මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මුස්ලිම්_විවාහ නීතිය වෙනස් කරයිද

    මුස්ලිම් විවාහ හා දික් කසාද නීතිය වෙනස් කරයි


    මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ අත්‍යාවශ්‍ය වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

    ඒ අනුව වයස් සීමාව සහ විවාහවන ස්ත්‍රීයගේ අභිමතය විමසීමේ වගන්ති ඇතුලු අත්‍යාවශ්‍ය වගන්ති 8 ක් පමණ සංශෝධනයට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටී.

    දැනට බලාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව වැඩිවියට පත්වීමෙන් පසු ඕනෑම ස්ත්‍රීයක විවාහ කර දීමට ඔවුන්ගේ දෙමාපියන්ට බලය ලැබී තිබේ.

    කෙසේවුවද, එම නීතිය සංශෝධනය කරමින් මුස්ලිම් ස්ත්‍රීයක් විවාහවීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස සඳහන් කිරීමට මේ අනුව කටයුතු යෙදෙන බව පැවසේ.

    එමෙන්ම දැනට පවතින නීතිය අනුව මුස්ලිම් කාන්තාවක් විවාහවීමේදී ඇයගේ අභිමතය අත්‍යාවශ්‍ය කරුණක් නොවන අතර අවසන් තීරණය ගැනීමේ බලය හිමිවන්නේ ඇයගේ පියා හෝ භාරකරුවන්ටය.

    කෙසේවෙතත් ඊට අදාල වගන්තිද සංශෝධනයට තීරණය කර ඇති අතර ඒ අනුව ස්ත්‍රීයක විවාහවීමේදී විවාහ ලේඛණයේ ඇයගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

    මෙම ප්‍රධාන සංශෝධන ඇතුලු අත්‍යාවශ්‍ය සංශෝධන 8 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සදහා කඩිනමින් අධිකරණ අමාත්‍යවරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවද ෆවුසි මහතා පැවසීය.

    අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා

    මේ අතර සමාජ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් සරූර් මහත්මිය පවසා සිටියේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බවයි.

    ඇය පුවත්පතකට මෙසේද සඳහන් කර තිබිණි.

    " මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඔවුන්ට ලැබිලා තියෙනවා. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනවා. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කරගන්න පුළුවන්. සියලු තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නීතිරීති හදන්නෙ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ පිරිමි විතරයි. ඉතින් ඒවා වෙනස් කරන්න ඕන.”


     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අපරාදෙ මම හිතං හිටියෙ සිංහලුන්ටත් මුස්ලිම් නීතියට සමාන නීතියක් ලාබා දෙන්න.:sorry:
    එතකොට සිංහලුන්ටත් හතරක් පුලුවං .:sorry:
    දැං ඔක්කොම ඉවරයි .:growl::growl::growl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය නීති ඔක්කොම අහෝසි කරලා හැමෝටම එක නීතියක් ගෙන්න පුළුවන් නාග දින්නොත් විතරයි.

    මුස්ලිම් නීතිය සංශෝදනය කරන එකෙන් වෙන්නේ එක තවදුරටත් රටේ මුල් බහින එක. කලින් හොරෙන් ගෙනාපු එක දැන් පළිගත්ත එකක් වගේ සංශෝදනය කරනවා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    I think Zahran fucked up their own society.. because of that idiot the rest of the Thambi's are suffering now. Fuck you Allah.. you can't save your own people.. yet calls himself the almighty, the one and only god... my foot