යක්කුන්ගේ හෙළ - The line between life & death

ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට....
අදත් සංචාරක නූලක් තමා අරගෙන ආවේ.සියල්ලටම කලින් කරුණු කිහිපයක් ගැන කියන්නම්.
මේ ගමන තුලදී අපි මුහුණ දීපු සිදුවීම්, අපි ක්‍රියා කරපු අයුරු, අපි ගත්තු තීරණයන්, අපි අත්විඳපු මානසික තත්වයන් සියල්ලත් එක්ක අවසානයේ ගමනේ අත්දැකීම් ගැන දෙවෙනි පාර්ශවයක් විදිහට ඔයාලා ඉදිරිපත් කරන ඕනෑම අදහසක්,
එකඟ වීමක් හෝ නොවීමක්,විවේචනයක් මේ සියල්ල නිහතමානිව බාර ගන්නවා.
එළකිරියේ මම ලියපු බොහොමයක් ට්‍රැවල් ත්‍රෙඩ් වල මම කියල ඇති සංචාර තුලින්ම මට හම්බුනු මගේ දකුණේ මිත්‍රයා ගැන.
මේ ගමන ගියේ අපි දෙන්නා. අපි දෙන්නා විතරයි.
නමුත් අපේ සැලසුම වුනේ ගමනේ අතරමගින් තවත් යාළුවන් කිහිප දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ කරගෙන දවස් 10 විතර දීර්ඝ ගමනක්.
නමුත් බලාපොරොත්තු නොවුණු විදිහට අපි දෙන්නා ගමන දවස් 03 අත්හැර දමන්න තීරණය කළා.
අපි මේ ගමන ගියේ මේ අවුරුද්දේ අප්‍රේල් නිවාඩු කාලේ.ගමනාන්තය වුනේ නකල්ස් වනාන්තරය.
අපේ දල සැලැස්ම උනේ මේ පිළිවෙලට.
හුළුගඟ - යක්කුන්ගේ හෙළ - යක්කුන්ගේ ගල - කුඩාඔය හරහා වැද්දහෙන - දුවිලි ඇලි - කළුපහන - මීමුරේ.
ගමනේ අවසන් දින 04 අපි වෙන් කලේ කළුපහන තුන්හිස්ගල හරහා මීමුරේට බහින්න.අපේ අනෙත් සගයෝ අපි එක්ක සම්බන්ධ වෙන්න උන්නේ ඔතනට.
නමුත් යක්කුන්ගේ හෙළ උඩින් අපිට සිද්ධ වුනා ගමන අතහරින්න.අන්න ඒ සිදුවීම් පෙළ ගැනයි මම මේ නූලෙන් කියන්න යන්නේ.
අවුරුදු කිහිපයක ඉඳල අපි දෙන්න හිතාගෙන හිටියා දවස් 05, 06 ට වඩා දීර්ඝ ගමනක් යන්න.ඉතින් ඒ අනුව තමයි මේ ගමන යමු කියල කතා වුනේ.
යක්කුන්ගේ හෙළ කඳු වැටිය නැගල කන්දේ අනෙක් පසින් දුම්බර වනාන්තරයට ඇතුළු වෙලා කැලේ කෙනෙක් ලේසියෙන් නොයන මංපෙතක් ඔස්සේ දුවිලි නිම්නයට යන එක තමා අපේ අරමුණ වුනේ.
දුම්බර ය ගැන තරමක හරි අවබෝධයක් තියෙන, මම මේ කියන ඉසව්ව කලින් දැකපු මනුස්සයෙක් ඔලුවේ අත ගහගන්න ජාතියේ තීරණයක් ඒක.
ඒ යෝජනාව ස්ථීර කර ගන්න කලින් අපිට සෑහෙන තරමක් සිතියම් සහ කරුණු කාරනා එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වුනා අපේ ගමන් මග නිවැරදිව තෝර ගන්න.
ගමනේ මුලිකම සහ අමාරුම කාර්යය වුනේ මේ කියන යක්කුන්ගේ හෙළ පහලට බහින එක.
යක්කුන්ගේ හෙළ මොකක්ද කියන එක මේ පහල පින්තුරෙන් කෙනෙකුට අවබෝධ කර ගන්න පුළුවන්.
මේ පින්තුරේ මම ගත්තේ කළුපහන තුන්හිස්ගල මුදුනේ ඉඳල.
ඔය මැදින් තියෙන කන්දේ බෑවුම තමා යක්කුන්ගේ හෙළ.පහල පොඩියට තියෙන්නේ යක්කුන්ගේ ගල.
ඒක වචනයේ පරිසමාප්තියෙන්ම තියුණු මරණීය ප්‍රපාතයක්.මීටර් 1600 ට වඩා උසක ඉඳල 1200 වෙනකම්, මුදුනේ ඉඳල පොලවට සිරස් අතට අංශක 40 - 45 කෝණයක ආනතියකින් පහලට තියුණු නෙරුම් ඔස්සේ ගල් පර්වත, සහ බෑවුමේ වැවුණු වනාන්තර කොටසින් යුක්ත ලොකු ප්‍රපාතයක්.
මේක අතිශයින් අමාරු කාර්යක් බව අවබෝධයෙන් ගිය ගමනක්.නමුත් අපිට යම් තැනක වැරදුනා.
මේ calculation ටික කලේ මෙට්‍රික් සිතියමත්, terrain සිතියමත් මේ පින්තුරයත් ආධාර කරගෙන.තාක්ෂණික වශයෙන් මේ දුරවල් වල ලොකු වෙනසක් නැහැ.
සාමාන්‍යයෙන් දවස් 3,4 වඩා වැඩියෙන් යන ගමනක් නිසා වැඩිපුර බඩුමුට්ටු එක්ක බොහොම බර ගමන් මල්ලක් එල්ලගෙන යන්න සිද්ධ වුනා.
වත්තේගම හරහා හුළුගඟ ට ඇවිත් එතනින් අලකොලේ වතු යාය ඔස්සේ තමයි යක්කුන්ගේ හෙළ නගින්න තියෙන්නේ.
නකල්ස් වල උසින් වැඩිම කඳු මුදුන වෙන ගොම්බානිය නගින්නෙත් මේ කියන අලකොලේ වතුයාය හරහාමයි.
යක්කුන්ගේ හෙළ පිහිටලා තියෙන්නේ ගොම්බානිය කඳු මුදුනට ඉදිරියෙන්.කන්දේ මුදුනට වෙන්නට හැරෙන්නට ඉතිරි මුළු බිම්කඩම වැහිලා තියෙන්නේ ඝනව වැවුණු බට පඳුරු සහ කුරු ගස් වලින්.
බට පඳුරු අතරින් ගමන හිතපු තරම් පහසු වුනේ නැහැ වගේම කන්දේ ඒකාකාරී ආනතිය නිසා ගොඩක් ඉහලට යනකම් කඳු මුදුන පේන්නේ නැහැ.
ඒ වගේම තමයි මුදුනට යද්දී කන්දේ දකුණු පසින් පිහිටලා තියෙන ( බොරු කන්ද / Falls peak ) අවශේෂ කන්ද යක්කුන්ගේ හෙලට සමාන නිසා මංමුලා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
කිහිප විටක්ම අපි නැවතිලා අපි යන දිශාව ගැන සැලකිලිමත් වෙලා කන්දේ මුදුන පැහැදිලිව දකින්න ගස් උඩට නගිමින් ගමන් කලේ.
අපේ ගමන ගොඩක්ම අමාරු කලේ අපේ බර ගමන් මලු.
අලකොලේ වතුයායේ කෙලවරට පෙනෙන ගොම්බානිය කඳු මුදුන
ඔය ඉස්සරහින් පෙනෙන කඳු වැටිය තමා යක්කුන්ගේ හෙළ.
වතුයායේ කෙලවරින් පස්සේ කිසිම මංපෙතක් නැති වනය. එතන ඉඳල සීරුවෙන් ආනතිය දිගේ කන්ද මුදුනට ගියා.සමහර තැන් වල ගස් උඩට නැග්ගේ ගමන් කරන්න පහසු බට ගාල් නැති ඉසව්වක් හොයන්න.
මේ පින්තුරේ පේන්නේ බොරු කන්දේ ( falls peak ) මුදුන.ඔය නම දැම්මේ අපිට කලින් ගියපු සංචාරක මිත්‍රයෝ කට්ටිය. මෙතනට ගියොත් ආපහු මුදුනේ ඉඳල යකුන්ගේ හෙලට ලොකු බට ගාලක් මැදින් එන්න වෙනවා.
ඔය මීදුම් රැල්ලෙන් වැහිලා තියෙන්නේ බොරු කන්දේ ( falls peak ) මුදුන.
අපි කඳු මුදුන හරියටම දැක්කේ මෙතැනදී.අපි උඩට ඇවිත් තිබුනේ බොරු කන්දයි, යක්කුන්ගේ හෙලයි අතරින්.
අපි කන්දේ මුදුනට ආවට පස්සේ කරපු මුල්ම දේ තමයි කඳවුරකට සුදුසු තැනක් හොයා ගන්න එක.
කන්ද මුදුනේ පොඩි ගස් වදුලකින් වටවුණු පොඩි බිමක් දකින්න ලැබුනේ ඔය අවස්ථාවේ.
එතන බොහෝ දුරට වල් ඌරො හරි කොටියෝ හරි ලැගපු නිසා පඳුරු ඔක්කොම එළිවෙලා බිම හොඳට සුද්ද වෙලා තිබුණු නිසා අපි එතන තෝර ගත්තා.
ඊට පස්සේ අපි කලේ කන්දේ එහා කොනට වෙනකම් ඇවිදලා අවට දර්ශන බලන ගමන්ම අපේ හෙට දවසට සුදුසු බෑවුම මොකක්ද කියන දේ ගැන නිරීක්ෂණය කරපු එක.
යක්කුන්ගේ හෙලට අවතීර්ණ වීමේ සතුට..
යක්කුන්ගේ හෙල..
ඔය පෙනෙන්නේ ගොම්බානිය. ඕක තියෙන්නේ යක්කුන්ගේ හෙලට පිටුපසින්.
කැලේ සත්තු විසින් වන ගොමුව මැද්දේ හදල තිබුණු ස්වභාවික ආවරණය. අපි කුඩාරම් අටවන්න මෙතන තෝර ගත්තේ සීතල හුළඟ, වැස්සෙන් ආවරණය වෙන්න.ඇත්තටම එතන හොඳ ආරක්‍ෂිත තැනක්.
ඒ වගේම වඩාත් වැදගත්ම කාරණයක් උනේ වතුර.
අපි කලින් ගියපු සංචාරකයන්ගෙන් දැන ගත්තු විදිහට යක්කුන්ගේ හෙළ මුදුනේ ඉඳල පොඩි දිය සීරාවල් ගලාගෙන යන නිසා වතුර ගැන අපි ලොකුවට වද වුනේ නැහැ.
නමුත් ඒක සම්පුර්ණයෙන්ම වැරදි විනිශ්චයක්.
අපි බොහොම අමාරුවෙන් කැලේ පීරගෙන කන්දේ මුදුනට යද්දී හවස 2 විතර ඇති.ඒ වෙද්දී අපේ වතුර කියල ඉතුරු වුනේ උගුරු 4,5 විතරයි.
කන්ද උඩ සියලුම වතුර සීරාවල් හිඳිලා.
ඒ නිසා අපි තීරණය කළා එදා රාත්‍රිය වතුර නැතුව ඉන්න.හවස අපි ගෙනියපු කෑම සහ බිස්කට් කාලා එක වතුර උගුරකින් සෑහීමකට පත් වෙන්න සිද්ධ වුනා.
ඔය විදිහට ඉතාම දුෂ්කර වෑයමකින් කන්ද මුදුනට නැගගත් අවට දර්ශනය නිසා ඒ වෙහෙස පහසුවෙන් අමතක වුනා.
යක්කුන්ගේ හෙලට දුම්බරයේ විශාල කොටසක් පේනවා.
ගොම්බානිය, හුන්නස්ගිරි කන්ද, සෙල්ව කන්ද සහ රත්නගිරිය එක පසෙකිනුත්,නකල්ස් කඳු 05, අළුගල් කන්ද, තුන්හිස්ගල, ලකේගල කොටසක්, වමාරපුගල,
දුවිලි ඇලි නිම්නය, මානිගල, ඇටන්වල, සිට රිවස්ටන් දක්වාත් පේනවා.
ඒ වගේම සුදුගල නිම්නයේ කොටසක්, ලාහුමානගල, රත්මීටිය කඳුත්, ඈතින් මොරගහකන්ද ජලාශත් පේනවා.
යක්කුන්ගේ හෙලේ එලියට පිහිටලා තියෙන තියුණු නෙරුම් සහිත බෑවුම.
කුරු ගස් වල මුදුන් දළු රතු පාටින් ලස්සන දර්ශනයක් මවා පානවා
කළුපහන තුන්හිස්ගල සහ මීමුරේ ලකේගල කොටසක්.
ඈතින් නකල්ස් කඳු 05 සහ මැදින් රිලාගල, සෙල්වකන්ද සහ ගෝනගිය ඇල්ලේ නිම්නය. රත්නගිරිය තියෙන්නේ ඔය නිම්නයට මෙපිටින්.
ගිනිකෙලියා පතන සහ දුවිලි නිම්නය
ඔය දුවිලි නිම්නයට උඩින් තියෙන්නේ වමාරපුගල. ඊට පිටිපස්සෙන් පේන්නෙ මීමුරේ ලකේගල කොටසක්.

Last edited:

)