අපේ සමහර ගති පුරුදු...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ සමහර ගති පුරුදු...

    අපි හැමෝටම එකිනෙකාට ආවේණික ගුණාංග තියෙනවා. හොඳ නරක දෙකම.
    ඒ වගේම තමයි පුරුදු. අපි නොදැනුවත්වම කරන සමහර දේවල් අපිට කාලයක් යද්දී පුරුද්දක් වෙනවා.
    :rolleyes::rolleyes::rolleyes:

    ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි නොදන්නා නමුත් අපේ තියෙන සමහර පුරුදු, ක්‍රියාකාරකම්, බයවල් වගේ......
    උදාහරණයක් විදිහට නිතරම අත හෝදන කෙනෙක් ඉන්න පුළුවන්. අසාමාන්‍ය විදිහට.ඒක එක්තරා මානසික රෝග ලක්ෂණයක්.
    :oo::oo:

    ඉතින් ඒ වගේ මමත් සෑහෙන කාලයක් ඉඳල ඒ වගේ මගේ තියෙන යම් යම් ලක්ෂණ, පුරුදු, අඩු පාඩු, බයවල් මොනවද කියල ලැයිස්තුවක් ගත්තා.
    මේ වගේ දේවල් ඔයගොල්ලන්ටත් ඇති.

    - මට නිතරම හීන පේනවා. සාමාන්‍යයෙන් ඕනෙම දවසක හීන 2,3 අනිවාර්යයෙන් පේනවා. ඒ හීන හැම එකක්ම මතකේ රැඳෙන්නේ නැහැ.
    නමුත් සමහර හීන කිහිප විටක්ම පේනවා. උඩකින් බිමට වැටෙනවා. පියාඹනවා වගේ හීන ආයේ ආයේ පෙනවා.

    - නිදි ආඝාතය ( Sleeping paralyze ) ඉස්කෝලේ යන කාලේ ඉඳලම තියෙනවා. දැනටත් සතියකට දෙකකට සැරයක් නින්දේදී ඕක වෙනවා.

    2Iq1yHo.jpg

    - බෑග් එකක්, පර්ස් එකක් අස් කරාම මොනවා හරි අමතක වුනාද කියල සැරින් සැරේ අර ඔක්කොම එලියට අරගෙන බලනවා.
    ලිස්ට් එකක් ගත්තත් සමහර වෙලාවට ෂුවර් නැහැ.

    - Trypophobia - පොඩි පොඩි හිල් ගොඩක් එක තැනක තියෙනවා දකිද්දී පුදුම අප්පිරියාවක් එන්නේ. විශේෂයෙන්ම ඇඟේ තියෙද්දී.
    අර දියමිටියෝ කාපුවහම අඩි පතුල් වල හිල් හැදෙන්නේ. අන්න ඒ වගේ.
    ඒ වගේ දෙයක් දැක්කම දවස් ගානක් යනකම් ඒක ඔලුවේ හිටිනවා.

    - ගැඹුරු වතුරට පුදුම බයක් තියෙන්නේ.ගැඹුරු වතුරක් දකිද්දී කකුල් සීතල වෙලා පන නැතුව යනවා.

    JbjD274.jpg

    - වීදුරු වලට කැපෙයි කියල හෙන බයයි. බිඳුණු වීදුරුවක් අයින් කරන්න පුදුම මහන්සියක් වෙනවා
    .

    i2F7O6B.jpg

    තවත් තියෙනවා...මතක් වෙන විදිහට දාන්නම්. මෙව්වා මානසික ලෙඩක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලොකු ගැටළුවක් නැහැ.
    මේ වගේ සමහර පුරුදු අත් හැර ගන්න, බයවල් නැති කර ගන්න මොනවද කරන්න පුළුවන්...එහෙම කරපු උදවිය ඉන්නවද ?
    :confused::confused::confused:

    හැබැයි Sleeping paralyze වුනා ම නම් ඇඟට හරි අමාරුයි.:dull::dull:

    එළකිරියේ කට්ටියටත් මේ වගේ ආවේනික පුරුදු, ලක්ෂණ තියෙනවද ?

    :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sleeping paralyze නං හම්මෝ පුදුම බය විල්ලක් බය වෙන්නේ එක සැරයක් දුරගමන් බස් එකක සීට් එකේ ඉද්දි උනා මම හිතුව ඉවරයි තමා කියල.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Sleeping paralyze නං හම්මෝ පුදුම බය විල්ලක් බය වෙන්නේ එක සැරයක් දුරගමන් බස් එකක සීට් එකේ ඉද්දි උනා මම හිතුව ඉවරයි තමා කියල.

    ඔව් බන් ටික වෙලාවක් යනකන් ජීවිතෙත් එක්ක එපා වෙනවා. මට නම් ගොඩක්ම වෙන්නේ හැන්දෑවට නින්ද ගියාම.

    :oo::oo::oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෑග් එකක්, පර්ස් එකක් අස් කරාම මොනවා හරි අමතක වුනාද කියල සැරින් සැරේ අර ඔක්කොම එලියට අරගෙන බලනවා.
    ලිස්ට් එකක් ගත්තත් සමහර වෙලාවට ෂුවර් නැහැ.

    මේක තියෙනව :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හීන පේන එකත් මානසික රෝගයක්ද? ඇයි බං එකම හීනේ වෙලාවකට ආයි ආයි පේන්නේ‍.

    අත් හෝදන සීන් එක නම් මගේ යාලුවෙකුටත් තියනවා. ඌම පිලිගන්නවා ඒක ඌට තියන මානසික අව්ලක් කියලා.

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බෑග් එකක්, පර්ස් එකක් අස් කරාම මොනවා හරි අමතක වුනාද කියල සැරින් සැරේ අර ඔක්කොම එලියට අරගෙන බලනවා.
    ලිස්ට් එකක් ගත්තත් සමහර වෙලාවට ෂුවර් නැහැ.

    මේක තියෙනව :sorry:

    ගමනක් ගිහාම තමා එපා වෙන්නේ. මට ඔය කැලේදී ගමනක් ගිහාම උදේට සෑහෙන වෙලාවක් යනවා බෑග් එක අස් කරගන්න.

    :baffled::baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Obsessive-Compulsive Disorder (OCD) is a common, chronic and long-lasting disorder in which a person has uncontrollable, reoccurring thoughts (obsessions) and behaviors (compulsions) that he or she feels the urge to repeat over and over.

    මාත් ගූගල් කළා. හැබැයි ලොකුවට තේරුනේ නැහැ. පොඩ්ඩක් හෙමිට වෙලාව අරගෙන කියවන්න ඕනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ගමනක් ගිහාම තමා එපා වෙන්නේ. මට ඔය කැලේදී ගමනක් ගිහාම උදේට සෑහෙන වෙලාවක් යනවා බෑග් එක අස් කරගන්න.

    :baffled::baffled::baffled:

    මට කලිසමේ සිප් එක අවුල් :baffled:
    සිය පාරක් චෙක් කලත් මතක් වෙනව දැන් ටිකකට කලිං චෙක් කලා වගේ මතක මීට කලිං දවසක චෙක් කරපු එකක්ද දන්නෑ කියල :sorry:
    කොහෙ හරි යද්දි කාමරේ ලයිට් නිමන එක එහෙම 10 පාරක් විතර බලන්න ඕනෙ :sorry:
    ඒ බැලුවත් ශුවර් නෑ :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හීන පේන එකත් මානසික රෝගයක්ද? ඇයි බං එකම හීනේ වෙලාවකට ආයි ආයි පේන්නේ‍.

    අත් හෝදන සීන් එක නම් මගේ යාලුවෙකුටත් තියනවා. ඌම පිලිගන්නවා ඒක ඌට තියන මානසික අව්ලක් කියලා.

    හීන පේන එක නම් මානසික රෝගයක් නෙමේ කියල මම අහල තියෙන්නේ. sleeping paralysis මානසික රෝගයක්ද කියන්න දන්නේ නැහැ.හැබැයි ඒක තාවකාලික වේදනාවක්. ඔලුව තෝන්තු ගතිය ටික වෙලාවකින් හරි යනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් බන් ටික වෙලාවක් යනකන් ජීවිතෙත් එක්ක එපා වෙනවා. මට නම් ගොඩක්ම වෙන්නේ හැන්දෑවට නින්ද ගියාම.

    :oo::oo::oo:
    මට බය අංශබාගෙ වගේ හැදුනම සදාකාලිකවම ඔහොමද දන්නේ නෑ ඉන්න වෙන්නේ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bawana karapan machan. Ube samahara prashna godak durata adu karaganna puluwan

    භාවනා කරලා නම් නැහැ ලොකුවට. කිහිප අවස්තාවක් උත්සහ කරලා නම් තියෙනවා....හිත එකඟ කර ගන්න තමා අමාරු...

    :dull::dull::dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට බය අංශබාගෙ වගේ හැදුනම සදාකාලිකවම ඔහොමද දන්නේ නෑ ඉන්න වෙන්නේ :baffled:

    ඕක හදාගන්න බැරිද බං ? :baffled:
    මටත් ආසයි මල යස්සයෙක් වගේ ඇඳ ඉස්සරහ මං දිහා බලං ඉන්නව දකින්න :baffled:
    ඉබේම වෙන්න ඕනෙද ? 
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හීන පේන එක නම් මානසික රෝගයක් නෙමේ කියල මම අහල තියෙන්නේ. sleeping paralysis මානසික රෝගයක්ද කියන්න දන්නේ නැහැ.හැබැයි ඒක තාවකාලික වේදනාවක්. ඔලුව තෝන්තු ගතිය ටික වෙලාවකින් හරි යනවා.

    මට හිතෙන විදිහට sleeping paralysis මානසික රෝගයක් නෙවෙයි වෙන්න ඇති මචං. මට ඉස්සර ඕක වෙලා තියනවා. මෑතකදි නම් උනේ නෑ. දන් මතක් කරපු නිසා උනොත් නම් මානසික සීන් එකක් වෙන්න ඕනේ. :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට කලිසමේ සිප් එක අවුල් :baffled:
    සිය පාරක් චෙක් කලත් මතක් වෙනව දැන් ටිකකට කලිං චෙක් කලා වගේ මතක මීට කලිං දවසක චෙක් කරපු එකක්ද දන්නෑ කියල :sorry:
    කොහෙ හරි යද්දි කාමරේ ලයිට් නිමන එක එහෙම 10 පාරක් විතර බලන්න ඕනෙ :sorry:
    ඒ බැලුවත් ශුවර් නෑ :(

    එච්චර දරුණුවට නම් නැහැ.....හැබැයි ගමනක් යද්දී මොනවම හරි අමතක වුනාදෝ කියන සැකය තියෙනවා...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට බය අංශබාගෙ වගේ හැදුනම සදාකාලිකවම ඔහොමද දන්නේ නෑ ඉන්න වෙන්නේ :baffled:

    මොලේට අංශ බාගේ හැදුනම නම් කොහොමද දන්නේ නැහැ.ඔය කකුල් අත පය පැරලයිස් වුනු කට්ටියට නම් ඇවිදින්න වැඩ කරන්න බැරි එක විතරනේ...
    අනේ මන්දා....
    :confused::confused:

    ඕක හදාගන්න බැරිද බං ? :baffled:
    මටත් ආසයි මල යස්සයෙක් වගේ ඇඳ ඉස්සරහ මං දිහා බලං ඉන්නව දකින්න :baffled:
    ඉබේම වෙන්න ඕනෙද ? 

    උබ ආසද ස්ලීපින් පැරලයිස් වෙනවට ? අපෝ....මීට කලින් වෙලා නැද්ද? :oo::oo:

    මට හිතෙන විදිහට sleeping paralysis මානසික රෝගයක් නෙවෙයි වෙන්න ඇති මචං. මට ඉස්සර ඕක වෙලා තියනවා. මෑතකදි නම් උනේ නෑ. දන් මතක් කරපු නිසා උනොත් නම් මානසික සීන් එකක් වෙන්න ඕනේ. :nerd:

    ඕක ගොඩක් දෙනෙකුට තියෙනවා...හැබැයි කිහිප වතාවක් විතරයි. ඒත් මට ඕක පුරුද්දක් වගේ තියෙනවා.ඒකයි අවුල.
    :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. හින පෙන සිං එකයි සමහරක් ඒවා මතක නෑ.
    2. Sleeping Paralyse සිං ඒක මටත් තිනවා බං එම උනාම මැරෙන්නේ නැතුව ඒ වගේ ජිවත් වෙයි කියන බය තමයි එන්නේ.
    3. සමහර සත්තුන්ට බයක් / අප්පිරියාවක් තීනවා ගස් ගෙම්බෝ විසාල පලාපෙත්තෝ

    4. නිතර අත් සෝදන නැති උනත් බෝවෙන රෝගයක් තීන කෙනෙක් ළඟ හිටියොත් පස්සේ එකෙන් බේරෙන්න හෙන ගේමක් දෙනවා අත් සෝදනවා අල්ලපු දේවල් බලනවා බ්ලා බ්ලා

    5. වෙන කෙනෙක් පාවිච්චි කරපු දෙයක් පාවිච්චි කරන්න අමාරුයි

    6. මොකක් හරි සිදුවීමක් ඒක පෙලට ගැලපෙනවා ඒ සිදුවීම් පෙලම ඊට කලින් සිදු උනා කියල මතකයට එනවා. මේක 10 පාරක් විතර වෙලා තිනවා

    7. සමහර ෆොටෝ දැක්කම ඇඟ කුල් වෙලා යනව මම එතන හිටියා වගේ කලින්.