මකන්දාවේ දියඇලි දඩයම

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    මකන්දාවේ දියඇලි දඩයම

    මකන්දාවේ දියඇලි දඩයම



    යාලුවෝ 3න් දෙනෙක් එක්ක කඩුවෙලින් උදෙන්ම පිටත් උනේ මකන්දාව වන රක්ෂිතයේ දිය ඇලි දඩයමටය..
    වැහිබර කාලගුණයක් වූ එදින අප සිත් මදක් දෙගිඩියාවකින් යුක්ත වූයේ වැස්ස නිසා ගමනේන් පලක් නොවේයැයි සිතාය...
    මගින් නුග පැල දෙකක් මිලද්දී ගත්තේ සොබාදහමට අපෙන් ලැබදිය යුතු ගුරුපඩුරක් ලෙසටය

    අවිස්සාවේල්ල පසුකරමින් කිතුල්ගල වෙත ලගා වූ අපි මද දුරක් ගිය පසු හමු වූ කිතුල්ගල ගෙස්ට් හවුස් හන්දියෙන් දකුණට හරව මද දුරක් ගිය පසු හමුවූ හන්දියෙන් වමට හරවා බංඩාර වාහන නැවතුම් පලට ඇතුල්වීමු

    නැවතුම් ගාස්තු ලෙස රු.400ක් මුදල්ක් ගෙවා එතන් පටන් පාගමනින් කැලණි ගග වෙත පියමනින්නට ඌයේ සිහින් වැහි කොඩයක්ද සමගිනි..


    69857542_129166488435711_1725464417807630336_o.jpg



    70452621_129165478435812_8724005195895275520_o.jpg



    69624345_129165408435819_1721426010383056896_o.jpg





    69469804_129165658435794_255468155164426240_o.jpg




    69632939_129165771769116_4720306763545444352_o.jpg


    කැලණි ගග හරහා මකන්දාව රක්ෂිතයට යෑමට තිබෙන්නේ පාරුවකිනි. වැසි සමය බැවින් ජලමට්ටම යම්තාක් දුරට ඉහල ගොස් තිබූ අතර ගග හරහ යෑම මදක් බිය ජනක හැගීමක් දැනවීය....
    මාකන්දාව ගමේ එදිනෙදා ප්‍රවාහන කටයුතු මෙම පාරුව හරහා සිදුවන අතර වරකට 6ත් 8ත් අතර පිරිසකට ගමන් කල හැකි ලෙස පාරුව තනා ඇත.

    මෙම පාරු ක්‍රියාත්මක වන්නේ කිතුල්ගල - ඔරුතොට (පොදු) නාන තටාකයේ ය.
    පිටස්තර පුද්ගලයින්ට ගඟ තරණය කිරීම සඳහා ඔවුන් රුපියල් 50 ක් අය කරති.
    ගම්වැසියන් සඳහා රුපියල් 20කි

    මාකන්දාවා වන රක්ෂිතයට ළඟාවිය හැකි අනෙක් විකල්පය නම් පාලම හරහා ගඟ තරණය කිරීමයි. මෙම නව පාලම කිතුල්ගල නගරයේ සිට හැටන් දෙසට කි.මී. 2ක් පමන දුරකින් පිහිටා ඇත. වන සංරක්ෂණ පිවිසුම් දොරටුව වෙත ළඟා වීමට ඔබට පරාවලතන්න මාර්ගය අනුගමනය කළ යුතුය. නමුත් මෙම මාර්ගයේ අවසාන කොටසේ ගමන් කිරීම මදක් අපහසුය. එබැවින් වන රක්ෂිතයට ළඟාවීමට වඩාත් පහසුම මාර්ගය වන්නේ පාරු හරහා ගඟ තරණය කිරීමයි.

    කැලණි ගග හරහා පාරුවෙන් එගොඩ වූ පසු පඩි පෙලක් හමුවන අතර එහි අවසනට අලුතෙන් ඉදිකරන ලද කොන්ක්‍රිට් පාරකට වැටෙනු ඇත. කුඩා තේ වත්තක් පසු කරමින් ගිය පසු ඔබට කුඩා තාර පාරක් හමුවන අතර එයින් දකුණු දිශාවට හැරී ගමන් කරන විට ගල් කැට යෙදු පාරක් බවට මාර්ගය වෙනස් වේ... තවත් මීටර් 100ක් ගිය පසු ඔබට ප්‍රවේශ පත්‍ර කාර්‍යාලයට ලගා විය හැක. එහෙදී අප හතර දෙනා හට රුපියල් 115ක කුවිතාන්සියක් නිකුත් කරන ලද අතර එක් අයෙකුට රු.30ක පමණ මුදලක් වැය විය.

    එම කාර්‍යාලයෙන් ඔබට රක්ෂිතය පිලිබදව මෙන්ම මං සලකුනු පිලිබදව පැහැදිලි විස්තරයක් ඔබට ලබා ගත හැක.වන රක්ෂිතයේ ඇවිදීමට ඔබට ගෙවීමක් සිදුකර මාර්ගෝපදේශයක්ද ලබා ගත හැකිය.


    69877990_129166381769055_8545208086774677504_o.jpg



    69934374_129166255102401_4549039844491264000_o.jpg




    69601654_129166205102406_4474740655481946112_o.jpg




    වන රක්ෂිතයට ඇතුලුවීමට පෙර කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම් ක්‍රම අනුගමනය කීරීම අනිවාර්යවේ.මාකන්දාවා වැසි වනාන්තරයේ නිශ්චිත මාර්ග සහ නාම පුවරු ඇත. අඩවි සිතියම පිවිසුම් දොරටුවේ ප්‍රදර්ශනය කර ඇති අතර එය ඔබගේ මංසලකුනු සොයා ගැනීමට යොදා ගත හැක..
    වැසිබර සමයක් වූ බැවින් ගස් කඩා වැඩී මාර්ග අවහිර වී තිබූ අතර මාර්ග සොයා ගැනීම මදක් අපහසු විය. නමුත් එය ගමනේ අලංකාරය වැඩිකරන්නක් විය.

    කුඩා දිය පහරවල් රැසකින්ද දිය ඇලි රැසකින්ද මාකන්දාව පෝෂණය වී ඇත. අප විසින් රැගෙන ආ නුග පැල දෙක දිය පාර සමීපයකත් කඩා වැටී තිබුන ගසක් අසලත් අප විසින් රෝපණය කරන ලදී..


    69842388_129165741769119_7892168995296509952_o.jpg



    69603937_129166521769041_5530496595260342272_o.jpg


    මාකන්දාවා වන රක්ෂිතය රටේ පැරණිතම වන රක්ෂිතවලින් එකක් වන අතර එය සැලකිය යුතු ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර එය කුරුලු නිරීක්ෂකයින්ගේ පාරාදීසයකි.

    හෙක්ටයාර 1115 කට වැඩි භූමි ප්‍රමාණයක් ඇති මෙහි ආවේණික, සංක්‍රමණික හා නේවාසික පක්ෂීන්ගෙන් සමන්විත වන විදේශීය හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන ජීවීන් කිහිප දෙනෙකුගේ වාසස්ථානයකි.මාකන්දාවා වනාන්තරය 1903 දී වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය කුරුල්ලන්, සොබාදහම් ඡායාරූප ශිල්පීන් මෙන්ම වනජීවී ශාස්ත්‍රයින් සඳහාද වැදගත් ස්ථානයක් වී ඇත.

    කළු ඊගල්, ට්‍රෝගන්, ශ්‍රී ලංකා තැඹිලි පාට බබ්ලර්, චෙස්ට්නට් පිටුබලය සහිත ඕවල්, නිල් මැග්පී සහ රතු මුහුණැති මල්කෝහා ඇතුළු දුර්ලභ විශේෂ රාශියක් දැක ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත.

    අවාසනාවන්ත ලෙස අපට කිසිදු පක්ශියකු දැක බලා ගැනීමට අවස්තාව නොලැබිනි. අදික වැසි සහිත කාලගුණය නිසාවෙන් අපට එය මගහැරි ගියේය. වන රක්ෂිතය ක්ෂීරපායින්, කෘමීන් සහ උභයජීවී විශේෂ කිහිපයකට වාසභූමියකි



    69664368_129166471769046_7894181612676448256_o.jpg


    70411215_129165935102433_1147474455283367936_o.jpg


    70172467_129166131769080_8433234282163470336_o.jpg




    Source ||Face Book||Instagram
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,473
    1,070
    113
    srilanka
    අනිත් සංචාරකයන්ට ඔයාල ලොකු ආදර්ශයක්
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    අර කුරුල්ලෝ ජාති ගොඩක් ඉන්නවා, කුරුළු පාරාදීසයක් කියල කිව්වට එක කුරුල්ලෙක් වත් දැක්කේ නැද්ද ? :confused::confused:
     
    Last edited:

    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    අර කුරුල්ලෝ ජාති ගොඩක් ඉන්නවා, කුරුළු පාරාදීසයක් කියල කිව්වට එක කුරුල්ලෙක් වත් දැක්කේ නැද්ද ? :confused::confused:

    මචන් අපි ගියේ හොදටම වැස්ස දවසක .ඒ නිසා කුරුල්ලෝ බලන්න වඩියක් තිබුනේ නැ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අර කුරුල්ලෝ ජාති ගොඩක් ඉන්නවා, කුරුළු පාරාදීසයක් කියල කිව්වට එක කුරුල්ලෙක් වත් දැක්කේ නැද්ද ? :confused::confused:

    Bump