දරුවා ඔයාගේ උනාට ලෙඩා මගේ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    දරුවා ඔයාගේ උනාට ලෙඩා මගේ

    මම මුල්ලේරියාව රෝහලේ නේවාසික වෛද්‍ය වරයෙක් ලෙස සේවය කරන සමයේ උණු සිදුවීමක් ගැන ලියන්න හිතුන.

    මම එදා on-call හිටපු දවසක්.අවුරුදු 10 ක පොඩි දරුවෙක් ඇඩ්මිට් කරලා.බලන්න එන්න "ඩොක්ටර්.සර්පයෙක් කළා.ඉකමනට එන්න".මිසි කතා කලේ කලබලෙන්.විගහට දුවගෙන ගියා වාට්ටුවට.
    වාට්ටුවට කිට්ටු වෙනකොට ලොකු කලබලයක් හැඩයි.ලොකු පිරිසක් වාට්ටු ඉස්සරහ.සෙනග පිරගෙන වාට්ටුව අස්සට රිංග ගත්ත.ඩොක්ටර් පොඩි ළමයෙක්.පොලගෙක් ගහලලු.මිසි කලබලෙන් කිව්වා.
    "මහත්තයා,අපි ලෙඩාව වේද මහත්තයෙක් ගාවට ගෙනියනවා.දැම්ම ටිකට් කපල දෙන්න".ලෙඩා එක්ක ආපු මැර පෙනුමක් තියන තලතුනා පිරිමි කෙනෙක් කිව්වේ මගේ දිහා නුරුස්සන බැල්මක් දාගෙනමයි.

    මහා සෙනගක් ඇවිත් තිබ්බේ මේ ලෙඩා එක්ක ආපු අයද කොහෙද.
    පොඩ්ඩක් ඉන්න මහත්තයා දරුවා ඔයාගේ උනාට ලෙඩා මගේ.මරපු සරුපයත් ගෙනත් තිබ්බා.තිත් පොලගෙක්.දැක්ක ගමන් අදුර ගත්තේ අපේ campus එකේ සරුප පාඩම කල මැඩම්ට පින් දෙමින්.

    ලෙඩාගේ විදුරුමස් වලින් ලේ ගලනවා.දෂ්ඨ කරලා තියෙන්නේ කකුල.දළ පාරත් තිබ්බා.එතනිනුත් ලේ ගලනවා. දරුවා අපි කියන දේට ප්‍රතිචාර දක්වනවා.ඒ කියන්නේ ස්නායු ක්‍රියාකාරිත්වය හොදයි.
    ලේ සාම්පල ගත්තා පරීක්ෂණ වලට.
    විශේෂය වෛද්‍යවරයාගේ උපදෙස් මත ප්‍රති විෂ ඖෂධය ලබා දුන්නා.
    මුල් අවස්ථාවේදී අසාත්මික තත්වයක් ඇති උනත් එයටත් ප්‍රතිකාර ලබා දුන්නා.දරුවාගේ රුධිර කැටි ගැසීමේ තත්වයත් පාලනය උනා.වකුගඩු,ස්නායු අබාධ මුකුත් ඇති උනේ නැ.මාංශ පේශි වේදනාවන් තිබ්බත් ලොකු ගැටළුවක් තිබ්බේ නැ.
    ඔන්න අපහු ගෙදර ය ලොකු ගෝරියක.සර්ප වේද මහත්තයෙක් ගාවට ගෙනියන්න.
    දරුවාගේ තත්ත්ව පාලනය කලෙත් අමාරුවෙන්.කට්ටිය ලොකු වලියක් ගෙන බලෙන්ම ටිකට් කපාගෙන අරගෙන ගියා.මොනවා උනාද දන්නේ නෑ.හැබැයි ගැටළුවක් වෙලා නැතුව ඇති කියලා හිතෙනවා නිසි ප්‍රතිකාර ලැබුන නිසා.

    තිත් පොළගා ගැන කෙටියෙන්

    කදුකර ප්‍රදේශ හැර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකිය හැක.(1500m වැඩි උන්නතන්ශයකදී සර්පයන් දැකිය හැක්කේ කලාතුරකිනි.)
    මාරාන්තික විෂ සහිතයි.
    ක්ෂණික ප්‍රහාර එල්ල කරයි.
    වකුගඩු අකර්මන්‍ය වීමෙන්,ලේ කැටි ගැසීම දුර්වල වීමෙන්,ස්නායු අකර්මන්‍ය වීමෙන්,මාංශ පේශි වේදනාව රෝග ලක්ෂණ වේ.නිසි ප්‍රතිකාර නොලැබීමෙන් මරණය අත්වේ.

    රජයේ රෝහලක් වෙත ඔබ රෝගියා ගෙන යන්න.ප්‍රති විෂ ප්‍රතිකාරය නියත මරණය වලකයි.


    67378565_638134333349276_7224194833651335168_n.png

    67266495_638137946682248_2713794473459974144_n.jpg

    67301116_638139520015424_6940119056674455552_n.png

    67612197_638144293348280_5630263711974293504_n.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    නයි විශද සැර පොලඟගෙ විශද? ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකාර මොනාද? මේ ට්‍රැෆික් එකේ ලෙඩෙක්ව අරන් යනකොට මැරිලා තියෙයි.
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කාපු තැන undisturbed තියන්න.හොල්ලන්න,රෙදි පටි ගැට ගහන්න විස උරන්න එපා.රෝගියාට කාපු තැන සොලවන්න බැරි වෙන්න splint /පත්තුවක් වගේ බදින්න.එත් තද වෙන්න බදින්න එපා.
    පැනඩෝල් දෙන්න.වෙන මුකුත් එපා.මත්පන් දෙන්න එපා.
    රෝගියා හැකි තරම් සන්සුන් කරන්න.
    ඉක්මනට රෝහලට ගෙන එන්න.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,801
    113
    canada
    ප්‍රති-විෂ හොයා ගන්න කලින් ලෝකෙ සර්පයෝ හිටියේ නැද්ද?

    :rofl::rofl::rofl:
    සර්පයෝ හිටිය මිලියන ගානකට පෙර :rofl::rofl::rofl:. ගොඩ වෙදකම් කරාම සමහර වෙලාවට හරි ගිය. සමහර වෙලාවට මරුන.
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Thuwale tada nokara hodata saban dala hodanna. Mirikanna wisa uranna yanna epa. Sarpaya innwa nam sarpaya aragena ikmanata lagama hospital ekata yanna. Sinhala wedakama gana nam danne na. Et welawata hospital ekata giyot leda beranwa . Wadagatma de ledawa baya wena ksima deyak kranna epa. Eken ledage rudira ganagamana wadi wela wisa ikmanayama pathirenawa.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    දවසක් අපේ වත්තෙ ගැට පොළඟෙක්(තිත් පොළඟෙක්) හිටියා. මම තනියෙන් ඌව අල්ලලා බෝතලේකට දාන් අරන් ගිහින් කැළෑවකට මුදා හැරියා. අපේ ගෙවල් අහළ පහළ හිටපු නාකි හුත්තෙක් කියනවා මනුස්සයගෙ ජීවිතේද වටින්නෙ නැත්තම් සර්පයගෙ ජීවිතේද කියල. ඒ කියල උව මරල දාන්න කිව්වා. මට ඒ කැරි බල්ලව මරන්න හිතුන ඔක්කොටම ඉස්සෙල්ල. ආත්මාර්ථකාමී කැරි බල්ලො. අපි(මිනිස්සු) විතරක් ලෝකෙ ජීවත් වුණහම ඇති කියල හිතන්නෙ උන්.:(
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    නයි විශද සැර පොලඟගෙ විශද? ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකාර මොනාද? මේ ට්‍රැෆික් එකේ ලෙඩෙක්ව අරන් යනකොට මැරිලා තියෙයි.


    නයාලෙයි පොලගයෙි විෂ දෙවර්ගයක්... දෙකම බයානකයි
    ගලාගෙන යන වතුරෙන් තුවාලය හෝදල ලගම රෝහලට යන්න .... නැතිනම් බඩු බනිස් :yes:
     
    • Like
    Reactions: ruchira55

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නයෙක් දෂ්ඨ කලාම වැඩිපුරම බලපාන්නේ ස්නායු පද්ධතියට. පොළඟා විෂ බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියට.
    විද්‍යාත්මකව නයාගේ විෂ උග්‍රයි. නමුත් ලංකාවේ බහුලවම දෂ්ඨනයන් වාර්තා වෙන්නේ පොළඟාගේ.

    හැබැයි ගොඩ දෙනෙක් පොළඟා, කුණකටුව ( පොලොන් තෙලිස්සා ) පටල ගන්නවා.කුණකටුව මද විෂ ( තුරිත විෂ )

    1500 + උසින් සර්පයෝ නැහැ කිව්වට මම තුන්හිස්ගල කඳු මුදුනට කිට්ටුවෙන් කුනකටුවෙක් දැකල තියෙනවා. (තුන්හිස්ගල 1600 + m උසයි )
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113

    නයාලෙයි පොලගයෙි විෂ දෙවර්ගයක්... දෙකම බයානකයි
    ගලාගෙන යන වතුරෙන් තුවාලය හෝදල ලගම රෝහලට යන්න .... නැතිනම් බඩු බනිස් :yes:

    නයෙක් දෂ්ඨ කලාම වැඩිපුරම බලපාන්නේ ස්නායු පද්ධතියට. පොළඟා විෂ බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියට.
    විද්‍යාත්මකව නයාගේ විෂ උග්‍රයි. නමුත් ලංකාවේ බහුලවම දෂ්ඨනයන් වාර්තා වෙන්නේ පොළඟාගේ.

    හැබැයි ගොඩ දෙනෙක් පොළඟා, කුණකටුව ( පොලොන් තෙලිස්සා ) පටල ගන්නවා.කුණකටුව මද විෂ ( තුරිත විෂ )

    1500 + උසින් සර්පයෝ නැහැ කිව්වට මම තුන්හිස්ගල කඳු මුදුනට කිට්ටුවෙන් කුනකටුවෙක් දැකල තියෙනවා. (තුන්හිස්ගල 1600 + m උසයි )
    Thanks :cool::cool: