කොලෙස්ටරෝල් චෙක් කර ගත්තද?

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    කොලෙස්ටරෝල් චෙක් කර ගත්තද?

    විශේෂඥ වෛද්‍ය ශෙහාන් සිල්වා මෙම වෛද්‍ය සාකච්ජාවේදී සියලු කරුණු සාකච්ජා කරන අතර කොලෙස්ටරෝල් සම්බන්ධ ප්‍රමුක කරුණු පමණක් පහත දක්වා ඇත.



    කොලෙස්ටරෝල් යනු සෑම දේහ සෛලයක් තුලම දක්නට ලැබෙන වැදගත් ලිපිඩ ස්වරෑපයකි. කොලෙස්ටරෝල් දේහය තුල ප්‍රධාන කාර්යයන් ගණනාවක් සඳහාම වැදගත් වේ.


    • හොර්මෝන නිපදවීම සඳහා - ලිංග හොර්මෝන,ඇල්ඩෙස්ටරෝන්, කොර්ටිසෝන්
    • විටමින් D නිපදවීම
    • පිත (Bile) නිපදවීම -අක්මාව මඟින් කොලෙස්ටරෝල් භාවිත කරමින් මේද ජීර්ණය සහ විටමින් අවශෝෂණය සදහා වැදගත්වන පිත නිපදවනු ලබයි.
    • සෛලවල ප්ලාස්ම පටලයේ සංඝඨකයක් ලෙස වැදගත් වේ.

    දේහය තුල සිදුවන බොහොමයක් කෘත්‍යයන් සදහා අවශ්‍ය කොලෙස්ටරෝල් මිනිස් අක්මාව මඟින් නිපදවනු ලබයි. එමෙන්ම සමහර ආහාර ඔස්සේද දේහයට කොලෙස්ටරෝල් එකතු වීම සිදු වේ.

    රැධිරය ඔස්සේ කොලෙස්ටරෝල් පරිවහනය වනුයේ ප්‍රෝටීන සමග එක්වීමෙන් සැදුන ලිපෝප්‍රෝටීන අණු වශයෙනි. ලිපෝ-ප්‍රෝටීන වල අභ්‍යයන්තරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ලෙස හදුන්වන ලිපිඩ කාන්ඩයන් අන්තර්ගත වේ.

    LDL සහ HDL වශයෙන් කොලෙස්ටරෝල් අන්තර්ගත ප්‍රධාන ලිපෝප්‍රෝටීන ආකාර දෙකකි.

    LDL යනු රුධිරයේ පවතින අහිතකර කොලෙස්ටරෝල් ස්වරූපයයි. එමඟින් අක්මාවේ සිට කොල්සටරෝල් අවශ්‍ය වන දේහ සෛලයන් වෙත පරිවහනය කරනු ලබයි. අධික LDL මට්ටමක් පැවතීම මඟින් රැධිරවාහිනි තුල මේවා තැන්පත් වීමක් දැකිය හැකිය. මෙම ක්‍රියාවලිය මේද තැන්පත් වීම හෙවත් Atherogenesis ලෙස හදුන්වනු ලබන අතර එවා වර්ධනය විම මඟින් රුධිරවාහිනි අවහිර වි අවයව/පටක වලට පවතින ඔක්සිජන් සැපයුම අඩාළ වි අවයව අක්‍රීයවිම සිදු වේ.

    HDL යනු දේහයේ පවතින හිතකර කොලෙස්ටරෝල් ස්වරෑපයයි. එමඟින් දේහයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් නැවත පරිවහනය කිරිම මඟින් දේහයෙන් කොලෙස්ටරෝල් ඉවත්කිරිම සිදු කරනු ලබයි.



    දේහයේ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කරන්නේ කේසේද?

    පුද්ගලයකුගෙන් ගන්නා රුධිර සාම්පලයක් භාවිතයෙන් රුධිරයේ අඩංගු එක් එක් කොලෙස්ටරෝල්, ලිපිඩ අගයන් මැන බැලිම සිදු කරනු ලබයි. මෙම පරික්ෂාව සාමාන්‍යය වයාවහාරයේ කොලෙස්ටරෝල් පරික්ෂාව ලෙස හැදින්වුවද එහි නිවරදි නාමය වනුයේ ලිපිඩ පරික්ෂාව (Lipid profile ) යි.

    (පරික්ෂාව සිදු කිරිමට පෙර සාමාන්‍යයෙන් පුද්ගලයකු පැය 12 ක කාලයක් නිරාහාරව සිටිම වැදගත් වේ.)

    සාමාන්‍යයෙන් වයස අවු 20 ට වැඩි පුද්ගලයකු වසර 5කට වරක්වත් ලිපිඩ පරික්ෂාවක් කරගත යුතු අතර වයස අවු 35 වැඩි පිරිමි පුද්ගලයන් සහ වයස අවු 45 ට වැඩි කාන්තාවන් මෙම පරික්ෂාව පිළිබඳ වැඩි අවදානයක් යොමු කළ යුතුය.

    ලිපිඩ පරික්ෂාවකින් හදුනාගනු ලබන ප්‍රධාන නිර්ණායකයන් කිහිපයකි.


    • සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම (Total cholesterol)
    • LDL මට්ටම (අහිතකර කොලෙස්ටරෝල් මට්ටම)
    • HDL කොලෙස්ටරෝල් මට්ටම (හිතකර කොලෙස්ටරෝල් මට්ටම)
    • ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (ආහාරයෙන් ලබාගන්නා සහ දේහය තුල අන්තර්ගත ප්‍රධාන මේද ස්වරෑපය)

    ලිපිඩ පරික්ෂාවකින් ලැබෙන අගයන් පමණක් භාවිත කිරිම මඟින් පුද්ගලයකුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව නිගමනයකට එළබිම නුසුදුසු වේ. පුද්ගලයකු තුල පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටම තීරණය කිරිම සදහා වයස, වැළදි තිබෙන රෝග තත්වයන්, දේහ බර, දුම්පානය , අධිරුධිර පීඩනය වැනි සාධක සියල්ලද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතුය.

    ලිපිඩ පරික්ෂාවකින් එළඹිය හැකි නිගමන

    LDL


    ප්‍රමාණය අඩුවන තරමට දේහයට හිතකරය
    <130 mg/dl- ප්‍රශස්ත මට්ටම
    130-159 mg/dl - අවදානම් මට්ටම
    160-169 mg/dl - අධික LDL මට්ටම
    >190 mg/dl - ඉතා අධික LDL මට්ටම


    නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින අවධානම අනුව පවත්වාගත යුතු LDL මට්ටම වෙනස් වන බව සැලකිය යුතුය. උදාහරණ ලෙස හෘදයාබාධ සදහා ඉතා ඉහළ අවධානමක් පවතින පුද්ගලයන් සදහා LDL මට්ටම 70mg/dl අඩු අගයක පවත්වා ගැනිම සුදුසු වේ.

    HDL


    ප්‍රමාණය වැඩිවිමට සාපේක්ෂව අවදානම අඩු වේ.
    >60 mg/dl - පැවතිම සුදුසු වේ.
    40-59 mg/dl - සාමාන්‍යය ලෙස සැලකිය හැකිය.
    <40 mg/dl -අඩු මට්ටමක් ලෙස සලකනු ලබයි.

    සම්පුර්ණ කොලෙස්ටරෝල් මට්ටම


    සියළුම ලිපිඩ අන්තර්ගතයන් අඩංගු වේ.
    <200mg/dl - සාමාන්‍යය මට්ටම
    201-240mg/dl - අවදානම් මට්ටම
    >240mg/dl - අධික කොලෙස්ටරෝල් මට්ටම

    ට්‍රයිග්ලිසරයිඩ මට්ටම (Triglycerides level)


    ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩිවිමද හෘදයාබාධ සදහා වන අවධානම වැඩි කරනු ලබයි.
    <150 mg/dl - සාමාන්‍යය
    >150 mg/dl - අධික ට්‍රයිග්ලිසරයිඩ මට්ටමකි.




    කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගැනිම සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කවරේද?


    • ආහාර පුරැදු වෙනස් කිරිම : සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් අඩංගු ආහාර සීමා කිරිම.

    • දේහ ක්‍රියාකාරිත්වය නිසිපරිදි පවත්වා ගැනිම : දිනකට ප්‍රමාණවත් ලෙස ව්‍යායාමවල නිරත වීම.

    • කොලෙස්ටරෝල් මට්ටම අවම කරන ඖෂධ භාවිතය (වෛද්‍ය අනුමැතිය යටතේ)


    අධික කොලෙස්ටරෝල් පවතින පුද්ගලයින්ට දෙන උපදෙස?

    මරණයට වඩා භයානක අතුරු ආබාධ නැත. එම නිසා බොරු මිත්‍යාවන්ට නොරැවටී දීර්ඝ කාලීනව සහ නොවරදවා ඖෂධ ගැනීම මඟින් මරණය කල් දමා ගත හැකි ය.
     
    Last edited:

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Bro, You can control it. Please see a Doctor again. Also listen to this program. Hope it will motivate you. Don't give up life.. :yes::love:

    Thanks for your kind words, nigger. But my only wish is for quick death but some say that this shit can result in paralysis. I wish that shit on nobody bruh. Some kind-arse nigga better slit my throat if that happens to me, niggers
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    "මරණයට වඩා භයානක අතුරු ආබාධ නැත. එම නිසා බොරු මිත්‍යාවන්ට නොරැවටී දීර්ඝ කාලීනව සහ නොවරදවා ඖෂධ ගැනීම මඟින් මරණය කල් දමා ගත හැකි ය"


    :yes::yes::yes:
     
    • Like
    Reactions: Thilinacw

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    ල0කාවේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද? සි0හල බෙහෙත් වලින් හොඳ කරන්න පුලුන්වද
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    "මරණයට වඩා භයානක අතුරු ආබාධ නැත. එම නිසා බොරු මිත්‍යාවන්ට නොරැවටී දීර්ඝ කාලීනව සහ නොවරදවා ඖෂධ ගැනීම මඟින් මරණය කල් දමා ගත හැකි ය"


    :yes::yes::yes:


    :yes::yes::yes::yes::yes::yes:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,359
    612
    113
    Colombo
    ල0කාවේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද? සි0හල බෙහෙත් වලින් හොඳ කරන්න පුලුන්වද


    විශේෂඥ වෛද්‍ය ශෙහාන් සිල්වා තමයි මචං සාකච්ජාව කරන්නේ.. සිංහල බෙහෙතුත් තියෙනවා.. හොයල බැලුවොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි. කරපිංචා කැඳ, කරපිංචා සම්බෝල එහෙම ගුණයි කියල අහල තියෙනවා. :D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,125
    113
    විශේෂඥ වෛද්‍ය ශෙහාන් සිල්වා තමයි මචං සාකච්ජාව කරන්නේ.. සිංහල බෙහෙතුත් තියෙනවා.. හොයල බැලුවොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි. කරපිංචා කැඳ, කරපිංචා සම්බෝල එහෙම ගුණයි කියල අහල තියෙනවා. :D

    එල මචන් ගොඩක් ස්තූතියි!!! :love:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Kohomada bung check up ekata yanna ona , 12 hours noka inna olu neda hariyatama? I mean 15 minutes wath adu wadi nathuwa ?
     
    • Like
    Reactions: Thilinacw