MIRACLE DOCTOR ඒලියන්ත වයිට්
“කිසිවකුත් මං ගැන බලන්නේ නැති වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඩොක්ටර් ඒලියන්ත වයිට් මහතා මුණගස්සලා මගේ පාදයේ ආබාධය සුව කරලා දුන්නා” යනුවෙන් යෝකර් රජු ලෙස හැඳින්වුණු සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග තම සමුගැනීමේ තරගයේදී මුළු ලෝකයටම ප්‍රකාශ කරමින් කීවේය.
වරක් ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තරගයක් අවසානයේදී ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා හැඳින්වූයේ ආශ්චර්යවත් වෛද්‍යවරයා වශයෙනි.
මෙම ආශ්චර්යවත් වෛද්‍යවරයා සොයා "ඉරිදා මව්බිම" ඔහුගේ නිවෙසටම ගියේය.
ඔහු වෛද්‍ය ඒලියන්ත ලින්ඩ්සේ වයිට්ය.
වෛද්‍යවරයකු ලෙස ඔබ ගැන කෙටි හැඳින්වීමක් සිදුකරමින් මෙම සංවාදයට මුලපුරමු කියලා මුලින්ම ආරාධනා කරනවා.
මේක මං විසින්ම සොයාගත් වෛද්‍ය ක්‍රමයක්. මට කුඩා කාලයේ සිටම විශ්වය සමඟ යම් බැඳීමක් තිබුණා. මේක මිනිසා බිහි වෙනවා සමඟත් ආපු වෛද්‍ය ක්‍රමයක්. මේක “රාවණා” යුගයට කලින් ආපු වෛද්‍ය ක්‍රමයක්ද කියලා යමකු ඇසුවොත් ඊටත් වඩා පරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ. මේ වෛද්‍ය ක්‍රමයෙන් අපි කියන්නේ නාඩි ඇල්ලීමෙන්. නාඩි ඇල්ලීමෙන් කෙනකුගේ ජීවිත කාලයම කියන්න පුළුවන්. ලෝකයේ වේගවත්ම ස්කෑන් ක්‍රමයක් වශයෙන් නාඩි කියැවීමෙන් ලබාගන්නා තොරතුරු හඳුනාගන්න පුළුවන්.
යම් පුද්ගලයකුගේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව නාඩි ඇල්ලීමෙන් ඔබට දැනෙන්නේ කොහොමද?
නාඩි අල්ලන විට ඊට අදාළව විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා. ක්ෂණිකව කනට ශබ්ද තරංගයෙන් රෝග විනිශ්චය ලබා දෙනවා.
ඒක තවදුරටත් උදාහරණයක් මඟින් පැහැදිලි කරන්න පුළුවන්ද?
ප්‍රධාන නාඩි ස්ථාන ඇල්ලුවාම එම නාඩි ස්ථානය සමඟ මගේ සිතට සිතුවිලි එනවා. ඒක දැනෙන්නේ මට විතරයි. මට ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැහැ. මගෙන් පස්සේ මේ වෛද්‍ය ක්‍රමය මගේ දුවටයි පුතාටයි පුරුදු කරගෙන යනවා.
රෝගය විනිශ්චය කිරීමෙන් පසුව ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඔෟෂධ මොනවාද?
ඔෟෂධ සොයාගැනීම තමයි මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ. ඔෟෂධ සොයගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව මේ සම්බන්ධයෙන් අපේ රටට උදවු කරනවා. මේක පුරාණ කාලයෙන් සොයාගත් බෙහෙත් වට්ටෝරුවක් අනුවයි අප ක්‍රියා කරන්නේ. මෙම ඔෟෂධ තියෙන්නේ ඉන්දියාවේ හිමාලය කඳුවැටි ආශ්‍රිතවයි. බොහෝ දුෂ්කර වන්නේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව තිබෙන ඔෟෂධ වර්ගවල නම තෝරාගැනීමයි.
එදා මේ කොළ වර්ගවලට මොනවද කිව්වේ. මේ වෙනකොට මේ කොළ වර්ග හඳුනාගන්න නවීන තාක්ෂණයත් උපයෝගී කරගන්නවා. හිමාලයෙන් මෙම ඔෟෂධ හොයාගෙන ගෙන්වන ඉන්දියානු ජාතිකයන් ඉන්නවා. මේවා අති දුර්ලභ ඔෟෂධ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මං දැනට වැඩ කරන්නේ අපේ රට වගේ 62 ගුණයක් විශාල ඉන්දියාවේ.මේ වනවිට ඔෟෂධවලට සංකේතයක් යොදලා තියෙනවා. එම සංකේත මාර්ගයෙන් තමයි මේ ඔෟෂධ පැළෑටි එකතු කරන්නන් හරහා මේවා එකතු කරගන්නේ.
ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව මෙම ඔෟෂධ පැළෑටි සොයාගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා නේද?
ඔව්. විශාල මුදලක් වැය වෙනවා. නමුත් කවදාවත් මං ප්‍රතිකාර කරන කිසිදු රෝගියකුගෙන් මුදල් අරගෙනත් නැහැ. අරගන්නෙත් නැහැ. ඉන්දියාවේ විශාල ව්‍යාපාරිකයන් ඉන්නවා. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පවුල්වල රෝගීන්ට මං ප්‍රතිකාර කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරිකයන් විසින් අහිංසක නැති බැරි ජනතාවටත් මේ ඔෟෂධ ලබාදීමෙන් උදවු කරනවා.
එතකොට අපේ රටේ ජනතාවට බෙහෙත් කරන්නේ කොහොමද?
ඉන්දියාවේ මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන ඔෟෂධවලින් තමයි මෙරට යම් පිරිසකට නොමිලේ ප්‍රතිකාර කරන්න හැකි වෙලා තියෙන්නේ. මේක මුදලට කරන්න ගියා නම් මේ ප්‍රතිකාර ක්‍රමය මෙහෙම කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මුදල් තියෙන කෙනකුට වුවත් මේ ප්‍රතිකාරය කරන්නේ නොමිලේ. නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රමය මට පිහිටන්නේ නැහැ.
මිනිසකුට හැදෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව ඔබට තිබෙනවාද?
ඔව්. මට ඒ හැකියාව තියෙනවා. මෙම ඔෟෂධවලට මගේ ආශීර්වාදය ලබාදුන් විට ඒ දෙකේම සංකලනයෙන්, බලයෙන් ප්‍රතිකාර කරලා මට රෝග සුවකිරීමේ හැකියාව තියෙනවා. වචනවලින් එම ඔෟෂධවලට බලය ලබාදුන් වහාම එම ඔෟෂධ ඉතා බලවත් වෙනවා. වතුර පිරිත් කළාම පිරිත් පැන් ඉතා බලවත් බව අමුතුවෙන් කියන්න ඕන වන්නේ නැහැ. ඒ රෝගය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය වාර ගණන ආශීර්වාද කරගන්නවා.
ඔබ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ බිරිය මඟින් ශිරන්ති රාජපක්ෂ මැතිනිය හඳුනාගැනීමට ලැබෙනවා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුනාගන්න ලැබෙනවා. 2004 වර්ෂයේදී තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වන්නේ.
ඔබගේ වෛද්‍ය ක්‍රමය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැක්වූයේ කුමන ප්‍රතිචාරයක්ද?
අන්න ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේක හරි විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාට තේරුම් කරලා දෙන්න බැරිවුණා නම් මට ඉන්න වෙන්නේ මානසික රෝහලක. මං මුණගැහුණාට පසුව මාව පරීක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මගෙන් ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ටම මං දන්නා විදියට පිළිතුරු ලබාදුන්නා. එම පිළිතුරුවලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑහීමකට පත්වුණා. මේක මේ විදියට සාර්ථක වෙනවානම් අති විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වේවි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා. ඒක මං පසුගිය අවුරුදු කිහිපය තුළ රට වෙනුවෙන් සිදුකර පෙන්නුවා.
ඔබ මහින්ද රාජපක්ෂ මහතාට වැඩි හිතවත්කමක් දක්වනවා වගේ.
නැහැ. එහෙම නැහැ. මට දේශපාලන භේදයක් නැහැ. මං විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ටත් බෙහෙත් සිදුකරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා තරම් හිත උණුවෙන පුද්ගලයකු මට තවමත් මේ ලෝකයේ කිසිම රටකදී හමුවෙලා නැහැ. දැනට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් 9 දෙනකුගේ ප්‍රධාන වෛද්‍යවරයා වශයෙන් මම ක්‍රියා කරනවා. ආරක්ෂක හේතු මත නම් කියන්න බැහැ. අනෙක් වෛද්‍යවරුන්ට වඩා වේගවත්ව මට ලෙඩේ හඳුනාගෙන සුව කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ රටවල් 9 රාජ්‍ය නායකයන්ට සුළු අසනීපයක් හැදුණත් මට තමයි කතා කරන්නේ. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මං තවම කටයුතු කරනවා. කරු ජයසූරිය කතානායකවරයා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මගෙන් ප්‍රතිකාර ලබාගන්නවා.
රාජ්‍ය නායකයන් සමඟ ඔබ කටයුතු කරන කොට අත්දැකීම් මොන වගේද?
මම හැමදාම රාජ්‍ය නායකයන් සමඟ කටයුතු කරන්නේ දැනෙන රස්නයෙන්. ගොඩක්ම ළං වෙන්නේ නැහැ. හුඟක් අෑත් වෙන්නේත් නැහැ.
පසුගියදා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත් සුපිරි වේගපන්දු ක්‍රීඩක, යෝකර් රජු ලෙසින් හැඳින්වෙන ලසිත් මාලිංග සමුගන්නා අවස්ථාවේදී ඔබ ගැන විශේෂ සඳහනක් කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් 2008 වසරේදී ඔහුගේ පාදයේ ආබාධය සුව කළේ ඔබ කියලා. මොකද්ද මේ කතාව?
මාලිංග එදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කරපු කතාවට මං ඔහුට ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැහැ මාලිංග කරපු කතාව. මාලිංගගේ පාදයක දණහිසේ අමාරුවක් තිබුණා. අවුරුදු 11කට පෙර සිදුවූ සිදුවීම මාලිංගට මතකයි. අන්න ඒ මුල අමතක නොකිරීමයි ඉතාම වැදගත් වන්නේ.
ඇත්තටම මාලිංගගේ පාදයට මොකද්ද වෙලා තිබුණේ?
සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 150කට අධික වේගයෙන් පන්දු යවන පන්දු යවන්නන්ට මෙවැනි පාදයේ ආබාධ ඇති වෙනවා. නමුත් ලෝකයේ කිසිම වෛද්‍යවරයකුට මාලිංගගේ පාදයේ ආබාධය සුව කරන්න බැරිවුණා. මාලිංගගේ පාදයේ ආබාධය ඇතිවෙලා තිබුණේ මං හිතන්නේ වම් පාදයේ තමයි. දණහිසේ ඇති වූ ආබාධය හේතුවෙන් මාලිංග හිටියේ දැඩි වේදනාවකින්. ඔහුට සමහර වෙලාවට ඇවිදගන්නත් බැහැ. පඩිපෙළක් නඟින්නත් බැහැ. ඵහෙම කෙනෙක් කොහොමද යළි වේගපන්දු යවන්නේ.
විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් මොන වගේ දෙයක්ද මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් කියලා තිබුණේ?
ඕස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් යංග් මහතා තමයි අස්ථි සම්බන්ධයෙන් ලෝකයේම නමක් දිනාගෙන සිටින විශේෂඥ වෛද්‍යවරයා. අස්ථි ආබාධයට ලක්වූ ලෝකයේ ක්‍රීඩකයන් බොහෝදෙනකු යන්නේ ඩේවිඩ් යංග් වෛද්‍යවරයා ළඟට. ඔහු මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් මෙහෙම දෙයක් තමයි කියලා තිබුණේ.
මාලිංගගේ පාදයට සිදුවූ ආබාධය ලෝකයේ ක්‍රීඩකයන් තුන්දෙනාටයි හැදිලා තියෙන්නේ. ඒ තුන්දෙනාම දැන් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා. ඔයා තමයි හතරවැනියා කියලා තමයි ඩේවිඩ් යංග් වෛද්‍යවරයා මාලිංගට කියලා තියෙන්නේ.
මාලිංගගේ දණහිසේ ආබාධය එතරම් හානි කරද?
ඔව්, ඉතාම බරපතළ තත්ත්වයක් තිබුණේ. දරාගන්න බැරි වේදනාවක් නිතරම මාලිංගට තිබුණා. දණහිසක් අලුතෙන් දාලා හැදුවොත් මාලිංගට ඇවිදින්න පුළුවන් වෙයි. නමුත් පැයකට සැතපුම් 150ක වේගය ඉක්මවා පන්දු යවන්න නම් බැරිවෙයි. ඒක තමයි මාලිංග කිව්වේ කවුරුත් මා ගැන නොබලන අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත්වෙලා මට කියලා මේ අසනීපය ගැන මාව දැනුවත් කළා කියලා මාලිංග කිව්වේ ඒ නිසයි. මාලිංගගේ ඒ කළගුණ දැක්වීම මුළු රටටම ආදර්ශයක්.
මාලිංගගේ පාදයේ ආබාධය සුවකිරීමට ඔබ මැදිහත්වූ ආකාරය ගැන දැනගන්න කැමැතියි.
2008 වර්ෂයේ එක්තරා දිනෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවෙන්න මං අරලියගහ මන්දිරයට ගියා. එතකොට වේලාව රාත්‍රි 11ට විතර ඇති. ඒ වෙලාවේ ජනාධිපතිතුමා එක්ක රාත්‍රි ආහාරය ගත්තා. වැඩ වැඩි නිසා එදා ජනාධිපතිතුමා රාත්‍රි ආහාරය ගත්තේ ටිකක් ප්‍රමාද වෙලා.
අපි කෑම කන ගමන් ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ආවා. ඒ පුතා කිව්වා “තාත්තේ දන්නවාද ලසිත් මාලිංගට ආපහු ක්‍රිකට් ගහන්න බැරි තරමටම ඔහුගේ පාදය ආබාධයකට ලක්වෙලා. මාලිංගට ආපහු ක්‍රිකට් ගහන්න එපා කියලා ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා කියලා යෝෂිත කිව්වා.
එතකොට ඇතිවුණු සිද්ධිය මට තාම මතකයි. මේ කතාව ඇහුණු ගමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනපු බත්කට කන්නේ නැතුව එහෙමම පිඟානේ තියලා අත හෝදගත්තා. යෝෂිතගේ කතාව අහලා ජනාධිපතිතුමා දැඩි කනස්සල්ලකට පත්වුණා. මේක ඇත්තම සිද්ධියක්. ඒ වෙලාවේ ජනාධිපතිතුමාගේ හැසිරීම මට තාමත් මතකයි.
මේ ගැන ඔබට මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මොනවාද?
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෑම කන එක එහෙම්ම නතර කරලා මගෙන් ඇහුවේ ඒලියන්ත, ඔයාට මාලිංගට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා සර් මාලිංගගේ කකුල බලන්නේ නැතුව මට හරි දෙයක් කියන්න අමාරුයි කියලා.
ඒ වෙලාවේම මාලිංග සම්බන්ධ කරගන්න ජනාධිපතිතුමා උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. කොහොම හරි ඊට පහුවෙනිදා හවස මාලිංගට අරලියගහ මන්දිරයට එන්න කියලා ජනාධිපතිතුමා පණිවුඩයක් යැව්වා. සවස 4ට මටත් එන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.
ඊට පසුදින අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා සහ මාලිංග හා මා එකට හමුවුණා. මාලිංගගෙන් කකුල ගැන සේරම විස්තර අහගත්තා. ඊට පස්සේ මං කකුල බැලුවා. එතකොට ජනාධිපතිතුමා ඇහුවා කකුල හොඳ කරන්න කොච්චර කාලයක් යාවිද කියලා. මං එතකොට මාලිංගගේ නාඩි බැලුවා. නාඩි බලලා මං කිව්වා මට දවස් 5ක් දෙන්න කියලා. මං කිව්වා දවස් 5න් මාලිංගගේ කකුල හොඳ කරනවා කියලා. එතකොට මාලිංග පුදුමයෙන් වගේ මං දිහා බැලුවා. මොකද මාලිංග දන්නවා පාදයේ තිබෙන ආබාධයේ බරපතළකම.
කොහොම හරි මං දවස් 3 2/1න් පාදය සුවකළා. දවස් 5ක් වෙනකොට මාලිංගට හොඳටම සුවයි.
ප්‍රතිකාර කළේ කොහොමද?
මාලිංගගේ නාඩි ඇල්ලුවාම මට තේරුණා ඔහුට ලබාදිය යුතු ඔෟෂධ හා ආශීර්වාදය මොකද්ද කියලා. ඒ අනුව ඔෟෂධ ලබාදීම හා ආශීර්වාදය සිදුකළේ මට විශ්වයෙන් ලැබෙන ශක්තියක් උපයෝගී කරගනිමින්.
ප්‍රතිකාර කළේ කොහේදීද?
ඒ වෙලාවේ යම් සුළු ප්‍රතිකාරයක් කළා. ඉතිරි දින 5 ප්‍රතිකාර කළේ මාලිංගගේ නිවෙසේදී.
ඔබගේ ප්‍රතිකාරවලින් පසුව මාලිංගගේ පාදයේ ආබාධය මුළුමනින්ම සුව වූ බවට වෛද්‍ය සහතිකය ලබාගත්තාද?
ඔව්. වෛද්‍ය සහතිකයක් නැතුව ආපසු ක්‍රීඩා කරන්න බැහැ. ප්‍රතිකාරවලින් පසුව පාදයේ ස්කෑන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකළා. එම පරීක්ෂණවලින් මාලිංගට සුව වී තිබෙන බව සනාථ වුණා. මාලිංගට කාටත් වඩා හොඳට පාදය සුව වී තිබෙන බව ඉතා හොඳින්ම දැනුණා. වසර 11ක් වෙනවා, මාලිංගගේ එම පාදයට කිසිදු ආබාධයක් පැමිණියේ නැහැ. මාලිංගගේ පාදය 100%ක්ම සනීපයි කියලා බටහිර වෛද්‍යවරුන් සිය පරීක්ෂණ මඟින් තහවුරු කළා.
2015දී මාලිංගගේ අනෙක් පාදයේත් ආබාධයක් ආවා. එම ආබාධයත් මං දවස් දෙකෙන් තුනෙන් හොඳ කරලා දුන්නා.
ලසිත් මාලිංගගේ පාදයේ දණහිසට ඔබේ ප්‍රතිකාරවලින් කුමක්ද වුණේ? දණහිසේ තිබෙන කට්ටේ ගෙවීම සුව කළාද?
මට ඒක මේ වෙලාවේ හරියටම පැහැදිලි කරලා කියන්න බැහැ. දණහිසේ කට්ටේ ගෙවීමක් තිබුණේ. ඒ ගෙවීම නිසා දණහිසේ කටුදෙක එකට ගැටෙනවා. ජෙල් එකක් හිඳිලා. දණහිසේ කට්ට ගෙවිලා. සමහර තැන්වල කෑලි කැඩිලා තිබුණේ. මං සුවකරපු පළමු ක්‍රීඩකයා ලසිත් මාලිංග. ලෝකයේ අනෙකුත් ක්‍රීඩකයන් මං ගැන දැනගත්තේ් ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය සුව කළ වෛද්‍යවරයා වශයෙන්.
ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් මං ගැන දැනගත්තේ් ලසිත් මාලිංගගෙන්. මොකද මාලිංගගේ පාදයේ ආබාධය සුව කරන්න බැරිවීම කියන කාරණයට ලෝක ප්‍රසිද්ධියක් ලැබී තිබුණේ. එහෙම හිටපු මාලිංග දින 5න් සම්පූර්ණයෙන්ම සුවය ලබානවා නම් ඒකත් ලෝකයේ බොහෝදෙනකුගේ අවධානයට ලක්වන කරුණක්.
ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට ඔබෙන් ප්‍රතිකාර ලබාගැනීමට මඟ පෑදෙන්නේ කොහොමද?
ලසිත් මාලිංග ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වුණා. මෙහිදී සචින්, මාලිංගගෙන් අහලා තියෙනවා, සුව කරගන්න බැරිව හිටිය පාදය සුවකරගත්තේ කොහොමද කියලා. එතකොට මාලිංග මං ගැන කියලා තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැනත් කියලා තියෙනවා.
සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය මොන වගේ එකක්ද?
සචින් තෙන්දුල්කාර්ට වැඩි වේලාවක් පිටියේ රැඳී ඉන්න බැහැ. ඔහුට කොන්දේ හා මස්පිඬුවල ආබාධයක් තිබුණා. සාමාන්‍යයෙන් සචින් පන්දුවට පහර දෙන විට ඕවර් 10ක් 15ක් යනකොට ඔහු වෙනුවට දුවන්න පුළුවන් ආදේශකයෙක් කැඳවනවා. මේක සචින්ට මානසිකව වදදුන් විශාල පීඩනයක්. ඒ නිසා සචින්ට පුළුවන් වුණා මට කියලා කෙසේ හෝ ඔහුගේ මස් පිඬුවල ආබාධය සුවකරගන්න.
සචින් තෙන්දුල්කාර් ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද?
මේක වුණේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරයි. මේ කාරණය සචින් තෙන්දුල්කාර් විසින් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ප්‍රකාශ කරලා තිබුණා.
එක් දවසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ කාරණය දන්වලා තිබුණා. ඊට පස්සේ දවසක මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා උදේ වරුවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දුරකථනයෙන් කතාකරලා තියෙනවා. මන්මෝහන් සිං මහතා අහලා තියෙන්නේ සචින් තෙන්දුල්කාර්ව එවන්න ද කියලයි. අපේ ජනාධිපතිතුමා ඕන වෙලාවක එවන්න කියලා තියෙනවා. ඊට පස්සේ පැය 4 1/2ක් විතර යනකොට මුම්බායිවල ඉඳලා පෞද්ගලික ගුවන් යානයකින් සචින් තෙන්දුල්කාර් ඇතුළු ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු පැමිනුණා.
සචින් තෙන්දුල්කාර්ට ප්‍රතිකාර කිරීම සිදුවුණේ කොහොමද?
සචින් ආවේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටයි. සචින්ගේ නාඩි බලලා මං ආශීර්වාද කළා. ඒ වගේම බෙහෙත් දුන්නා. මට තවම මතකයි සචින් ජනාධිපතිතුමා ඉදිරිපිට බෙහෙත් බිව්වේ සෙරෙප්පු දෙක ගලවලා. ඒ අවස්ථාවේදී මං මගේ උපරිමය පාවිච්චි කළා. සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය සුව කිරීමට මට ගියේ පැය 2 1/2යි. මුළු ලෝකයෙන්ම සනීප කරන්න බැහැ කිව්ව සචින් තෙන්දුල්කාර් සනීප කරන්න ලැබීම මා ලද භාග්‍යයක්. එසේම එය ශ්‍රී ලංකාවට ගෞරවයක්. ඒ ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.
තමන්ගේ කකුල පැය දෙකහමාරෙන් පස්සේ සුව කිරීම ගැන සචින් තෙන්දුල්කාර් මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වූයේ?
සචින්ගේ ආබාධය මුළුමනින්ම සුව වෙලා දින 5කට පමණ පසුව සචින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ඉන්දියාව වෙනුවෙන් සහභාගි වුණා. සචින් නොදැවී ලකුණු 200ක් ලබාගෙන ලෝක වාර්තාවක්ද තැබුවා. එතකොට සචින් ඕවර් 50ක් පිටියේ පන්දු රැකලා. තව පැත්තකින් නොදැවී ලකුණු 200ක් ගහලා. තරගයෙන් පසුව මාධ්‍යවේදීන් සචින්ගේ ආබාධය ගැන ඇහුවා. ඔහු මං ගැන කියලා කිව්වා මං තමයි ඔහුව සුවපත් කළේ කියලා. මේ කතාව සජීවීව මුළු ලෝකයටම ගියා.
සචින් එදා ක්‍රීඩාංගණයේ ඉඳලා මට කියලා කරපු හඳුන්වාදීම නිසා මුළු ඉන්දියාවේ ඉන්න ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, දේශපාලන නායකයන් ඇතුළු බොහෝදෙනකු මං ගැන විපරම් කරන්නට පටන් ගත්තා. සචින් තෙන්දුල්කාර් එතකොට ලෝකයේ අංක 1 පිතිකරු. ඔහු මා ගැන කළ ප්‍රකාශයට මුළු ලෝකයේම අවධානයක් යොමුවුණා. ඉන්පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධ සුව කිරීමේ රාජකාරිය මට පැවරිලා තියෙන්නේ. මීට අමතරව අවුරුදු 11ක්ම ධ්ර්ථීඹ් ඉන්දීය ෆ්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේත් වෛද්‍යවරයකු ලෙස මං සේවය කරනවා. මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා වශයෙන් තමයි මං දැන් කටයුතු කරන්නේ.
සචින් තෙන්දුල්කාර් තවමත් ඔබ සමඟ සම්බන්ධතා පවත්වනවාද?
ඔව්. මං දැන් සචින්ගේ පවුලේ වෛද්‍යවරයා වගේ වෙලා. ළඟදිත් සචින්ගේ පුතාගේ ආබාධයකට ඉන්දියාවේ ගෙදරදී ප්‍රතිකාර කළා. 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සචින් තෙන්දුල්කාර්ගේ පුතා අර්ජුන් තෙන්දුල්කාර්. ඔහුගේ තිබුණු බරපතළ කොන්දේ ආබාධයකට මං ප්‍රතිකාර කළා. දැන් ඔහුට සුවයි. ඔහුත් සචින් වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි.
ආබාධය සුව කිරීම සම්බන්ධයෙන් සචින් තෙන්දුල්කාර් මොනවද ඔබට විශේෂයෙන්ම කිව්වේ?
මං සචින් විසින් මුළු ලෝකයටම හඳුන්වා දුන්නා. ඔහු මට කිව්වේ ඩොක්ටර් ස්තුති කරන්න වචන නැහැ කියලයි. ඒ වගේම සචින් තෙන්දුල්කාර් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ස්තුති කළා. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආචාර කරලා ඔහුගේ උපරිම ගෞරවය දැක්වූවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සචින්ගේ තියෙන්නේ පුදුම ආදරයක්. තාමත් ඔහු මාව මුණගැහුණාම මට කියනවා දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව සම්බන්ධ කරලා දෙන්න කියලා. අසනීපයක් වුණාම මං බෙහෙත් දෙනකොට සචින් තෙන්දුල්කාර් තවමත් බෙහෙත් බොන්නේ ශ්‍රී ලංකාව දිහා බලාගෙන. එහෙම කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරනු ලබන ගෞරවයක් වශයෙන්. දවසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සචින් තෙන්දුල්කාර්ට කිව්වා, සචින් බෙහෙත් බොනකොට ශ්‍රී ලංකාව දිහා බලාගෙන බොන්න කියලා. තවමත් සචින් ඒ උපදෙස් අනුගමනය කරනවා.
ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය සුව කළාට සචින් ඒ ගැන ස්තුති කරලා ඔහු අස්සන් කරපු ගෞරව සහතිකයක් මට දුන්නා.
සචින් මුළු ඉන්දියාවම පිළිගන්න විශේෂ පුද්ගලයෙක්. ඒ අවස්ථාව ඉන්දීය රජයෙන් හිමිකරලා දීලා තියෙන්නේ සචින් ඇතුළු විශේෂ පුද්ගලයන් 6 දෙනකුට පමණයි. එම තනතුරේ ඉඳගෙනයි සචින් මට මේ ගෞරව සහතිකය ලබාදුන්නේ. ඔහු එවැනි ගෞරව සහතිකයක් මට හැර වෙන කෙනකුට දීලා නැහැ කියලා සචින් තෙන්දුල්කාර් මට කිව්වා.
ලසිත් මාලිංග වගේම සචින් තෙන්දුල්කාර් මට කිව්වේ ඔහුට අමාරුම අවස්ථාවේදී මට පිහිට වුණා කියලා. සචින් තෙන්දුල්කාර්ට මුළු ඉන්දියාවම ආදරෙයි. අදටත් මිනිස්සු සචින්ට මල් තියලා වඳිනවා. මල් තියලා වැඳුම් පිදුම් ලබන වෙනත් ක්‍රීඩකයකු ගැන මං තවම අහලා නැහැ.
ඒ වගේම සචින් මට කියපු තවත් දෙයක් තමයි, ඔහු මට දීපු ගෞරව සහතිකය ගැන. ඒ සහතිකය වැරැදි පුද්ගලයකුට ලබාදුන්නොත් ඉන්දීය රජය සචින් තෙන්දුල්කාර්ට ලබාදී තිබෙන ගෞරව නාමය නැතිවෙනවා කියලත් මට කිව්වා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද සචින් තෙන්දුල්කාර්ට මා ගැන තියෙන්නේ කොපමණ විශ්වාසයක්ද කොපමණ ගෞරවයක්ද කියලා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. කළගුණ සැලකීම අතින් ඉන්දියාව බොහොම ඉදිරියෙන් ඉන්නේ.
තව දෙයක් කියන්න ඕන, මේ ළඟදී සචින් තෙන්දුල්කාර් මහින්ද රාජපක්ෂ මැතිතුමාට කිව්වා සර් නැත්නම් මගේ ක්‍රිකට් ජීවිතය අවසන් වෙලා. මට කලින්ම විශ්‍රාම ගන්න වෙන්නේ. ලෝක වාර්තා අතරට යන්න වෙන්නෙත් නැහැ කියලා. මහින්ද රාජපකෂ ජනාධිපතිතුමාට කරන ගෞරවයක් වශයෙන් සචින් තෙන්දුල්කාර් එම බෙහෙත් බොන්නේ ශ්‍රී ලංකාව දිහා බලාගෙන. ඔහු සෙරෙප්පු කකුල්වලින් ගලවලා තමයි ඒක කරන්නේ. සෙරෙප්පු කකුල් දෙකෙන් ගලවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියපු උපදෙසක් අනුවයි.

හැබැයි බං මේ ඩොකා කියන්නෙ ඇත්ත කියලා අපිට පිලිගන්න වෙනවනෙ බං මොකද මූ ඒවා කරලා පෙන්නලා තියනවනෙ දැන් ලෝකෙම හොද කරන්න බෑ කිව්ව මාලිංගගෙ කකුල මූ මොන මගුල කරලා හරි හොද කරලා තියනවනෙ නැත්තං මාලිංගයාම ලෝකෙටම ඇහෙන්න කියයිද අන්තිම මැච් එක ඉවර වෙලා මූ කරන්නෙ බොරුවක් නං??අනික සචින් ටෙන්ඩුල්කාර්ලා ශාරුක් කාන්ලා වගේ ප්‍රකෝටිපතියො මුගෙන් බෙහෙත් ගනීද මූ කරන්නෙ බොරුවක්නං අපි වගේ අනාත සිංහලු අහු උනාට උන් අහුවෙයිද ඕවට??මූ හොරෙක් නං මූව මුම්බායි ඉන්දියන්ස් එකට ඩොක්ට කෙනෙක් විදිහට ගන්න මුකේෂ් අම්බානි හරකෙක්ද?