553_6707638635925078016_n.jpg


    කෝච්චිය. කෝච්චි පීලි දෙකක් උඩ තමයි ගමන් කරන්නේ. ඒ බව ඔබත්, මමත් දෙදෙනාම විතරක් නොවෙයි, සෑම කෙනෙක්ම දන්නා කරුණක්. කෝච්චිය පිල්ල උඩ යවන්න නිතර නිතර ඒ ගැන පරීක්ෂාවෙන් හා සුපරීක්ෂාවෙන් ඉන්න ඕනැ. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු සේවකයන් පිරිසක් දිවා රාත්‍රී නොබලා වෙහෙසී වැඩ කරනවා. ඔවුන් දුම්රිය මාර්ගයේ යම් අනතුරක් තියෙනවාද කියලා නිතර නිතර සොයා බලනවා.

    ඔන්න ඔය අතරතුර දුම්රිය මාර්ගයට හරි දුම්රිය පීල්ලට හරි යම් අනතුරක් වෙලා තියෙනවා. ඒ ආසන්නයේම දුම්රියක් එනවා. ඉක්මනට කෝච්චිය නතර කරගන්න ඕනැ. කෝච්චිය නතර කරගන්න බැරි වුණොත් විශාල විනාශයක් හානියක් සිදුවෙනවා. ඝන මීදුමකින් අවට පිරී ඉතිරිලා ගිහිල්ලා. ඒ මදිවට කිසිම සංඥාවක් හෝ ළඟ ඉන්න කෙනෙක් හරි පෙන්නේ නෑ. එච්චරටම මීදුම. දැන් මොකද කරන්නේ?

    කෝච්චි පාරක අලුත්වැඩියාවක් සිදුවෙන විට එහෙමත් නැත්නම් කෝච්චි පාරේ අනතුරක් දුටුවාම කෝච්චියක් ක්ෂණිකව නතර කරගන්න නැතිවම බැරි දෙයක් තමයි රේල් වෙඩි.

    මොනවා... වෙඩි... කෝච්චි පාරට පාව්ච්චි කරනවා?

    කෝච්චි පාර, එහෙමත් නැත්නම් කෝච්චිය පුපුරන්නේ නැද්ද?

    රේල් වෙඩි කියන්නේ කෝච්චි පාරේ, කෝච්චි පීල්ලට සවි කරන වෙඩි විශේෂයක්. මේක පැතලි වෘත්තාකාර හැඩයකින් සමන්විත වෙනවා. මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු ළඟ තියෙනවා. ජංගම මුරකරුට අමතරව යතුරුකරු, දුම්රිය රියැදුරු, දුම්රිය ගාර්ඩ් සහ දුම්රිය ස්ථානවල ද මෙම රේල් වෙඩි තියෙනවා. ජංගම මුරකරු සතුව ඇති උපකරණ බටයේ මේ රේල් වෙඩි අටක්ම තියෙනවා. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාවටම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කළ යුතුයි.

    දුම්රිය මාර්ගයට යම් අනතුරක් සිදුවී තිබිය හැකියි. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීමට මෙම රේල් වෙඩි භාවිතයට ගන්නවා. දුම්රිය රියැදුරුට සහ ගාර්ඩ්වරුන්ට රේල් වෙඩි දීලා තියෙන්නේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට හෝ (පීලි පැනීමක් වැනි) අපදාවක් සිදුවුවහොත් දුම්රිය මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, හෝ දුම්රියක් අනතුර සිදුවී ඇති ස්ථානයට ළඟා වීම වැළැක්වීම සඳහායි.

    රේල් වෙඩි වාණිජමය වශයෙන් නිෂ්පාදනය වන්නේ 1841 වර්ෂයේදී. රේල් වෙඩි ප්‍රථමවරට සොයා ගෙන තියෙන්නේ ඉංග්‍රීසි ජාතික එඩ්වඩ් ඇල්ෆඩ් කවුෆර් විසින්. එඩ්වඩ් ඇල්ෆඩ් කවුෆර් 1819 දෙසැම්බර් මස 19 දින තමයි ඉපදිලා තියෙන්නේ.


    උපුටා ගැනීම
    FB - ‎Pathum Thushara
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    ඕකෙන් දැන් මොකක්ද බන් වෙන්න කොහොමද ඕක පාවිච්චි කරන්නෙ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට යකෝ අදමයි ඇහුවෙත්..:oo:
    අර ඉස්සර පත්තු කරපු කාටිස් තුවක්කු වගේ සීන් එකක්ද කොහෙද නේහ්.. රෝදෙට අහු උනාම ලාවට පුපුරණවා ඇති සද්දෙත් එක්ක..:baffled:
    ලෝකෙම ඩිජිටල්කරණය වේගෙන යන කාලෙක අපිත් පුදුමාකාර තාක්ෂණයක් පාවිච්චි කරන්නේ.:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙන් වෙන්නේ කෝච්චියේ ඉන්න එකාට ඇහෙන්න ලොකු සද්දයක් එන එක විතරලු කෝච්චිය නවත්තන්න දෙයක් වෙන්නේ නෑ කියන්නේ. :baffled:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dan technology diyunu nisa Bim bombayak wage thibba nam hari yanne nadda? Okata wada sadde wadiy neda?
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Thanks bn. ++

    math ahala tiyanawa oka gana

    reil pili wala mokak hari awulak tibboth e point eke idan sahena durakin rail pille me wedilla gatagahanawa. ethakota train eke rodeta ahuwela meka saddeta pupuraddi engine driver train eka nawaththanawa. ekai wenne.