උබලත් දුක්ගන්නාරාලලා වෙනව ද?

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබලත් දුක්ගන්නාරාලලා වෙනව ද?

    මම වැඩිය යාළුවො ආශ්‍රය කරන්නෙ නෑ.අනෙ මන්දා ඒ මොකද කියලා .මම වැඩිය සෝෂල් නෑ.ඒත් මම කවුරු හරි උදවුවක් ඉල්ලුවම පැනලා ඌදවූ කරනවා.ඒත් වැඩිකල් නොගිහින් උන් මාව නිකම් යූස් කරනවා වගෙ . ඊට පස්සෙ මාත් ඈත් වෙලා ඉන්නවා එක තේරුනාම.බෙක්කෙන් මම කරාට මට උන් එහෙම නෑ.අන්තිමෙ එකෙක් විතරක් තියන් ඉන්දියා ඌ මට එක පාරක් ඕන කරන බඩුවක් හොයලා දීලා උදවුවක් කරපු නිසා.මම උදවු ලේසියෙන් අමතක කරන්න නෑ.හැබැයි මුත් නිකම් මට අරිනව වගෙ.
    මුගෙ ප්‍රශ්න හැම එකම මට කියන්නෙ .මම සාමාන්‍යයෙන් කවුරු හරි ප්‍රශ්නයක් කියද්දි මග අරින්නෙ නෑ.අහන් ඉන්නව උගෙ දුක නිවන්න විසදුම් දෙනවා මගෙ කාලෙ කාගෙන හරි.හැබැයි මූ එහෙම නෑ මටත් ප්‍රශ්නයක් ආවම මම ඌට කිව්වම ඌ නිතරම මට තේරෙන්නෙ නෑ දන්නෙ නෑ කියන idea එක express වෙන imoji එක එවලා නිකම් ඉන්නවා.සමහර වෙලාවට උගෙ status වලට reply කරාම සද්දයක් නෑ.හැබැයි ඌට මොන හුත්තක් හරි උන ගමන් දූව ගෙන ඇවිත් මට කිය කිය නහිනවා.මට මොකක් හරි උන ගමන් උ සද්දයක් නෑ.මම දැනට ආශ්‍රය කරන්නෙ ඌයි තව පොඩි කොල්ලෙකුයි.ඒ කෙල්ලා නම් අවුලක් නෑ හොදයි.ඒත් වැඩිය ආශ්‍රයන් නෑ මොකද ඌ engineering fac එකෙඌගෙ නම් කිසි ලොකුවක් නෑ එහෙම උනා කියල .මොකද බං මම කරන්නෙ? මූත් අල්ලලා දාන්න හිතෙනවා.
     
    Last edited:

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Ithin ban uuwath ignore karala athal eke hitahanko. Yaluwo na kiyala hitha hitha aul gahanne nathuwa umba umbe widiyata indapan. Ehema bokke friendsla dan naa ban 😌
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..

    මටත් පොඩි කාලේ ඉඳන් උඹ ඔය කියන ප්‍රශ්නේ තදේටම තිබ්බා..මම හැමවෙලේම බොක්කෙන්ම යාලුවෝ වෙනුවෙන් හිටියට මන් වෙනුවෙන් එකෙක්වත් නෑ .

    5 වසරට එනකන් වගේ හිතන් හිටියේ මගේ නෑදෑ වෙන අය්යලා වගයක් තමයි මගේ ජීවිතේ හොඳම යාලුවෝ කියලා..එත් උන් හම්බෙන්නේ ඉස්කෝල නිවාඩුවට විතරයි..අනික මට උන්ව සැහෙන්න වටිනවා උනාට උන් මන් ගැන එහෙම හිතුවේ නෑ.. මන් ලවා පොඩි සල්ලි හොරකමකුත් කෙරෙව්වා ඒ කාලේ...නොතේරුම් කමට කලාට මම අදටත් දුක් වෙනවා ඒ ගැන..ඉස්කෝලේ යාලුවෝ ගැන නම් පොඩි කාලේ කොහොමත් විශේෂයක් නෑනේ..ඉස්කෝලේ ඉන්න ටිකට විතරයි යාළුකම..

    6 වසරේ ඉඳන් O/L වයසට එනකම් වගේ මට සාමාන්‍ය යාලුවෝ සෙට් එකක් හිටියා..ඉස්කොලේදීත් දකින හැමෝම වගේ මාව හොඳට අඳුරනවා..හැබැයි හොඳම යාලුවෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මට්ටමේ හිටියේ එක කොල්ලයි..අනික් හැමෝම මූණට යාලුවෝ විතරයි..අර මන් කියපු කොල්ලා හෙන දුප්පත් එකෙක්..මම මගේ බත් එකත් ඌ එක්ක බෙදන් කෑවා...හැම වෙලේම හිටියේ ඌ එක්ක..මම ඌට මට පුළුවන් හැම විදියෙන්ම උදව් කලා..උගේ දුකත් අහන් හිටියා..දුප්පත් නිසා සමහරු ඌව කොන් කරද්දී මන් ඌ එක්ක හිටියා..හැබැයි ඌට උගේ ජීවිතේ තිබුන ප්‍රශ්න එක්ක සැහෙන්න ඔට්ටු වෙන්න උන නිසා දිගටම මගේ හොඳම යාළුවා කියන චරිතෙ ඉන්න හැකියාවක් සහ වෙලාවක් උට තිබ්බේ නෑ ..මම අදටත් සතුටු වෙනවා අවරුදු කීපයකට හරි මට ඒ වගේ යාලුවෙක් හම්බුන එක ගැන..ඒ තරම් ඌ හොඳ හිතක් තිබ්බ කොල්ලෙක්..අද හොඳ තැනක ඉන්නවා..FB එකෙන් චැට් කරනවා ඉඳලා හිටලා...අහ් කියාගෙන ආපු එක මග ඇරුනනේ ..කොහොමින් හරි O/L කලාට පස්සේ උගේ යාළුකම මග ඇරුන මට ඌ කොමස් කරන්න ගියපු නිසා...එකම ඉස්කෝලේ උනාට හම්බෙන්නෙත් බොහොම කලාතුරකින්... අහ් තව O/L වයසට එනකන් මට ගමේ යාලුවෝ කීපදෙනෙකුත් හිටියා..උන් ගැන නම් කතා කරලත් වැඩක් නෑ..මගෙන් සේරම ප්‍රයෝජන ගන්නවා..එකට බොනවා..හැබැයි මගේ වැඩකට එන්න කිව්වොත් උන්ට වෙලාවක් නෑ..ඒ සමහර උන්ගේ ප්‍රශ්න වලදී මම උන් එක්ක හිටියා බොක්කෙන්ම...එකෙක්ගේ කෑල්ලක් හම්බෙන්න තනියට යන්න වරෙන් කියලා එක පාරක් බස් එකේ ගියා පට්ට දුරක් කට්ට කාගෙන.. දුෂ්කර පැත්තක්....හැබැයි මගේ කෑල්ල පන්සලට එනවා මචන් පොඩ්ඩක් වරෙන්කො මාත් එක්ක යන්න කිව්වම මට හම්බෙච්ච උත්තරේ තමයි උඹ ගිහින් වරෙන් බන් මට මේ ගේම් එකේ final mission එක ඉවර කරන්න තියෙනවා කියන එක..ඔන්න ඔහොම උන් ටිකක් ගමේ හිටියේ..

    යාළුවෝ කියන subject එක ගත්තොත් A/L කාලේ කියන්නේ මගේ අප්ප්‍රසන්නම කාලේ...ඉස්කෝලේ හිටියෙත් පට්ට කුහක සෙට් එකක්..ගානක් හදන හැටි ඇහුවත් shape එකේ මග අරිනවා..ටිකක් හරි හොඳයි කියල හිතාගෙන ලං කරන් හිටපු උන්ගෙන් එකෙක් මගේ phone එකෙන්ම කෑල්ලගේ number එක හොරෙන් අරන් ඒකිට msg ගහන්න අරන් මාට්ටු උනා..ඉතින් හිතහන්කෝ තත්වේ..කතා කරන්නවත් කැමති නෑ ඒ කාලේ ගැන..

    ඔන්න කතාවේ හොඳම හරිය... A/L කාලේන් පස්සේ මම course එකක් කරන්න ගත්තා..Course එක පටන් අරන් මාසයක්වත් යන්න කලින් මට සෙට් උනා පට්ට යාලුවෝ සෙට් එකක්..ඇත්තටම කිව්වොත් 4 දෙනෙක්...එදා ඉඳන් දැන් අවරුදු 10කට කිට්ටු වෙන්න එනවා...තාමත් හොඳම යාලුවෝ විදියට එදා වගේම ඉන්නවා....හිතහන්කෝ මට ඔෆිස් එකේ වැඩ හිර වෙලා සති 2,3 කින් call එකක් දෙන්න බැරි උනා කියලා උන්ට..උන්ගේන් එකෙක් හරි අනිවා මට call කරලා කොහොමද මචන් මොකෝ වෙන්නේ කියලා අහනවා..මන් කොහෙහරි යමු කිව්වොත් විශේෂ වැඩක් තිබ්බොත් ඇරෙන්න එකෙක් හරි දෙන්නෙක් හරි එනවා...උන්ගේ වැඩ වලටත් එහෙමයි..සමහර මගේ වැඩ පාඩු කරන් ගිහින් තියෙනවා...අනිවා අව්රුද්දට ට්‍රිප් එකක් දෙකක් යනවා...මල ගෙවල් දානේ ගෙවල් වලදී හැමෝම එකතු වෙනවා...උඹල විශ්වාස කරයිද දන්නේ නෑ, සමහර දවස් තිබ්බා අපි හවස බොන්න සෙට් වෙලා පහු වෙනිදා පාන්දර වෙනකන් බීල නිදාගන්න කියලා ඇඳවල් වල වැටිලා එතනත් නිදාගන්නේ නැතුව පැය ගණන් කතා කර කර ඉඳපු....එකෙක්ටවත් නිදාගන්න හිතෙන්නේ නැති තරම් කතාව interest.. හිටපු ගමන් පොඩි පොඩි අවුල් වෙන්නේ නැත්තෙමත් නෙමෙයි...හැබැයි ඒවා දුර ඇදිල යන්නේ නෑ...දවසෙන් දෙකෙන් clear වෙනවා..ඔක්කොටොම වැඩිය උන් හැමෝම පොලවේ පය ගහල ජීවත් වෙන, ලොකු සීන් නැති, ආගමක් දහමක් අදහගෙන ජීවත් වෙන කොල්ලෝ ටිකක්..තාම එකයි බැඳලා ඉන්නේ..හැබැයි බැඳපු එකත් හැමවෙලේම අපිත් එක්ක සෙට් වෙනවා..අනික් උනුත් බැඳලා එද්දී යාලුකම ඉදිරියට කොහොම වෙයිද මම දන්නේ නෑ..හැබැයි මම හිතන විදියට මෙච්චර කල් තිබ්බ පට්ට යාළුකම ලේසියෙන් නැති වෙලා යන එකක් නෑ....එහෙම නැති වෙලා ගියත් අපි එකට හිටපු කාලේ ඇතුලේ කරපු කියපු දේවල් එක්ක අපිට මතක් කරලා හරි සතුටු වෙන්න තියෙන දේවල් ගොඩයි..

    කෙටියෙන් කියන්නම් කියල හිතුවට පට්ට දිග උනා පොස්ට් එක..මට උඹට කියන්න තියෙන්නේ හොඳ යාළුකමක් උඹට ජීවිතේ කොයි කාලේ ලැබෙයිද කියලා කලින් කියන්න බෑ ...පින් පව් අනුව අපි කරලා තියෙන දේවල් අනුව තමයි ඉතින් ඕව තීරණය වෙන්නේ..සමහරුන්ට පොඩි කාලෙදිම යාලුවෙක් or සෙට් එකක් හම්බෙනවා...මැරෙනකන්ම උන් තමයි ජීවිතේ එකට ඉන්නේ...සමහරුන්ට මැරෙනකන්ම කව්රුත් නෑ විශේෂ යාලුවෙක් කියලා..

    මම කරන විදියට කරහන්..උඹ හැමෝටම හොඳින් සලකපන්..හැබැයි වැඩිය දෙන්න යන්නත් එපා.. උදව්වක් දෙකක් කරලා බලහන් කොහොමද reaction එක කියලා..ඔහොම කරන අතරේ උඹ මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලහන්...එක පාරින් මනින්න යන්නත් එපා..මිනිස්සුන්ට ඇත්තටම බැරි අමාරුකම් එන වෙලාවල් තියෙනවනේ...මම නම් maximum 3පාරක් වගේ බලනව..සාමාන්යෙන් හොඳ මනුස්සයෙක්ගෙන් එක පාරක් දෙපාරක් උදව්වක් ඉල්ලලා එක උට කරගන්න බැරි උනොත් ඌ අනිවා ඊළඟ එක කරනවා.. මොකද උට හ්ර්ධ ශාක්ෂියක් තියෙනවනම් උට හිතෙනවා අරූට මට එදා උදව් කරන්නත් බැරි උනානේ අප්පා මේකනම් අනිවා කරලා දෙන්න ඕනේ කියලා ..දිගින් දිගටම උඹව හලන සීන් එක තියෙනවනම් උඹත් උන්ව හලපන් දෙපාරක් නොහිතා..මමනම් ඒ වගේ උන්ගෙන් එන call එකක්වත් answer කරන්නේ නෑ..අහ් තව දෙයක්...ඔය මන් උදව් කියලා අදහස් කලේ සල්ලි උදව් නෙමෙයි හොඳේ..සල්ලි ගනුදෙනු තමයි යාළුකම් වලට ඉන්න හොඳම හතුරා..අර මන් උඩ කියපු මගේ යාලුවෝ 4 දෙනා මගෙන් කවදාවත් සල්ලි ඉල්ලලත් නෑ , මන් උන්ගෙන් ඉල්ලලත් නෑ..

    කියෙව්වා වැඩිද මන්ද...කොහොමින් හරි උඹට හොඳ යාළුකමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචන්...
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Matath Yaluowo innwa but hondma yaluwo na....eth Eka hondma yaluwek hitiye eyath dan na :yes:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    උඹට සුපිරි උත්තරයක් දෙන්න පුළුවන් මගේ ජීවිතේ අත්දැකීමෙන්ම..

    මටත් පොඩි කාලේ ඉඳන් උඹ ඔය කියන ප්‍රශ්නේ තදේටම තිබ්බා..මම හැමවෙලේම බොක්කෙන්ම යාලුවෝ වෙනුවෙන් හිටියට මන් වෙනුවෙන් එකෙක්වත් නෑ .

    +13
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම වැඩිය යාළුවො ආශ්‍රය කරන්නෙ නෑ.අනෙ මන්දා ඒ මොකද කියලා .මම වැඩිය සෝෂල් නෑ.ඒත් මම කවුරු හරි උදවුවක් ඉල්ලුවම පැනලා ඌදවූ කරනවා.ඒත් වැඩිකල් නොගිහින් උන් මාව නිකම් යූස් කරනවා වගෙ . ඊට පස්සෙ මාත් ඈත් වෙලා ඉන්නවා එක තේරුනාම.බෙක්කෙන් මම කරාට මට උන් එහෙම නෑ.අන්තිමෙ එකෙක් විතරක් තියන් ඉන්දියා ඌ මට එක පාරක් ඕන කරන බඩුවක් හොයලා දීලා උදවුවක් කරපු නිසා.මම උදවු ලේසියෙන් අමතක කරන්න නෑ.හැබැයි මුත් නිකම් මට අරිනව වගෙ.
    මුගෙ ප්‍රශ්න හැම එකම මට කියන්නෙ .මම සාමාන්‍යයෙන් කවුරු හරි ප්‍රශ්නයක් කියද්දි මග අරින්නෙ නෑ.අහන් ඉන්නව උගෙ දුක නිවන්න විසදුම් දෙනවා මගෙ කාලෙ කාගෙන හරි.හැබැයි මූ එහෙම නෑ මටත් ප්‍රශ්නයක් ආවම මම ඌට කිව්වම ඌ නිතරම මට තේරෙන්නෙ නෑ දන්නෙ නෑ කියන idea එක express වෙන imoji එක එවලා නිකම් ඉන්නවා.සමහර වෙලාවට උගෙ status වලට reply කරාම සද්දයක් නෑ.හැබැයි ඌට මොන හුත්තක් හරි උන ගමන් දූව ගෙන ඇවිත් මට කිය කිය නහිනවා.මට මොකක් හරි උන ගමන් උ සද්දයක් නෑ.මම දැනට ආශ්‍රය කරන්නෙ ඌයි තව පොඩි කොල්ලෙකුයි.ඒ කෙල්ලා නම් අවුලක් නෑ හොදයි.ඒත් වැඩිය ආශ්‍රයන් නෑ මොකද ඌ engineering fac එකෙඌගෙ නම් කිසි ලොකුවක් නෑ එහෙම උනා කියල .මොකද බං මම කරන්නෙ? මූත් අල්ලලා දාන්න හිතෙනවා.

    uba mage yaluwek weyan
     
    Thanks Machan eth mata kawadawth ohoma aya hamba wela ma naha.hamoma aramai ban
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හොදම යාළුවා කියල දෙන්නෙක් ඉන්නවා උන් දෙන්නම බැදලා හැබැයි මම උන්ට උදව් කලාට වැඩිය උන් මට උදව් කරලා තියෙනවා සැහෙන්න
    ඉස්සර නම් ඔය යාලු ප්‍රශ්න තිබ්බ හොදම එකෙක් නැ අරක මේක
    ඊට පස්සේ ඕව හිතන්න ගියේ නැ ඉන්න එකෙක් හිටපුදෙන් කරන උදාවක් කරනවා ආයේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැ
    දැන් නම් ජිම් එකට ගියාට පස්සේ තව බොක්කේ දෙන්නෙක් සෙට් උනා දෙන්නම මල්ලිලා හැබැයි පට්ට පොරවල්
    කන්න බොන්න උදව් කරන්න උනත් තව යාළුවො 10 දෙනෙක් විතර ඉන්නවා මෙතනින් එහාට නම් යාළුවො ඕනෙත් නැ වගේ මට නම්

    හොදම දේ කරන උදව්වක් කරපන් ආයේ කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා එච්චරයි එතකොට ඔය වගේ ප්‍රශ්න නැ
    අනික මොකක්ද බන් ගැනු වගේ ඕක හිත හිත ඉන්නේ මම උට කළා උ මට කලේ නැ කියා කියා ඊය බන්
    පිරිමියෙක් වගේ ඉදපන්කෝ
     
    අනෙ පලයන් යකො ගැනූන්ට විතරද තනිකම පාළුව දැනෙන්නෙ? උබට එහෙම නැත්නම් උබට ප්‍රකෘති සිහියෙන් ඉන්න එකෙක් නෙමෙයි ගිහින් බෙහෙත් ගනින්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    යාළුවො කොච්චර හිටියත් ජීවිතේ අමාරුම ගේම් තනියමමයි ගහන්න වෙන්නෙ කියන එක අත්දැකීමෙන් දන්නවා. :cool:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ane manda ban mata nam hama jathiyemas yaluwo wahi wahala.....help karana yaluwo wadi.....maga arina un natthmeth naa...e unaata mata hep hambenawa kohenma hari:sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අනෙ පලයන් යකො ගැනූන්ට විතරද තනිකම පාළුව දැනෙන්නෙ? උබට එහෙම නැත්නම් උබට ප්‍රකෘති සිහියෙන් ඉන්න එකෙක් නෙමෙයි ගිහින් බෙහෙත් ගනින්

    යාළුවො නැති එක හිතා ගන්න පුළුවන් :lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ane manda ban mata nam hama jathiyemas yaluwo wahi wahala.....help karana yaluwo wadi.....maga arina un natthmeth naa...e unaata mata hep hambenawa kohenma hari:sorry::sorry:

    උබ එහෙනම් අම්බානක උදවු කරලා ඇති ගිය ආත්මවල / දැනුත් කරනව ඇති
    මම කොච්චර උදවු කරත් එහෙම මයි බං
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම වැඩිය යාළුවො ආශ්‍රය කරන්නෙ නෑ.අනෙ මන්දා ඒ මොකද කියලා .මම වැඩිය සෝෂල් නෑ.ඒත් මම කවුරු හරි උදවුවක් ඉල්ලුවම පැනලා ඌදවූ කරනවා.ඒත් වැඩිකල් නොගිහින් උන් මාව නිකම් යූස් කරනවා වගෙ . ඊට පස්සෙ මාත් ඈත් වෙලා ඉන්නවා එක තේරුනාම.බෙක්කෙන් මම කරාට මට උන් එහෙම නෑ.අන්තිමෙ එකෙක් විතරක් තියන් ඉන්දියා ඌ මට එක පාරක් ඕන කරන බඩුවක් හොයලා දීලා උදවුවක් කරපු නිසා.මම උදවු ලේසියෙන් අමතක කරන්න නෑ.හැබැයි මුත් නිකම් මට අරිනව වගෙ.
    මුගෙ ප්‍රශ්න හැම එකම මට කියන්නෙ .මම සාමාන්‍යයෙන් කවුරු හරි ප්‍රශ්නයක් කියද්දි මග අරින්නෙ නෑ.අහන් ඉන්නව උගෙ දුක නිවන්න විසදුම් දෙනවා මගෙ කාලෙ කාගෙන හරි.හැබැයි මූ එහෙම නෑ මටත් ප්‍රශ්නයක් ආවම මම ඌට කිව්වම ඌ නිතරම මට තේරෙන්නෙ නෑ දන්නෙ නෑ කියන idea එක express වෙන imoji එක එවලා නිකම් ඉන්නවා.සමහර වෙලාවට උගෙ status වලට reply කරාම සද්දයක් නෑ.හැබැයි ඌට මොන හුත්තක් හරි උන ගමන් දූව ගෙන ඇවිත් මට කිය කිය නහිනවා.මට මොකක් හරි උන ගමන් උ සද්දයක් නෑ.මම දැනට ආශ්‍රය කරන්නෙ ඌයි තව පොඩි කොල්ලෙකුයි.ඒ කෙල්ලා නම් අවුලක් නෑ හොදයි.ඒත් වැඩිය ආශ්‍රයන් නෑ මොකද ඌ engineering fac එකෙඌගෙ නම් කිසි ලොකුවක් නෑ එහෙම උනා කියල .මොකද බං මම කරන්නෙ? මූත් අල්ලලා දාන්න හිතෙනවා.

    යාළුවෝ කියන එවුන් හිතාගන්න බෑ බන් . අවුරුදු ගණන් එකට ඉන්න එවුන් පොඩි පොඩි කේස් වලට තරහ වෙනවා . හැබැයි මමනම් අයින් කරාම ආයේ ලඟට ගන්නේ නෑ මලාකට . යාළුවෝ ගොඩක් නෙමේ වෙඩි වගේ තුන් හතර දෙනෙක් හදා ගනින් ජීවිත කාලෙම ආශ්‍රය කරන්න බලාගෙන . සමහර එවුන් නම් බැන්දට පස්සේ වෙනස් වෙනවා . සමහර එවුන් ඉන්නවා බැන්දත් ෆිට් එක එහෙමමයි .
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මටත් ඔහොම ම ඔය විදියෙම එකක් වෙලා තියෙන්නෙ:dull:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යාලුවෝ කියන උන් 100ක් 200ක් ඉන්න ඕන කියල හිතන් ඉන්න එපා බං..හොඳම යාලුවො එකෙක් හිටිය නම් ඇති..මටත් මගෙ ජීවිතේටම හම්බුනේ එහෙම යාලුවො තුන්දෙනයි..එතනිනුත් එකෙක් මගෙ පණ ලෙවල් එකේ ඉන්නවා..මගෙ ජීවිත කාලෙන් බාගයක්ම මායි ඌයි යාලුවෝ..අන්න එහෙම එකෙක් හොයා ගනින්..හොයාගන්නත් බෑ ඉතින් උඹට හම්බෙයි..ඔය කීවට සමහර විට උඹෙත් මොන මොනව හරි අඩුපාඩු ඇති..හිතල බලල හදාගනින් ඒව..තව දෙයක්..මම යාලුවො මනින මිම්මක් තියෙනවා..ඒකත් උඹට කියන්නම් මට කවදාවත් වැරදිලා නැති නිසා..මං උඹට අරම කරා මෙහෙම කරා කියල කරපු දේවල් මතක් කර කර වැලලෙන්න හදන එකෙක්ට කවදාවත් හොඳ යාලුවෙක් වෙන්න බෑ..මොකද යාලුකමත් ඌට ගණුදෙණුවක්.ේ නිසා එහෙම උං එක්ක ලොකුවට යාලුකම් පවත්වන්න එපා..අනිත් එක තමා ලඟ ලඟ උදව් දෙක තුනක් ඉල්ලුවම කේන්ති යන,මග අරින එකෙක්ටත් හොඳ යාලුවෙක් කියන්න බෑ..කරන්න බැරි වෙලාවල් එනව හැබැයි ඌට ඒ අවුල තියෙන්න ඕන..අවුලක් වෙනුවට ඌට තියෙන්නෙ තරහක් නම් උඹ මහ වදකාරයෙක් නං වගේ ටෝන් එකක් නම් ඌත් හොඳ යාලුවෙක් නෙවෙයි..ඒ වගේම මතක තියාගනින් මේ කාරණා දෙක උඹ ගාව තියෙනව නම් උඹත් හොඳ යාලුවෙක් කරගන්න සුදුසු එකෙක් නෙවෙයි..ඒ ඔක්කොම හිතල බලල කාලයට ඉඩ දීල ඉඳහන්..දවසක උඹේ බොක්ක හම්බෙයි..