චන්ද ප්‍රතිඵලය භයංකරය
ඇල්පිටිය චන්ද ප්‍රතිඵලය භයංකර සහ නොවැලැක්විය හැකි අනාගත අනතුරක පෙරනිමිත්තකි..!
විසල්ගේ විග්‍රහයක්..
(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.14, ප.ව.8.15) ඇල්පිටියේ චන්ද ප්‍රතිඵල ගැන විවිධ විග්‍රහයන් සහ විවේචන මේ දිනවල මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම සයිබර් අවකාශයේ දැවැන්ත ඉඩක් අත්පත් කරගෙන ඇත. පොහොට්ටුකාරයින්ගේ පම්පෝරිය (පම්පෝරි ගැසීමට තරම් සාධාරණ දෙයක්ද පවතී) පැත්තකින් තිබියදී අප මේ සම්බන්ධව මැදිහත් සහ විචාරාත්මක විපරමක් කළ යුතුව ඇත.
ඇල්පිටියේ ප්‍රාද්ශීය සභා චන්ද ප්‍රතිඵලය භයංකර සහ නොවැලැක්විය හැකි අනාගත අනතුරක පෙරනිමිත්තක් බව මාගේ අදහසයි. චන්දය තියන්නේ ජනාධිපතිවරණයක් කැඳවා නාමයෝජනා අවසන් කර ප්‍රධාන අපේක්ෂකයින් නම් කර ඇති තතු යටතේය. තිස් පස් දෙනෙක් වූ අපේක්ෂකයින් අතරේ ගෝඨා-සජිත් ප්‍රධාන තරඟකරුවන් ලෙසත් අනුර කුමාර තීරක තරඟකරුවා ලෙසත් කරලියට පැමිණ තිබේ. ඇල්පිටියේ චන්දය ප්‍රකාශ කළ සියළු චන්දදායකයෝ මේ බව හොඳින් දැනුවත්ය. පළාත් පාලන මැතිවරණයක චන්දය ප්‍රකාශ කිරීමේදී අනෙක් මැතිවරණ වලට වඩා වැඩියෙන් පෞද්ගලික සම්බන්ධතා වලට වැදගත් කමක් ලැබේ. මේ සාධකය සෑම පක්ෂයකටම පොදුය. එමගින් සුළු විචල්‍යයන් සිදුවිය හැකි වූවත් සමස්ත ප්‍රතිඵලයේ මහා වෙනසක් නියෝජනය වන්නේ නැත. මේ මැතිවරණ ප්‍රතිඵලය අදාල පළාත්පාලන බල ප්‍රදේශයේ එක් එක් පක්ෂ වලට ඇති ජනතා කැමැත්තේ ප්‍රතිබිම්භයක් ලෙස සැලකීම අසාධාරණ නැත. තම ආසන්නතම ප්‍රතිවාදියා 24% ක මට්මක හිරකර දැමීමට ගෝඨා සමත්වීම සලකා බැලිය යුතු වන්නේ මේ තතු යටතේය.
අර්ධ සත්‍යය සහ හිත සනසා ගැනීම..
ඇල්පිටිය යනු සමස්ත රට නොවේ යැයිද එමගින් ජනාධිපතිවරණයක ප්‍රතිඵලය පුරෝකථනය කල නොහැකි යැයිද එජාපය සහ ජවිපෙ ප්‍රමුඛ රාජපක්ෂ විරෝධින් ඉදිරිපත් කරන කාරණය අර්ධ සත්‍යයක් සහ හිත සනසා ගැනීමේ ස්වයං උත්සාහයක් බව කීමට මා පැකිලෙන්නේ නැත. උක්ත අදහස ඉදිරිපත් කරන අයගේ පොදු තර්කය වන්නේ ඇල්පිටිය යනු ජාති විවිධාංගීකරණය අවම සිංහල/බෞද්ධ සාතිශය බහුතරයකින් යුතු රාජපක්ෂලාට කවදත් හිතකර ප්‍රදේශයක් බැවින් මෙම ප්‍රතිඵලය බලාපොරොත්තු විය යුතු එකක් බවය. මේ අතරේ ගියවරට වඩා මෙවර තමන්ට චන්ද වැඩි බව කියා ස්වයං ආතල් ගන්නා ජවිපෙ දැන ගත යුතු වන්නේ සාපේක්ෂව ජවිපෙට හොඳ ඇල්පිටියේ ලැබුණේ 5% නම් ජනාධිපතිවරණයේදී එය සමස්තයක් ලෙස 4% නොඉක්මවන බවයි. අනුර කුමාරට ජනාධිපතිවීමට නම් 4% ගත් අපේක්ෂකයා ජනාධිපතිවන බවට අමුතුම ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුව ඇත. මේ අනුව ඔවුන් යුදවාදියෙකුගේ ආගමනය වැළැක්වීමට නම් ජනාධිපතිවරණයෙන් ඉවත් වීම අද වුවද ගත හැකි ජනතාවාදී තීරණයකි.
ගෝඨාට වාසි පැතිවල දී ගෝඨා 60% සහ සජිත් 40% ක්...
දැන් අපගේ තර්කය විමසා බලමු. ඇල්පිටිය යනු සුවිශේෂ ගතිලක්ෂණයකින් යුතු හුදකලා එක් ප්‍රදේශයක් නොවේ. එක් පැත්කින් කළුතර දිස්ත්‍රික්යටත්, තවත් පැත්තකින් කරන්දෙනිය සහ හිනිදුම මැතිවරණ බලප්‍රදේශ වලටත් මායිම් වන දකුණු ලංකාවේ බහුතරයක් නියෝජනය වන සාමාන්‍ය ප්‍රදේශයකි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ බල ප්‍රදේශය හැරුණු විට අනෙක් මැතිවරණ බලප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ මාතර සහ වැලිගම මැතිවරණ ආසන හැර අනෙක් ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, කළුතර සහ පානදුර ආසන හැර අනෙක් බලප්‍රදේශ, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්ක වල සමස්ත ප්‍රදේශ බොහෝ සෙයින් ඇල්පිටියට සමානය. සජිත් අපේක්ෂකයෙක් වීම නිසා හම්බන්තොට යම් වාසියක් ඇතත් එය පාරම්පරික රාජපක්ෂ බල ප්‍රදේශය බවද බැහැර කළ නොහැකිය. උක්ත සඳහන් ප්‍රදේශ සමස්තයක් ලෙස රටෙන් තුනෙන් එකක් පමණ නියෝජනය වේ. මේ අනුව දැන් තිබෙන තත්වය මත මෙම කලාපයෙන් ඇල්පිටියට සමාන ප්‍රතිඵලයක් ජනාධිපතිවරණයේදී අපේක්ෂා කිරීම සාධාරණය. සාමාන්‍යකරණය කළහොත් එය ගෝඨා 60% සහ සජිත් 40% ලෙස වීමට ඉහල සම්භාවිතාවයක් ඇත.
ඉතා අසීරු අභියෝගයක්..
අවසන් වූ පළාත්පලාන මැතිවරණයේ ප්‍රතිඵල සහ වත්මන් දේශපාලන නැමියාව අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශ (කැස්බෑව, මහරගම, කඩුවෙල, හෝමාගම සහ අවිස්සාවේල්ල) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශද පොහොට්ටුවට වාසිදායකය. මේ වාසිදායක තත්වය මත කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රතිඵලය සහ සමස්ත බස්නාහිර පළාතේ ප්‍රතිඵලය ගෝඨා හිතවාදී විය හැකි බව අපගේ නිරීක්ෂණයයි. ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙක එජාපය ජයග්‍රහණය කරන්නේ එජාපයට කවදත් වාසිදායක කතෝලික තීරයේ චන්ද මගිනි. පාස්කු ප්‍රහාරය විසින් කතෝලික ජනතාව කෙරෙහි ඇතිකර ඇති බලපෑම එජාපයට අවාසිදායක තත්වයක් නිර්මාණය කර ඇත. හීන් නූලෙන් කාදිනල් එම චන්ද ගෝඨාගේ පැත්තට යොමු කරමින් සිටින බව තවදුරටත් සැඟවිය යුතු නැත. කුරුනෑගල, අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක ඇල්පිටියට සමාන නැතත් රාජපක්ෂලාට වාසිදායක දිස්ත්‍රික්කයන්ය. එම දිස්ත්‍රික්ක තුනෙන් +55% ලබා ගැනීමේ ගෝඨාට ඇති හැකියාව සුළුවෙන් තක්සේරු කළ නොහැකිය.
මේ අනුව පළාත් නවයෙන් හයකම වැඩි වාසිය මේ වන විට ඇත්තේ ගෝඨාටය. ගෝඨා සමස්තයක් ලෙස +50% ලබා ගැනීමේ අසීරු නොවන ඉලක්කයක් මත සිටින බව අපගේ නිරීක්ෂනයයි. සජිත් මේ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් ගෝඨා ඔහුට වාසිදායක පළාත් වලින් ලබා ගන්නා වැඩි චන්ද ප්‍රමාණය හැකිතාක් අවම මට්ටමක තබා ගැනීමට සමත් විය යුතුය. එමගින් ගෝඨා, බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, වයඹ සහ උතුරු මැද පළාත් වලින් ලබා ගැනීමට නියමිත වැඩි චන්ද ප්‍රමාණය උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වලින් ආවරණය කර ගැනීමට හැකි වනු ඇත. එහෙත් එය ඉතා අසීරු අභියෝගයක් බව අපගේ විශ්වාසයයි.
ගයන්තගේ කෙරුවාව සහ ඇල්පිටිය..
ඇල්පිටියේ පරාජයට ගයන්ත ඇමතිවරයා ඍජුව වගකිව යුතු බවට විවේචන එල්ල වෙමින් තිබේ. එය ඉතා සාදාරණ විවේචනයකි. ගයන්ත යහපාලන රජයේ අසාර්ථකම මාධ්‍ය ඇමතිවරයා / මාධ්‍ය ප්‍රකාශකයාය. එම කාරණය පැත්තකින් තැබුවත් ඔහු අති-අසාර්ථක දිගින් දිගටම පරාජය වන ආසන සංවිධායක වරයෙකි.
ඇල්පිටිය මුළුමණින්ම සිංහල ජනතාව සිටින ප්‍රදේශයක් නොවේ. දෙමළ වතු කම්කරුවන් ජීවත් වන දිවිතුර වතුයාය අයත් වන්නේ ඇල්පිටියටය. මෙම වතුයායේ දෙමළ ජනතාව ජීවත් වුවද ඔවුන් මේ වන විට බොහෝ සෙයින් සිංහලකරණයට ලක් වෙමින් තිබේ. ඔබට එම වතුවල සෙල්වම්ලා හමු නොවන අතර ඒ වෙනුවට හමු වන්නේ රොමේෂ්ලා සහ චන්ද්‍රකුමාර්ලාය. ලෙච්චමීලා වෙනුවට සන්ධ්‍යලාය. අන්තර් විවාහ මගින් මේ පිරිස හඳුනා ගත නොහැකි තරමටම සිංහල වෙමින් තිබේ. වතු දේශපාලනය මේ ජනතාවට කිසිම ආකාරයක බලපෑමක් සිදුකරනවා දැකගත නොහැකිය. ගොළුවමුල්ල, අටකොහොට වැනි ප්‍රදේශවල අඩුකුලයේ යැයි සම්මත සැලකිය යුතු ජනතාවක් ජීවත්වෙයි. ගොවිතැන, කුරුඳු ප්‍රධාන ජීවනෝපායන් වුවද සැලකිය යුතු රාජ්‍ය සේවකයින් පිරිසක් ජීවත් වේ. අතීතයේ කාරියවසම්ලාට සහ කරුණාතිලකලාට තිබූ දේශපාලන බලය දැන් අතීත නෂ්ඨාවශේෂයක් පමණි. එය නැගී ආ නව ව්‍යාපාරිකයින් අතට මාරු වී ඇත.
මෙම පළාත් පාලන මැතිවරණයේදී දුර්වලම අපේක්ෂක ලැයිස්තුව ඉදිරිපත් කර ඇත්තේ එජාපයේ ගයන්තයි. ජාතික මට්ටමේ නායකයින් සහභාගි වූ රැස්වීමකට 100/ 150 ක් එකතු කර ගැනීමට තරම් හැකියාවක් ඇති එකෙක් හෝ මේ ලැයිස්තුවේ සිට නැත. ඇල්පිටිය බස් නැවතුමේ තෙල් බෙහෙත් කාරයෙක් පවා තමන් වටේ100 ක් 200 ක් එකතු කර ගන්න සමත් වන විට එජාප රැස්වීමකට සිටියේ 6 දෙනෙක් වීමම ගයන්තගේ කෙරුවාවට හොඳ නිදසුනක්ය.
රාජපක්ෂ දේශපාලනය ගැන මනා වැටහීමක් නැත..
එජාපයේ බොහෝ දෙනෙකුට මෙන්ම ගයන්තටද රාජපක්ෂ දේශපාලනය ගැන මනා වැටහීමක් නැත. රාජපක්ෂ දේශපාලනය දෛනිකව එදිනෙදා ජීවිතය සමඟ ගැමි ජීවිතයට කාන්දු වෙමින් තිබේ. පන්සලට ගියොත් හාමුදුරුවෝ පොහොට්ටුකාරයෙකි. පෝයදාට පන්සලේ පොහොට්ටු බණය. ග්‍රාම සේවකලා බහුතරයක් පොහොට්ටුවේය. ගොවි නියාමක, සංවර්ධන නියාමක පොහොට්ටුකාරයෝය. ගුරුදෙගුරු සංගමයට ගියොත් එතන ප්‍රධාණියා විදුහල්පති පොහොට්ටුකාරයෙකි. නිළතල වල ඉන්නේත් පොහොට්ටුකාරයෝය. එය පොහොට්ටු දේශපාලන රැස්වීමකට වෙනස් වන්නේ නැත. කසිප්පු ටික ණයට තියෙන්නේ පොහොටුට්කාරයෙක් ගෙනි. වෙනත් දේශපාලන අදහසක්, මතයක් ගැමියන්ට දැනෙන්නේ නැත.
ගයන්තලා ප්‍රාඩෝ එකෙන් ආසනය වටේ රවුම් දෙකක් ගැසුවාට මේ දේශපාලනය සමඟ ගැටෙන්නේ නැත. තමන්ගේ හෙන්චයියන්ට රස්සාවක් හෝ රජයේ ඉඩම් කැල්ලක් දීම දේශපාලනය කිරීමක් නොවේ. තමන්ට තර්ජනයක් විය හැකි නිසා තරුණ සහ දේශපාලනය ගැන සවිඥාණක තරුණයින්ට ගයන්තලා අවස්ථාවක් දෙන්නේ නැත. ආසනයේ චන්ද පදනම 10% ක් වූවත් සංවිධායක කම නැතිවන්නේ නැති බව ගයන්තලා දනී. එජාපයට ඉදිරියේ මැතිවරණ ජයක් අපේක්ෂා කරන්නේ නම් පුරුද්දක් ලෙස දිගින් දිගටම ආසන පරදින මේ සංවිධායක වරුන් ඉවත් කළ යුතුමය. ඒ වෙනුවට පොහොට්ටු දේශපාලනය සමඟ මතවාදීමය වශයෙන් ගැටෙන්න සමත් තරුණයින්ට අවස්ථාවක් දිය යුතුය.
මේ හොඳම අපේක්ෂකයාද?
සජිත්ට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා අරගල කළ අයගේ ප්‍රධාන තර්කය වූයේ ජනාධිපතිවරණයක් දිනන්නට හැකි එකම අපේක්ෂකයා ඔහු බවය. ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනප්‍රිය අපේක්ෂකයාත් ඔහු බවය. විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය ආයතන විසින් කාලයක් තිස්සේ වර්ධනය කළ මේ මිත්‍යාව ඇල්පිටියෙන් ඉරා දමා තිබේ. ඔහුගේ අපේක්ෂකත්වය කිසිසේත්ම ජයග්‍රාහී මාවතකට පක්ෂය ගෙන එන්නට සමත් වී නැත. අඩුකුලයේ පීඩිත ජනකොටස් සහ අඩු ආදායම් ලාභීන් සැලකිය යුතු පිරිසක් ජීවත්වන ප්‍රදේශයකදී පවා සජිත්ට විශේෂ වූ ආකර්ශණයක් ලැබී නැත. සජිත් ජනාධිපති අපේක්ෂකයා කර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් යටතේ පවා එජාපය අඩුම තරමේ ඇල්පිටියේ තම පදනම වූ 33% පවා ලබා ගැනීමට සමත් වී නැත. ඉතිහාසයේ අඩුම චන්ද ප්‍රතිශතය ඇල්පිටියෙන් ලැබීමට සජිත් හේතු කාරකයක් වූවාය යන්න යම් ආකාරයක සාහසික ප්‍රකාශයක් විය හැකිය. සමාජ මාධ්‍ය පරිහරණය කරන මතවාදීමය දියුණු එජාප නැඹුරුවක් සහිත පිරිස් අතර සජිත්ට ඇති අප්‍රසන්නතාවය ඇල්පිටියෙන් ප්‍රකාශ වූවා ද වියහැකිය.
නමුත් නරකම අපේක්ෂකයා..
නමුත් නරකම අපේක්ෂකයා ගෝඨා බවට නම් සැකයක් හෝ අවිශ්වාසයක් නැත. රාජපක්ෂ පාලනයේ අතීත වැරදි සම්බන්ධයෙන් කිසි පසුතැවිමක් හෝ විවේචනයක් නැතිව ඒවා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමේ සහ සමහර විටෙක ඊටත් වැඩියෙන් සිදුකිරීමේ පූර්ව සූදානමකින් ගෝඨා සහ පොහොට්ටුවෝ සෑදි පැහැදී සිටිති. 2015 දී අත්පත් කරගත් සාපේක්ෂ ජයග්‍රහණ නැවත ආපස්සට හැරවීමේ අනතුර අප ඉදිරියේ ඇත. ගෝඨා ආපස්සට හැරවිය හැක්කේ ප්‍රාතිහාර්යකින් නම් අපි ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරමු.
විසල් කරුණාරත්න
ENEWS හාල්පරුවෝ ටික බයවෙලා

Last edited: