~ සුන්දර ඩ්‍රැචෙන්බර්ග් මන්දිරය ~
රයින් නදීබඩ සිහිල් සුළකට මුවා වී ඊට ඉහළින් දිලී වැජඹෙන සුන්දර ඩ්‍රැචෙන්බර්ග් මන්දිරය මෑත කාලීන ඉතිහාසයේ නිමවූ ගෘහ නිර්මාණ ශිල්පීය ආශ්චාර්‍යයකි. සූවස් ඇළ කැණිමෙහි තැරව්කරුවෙකු වී සුවිසල් ධනස්කන්දයක් ඉපැයූ ස්ටීවන් වොන් සාටර් සිය ජීවිතයේ අවසානභාගයෙහි සුඛෝපභෝගී නිදහස ගෙවනු වස් 1882 හි දී නිර්මාණය කිරිමෙහි කටයුතු ඇරඹ වසර දෙකකින් සම්පූර්ණ වැඩ කටයුතු නිමකර අවසන් කළා වූ මේ මනරම්, සුවිසල් මන්දිරයෙහි එක් රැයක් ගෙවා පහන් කිරීමට ඉඩ නොලැබී දරුමල්ලන් නොමැති අවිවාහක ජීවිතයේ අවසන් හුස්මපොද හෙළුයේ සිය මනරම් මැදුරට සැතපුම් ගණනාවක් එහා පැරීසි හොටල් කාමරයක දීය.
ඔහුගේ ඇවෑමෙන් නිසි උරුමකරුවෙකු නොවූ මෙම සුරගන මන්දිරය රජයට පවරා ගනු ලැබූ අතර පළමුව තාවකාලික කෞතුකාගාරයක් ලෙසත් ඉන්පසු කතෝලික නේවාසික පාසලක් ලෙසත් පවත්වාගෙන යනු ලදුව ඉන්පසු තෙවන ජර්මානු අධිරාජ්‍ය සමයෙහි 'ඇඩොල්ෆ් හිට්ලර් පිරිමි පාසල' නම් සුවිසල් පාසල් සංකීර්ණයක් ලෙස පවත්වාගෙන යනු ලැබීය. දෙවන ලෝක යුද්ධය අතරතුර ප්‍රත්‍යාසන්න කාලතුවක්කු හඩ හමුවෙ ඇමෙරිකානුවන් වෙත යටත් වූ ජර්මානු පාසල් දරුවන් පළවාහැරීමෙන් අහවර ඇමෙරිකානු යුධ හමුදා මූලස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් යුද්ධය අවසානයේ සියළුම සම්පත් කොල්ල කා ගැනිමෙන් පසු මන්දිරය ඔසවා යා නොහැකි බැවින් හුදෙකලා කොට දමාගොස් තිබියදී පසුකාලීන යාචක, අනාථ අසරණකාදීන්ගේ ගුබ්බෑයමක් බවට පත් වී තිබියදී උතුරු රයින්-වෙස්ට්ෆාලියාවෙන් මිලදී ගැනීමෙන් පසු ප්‍රතිසංස්කරණය කොට වර්තමානය වනවිට සංචාරක ආකර්ෂණයක් ලෙස ප්‍රවර්ධනය කොට ඇත.
රයින් නදිය ඉස්මත්තෙහිම දුප්පත් තානයම්පල්ලෙකුගෙ පුතුව ඉපදී ඒ නදීතෙර, උපන් මහගෙය පෙනෙන ඉසව්වේ මේ සුවිසල් මන්දිරය ගොඩනැගූ, නමුදු එහි දිනක් දිවිගෙවීමට නොහැකි වූ වොන් සාටර් නම් කලාකාමි ධනකුවේරයා මධ්‍යතන යුගයේ සන්නහයෙන් සැරසී අසුපිට තෙදවන් නයිට්වරයෙකු සේ දිලෙන තෙල් සිතුවමක් එහි වන අතර එහි සංචාරයෙහි නියුතු ඔබ එය නොබලා මන්දිරයට සමුනොදිය යුතු යැයි මම යෝජනා කරමි!