ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි

    විදුලි පේනු සහ කෙවෙනි සඳහා මේ වෙද්දි ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වනවා. ඒ යටතේ ශ්‍රී ලංකාව තුල භාවිත කළ හැකි ප්‍රමිතිය ලෙස ඇම්පියර 13 කොටු හැඩයේ සිදුරු සහිත විදුලි කෙවෙනි සහ කොටු හැඩයේ කූරු සහිත විදුලි පේනු කාර්මික නොවන විදුලි රැහැන් පද්ධති සදහා භාවිත කිරීමට නිර්දේශ වුනා. මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැංවීම 2016 වර්ෂයේදී ආරම්භ වූ අතර එහි අවසාන අදියර ලෙස 2019 ජනවාරි 1 වනදා සිට රවුම් කූරු සහිත පේනු සහ කෙවෙනි වෙළඳපොළෙහි අලෙවි කිරීම ද තහනම් කළා. එසේම එතැන් සිට නියමිත ප්‍රමිතියට අනුකුල නොවන බහුවිධ කෙවෙනි, විදුලි දිගු හා යුනිවර්සල් ශොකට් අලෙවිය ද තහනම් වුණා.

    මෙම ප්‍රමිතිය ක්‍රියාත්මක වීමෙන් පසුව කාර්මික නොවන ක්ෂේත්‍රයේ (ගෘහස්ත වැනි) අවශ්‍යතාවලදී භාවිත වන බිත්තියේ ඇති කෙවෙනියද, විදුලි උපකරණයේ ඇති පේනුවද එකම වර්ගයක ඒවා බවට පත් වුනා. ඒ නිසා විවිධ වර්ගයේ පේනු සහ කෙවෙනි භාවිත කිරීම හේතුවෙන් සිදුවිය හැකි විදුලි අනතුරු වළක්වාගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම විවිධ වර්ගයේ පේනු සහ කෙවෙනි භාවිත කිරීමට සිදුවීමෙන් ඇති වු අපහසුතා ද මේ හේතුවෙන් ඉවත් වනවා. ඒ අනුව මෙම ක්‍රියාදාමයේ අවසාන ඉලක්කය වන්නේ රට තුල පිළිගත් ඒකීය වර්ගයක පේනු සහ කෙවෙනි භාවිත කිරීම සහ අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති වඩා ආරක්ෂාකාරී කර ගැනීමයි.

    ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි භාවිතයට මාරු විය යුත්තේ ඇයි ?

    රවුම් කූරු සහිත පේනු සහ කෙවෙනි මෙන්ම ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි ද 1980 සිට ශ්‍රී ලංකාවේ භාවිතා වෙමින් පැවතිණි. විවිධ වර්ගවල පේනු සහ කෙවෙනි භාවිතය අපහසු මෙන්ම අනාරක්ෂිතය. ජිවිත හා දේපල ආරක්ෂාව ඉතාම වැදගත් කාරණය වේ. භාවිතයේ පහසුව, තාක්ෂණික හේතු (ඇම්පියර් 5 සහ 15 පේනු සහ කෙවෙනි එකිනෙකට ඉතා හොඳින් සම්බන්ධ නොවීම, වැඩි ධාරාවක් ලබාගැනීමේදී පේනු සහ කෙවෙනි රත්වීම සහ ගිනිගැනීම) සහ සවිකිරීමේදී වැයවන මුදල යන ත්‍රිවිධ කරුණු සම්බන්ධයෙන් අනෙකුත් පේනු සහ කෙවෙනිවලට (ඇම්පියර් 5, ඇම්පියර් 15) වඩා ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි සුදුසු බව තහවුරු කර තිබේ. එමෙන්ම මේවනවිට තවත් රටවල් තිස් එකක් (31) මෙම ප්‍රමිතිය භාවිතා කරයි. එකම ප්‍රමිතියකට නොවන පේනු සහ කෙවෙනි එකිනෙකට නොගැලපීමෙන් සිදුවන විදුලි අනතුරු වළක්වා ගැනීම සදහා ඒකල ප්‍රමිතියක් හඳුන්වා දීමට අවශ්‍ය විය. එකම වර්ගයක පේනු සහ කෙවෙනි පමණක් භාවිතා කිරීම මගින් ශ්‍රී ලංකාව ජාතික ප්‍රමිතියකට මාරු වනු ඇත.. පේනු, කෙවෙනි, පරිවර්ථක, බහුවිධ කෙවෙනි මෙන්ම විදුලි දිගු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) තිබීම අනිවාර්ය වේ.

    මේ සඳහා කොපමණ මුදලක් වැයවේ ද?

    මේ සඳහා අමතර මුදලක් වැය නොවේ. අමතර අයවීමක් නොමැතිව නව විදුලි උපකරණ ඇම්පියර් 13 පේනු සහිතව මිලදී ගැනීමට හැකි වේ. නිවාස ඉදිකරන්නන් ඇම්පියර් 13 කෙවෙනි පමණක් බිත්තියේ සවි කරනු ඇත. නිවසේ ඇති පේනුවක් හෝ කෙවෙනියක් භාවිතයේදී කැඩී ගිය විට ඒ වෙනුවට ඇම්පියර් 13 පේනුවක් හෝ කෙවෙනියක් සවිකරගන්න.

    කෙවෙනි රැහැන්ගත කිරීම සදහා ප්‍රමිතිගත රැහැන් මොනවාද?

    BS 7671 ප්‍රමිතියට අනුව කෙවෙනි රැහැන්ගත කිරීමට වර්ග මි.මි 1.5 හෝ ඊට වැඩි ඝනකමක් සහිත රැහැන් භාවිතා කිරීම අනිවාර්ය වේ. මීට අඩු ඝනකමින් යුක්ත රැහැන් (1.044) භාවිතා කිරීම තහනම් වේ. සෑමවිටම නිපුනතාවයකින් යුක්ත විදුලි කාර්මිකයකුගේ සහය ලබාගැනීමෙන් ඔබගේ නිවස රැහැන්ගත කිරීමට වැයවන මුදල ඉතිරිකරගත හැකි අතර විදුලි ආරක්ෂාවද ඉහල නංවයි.

    නව ප්‍රමිතිය නිසා, දැනට නිවසේ සවිකර ඇති පැරැණි රවුම් හැඩයේ කෙවෙනි වෙනස් කිරීමට සිදුවෙනවා ද?

    දැනට භාවිත වන අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති හා ඒවාට සවිකර ඇති විදුලි කෙවෙනි කිසිවක් වෙනස් කල යුතු නැහැ. ඒවා භාවිත කල හැකි තාක් භාවිතයට ගත හැකියි. විශේෂයෙන් ම නිවාස වල වැඩි වශයෙන් භාවිත වුයේ ඇම්පියර් 5 (රවුම් කූරු) කෙවෙනි වර්ගයයි. ඒවායේ ආයු කාලය නිමාවන තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. මේ නව ප්‍රමිතිය බලපාන්නේ නව ඉදිකිරීම් සදහා. නව ඉදිකිරීම් වල විදුලි රැහැන් පද්ධති සදහායි.

    නිවසේ දැනටමත් සවිකර ඇති පැරැණි අභ්‍යන්තර රැහැන් පද්ධතිය නව ප්‍රමිතියට අනුකුලව වෙනස් කළ යුතුද?

    දැනට සවිකර ඇති අභ්‍යන්තර රැහැන් පද්ධති වල කිසිදු වෙනසක් කල යුතු නොවේ. ඒවා ඒ ආකාරයටම ඒවායේ ජීව කාලය දක්වා භාවිත කළ හැකියි. කෙසේ වෙතත් ඔබේ රැහැන් පද්ධතිය පැරැණි නම් සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගැනීම වැදගත් වේ. මෙමගින්, සෑම පද්ධතියක්ම නිසි ක්ෂුද්‍ර පරිපථ කඩනයක් (Miniature Circuit Breaker) හෝ විලයකයකින් (Fuse) ආරක්ෂා වී ඇති බව තහවුරු කරගත හැකිය.

    නිවසේ දැනට භාවිතා කරන විදුලි උපකරණ වල ඇති පේනු වෙනස් කළයුතුද?

    නැත; ඔබට ඒවා භාවිතා කළහැකිය. 2019 ජනවාරි 1 වනදා සිට වෙළඳපොළෙහි විකිණීමට ඇත්තේ හතරැස් කූරු සහිත පේනු සහ කෙවෙනි පමණි. දැනට භාවිතා කරන ඇම්පියර් 5 (රවුම් කූරු) පේනු සහිත විදුලි උපකරණයක් ඇම්පියර් 13 කෙවෙනියට සම්බන්ධ කරගැනීමට පරිවර්තකයක් (Converter) අවශ්‍ය වේ නම් මේ සඳහා නියමිත ප්‍රමිතියට අනුකුල පරිවර්තකයක් (Converter) භාවිතා කළ හැකිය. අනුමත එවැනි පරිවර්තක වෙළදපොලෙන් මිලදී ගත හැකියි

    නව විදුලි උපකරණයක් මිලදී ගැනීමේදී පේනු පිළිබඳව සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද?

    මෙහිදී ඔබේ නිවසේ බිත්තියේ සවිකර ඇති විදුලි කෙවෙනි වර්ගයට ගැලපෙන පේනු සහිත උපකරණ මිලදී ගැනීමට සිදුවෙනවා. කෙසේ වෙතත් මේ වසරේ සිට වෙළද පොලේදී ඔබට මිලදී ගත හැක්කේ කොටු හැඩයේ කූරු සහිත විලායකයකින් ද සමන්විත පේනු වර්ගය සහිත විදුලි උපකරණයි. ඒ නිසා ජාතික ප්‍රමිතියට අනුගත විදුලි පේනු සහිත විදුලි උපකරණ මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා.

    වායු සමීකරණයක් ඇම්පියර් 13 කෙවෙනියකට සම්බන්ධ කළහැකිද?

    18,000 btu/ h දක්වා ධාරිතාවයකින් යුත් වායු සමීකරණ සඳහා ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි භාවිතා කළහැකිය. ඊට වැඩි ධාරිතාවයක් සහිත වායු සමීකරණ සඳහා ද්විධ්‍රැව ස්විචයක් (double pole switch) හෝ ඇම්පියර් 20 ක්ෂුද්‍ර පරිපථ කඩනයක් (Miniature Circuit Breaker) හෝ ඇම්පියර් 20 වෙන්කූරුවක් (Isolator) භාවිතා කළ හැකිය.

    ඇම්පියර් 13 කෙවෙනියක් ඇම්පියර් 5 කෙවෙනි සඳහා සෑදු රැහැන් පරිපථයකට (circuit) සවි කිරීම ආරක්ෂිතද?

    නිවැරදි ප්‍රමිතියේ වයර් වලින් සමන්විත පද්ධතියක ඇති ඇම්පියර් 5 (කෙවෙනි) පරිපථයකට (circuit) ඇම්පියර් 13 කෙවෙනියක් සවිකිරීම කිසිවිටකත් අනාරක්ෂිත නොවේ. එහෙත් ඇතැම් විදුලි කාර්මිකයන් කෙවෙනි රැහැන් ගත කිරීම සදහා වර්ග මි.මි 1 (1.044) වයරය කාලාන්තරයක් තිස්සේ වැරැදි ලෙස භාවිතා කරති. එවැනි අවස්ථාවකදී ඇම්පියර් 13 කෙවිනියක් සවිකිරීම ආරක්ෂාකාරී නොවේ. එහෙත් රැහැන් පරිපථයකට (circuit) තවත් ආරක්ෂාකාරී උපක්‍රමයක් යොදා ඇත; එනම්, වයරයේ ආරක්ෂාව සදහා සුදුසු ක්ෂුද්‍ර පරිපථ කඩනයක් (Miniature Circuit Breaker) යොදා තිබීමයි. වැඩි ධාරිතාවක් ඉල්ලා තිබෙනවිට එමගින් පරිපථය ස්වයංක්‍රීයව බිඳි යයි (Off). එමෙන්ම ඇම්පියර් 5 කෙවෙනි සඳහා සෑදු රැහැන් පරිපථයකට (circuit) සවි කිරීම සඳහා ඉතා ඉක්මණින් විශේෂ කෙවෙනියක් (ඇම්පියර් 13 කෙවෙනියට පිටතින් සමාන) වෙළඳපොළට නිකුත් වීමට නියමිතය. වැරදීමකින් වැඩි ධාරිතාවක් සහිත උපකරණයක් සම්බන්ධ කිරීම එම උපක්‍රමය මගින් වැළකේ. මෙම කෙවෙනිය සාමාන්‍ය ඇම්පියර් 13 කෙවෙනි වලින් වෙන් කර හඳුනා ගැනීමට “6A Max” ලෙස සළකුණු කර ඇත.

    ට්‍රැවල් ඇඩප්ටර්, යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් භාවිතා කළහැකිද?

    සංචාරකයින් ට්‍රැවල් ඇඩප්ටර් භාවිතා කරයි. තවද, සංචාරක හෝටල් සඳහා ෂේවර් සොකට් අවශ්‍ය වේ. සංචාරක හෝටල් වැනි විශේෂිත අවස්ථා වල භාවිතය සඳහා පමණක්, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත විශේෂ ආනයන බලපත්‍රයක් මගින් මේවා ආනයනයට අවස්ථාව සළසා ඇත. කෙසේ වුවද, මෙම උපකරණ සදහා SLS ප්‍රමිතීන් අලුතින් හඳුන්වා දී ඇති හෙයින් නුදුරේදී එම ප්‍රමිතීන්ට අනුකූලව මෙම උපකරණ නිෂ්පාදනය සහ ගෙන්වා බෙදාහැරීමට හැකි වනු ඇත.

    2019 ජනවාරි 1 වනදායින් පසු ඇම්පියර් 13 හතරැස් කූරු පේනුව හැර වෙනත් වර්ගවල පේනු සහිත ඉතිරි වී ඇති විදුලි උපකරණ තොග විකිණිය හැකිද?

    එම විදුලි උපකරණ තොග විකිණිය නොහැක. 2019 ජනවාරි 1 වනදායින් පසු ඉතිරි වී ඇති විදුලි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීමට පෙර සුදුසුකම් සහිත විදුලි කාර්මිකයකු ලවා ඒවායේ ඇති පේනු ඉවත් කර ඇම්පියර් 13 හතරැස් කූරු සහිත පේනු සම්බන්ධ කිරීම උපක්‍රමයක් ලෙස යොදාගත හැකිය. කූරු 2ක් හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ විකිණීම තහනම් කර ඇත.
    මෙම පණිවිඩය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙනි.


    මේ සම්බන්ධ ඔබගේ ගැටළු වලට විසදුම් සදහා දුරකතන අංක +94-11-2392607 අමතන්න
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Machan Square pin 5Amp socket outlets enawa kiyala thibbata thawama market eke nehe neda. 1.044 wiring eka karala thiyenne, danna wenne itin 13Amp socket outlet thamai.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Machan Square pin 5Amp socket outlets enawa kiyala thibbata thawama market eke nehe neda. 1.044 wiring eka karala thiyenne, danna wenne itin 13Amp socket outlet thamai.
    Huta. Math ithin gedaratama damme multi socket outlet eka Kevilton wala thiyena. E unata ge wiring kare 1.044 walin ne. Ethakota 13 Amp ekata 1.044 galapenne nadda?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Huta. Math ithin gedaratama damme multi socket outlet eka Kevilton wala thiyena. E unata ge wiring kare 1.044 walin ne. Ethakota 13 Amp ekata 1.044 galapenne nadda?


    Mama ape electrical engineer kenekgen ahuwa oka, ape godak household items enne 5 Amp nisa 13 Amp ekak dala ekata plug kalata kamak nehe kiwwa. eth nodenuwathwa gahanna ida thiyanna epa kiwwa. godakma water heaters, AC walata ehema. neththan itin 1.5 wire danna ona mulu gedarama, viyadam wedi, anika denata already wire karala nisa araka thamai ekama option eka. plug karanna kalin plug eke gahala thiyenawada balana eka thamai karanna wenne. Orange eke thiyenna puluwan kiwwa 5Amp walata hadapu square ewath. mamath lagadi ganna inne. ethakota update ekak dennam.
     
    • Like
    Reactions: dilshan87